Nov 27, 2012

පාට කරපු මාළු - 2

කලින් ලිපියෙන් පාට කරපු මාළු ගැන කිව්වා මතකයි නෙ. ඒ ලිපිය කියවන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා ගිහින් කියවන්න. අද ලිපියෙන් කියන්න යන්නේ කොහොමද පාට කරපු මාළු අඳුන ගන්නේ කියලා.

 තමන් නොදන්න මාළු වර්ගයක් අළුතින්ම මිලදී ගන්නවා නම් උන්ගේ වර්ණ සංයෝජනය දිහා විමසිල්ලෙන් බැලිය යුතුය.වර්ණ ගන්වන මසුන්ගේ අසාමාන්‍ය වර්ණ ගැලපීමක් තියෙන්නේ.වර්ණ ගැන්වූ කිසිම මත්සයෙකුට එකම හැඩයක් සහිතව වර්ණ ගැන්වීම සිදුකල නොහැකියි.

ඒ වගේම සමහර ස්ථාන වල වර්ණ ගැලවී හෝ වර්ණ ගැන්වී නොමැති ස්ථාන තිබේ. එම ස්ථාන ගැනත් විමසිල්ලෙන් බැලිය යුතු වෙනවා.



ලුමිනස් වර්ණ හෝ දිලිසෙන වර්ණ ස්වභාවිකව මසුන්ට පිහිටන්නේ නැත. එම නිසා ලුමිනස් වර්ණ සහිත මත්සයින් අනිවාර්යෙන් පාට කරන ලද මසුන් වේ. එම මසුන් මිලදී ගැනිමෙන් වලකින්න.

අවසන් ක්‍රමය වන්නේ මසුන් පිලිබඳ තමන්ගේ දැනුම භාවිතා කිරීමයි. මසුන් මිලදී ගැනීමට පෙර තමන් මිලදී ගැනිමට යන මසුන් ගැන දැනුවත් වී සිටීමත් පාට කල මසුන් මිලදී ගැනිමෙන් වැලකිය හැකිය. විශේෂයෙන්ම මසුන්ගේ ශරීර වර්ණය ගැන දැනුවත් වී මසුන් මිලදී ගන්නේ නම් පාට කල මසුන් මිලදී ගැනිමෙන් වැලකී සිටිය හැකියි.

දැනට ජනප්‍රියම පාට කල මසුන් වර්ග පහත දක්වා ඇත.

ග්ලාස් ෆිෂ් (Glass Fish)
ශරීරය තුලින් විනිවිද පෙනෙන මත්සයෙකි. මෙම මසුන්ව ඉන්දියන් ග්ලාස් ෆිෂ් නමින් ද හදුන්වයි. මෙම මසුන්ට විවිධ ලුමිනස් වර්ණ ගන්වා විවිධ පැහැයෙන් යුක්තව විකුණන අවස්ථා ඇත.

 
ජෙලි බීන් (Jelly Bean)
දම්, කොළ, රතු සහ නිල් පාටින් යුතු වර්ණ ගැන්වූ ජෙලි බීන් මසුන් විකිණීමට තියෙනවා. බොහෝ විට මෙම ඩයි වර්ග නිසා වර්ණ ගැන්වූ මසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවී තියෙනවා.


බ්ලූබෙරි ඔස්කාර් (Blue Oscar)
මෙම මසුන් ස්බාවයෙන්ම ලා පැහැයකින් යුක්ත වෙන මසුන් වේ. බොහෝ විට මෙම මසුන්ට නිල් පාට වර්ග එන්නත් කර විකිණීම සිදු කරයි.  ඔබ නිල් පැහැ බ්ලූබෙරි ඔස්කාර් මත්සයෙකු මිලදී ගන්නේ නම් අනිවාර්යෙන්ම ඌ වර්ණ ගැන්වූ එකෙකි.


ෆෘට් ටෙට්‍රා (Fruit Tetra)
ස්බවයෙන්ම ලා පැහැයක් සහිත මෙම ෆෘට් ටෙට්‍රාවන්ව ඩයි වර්ග තුල ගිල්වා වර්ණ ගැන්වීමක් සිදු කරයි. වර්ණ ගන්වීමෙන් අනතුරුව විවිධ නම් දැමීමත් සිදු කර අලෙවි කිරීම සිදු කරයි.


බොටියා (Botia)
මසුන් ඇති කරන්නන් අතර එතරම් ජනප්‍රිය නැති මත්ස්‍ය වර්ගයකි. මේ නිසා මොවුන් විශේෂයෙන්ම නිල් පැහැ ගන්වා "බ්ලූ බොටියා" මසුන් ලෙස විකිණීම සිදු කරයි.



එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !

-------------------------------------------------------------
 ප.ලි. - දවස් හතරක නිමාඩුවකට පස්සේ හෙට වැඩට යන්න මින් විසිතුරු ගමේ ඉදන් අද ආවා. මෙහාට්ට 4ට විතර තමයි ගොඩ බැස්සේ. :)

45 comments:

  1. නියම පෝස්ට් එකක් අයියේ...

    ReplyDelete
  2. හෑ මෙච්චර ජිල්මාට් දානවද ?...

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු. මාර ජිල්මාර්ට් දාන්නේ. මේ මාළු වර්ග සේරම අප්‍රසිද්ධ මාළු ජාති.

      Delete
  3. මම නම් ටීවි එකේ වීඩියෝ එකක් බලලා තියෙනවා පාට කරපු මාළු ගැන.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ ඇලවුනු ලෝකය කියන වැඩසටහනේ පෙන්නපු වීඩියෝ එක වෙන්ටෑ.

      Delete
  4. Replies
    1. ස්තුතියි අයියා. හැමදාම වගේ අදහස් දැක්වීමට

      Delete
  5. මං දැනං හිටියේ ග්ලාස් ෆිෂ් ගැන විතරයි... මෙච්චර ජාති ඉන්නවා කියලා අදයි දන්නේ.. ;

    අපේ මහත්තයා අහනවා “ මාළු බනිනවත් ඇති නේද අපිට... යකෝ මුන් මේකප් දාගන්නවා මදිවට අපිටත් මේකප් දානවා කියලා... ” හි හි...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මහත්තැන්ටත් පෙන්නුවාද මේ පෝස්ට් එක :)
      මහත්තයා නම් මාළු හදලත් ඇති. වෙලාවක අහලා බලන්න මහත්තයාගෙන්. පුලුවන් නම් එයා කියපු දේවල් මටත් පොඩි කමෙන්ට් එකක් දාන්න. මාළු ගැන ඉගෙන ගන්න නිසා වැදගත් වෙයි මට

      Delete
    2. //මාළු බනිනවත් ඇති නේද අපිට... යකෝ මුන් මේකප් දාගන්නවා මදිවට අපිටත් මේකප් දානවා කියලා... //

      හික්.... අයියා කියල තියෙන කතාව නම් ඇත්තම ඇත්ත තමා.... :)

      Delete
    3. @සමනළී
      ඇත්ත කතාව නේද සමනලී. හිරූගේ මහත්තයත් පුදුම කතා කියලා තියෙන්නේ :)

      Delete
    4. //“ මාළු බනිනවත් ඇති නේද අපිට... යකෝ මුන් මේකප් දාගන්නවා මදිවට අපිටත් මේකප් දානවා කියලා... ”//
      ඇත්තනේ බං. :):)

      Delete
    5. @ඡන්ඩන
      හික්ස් :)
      හිරූගේ මහත්තයත් පුදුම දේවල් තමා කියන්නේ

      Delete
  6. නියම පොස්ට් එක අයියා... ආයෙත් නම් මාළු ගත්තොත් හොදට නිරීක්ෂනය කරලා ගන්න ඕනි....

    ReplyDelete
    Replies
    1. නොදන්න මාළු වර්ගයක් හදන්න ගන්නවා නම් හොයලා බලන්න. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් හදන ගප්පි ප්ලේටි ස්වෝර්ඩ් ටේල් මෝලි වර්ග වගේ උන් නම් පාට කරපු උන් නෙමෙයි.

      Delete
  7. මාළු ගැන අලුත් තොරතුරු ටිකක් දැනගත්තා ...ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. නොදන්න දෙයක් ඉගෙන ගන්න ලැබුන එකට සතුටුයි

      Delete
  8. මේ මචෝ ඔය නියෝන් ටෙට්‍රා කියන්නේ එහෙම පාට කරපු ජාතියක් නෙවෙයිනේ නේද?

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි මෙහෙම කිව්වහමයි මතක් වෙන්නේ. උන්ගේ දිලිසෙන වර්ණ තිබ්බට ලුමිනස් වර්ණ නෑ. ලුමිනස් වර්ණ නෑ. ලුමිනස් වර්ණ කියන්නේ රෝස්, කොළ, කහ, නිල්, තැඹිලි

      මම පෝස්ට් එකේ අඩුව හදන්නම්.

      නියෝන් ටෙට්‍රා කියන්නේ පාට කරපු මාළුවෙක් නෙමේ.

      Delete
  9. අටමගේ අස්සේ හැංගිලා ඉන්න මාළු පිස්සා තාම මැරිලා නැ , මට නං මේ බ්ලොග් එක පට්ට රහයි , තම තමන් දන්න දේවල් බෙදාගන්න එකත් බ්ලොග් වලින් කරන්න ඕන , වෙහෙස නිවලා හිනස්සනවා වාගේම කියලයි මටනං හිතෙන්නේ , ( දෙන්ඩ ඕන හදවතට , මොළයට දෙකටම )

    ReplyDelete
    Replies
    1. පුතෙක් හම්බ වෙලා උන්දෑ මාළු හදන්න ගත්ත දාට ඔය පිස්සුව ආයේම දළු දාන්න ගනී. (මතක විදිහට දැන් ඉන්නේ දූ පැටියෙක්.)

      අනිවාර්යෙන්ම හිනස්සනවා වගේම ඉගෙන ගන්න වටින දේවල් ටිකකුත් දෙන්න ඕන.

      Delete
  10. ග්ලාස් ෆිෂ් විතරයි දැකල තිබ්බේ. අනිත් එවුන් ගැන දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ග්ලාස් ෆිෂ් ගැන විතරයි මාත් දැනගෙන උන්නේ. අනිත් උන් දැනගත්තේ මේ ගැන කියවෙච්ච ලිපියකින් !!

      Delete
  11. හොඳ විස්තරයක් වෙනද වගේම.
    මේවා නොදැන ගන්න යන එකා මේකප් කරපු මාලුවෙක් උස්සන් එනවා. දැනුවත් වෙලා යනවා නම් එහෙම අමාරුවේ වැටෙන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔවු. ගොඩක් වෙලාවට අළුත් මාළු වර්ගයක් ගන්න යනකොට තමා අහු වෙන්නේ.

      Delete
  12. වංචා කිරීමේ අදහස ඇරෙන්න සතුන්ට කෲර ලෙස සැලකීම, සත්ත්ව හිංසාව යටතෙවත් මේක නීති විරෝධී කටයුත්තක් නෙවෙයිද? මේක වාණිජ වශයෙන් කෙරෙනවනම් සැලකිය යුතු තරම් ජයට ඔය වැඩේ කෙරෙනව ඇති සමහර තැන්වල.

    ReplyDelete
    Replies
    1. නීතිමය පසුබිම ගැන නම් දන්නේ නෑ. මේ වැඩේ නම් ජයටම කෙරෙනවා.

      Delete
  13. මුන්ව පාට කලාම මාර ලස්සනයිනේ බං

    ReplyDelete
  14. බිස්නස් ට්‍රික්ස්.... ඒ උනාට ඒ දෙයින් සත්තුන්ට හානියක් වෙනවනම් මොකටද? මමනම් මාළු ගන්නවනම් ගෝල්ඩ් ෆිශාලයි, කාෆ් ලයි, කැට්ෆිෂ් ල ටිකකුයි අරන් හදනවා. සත්ව හිංසනයෙන් තොරයි.
    http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගෝල්ඩ් ෆිෂ් ලගේ මරු ජාතියක් ඉන්නවා මූර් ගෝල්ඩ් ෆිෂ් () කියලා. ගොඩක් එවුන් කියන්නේ ගොගලයිස් කියලා. අන්න උනුත් ගේන්න. කළු පාට ගෝල්ඩ් ෆිෂ් ලා.

      මාළු කඩවල් වලින් ගොගලයිස් ලා ඉන්නවද කියලා ඇහුවම හරි.

      Delete
    2. අර ගෙම්බෝ වගේ ඇස් තියන අයනේද?

      Delete
    3. හ්ම්... ඇස් එලියට පැනලා තියෙන ජාතිය තමා. දැන් නම් ටිකක් විතර හොයාගන්න අමාරුයි ද මන්දා.

      Delete
  15. තව ටිකකිං ඇවිත් කියවන්නද? පොඩි වැඩක්..

    ReplyDelete
    Replies
    1. හොඳයි යාළු. වෙලාව තියෙන හැටියකට ඇවිදින් කියවන්න.
      කමෙන්ට් කරලා ෆලෝ කලාට ගොඩක් ස්තුතියි.

      Delete
  16. හිකිස් මං මෙ දාල තියන මාලු අදමයි දන්නෙ ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ගොඩක් ප්‍රසිද්ධ නැති මළුන්ව තමයි පාට කරලා විකුණන්නේ. මාත් ග්ලාස් ෆිෂ් ඇරෙන්න අනිත් මාළුන්ව නම් දන්නේ නෑ.

      Delete
    2. හැක් හැක්..
      වැලි මීයගේ නමත් සිංහලින්ම දැම්මා නම් හොඳ නැද්ද :)

      Delete
  17. නියමයි ආහ්...බ්ලොග් එක පට්ටයි !!!

    ReplyDelete
  18. කෝ මම දාපු කොමෙන්ට් ටික හත්තිලවුවේ....?

    ReplyDelete
  19. meka nam patta...

    thankss.....machooo..

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?