Nov 3, 2012

මාළුන්ට කෑම

මේ තමයි මින් විසිතුරු අද දවසට ලියන දෙවන ලිපිය. මේ ලිපියෙන් මම කියන්න යන්නේ මාළුන්ගේ කෑම ගැන. අපට වගේම තමා මාළුන්ටත් කෑම වර්ග ගොඩක්ම වැදගත් වෙනවා. :)

පැහැදිලි කිරීමේ පහසුවට මාළුන්ගේ කෑම වර්ග කොටස් දෙකකට වෙන් කරන්නම්. ඒවා,
  • ජීවි ආහාර  
  • නිෂ්පාදිත ආහාර 
ජීවි ආහාර වලට අයිති වෙන්නේ ජලජ ශාක වර්ග, මදුරු කීටයින්, කුඩා සතුන් වැනි දේවල්. අපි කඩවල් වලින් ගන්න කෑම වර්ග සේරම නිෂාදිත ආහාර වලටයි අයිති වෙන්නේ. මුලින්ම කියන්න ඕන හැම මාළු ජාතියම එකම කෑම වර්ගය එක විදිහට ආහාරයට ගන්නේ නෑ.



මාළුන් උනත් විවිධත්වයට ප්‍රිය කරනවා. ඒ වගේම මාළු වර්ග අතරත් ශාක භක්ෂක, මාංශ භක්ෂක හා සර්ව භක්ෂක කියලා කොටස් තුනක් ජීවත් වෙනවා. මේ නිසා ඒ ඒ වර්ගයට ඒ ඒ කෑම ජාතිය දිය යුතු වෙනවා. උදාහරණයක් විදිහට අපි පුංචි කාලේ ෆයිටර් මාළු (බෙටා වර්ග) ඇති කලා. උන් අයිති වෙන්නේ මාංශ භක්ෂක වර්ගයට. ඒ නිසා අපි උන්ට මදුරු කීටයෝ අල්ලලා කෑමට දුන්නා. :)

 මාංශ භක්ෂක මාළුන් - ඇරොවානා, පිරානා, ෆයිටර් වර්ග (බෙටා) , ඔස්කාර්, කැට් ෆිෂ් වර්ග, පෆර් ෆිෂ් වැනි මාළු වර්ග මාංශ භක්ෂක මාළුන් වෙනවා. මේ වර්ගයේ මාළු ජීවත් වෙන ටැංකියකට මාංශජනක කෑම වර්ග යෙදිය යුතු වෙනවා.

ශාක භක්ෂක මාළුන්බ්ලැක් හෝ වයිට් වැනි මෝලීස් වර්ග, උආරු, පෙකු වැනි මසුන් වර්ග ශාක භක්ෂක මසුන් වර්ගයට අයත් වෙනවා.මෙවැනි මාළු ජාති කෑමට ගන්නේ පාසි වර්ග හා ජලජ පැලෑටි වර්ගයි.ඊට අමතරව නිෂ්පාදිත කෑම වර්ගත් ආහාරයට ගන්නවා. මෝලීස් වර්ග නම් නිවිති වගේ කොල ජාතිත් කෑමට ගන්නවා. :)

සර්ව භක්ෂක මාළුන් ඒංජල්, ආමර්ඩ් කැට් ෆිෂ්, ගප්පි වර්ග , ටෙට්රා වර්ග, ස්වෝර්ඩ් ටේල්, සීබ්‍රාස්, ගුරාමි (නිල් සහ සුදු දෙවර්ගයම) , ගෝල්ඩ් ෆිෂ්, බාර්බ්ස් වර්ග වැනි මාළු වර්ග සර්ව භක්ෂක මාළු වර්ගයට අයිති වෙනවා. විශාල ප්‍රමාණයක් මේ වර්ගයට අයත් නිසා ශාක කොටස් වගේම සත්ව කොටසුත් එක විදිහට කෑමට යොදන්න පුලුවන්.

 මීට අමතරව කාලෙන් කලෙට මාළුන්ට යොදන කෑම වර්ග වෙනස් කිරීමට පුලුවන් නම් ඒක වඩාත් හොඳයි. ගොඩක් මසුන් වර්ග වලට දවසට එක් වතාවක් කෑම දුන්නහම ඇති. ඒත් ශාක භක්ෂක මසුන්ට නම් දවසට දෙවතාවක්වත් කෑම දිය යුතු වෙනවා.  ඒ උන්ට ස්බාවයෙන්ම කුඩා උදරයක් පිහිටලා තියෙන නිසා.

කෑම දමන ප්‍රමාණය ගැනත් සැලකිලිමත් විය යුතුයි. මාළුවාට සම්පූර්ණයෙන්ම ලැබෙන විදිහට කෑම වර්ග නොදිය යුතු ය.තවත් කෑම වර්ග උවමනා නම් උන් ඒවා ටැංකියෙන්ම හොයාගනියි. වැඩිපුර දාන කෑම වලින් අතුරුඵල හැදිලා ඒවා මාළුන්ට අහිතකර වෙන්න පුලුවන්. ඒ වගේම වතුර දුර්වර්ණ වීමත් වෙන්න පුලුවන්.හොඳම දේ තමයි ඉතුරු වෙච්ච කෑම ටික දැලක් ආධරයෙන් ඉවත් කරන එක !

එහෙනම් ගිහින් එන්නම්....
ජය වේවා !
වැනි: as, like

44 comments:

  1. මාංශ භක්ෂක මාළු වෙනත් මාළුවන් කෑමට ගන්න ඉඩක් නැද්ද? එහෙම නම් ඒ මාළු සමග ඇති කරන්න සුදුසු මාළු මොනවාද?

    ReplyDelete
    Replies
    1. ඇයි ඉඩක් නැත්තේ. ඔය ෆයිටර්ලාට පොඩි මාළු එහෙම පේන්න බෑ. කනවා. එතකොට පිරානලාත් එහෙමයි. ගෝල්ඩ් ෆිෂ්ලගේ වරල් කනවා.

      අපි නම් පිරානලා ඉන්න ටැංකි වලට වෙන මාළු වර්ග දාන්නේ නෑ.වෙනම තමයි හදන්නේ

      කැට් ෆිෂ්ලා ඉන්න ටැංකි වලට කාෆ්ලා ගුරාමි වගේ උන් තමයි දන්නේ. උනුත් ටිකක් විතර ලොකු උන් තමයි දාන්නේ.

      ඇරොවානලාව නම් වෙනමම තමයි හදන්නේ. උන් ගැන ටිකක් හොයලා කියන්නම්.

      Delete
  2. ඔයා හදන්නේ අයියේ මට නැවතත් මින් විසිතුරු බලන්න වැඩ කරන්න වගේ.මෙ ලිපි කියවන කොට අයෙත් මාළු පැටැව් ටිකක් ගෙන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් මාළු පැටව් ටිකක් ගේමු. තව ලිපි තුන හතරකින් මම මාළු වර්ග ගැන ලියන්න ඉන්නේ.

      Delete
  3. අඩේ මරු බ්ලොග් එකක් නේ...
    මමත් මාළු හදන්න ආස එකෙක්. අපේ ගෙදරත් මාළු ටැංකියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීමට ස්තූතියි
      මගේ මාළු ටැංකියේ මාළු බලන්න දිගටම එන්න

      Delete
  4. මතකද අර මං කිව්ව සාරි ගප්පි සෙට් එක.. උන් ටිකව කම්බස් කලේ ටැංකියේ හිටිය ඔය කාෆ්ලා ( අර තැඹ්ලි, කළු පාට කැත මාළු ජාතිය) 6 දෙනා තමයි... හි හි....

    බලපං ඉතිං.. මට මාළු හැදිල්ල පෙන්නන්න බැරි වැඩක්.. ඒත් මම මේ බ්ලොග් එක අස්සේ රිංගනවා... මට පිස්සුද මන්දා.....

    ReplyDelete
    Replies
    1. ඔය සෙට් එකෙන් පැටවු කන්නේ කාෆ්ලද ගෝල්ඩ් ෆිෂ්ලද... නැත්තම් ජාති දෙකමද...

      Delete
    2. ගෝල්ඩ් ෆිෂ්ලා නම් ටිකක් ලොකු සාරි ගප්පි කයි කියලා හිතන්න බෑ.. ඒ නිසා කාෆ්ලා තමයි කන්න ඇත්තේ.

      කාස්ලා කැත නෑ නේ හලෝ

      ඔන්න චූටිම පැටවු නම් දෙජාතියම කයි කියලා හිතනවා. මොකද ගොඩක් මාළු ජාති චූටි පැටව් කනවා.ඒ නිසා චූටිම උන් නම් කාලා දායි.

      මේක කිව්වම මතක් වෙච්ච තව දෙයක් තමා ගොඩක් මාළු චූටි පැටවු දැක්කම ස්වමාංශ භක්ෂණය කරනවා. ඒ කියන්නේ තමන්ගේ පැටවුන්ව කනවා :(

      මේකෙන් පැටවු බේරගන්න ක්‍රම ගැන ඉදිරියේදි කියන්නම්. ඕකට පොඩි ගැජට් කෑල්ලකුත් හැදුවා මං

      පිස්සුවට හරි කමන් නෑ කියවලා කමෙන්ට් එකක් දාන්න එන්න. මේ දිරිමත් කිරිල්ල මට සෑහෙන්න වටිනවා. ලිපියක් ලියලා පැය දෙකකට විතර පස්සෙ ඇවිත් බලන්නේ කමෙන්ට් එකක් තියෙනවද කියලා.
      ඒ නිසා ඔයාලගේ මේ දිරිමත් කිරිල්ල ගොඩක් වටිනවා මට.
      -ස්තුතියි නැවත එන්න-

      Delete
    3. අයියෝ හිරු අක්කේ.....කාෆ්ලා ලස්සනයිනේ.....මෙයට පිස්සුද කොහෙද උන්ට කැතයි කියන්න.....හ්ම්ම්....

      Delete
    4. @සමනලී :
      ඒක නේන්නම්. කාෆ්ලා ලස්සනයි :)

      Delete
    5. කාෆ්,ගෝල්ඩ් ෆිෂ් කියන්නේ ලෝකේ වෑඩිම ඉල්ලුමක් හා වෑඩි වටිනාකමක් ලෑබෙනා මාලු දෙවර්ගයක්.නමුත් මේ දෙගොල්ලන්ගේ නියම වර්ණයන් පෑමිණෙන්නේ මඩ පොකුණකදී පමණයි.මඩ පොකුණක අගල් පහක පමණ ප්‍රමාණයට ලොකුවූ මාලුන් ඈතිකිරීම සදහා ගන්නේ නම් අලන්කාර මාලු ටෑන්කියක් පවත්වාගෙන යාමට හෑකිවනු ඈත.තවද මාගේ විශේෂ ඉල්ලීමක් වනුයේ පිරානා,ඈලිගේටර් ගා යන මසුන් ඈතිකිරීම සදහා නොගන්නා ලෙසයි.දෑනටම ඈලිගේටර් මසුන් ලන්කාවේ ජලධාරා වලට එකතුවී හමාරයි.අනාගතය වන විට එය විශාල තර්ජනයක් බවට පත්වන ලකුණු දෑනටම පහලවී ඈත.ඈලිගේටර් මසුන්ගේ වර්ධන ප්‍රමාණය දන්නා අයෙක් මොවුන් ඈති කිරීමට නොගනු ඈත.කොටින්ම පවසතොත් මිනිසෙක් වුවද ගොදුරු කර ගෑනීමට හොදින් වර්ධනය වූ ඈලිගේටරයෙක්ට හෑකියාව ඈත.පිරානා ගෑන අමුතුවෙන් පෑවසිය යුතු නෑතෑයි මා සිතමි.මක්නිසාද යත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගෑන කියවෙන චිත්‍රපට ඕනෑ තරම් ඔබ නරඹා ඈති බෑවින්.කුඩා මාලු පෑටව් සිටිනා ටෑන්කියක ලොකු මාලුන් නොතබන්නේ නම් පෑටවුන්ට කිසිදු හානියක් නොවනු ඈත.

      Delete
  5. පිරානා කියන්නේ අර ඇමසන් ගඟේ ඉන්නවා කියන වර්ගයට අයිති එකෙක් මද..?
    බ්ලොග් එක සින්ඩි වලට දැම්මේ නැද්ද..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. උන් තමා.
      උන්ව හදනවා නම් ටැංකිය ටික වැඩි උසකට වතුර තියෙන්න ඕනා. එහෙම නැති උනහම උන් වතුරෙන් පිටට පනිනවා. ඒක උන්ගේ සාමාන්‍ය හැසිරීම. ඇමසන් ගඟේදිත් එහෙමයි වතුරෙන් උඩට පනින එක උන්ගේ සිරිතක්.

      Delete
    2. තාම sindiya.com එකේ විතරයි ඉන්නේ. අනිත් ඒවයින් මාව අරගෙන නෑ. ආයෙම පාරක් ඇප්ලයි කරලා බලන්න ඕනා.

      Delete
    3. උන්ව ඇති කරන එක නම් භයානකයින.. බැරිවෙලාවත් ඇළක දොඅළක බෝවුනොත් වසලා හමාරයි..

      Delete
    4. @හරි
      හරී ඔයා හරී.
      භයානකයි. ගොඩක් වෙලාවට වැරදිලා ගත්තොත් මිසක් සමහරු නම් ගන්නෙම නෑ. උන් ගෝල්ඩ් ෆිෂ්ලෑ වරල් හිට කනවා.

      Delete
  6. මට පොඩි කාලේ හිතිච්ච දෙයක් තමයි මාළුවෝ හරි පෙරේතයෝ කියන එක. දෙන තරමක් කනවනේ පොර කකා. ඒ දවස්වල අපිට වැඩි දැනුමක් නෑ ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. හික්ස් :)
      ටිකක් විතර පෙරේතයි තමා. දෙන තරමක් කනවා. සමහරු නම් කාලා ඉතුරු කරනවත් එක්ක

      Delete
  7. අර සුදු පාටයි කළු පාටයි දෙජාතියෙන්ම ඉන්නේ ලොකු මාළු ජාතියක්.... මට නම මතක නෑ ගුරාමිද කොහෙද....... අපි ඒ අයට හබරල කොල දානවා කන්න....අම්මෝ දාන පමාවට කාලා ඉවරයි....හික්

    ReplyDelete
    Replies
    1. පහලින් කූරු දෙකක් වගේ තියෙන පැතලි මාළු ජාතියක් ද ? උන් නම් ගුරාමි තමා. ඔය සමහර ගුරාමි නම් කංකුනුත් කනවා. අපේ ආච්චම්මලෑ දිහෑ හිටපු උන්ට කන්කුන් නටු හිට දානවා. :)

      Delete
    2. හබරල කොල දෑමීම අනුමත කරන්න බෑ සමනලී.ඒ වෙනුවට කන්කුන්,මුකුනුවෑන්න වගේ කොල ජාති වලට පුරුදු කරන්න.ඔබ පවසන්නේ කුඩා ගුරාමි වර්ගය ගෑනයි.නමුත් ජයන්ට් ගුරාමි සහ පාකු යන මාලු වර්ග ඉතා හොදින් කොල වර්ග ආහාරයට ගන්නා අයයි.නමුත් කුඩා ටෑන්කියකට ඔවුන් ගෑලපෙන්නේ නෑත.

      Delete
  8. මේකත් මරු පොස්ට් එකක්...අපේ අම්මා මගේ ටැංකියට දාන මාළු කෑම ටික මටවත් දවසින් කාලා ඉවර කරන්න බෑ...

    ReplyDelete
  9. මේකත් මරු පොස්ට් එකක්

    ReplyDelete
  10. ඇරොවානා ගැන පොඩි ලිපියක් දාන්නකෝ...

    ReplyDelete
  11. Man mage malu tankiyata meeta masa hayakata withara issara podi marble catfish joduwak genath damma.mage malu tankiya tikak loku elak.eke malu jodu 40kata wada හිටියා tigerbaf tetra wage un. Passe tankiya as කරණකොට tanki සුද්දා wath na. Hitiye marble catfish ජෝඩුව විතරයි un dan අඟල් 8k withara lokui. Un එක්ක danda පුළුවන් malu මොනාද ? Un මාළු gas hitan kanawa

    ReplyDelete
  12. Man mage malu tankiyata meeta masa hayakata withara issara podi marble catfish joduwak genath damma.mage malu tankiya tikak loku elak.eke malu jodu 40kata wada හිටියා tigerbaf tetra wage un. Passe tankiya as කරණකොට tanki සුද්දා wath na. Hitiye marble catfish ජෝඩුව විතරයි un dan අඟල් 8k withara lokui. Un එක්ක danda පුළුවන් malu මොනාද ? Un මාළු gas hitan kanawa

    ReplyDelete
  13. Supiri oya meken loku pinak karaganne

    ReplyDelete
  14. Goldfish ල karf ල දහයක් විතර හදන්න ොකුනක් ොච්චරවිතරට හදන්න ඕනද

    ReplyDelete
  15. දින 7 ලේස් ගුරාමින්ට ආටිමියා වෙනුවට දෙන්න පුළුවන් වෙනත් කෑම මොනවද???

    ReplyDelete
  16. MACHAN..land moss tanki wala hadanna puluwnda

    ReplyDelete
  17. මට ඔස්ක මාලු ගැන දැනගන්න ඕන මගේ ටැංකිය මාළු හතර දෙනෙක් ඉන්නවා එවුන් ආලෝකයට අකමැති ද කොහෙද මම මම මාළු ටැංකි ලයිට් එක දැම්ම ගමං හතර දෙනාම ගිහින් හැංගෙනවා ආයේ ලයිට් එක ආයේ ලයිට් එක ඔෆ් කරාම උන් ඔක්කොම ටික එළියට එනවා මට දැනගන්න ඕන ඔවුන්ට ලයිට් දාන එක හොඳයි ද නැද්ද යන්න ඒත් එක්කම එහෙමත් නැනැත්ත එළියෙ ටැංකියක අද හදන එක හොහොද ද නැද්ද යන වග මට දැනගත යුතු වෙ පුලුවන් නම් එක ගැන පැහැදිලි කරලා දෙන්නකො 😌😌😌😌😌

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  18. comment danne natuwa oyagen kelinm prashna ahanna karamayak nadda FB wage innawada oya

    ReplyDelete
  19. Mosamdik kiyana maluwargaya ganath kiyannako

    ReplyDelete
  20. Miridiya malunge kema gena kiyannako

    ReplyDelete
  21. මාලු පැටවු ඉක්මනට ලොකු කරගන්න ඕන නම් මොනාද දෙන්න ඕන කෑම...

    ReplyDelete
  22. මාලු වැඩිපුර කෑම කනවනේ වෙනදට වඩා.වර්ග තුනක් ඉන්නවා ඒ කට්ටියම එහෙමයි. ඇයි ඒ.

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?