Nov 12, 2012

ස්කැවෙන්ජර්ස් -Scavengers

ගප්පි ගැන කියා දුන්නට පස්සේ මම කියන්න හිටියේ ප්ලේටි ගැන.නමුත් ප්ලේටි ගැන කියලා දෙන එක චුට්ටක් නවත්තලා   අද ලිපියෙන් ස්කැවෙන්ජර්ස්ලා ගැන කියලා දෙන්න හිතුවා. ස්කැවෙන්ජර්ස්ලා ගැන නොදන්න අය නම් ගොඩක් අඩු ඇති. ඕනම පොඩි එකෙක් දන්නවා මුන් ගැන.

ස්කැවෙන්ජර්ස් ????


ඔවු ඔවු. අපි ටෑන්ක් ක්ලීනර්ස්ලා කියලා කියන්නේ.  අන්න උන් ගැන තමයි කියන්න යන්නේ. අපේ ගමේ නම් මුන්ට කියන්නේ ටැංකි සුද්දෝ කියලා. :)

 ස්කැවෙන්ජර්ස්ලා කියලා පොදුවේ කිව්වට වර්ග කිහිපයක ස්කැවෙන්ජර්ස්ලා ඉන්නවා. ඔය කැට් ෆිෂ්ලත් එක්තරා විදිහකට ස්කැවෙන්ජර්ස් වර්ගයට අයිති වෙන මාළු ජාතියක්.ගොඩක් ස්කැවෙන්ජර්ස් වර්ග හිටියට අපට නම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ "ටෑන්ක් ක්ලීනර්ස්"  (ප්ලෙකෝ) කියලා අපි අඳුරන ස්කැවෙන්ජර්ස් වර්ගය විතරයි.
pleco වර්ගයට අයත් ස්කැවෙන්ජර් මාළුවෙක්

මාළු හදන ඕන කෙනෙක් ටැංක් ක්ලීනර් මාළුවෙක් අරගෙන යන්නේ ඒ මාළු ටැංකිය පිරිසිඳු කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ අනිත් මාළුන්ගෙ අපද්‍රව්‍ය ටික මේ මාළුවා කාලා දායි කියලා.කොටින්ම කියනවා නම් ෆිල්ටරයෙන් කරන්න ඕන කාර්යය මේ ටෑන්ක් ක්ලීනර් මාළුවා කරයි කියන බලාපොරොත්තුවෙන්.

නමුත් ටෑන්ක් ක්ලීනර් කියන මාළුවා එහෙම අනිත් මාළුන්ගේ අපද්‍රව්‍ය හෝ පැලෑටි අපද්‍රව්‍ය කන්නේ නෑ..ගොඩක් වෙලාවට ඌ කරන්නේ ටැංකියේ බිත්තිවල පතුලේ හැදෙන විවිධ ඇල්ගී වර්ග පාසි වර්ග කෑමට ගන්න එක. මීට අමතරව ටැංකිය පතුලේ රැස් වෙන කෑම ජාතිත් ආහාරයට ගන්නවා.

මේ නිසා ටෑන්ක් ක්ලීනර්ස්ලා ටැංකිය සුද්දකරලා දෙනවාය කියන එක මිත්‍යා කතාවක් කියලා විතරක් කියන්නම්.

බිත්තර වලින් බෝවෙන මාළු ඉන්න හෝ බිත්තර දාන අවධියේ පසුවෙන මාළු ඉන්න ටැංකියකට ටෑන්ක් ක්ලීනර්ස්ලා දැමීම නොකළ යුතුයි. කුඩා පැටවු ඉන්න ටැංකි වලටත් ටෑංක් ක්ලීනර්ස්ලා දාන්න එපා.   ටික කලක් ගතවෙනකොට මේ මාළු හිතාගන්නවත් බැරි ප්‍රමාණ වලින් විශාල වෙන නිසා ඒ වගේ මාළු ඇල දොළ වලට මුදා හරින්නත් එපා.

31 comments:

  1. හපොයි මුන් හරි කරදරයි ..ලොකු උනාට පස්සේ දාන්න තැනකුත් නැහැ....

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒක ඇත්ත.
      සෑහෙන ඉක්මනින්ම ලොකු වෙනවා. අපි නම් විකුණන්න ඕන නිසා ගේනවා මිසක්කා එච්චර මනාප මාළු නෙමෙයි.

      Delete
  2. මට මතකයි ඉස්සර අපේ ගෙදරත් හිටියා බලයෙක් කෙලවල්ලෙක් සයිස් එකේ දෙන්නෙක්, මම හිතන්නෙ මුං වෙන්න ඇති, මම ඔය නම් දන්න එකක්යැ. දවසක් ඔය එකෙක් ටැංකියෙන් එළියට පැන්න, ඉන්පස්සෙ උන් වීදුරු ටැංකියෙන් මාරුකළා, ගේ පිටිපස්සෙ තිබුණු ලොකු සිමෙන්ති ටැංකියකට.

    මට මතක හැටියට ටිකක් පොඩිකාලෙ ඔය මාළු වීදුරුවෙ ඇලුන වගේ ඉන්නව. ඒ මේ මාළු වර්ගෙමද මන්ද.

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් දෙකක් නෑ. උන් තමා. පුදුම විදිහට විශාල වෙන්නේ.
      ඒ මදිවට දවස තිස්සෙම කරන්නේ කොහේට්ට හරි ඇලිලා මොන මොනවා හරි උලාකන එක !

      Delete
  3. මගේ ළඟ හිටිය ලංකාවේ ගෙදර පොන්ඩ් එකේ අඩියකට වැඩ දිග ජෝඩුවක් අවුරුදු බරගානක් වයසයි කට්ටිය වතුර අඩු කරලා ඉතිරි ටිකත් හිඳිලා ගිහින් දෙන්නම මැරිලා වේලිලා අපි යන්නේ අවුරුද්දකට පාරක් නිසා ගෙවල් වල කවුරුත් නැහැ පව් අනේ මගේ මාළු දෙන්නා

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඔන්න ආයේ එහෙම මේ වගේ ජාති හදන්නෙපා. සෑහෙන්න ලොකු වීමක් ලොකු වෙන්නේ.

      Delete
  4. හිටහං මලයා දෙසැම්බර් නිවාඩුව දෙනකං. දෙන්නං වැඩක්.

    ReplyDelete
  5. මෙලෝම රහක් නැති මාළුවෙක් තමයි. මාළුන්ගේ ඇගේම එල්ලෙන එන තමා මුගේ වැඩේ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු. පොඩි මාළු එහෙමත් කනවා. කොයි වෙලේත් කා කියා ගත්ත ගමන්ම ඉන්න මාළු ජාතියක්.

      Delete
  6. ලොකු නොවෙන අඟල් 2 විතර සුදුපාට එකෙක් අපේ ටැංකියේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමත් එවුන් ඉන්නවද. මුන් ඉක්මනටම ලොකු වෙන ජාතියක් නෙ.

      Delete
  7. මාත් දන්න ජාති වලින් එක්කෙනක් තමයි.. පිස්සු විකාර මාළු ජාතියක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මෙලෝ රහක් නෑ මේ මාළු ජාතිය නම්

      Delete
  8. හපෝ...ස්කැවෙන්ජර්ස්ලට මන් ආසම නෑ.... ඊඊඊඊක්....

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය මුන්ට ආස නෑ. කොයිවෙලේත් ටැංකියේම ඇලිලා කන එකමයි වැඩේ.

      Delete
  9. දැකල තිබ්බට නම දන්නේ අදනේ. අපි කියන්නෙත් "ටැංකි සුද්දෝ" කියල තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය ටැංකි සුද්දෝ කියන නම මාළු හදන අය අතරේ සෑහෙන ප්‍රසිද්ධයි.

      Delete
  10. මාළුන්ට වඩා ලොකු වෙනවා මේ තඩි ටැංකි සුද්දා..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු. ඌ සෑහෙන්න කෑම කනවා නෙව.

      Delete
  11. හරි මල්ලි මු වෙනුවට ටැංකි clean කරන්න ටැංකියට දාන්න පුළුවන් වෙන මලු වර්ග ඉන්නවනම් සදහන් කරන්න .එක ගොඩක් වැදගත් වේවි .

    ReplyDelete
    Replies
    1. ටැංකිය ක්ලීන් කරන්න මාළු දානවට වඩා ඒ කාර්යය ෆිල්ටරයට බාර දෙන එක හොඳයි.

      Delete
    2. ඒත් දියසෙවල බැදෙන එකට මොකද කරන්නේ?????

      Delete
    3. ඒකට නම් මා ගාව උත්තරයක් නෑ.
      වෙන මාළු ජාතියක් ගැන හොයලා බලන්නම්. :)

      Delete
  12. මම නම් කැමතිම නෑ බන්.. මුන් ලොකුවෙනවා නම් තමා ඉක්මනට.. ටැංකිය සුද්ද කරන්න කම්මැලි හින්දා ගෙනාවා එකෙක්.. අනේ උගෙ ටැංකි සුද්ද කිරිල්ල .. බෙටි විමානයයි..

    ReplyDelete
    Replies
    1. ඒවා නම් එහෙම තමා. කන තරමටම රෙන්නත් එපැයි. :)

      Delete
  13. එතකොට මු ටැංකි සුද්ධ කරන්නේ නැත්තං ඇති කෙහෙම්මල් වැඩේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. සුද්ධ කරනවා කියන්නේ ටැංකියේ බිත්ති වල තියෙන පාසි කන එක !

      Delete
  14. මන් ගාවත් උන්නා, ඒත් උන් දෙන්නා ලොකු වුනේ නෑ මන් උන් දෙන්නව යලුවෙකුට දුන්නා.
    තෑන්ක්යූ සෝ මච් මච්න්, මේ බ්ලොග් එකේ ඩිටේල්ස් මගේ ප්‍රෝජෙක්ට් එකට පට්ටෙට වටිනවා...
    තෑන්ක්ස් බ්‍රෝ....

    ReplyDelete
  15. අඩෙ අප්පා. අදයි නම දැනගත්තෙ

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?