Nov 10, 2012

ගප්පින්ට හැදෙන ලෙඩ

කලින් ලිපියේදී මාළු වර්ගයක ගෑනු පිරිමි වෙන වෙනම අදුන ගන්න හැටි කිව්වා මතකයි නේ. ඔන්න අද කියන්න යන්නේ ගප්පින්ට හැදෙන ලෙඩ වර්ග ගැන. ගප්පි කියන්නේ ලෙඩ වලට ගොඩක්ම ඔරොත්තු දෙන ජාතියක් උනත් ඉදලා හිටලා උන්ටත් එක එක ලෙඩ වර්ග හැදෙන්න පුලුවන්.

මාළු හදන කෙනෙක් උනහම මේ ලෙඩ ගැනත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. එහෙනම් වැඩි කතා ඕනැන්නේ නෑ. වැඩේට බහිමු.



 වල්ගය හෝ වර්ල් දුර්වර්ණ වීම.
ගප්පින්ට වගේම ගොඩක් මාළු වර්ග වලට තියෙන සුලභ ලෙඩක් තමයි මේක.  වරල් දුර්වර්ණ වීමක් හෝ වරල් කෙලවර කැඩි බිදී යාමක් සිද්ධ වෙන්නත් පුලුවන්. මීට අමතරව වල්ග වරල කොටස් දෙක තුනකට බෙදීයාමත් දකින්න පුලුවන්.  මේ ලෙඩේට මූලිකම හේතුව වෙන්නේ බැක්ටීරියා ආසාදනයක්. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ වෙන්නේ වතුර මාරු කරලා ටැංකිය හොඳට සුද්ධ කරන එක. ඊට පස්සේ ප්‍රතිජිවක ස්වල්පයක් ටැංකියට දාන්න.
එරිත්‍රෝමයිසින් (Erythromycin) හෝ ටෙට්‍රාසයික්ලීන් (Tetracycline) වගේ ප්‍රතිජීවක හොඳයි.

මුඛ දිලීර ආසාදන (Ich)
ගප්පින්ගේ වරල් වල හෝ ඇඟේ සමහර තැන් වල සුදු පාටට හුරු තිත් දකින්න ලැබෙන එක තමයි මේ ලෙඩේ තියෙන රෝග ලක්ෂණය. මෙහෙම වෙන්නේ දිලීර ආසාදනයක් ඇති උනහම.සුදු තිත් ප්‍රමාණය අඩුයි නම් ටැංකීයේ වතුර මාරු කරලා ලුනු ස්වල්පයක් දමන්න. ඒත් ලෙඩේ සුව අතට හැරෙන්නේ නැත්නම් මෙතිනිල් බ්ලූ වගේ ඇන්ටි-පැරසයිට් ස්වල්පයක් ටැංකියට දාන්න.


ආමශය ඉදිමීම
ගප්පින්ගේ නම් බොම අඩුවෙන් දකින්න පුලුවන් ලෙඩක් තමයි මේක. රෝග ලක්ෂණ විදිහට තියෙන්නේ කෑම ගන්නේ නැති වීම හෝ අඩුවෙන් ගෑම ගැනීම. ඒ වගේම හැසිරීමෙත් අමුතු ස්බාවයක් පෙන්වන්න පුලුවන් (වේගයෙන් පිහිනීම හෝ පිහිනන්නේ නැතුව සිටීම). මේක වයිරස් ආසාදනයක් නිසා ඇති වෙන ලෙඩක්. ඒ නිසා ටෙට්‍රාසයික්ලීන්, මෙට්‍රනයිඩසෝල් ඔක්සිටෙට්‍රාසයික්ලීන් වගේ ප්‍රතිජීවක වර්ග පාවිච්චි කරන එක හොඳයි.

තුවාල ඇතිවීම
ගොඩක් වෙලාවට මාළු කොටා ගැනිමෙන් හරි එහෙමත් නැත්නම් ටැංකියේ තියෙන යම් යම් දේවල් නිස තුවාල වෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ වෙලාවල් වලට මාළුවාව වෙනම ටැංකියකට මාරු කරලා අයඩින් සහිත ලුණු ස්වල්පයක් දමන්න. තුවාලය ටිකක් දරුණුයි නම් මෙලෆික්ස්  වගේ බෙහෙත් වර්ගයක් දමන්න.
 කොයිම වෙලාවකවත් වතුර අපිරිසිදු වෙන්න දෙන්න එපා.

කරමල් ආසාදන
කරමල් වල කුඩා පරපෝෂිත ජීවින් ජීවත් වීම නිසයි මේ ලෙඩෙ ඇති වෙන්නේ.රෝග ලක්ෂණය විදිහට තියෙන්නේ  කරමල් විශාලව හුස්ම ගැනීම සහ මාළුන් කරමල ටැංකියේ බිත්ති වල ඇතිල්ලීම වගේ දේවල්. ඒ නිසා මේ ලෙඩේ තියෙන මාළුන්ව වෙන් කරගෙන ඇන්ටි-පැරසයිට් ස්වල්පයක් දමන්න. කොපර් සප්ලේට්, මෙලචිට් ග්‍රීන් වගේ ඒවා නම් හොඳයි.

ගිහින් එන්නම්...
ජය වේවා !

42 comments:

  1. ස්තුතියි

    ReplyDelete
  2. 1. මේ කියලා තියෙන ඖෂධ ගන්න පුළුවන් ස්ථානත් ඒවායේ මිල ගණන් ආසන්න වශයෙනුත් කිව්වා නම් හොඳයි..

    2. කොන්ඩිසුත් පාවිච්චි කරනවා නේද?

    3. //කෑම ගන්නේ නැති වීම හෝ අඩුවෙන් ගෑම ගැනීම// මාළු ගැන හසල දැනුමක් ඇති කෙනෙකුට නම් මේක වැටහේවි. ඒත් ආධුනිකයෙක් වෙන මට නම් මේක අඳුනගන්න පුළුවන් වෙයිද සැකයි..

    4. මාළු ටැංකියක් කොතරම් කලකට වරක් පිරිසිදු කරන්න ඕනද? ඒ කරන නිවැරදි ක්‍රමය ගැනත් ලිපියක් ලියන්න පුළුවන් නම් හොඳයි..

    5. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. 6. ගප්පි ජෝඩුවක් කීයක්ද?

      7. මගේ පරණ මාළු ටැංකි දෙක මම වතුරෙ පැල හිටවන්න (Hydrofonic) යොදාගත්තා. ආයෙ මාළු දැමීම ප්‍රශ්නයක් වෙයිද?

      8. ටැංකියක් වෙනුවට බෝල් එකක් පාවිච්චි කිරීම ගැන ඔයාගෙ අදහස මොකක්ද?

      Delete
    2. කොන්ඩිස් ගෑවුනු ගෑවුනු තැන දම්පාට වෙනවනේ. ටැංකියක ලොකු ජලය පරිමාවකට යන්තම් දැම්මත් වතුර රෝසපාටක් වෙන එක නවත්වන්න බැරුව ඇති. නැත්නම් කොන්ඩිස් විෂබීජ ඔක්සිහරණය කරන හොඳ ඔක්සිකාරකයක් මම හිතන්නෙ.

      Delete
    3. @හරී :
      1. ගොඩක් වෙලාවට ෆාර්මසි එකකින් ගන්න පුලුවන්. එහෙම නැත්නම් මහ පරිමාණයේ මින් මැදුරකින් මේ ජාතියේ බෙහෙත් වර්ග ගන්න පුලුවන්.

      2. ඔවු කොන්ඩිසුත් පාවිච්චි කරනවා. ඒත් වතුර පාට වෙන නිසා වැඩිය ගන්නේ නෑ.

      3. නෑ සහෝදරයා. එහෙම වෙන්නේ නෑ. මාළු ටැංකිය දිහා හමදාම බලලා කෑම දාන කෙනෙක්ට නම් මේක ඉක්මනින්ම වැටහේවි. මොකද කෑම කන්නේ නැති මාළු පොඩ්ඩක් සයිඩ් ගහලා ඉන්න උත්සහ කරනවා. ඒකෙන් අදුන ගන්න පුලුවන්.

      4. සති දෙකකට සැරයක් පිරිසිදු කරන එක හොඳයි. පුලුවන් නම් සතියකට සැරයක් වතුර 25% අයින් කරලා දාන්න.

      5. ස්තුති කරන්න ඕන මම නේ. :)

      6. ගප්පි ජෝඩුවකට උපරිම රු. 15ක් වියදම් කලහම ඇති. ඊට වැඩියෙන් නම් ගෙවන්න එපා. පාඩුයි. ගොඩක්ම ලොකු උන් ගන්න එපා. සාමාන්‍ය තරමේ උන්ව ගන්න .(සෙ.මි. 1.5ත් 2ත් අතර)

      Delete
    4. @හරී :
      7. අපෝ නෑ. එහෙම ටැංකි ගොඩක් හොඳයි. මොකද මාළු උනත් ආසයි තමන්ට හුරු පුරුදු ජලජ පරිසරයේ ජීවත් වෙන්න. මෙහෙම ජීවත් වෙන මාළුන්ට ලෙඩ අඩුයි. ඒ නිසා එහෙම ටැංකියක මාළු දැම්මට කමන් නෑ.

      පොඩි අවවාදයක්. ඔය පැලෑටි හිටෝපු ටැංකිය ගොඩක් අවුව වැටෙන තැනකත් ගොඩක් අඳුර තැනකත් තියන්නෙපා. සාමාන්‍ය ආලෝකය ලැබෙන ඒ වගේම අඳුරත් ලැබෙන තැනක තියන්න.

      වැඩි ආලෝකයක ඇල්ගී ජාති බෝවෙනවා. අඩු ආලෝකයක ජලයේ ඔක්සිජන් තිර වීම අවු වෙනවා.

      8. බෝල් එකත් අවුලක් නෑ. ඒකට අල්ලන ජල පරිමාව තමා වැදගත් වෙන්නේ. හොඳ ජල පරිමාවල් දාන්න පුලුවන් නන් බෝල් එකකත් මාළු දැම්මට කමන් නෑ.

      කටපොඩි බෝල් නම් පාවිච්චි කරන්න එපා.

      Delete
    5. @DDT :
      හ්ම්.. ඇත්ත.
      වතුර පාට නොවී තිබීම ගොඩක් වැදගත් නිසයි අපි ඒව පාවිච්චි නොකරන්නේ. ඒ වෙනුවට කොපර් සල්පේට් පාවිච්චි කරනවා අපි.

      Delete
    6. 1. මිල ගණන් කියන්න අමාරුද?

      2.කොන්ඩිස් ගැන දැනගත්තෙ අපේ නෑ ගෙදරක මාළුන්ට පාවිච්චි කරන හින්දා.. ඒත් මම ඇහුවම කිව්වේ නෑනෙ..

      7. නෑ.. නෑ.. දැන් ඒ පැළ ගලවලා ඉවත් කරලායි තියෙන්නෙ.. මම ඇහුවෙ ඒ පැළ හිටවලා තියෙද්දි ඒ ටැංකි වලට රසායනික පෝර දැම්මනෙ.. ඒවල බලපෑමක් මාළුන්ට එයිද කියලා..

      8. බෝල් එකක් කිව්වෙ ඔය මාළු ඇති කරන බෝල්..
      පරිමාව ගැන කිව්වම ප්‍රශ්නයක් මතක් වුනා.. සාමාන්‍යයෙන් එක් එක් මාළු ජාතියට අවශ්‍ය වෙන පරිමාව කිව්වොත් හොඳයි..
      පොඩිකාලෙ මට පොකුණක් තිබුනා.. දවසක් ඒක අස්කරන්න කියලා මම මාළු ඔක්කොම අල්ලලා දැම්මා හෝර්ලික්ස් බෝතලයකට.. පොකුණ අස්කරලා ඉවර වෙද්දි මාළු එලොව ගිහින්..

      පිළිතුරුවලට ස්තුතියි!

      Delete
    7. @හරී :
      1. ප්‍රතිජීවක වල හරියටම මිල ගණන් නම් කියන්න අමාරුයි. සමහර වෙලාවට අපි පාර්මසියකට ගියහම එරිත්‍රමයිසීන් වගේ ඒවා රුපියල් 20ක 30ක ගේනවා. කොයිම උනත් මම හොයලා කියන්නම්.

      2. කොන්ඩිස් දානවා නම් ඉතාමත් චුට්ටක් දාන එක හොඳයි. :)

      7. හ්ම්.. ටැංකියට භාෂ්මික ගතියක් ඒවි.ඒක එච්චර මාළුන්ට හිතකර ගතියක් නෙමේ. ඒ නිසා ටික දවසක් (සතියක්වත්) පල් වෙන්න තියන්න.

      8. ඔක්සිජන් හිඟවීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒකයි මාළු මැරිලා තියෙන්නේ. බෝල් එකකට මාළු දානකොට ගොඩක් මාළු දාන්න හොඳ නෑ. ඔක්සිජන් සෙට් කරන්න පුලුවන් නම් ඒක ගොඩක් හොඳයි.

      Delete
  3. මාළු හැදුව වගේ නෙවි, උන්ට සාත්තු කරන එකනම් මහ පනයන වැඩක් වගේ.

    උඹ අර ටැංකියට දාන්න කියපු එරිත්‍රෝමයිසින් 500 පෙති මමත් ඒ දවස්වල ෆාමසියකින් අරන් ඇදල දානව, උගුරෙ සෙම් ගෙඩි වගේ හැදුනම. තුවාල වේලෙන්නත් ඕක බොන්න දෙනවද කොහෙද.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු. උන්ට ලෙඩක් හැදුනම කියන්න තේරෙන එකක් යෑ. ඒ නිස හැමතිස්සෙම හොයලා බලන්න ඕනා.

      අර කිව්වා වගේ හරි. එරිත්‍රෝමයිසීන් ගන්නේ බැක්ටීරියා ආසාදන වලට. මිනිස්සුන්ටත් ඒක ගොඩක් හොඳයි. සෙංගෙඩි වලට නම් මූලික වෙන්නේ වෛරස් ආසාදන. ඒවා වලටත් හොඳයි කියලයි අපේ කොල්ලෙකුන් කිව්වේ.

      Delete
  4. වටිනා ලිපියක් මාත් කාලයක් ගප්පි ඇති කලා දැන් නම් නැ අයෙමත් හිතලා බලන්න ඔනි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... මාළු ටිකක් හදන්න පටන් ගන්න. ගප්පිම කියලා ඕන නෑ. තව හොඳ මාළු ජාති ඉන්නවා. :)

      Delete
  5. මාලු හදන කාලෙ මාලුන්ට ඔහොම ලෙඩ තිබ්බා කියලා මතකයි. ඔය ප්‍රතිජීවක දාන ප්‍රමානයක් ඇති නේද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මම ලිපිය අප්ඩේට් කරන්නම්. මට ඒ ටික ලියන්න අමතක උනා.

      Delete
  6. මලේ සමහර ලෙඩවලට ෆෝමලින් එහෙමත් දානවා නේද

    ReplyDelete
    Replies
    1. ෆෝමලීන් ???
      මම නම් දන්නේ ෆෝමලීන් ගන්නේ මාළු කල් තියා ගන්න කියලා. :)
      හැබැයි වතුර වල භාෂ්මික ගතිය නම් අඩු කරන්න ෆෝමලීන් වලට පුලුවන්. ඒත් කොච්චර සාර්ථක ක්‍රමයක්ද කියලා නම් දන්නේ නෑ.

      Delete
  7. මම දන්න මාළුවෙක් නෑ බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දන්නේ නැතුනාට කමන් නෑ. ඉගෙන ගන්න එන්න.
      කමෙන්ට් එකක් දාලා දිරිමත් කලාට ස්තුතියි යාළුවා.

      Delete
    2. @ රජා:

      උඹව දන්න මාළු ඇති මයේ හිතේ.. :)

      Delete
  8. ගොඩක් ඉස්සර එක පාරක් අපේ පොන්ඩ් එක සම්පූර්ණයෙන්ම අස් කරලා මාළු ටික දැම්මා. ටිකක් හවස් වෙනකොට මාළු එකා දෙන්නා පාවෙන්න ගත්තා..... (එතකොට එක එක විදියේ මාළු වර්ග ගොඩක් හිටියා.... ) අන්තිමේ බලද්දී සේරම මැරිලා... හේතුව නම් දන්නේ නෑ... එතනින් අපේ ගෙදර අයට මාළු හැදිල්ල එපා වුනා..... ඒ නිසා දැන් නම් වැඩිපුර මාළු නෑ..... අර මදුරුවෝ හැදෙන නිසා මාළු කීප දෙනෙක් දාලා ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. මාළු දාන්න කලින් වතුරට ලුණු ටිකක් දාලා ඉන්න. පුලුවන් නම් පරණ ටැංකියක වතුර ටිකකුත් දාන්න.

      දැන් ඉන්නේ මොන මාළුද සමනලී ?
      අපි මේ ඉරිදා දවසේ නාන්න කියලා පොදු ලිඳකට ගියා. ඒකේ මාළු පිරිලා. ඔක්කොම ගුරාමි. ආසාවේ බෑ. :)

      Delete
  9. මං මාළු ඇති කරන්නේ නැති නිසා අහන්න ප්‍රශ්න නම් නෑ බං. ඒ වුනාට මේ ලිපි උනන්දුවෙන් කියවනව. වෙන කෙනෙකුට කියල දෙන්න හරි පුළුවන් නේ.
    හොඳ ලිපියක්..!!!

    ReplyDelete
    Replies
    1. නිවාඩුපාඩු වෙලාවක් තියෙනවා නම් පොඩි ටැංකියක් පටන් ගම්මු. හිත නිමෙන විනෝදාංශයක් මේක.
      මාළු ඇති කරන්නේ නැති උනත් මම ලියන දෙයක් කියවලා කමෙන්ට් එකක් දාලා යන එක ලොකු පිනක් යාළුවා

      Delete
  10. ඔන්න ඔයා දාපු කමෙන්ට් එක පාරේ මාත් ආවා ටැංකියට. මාත් හුගක් ආසයි මාළුන්ට.අපේ අයියා ඉස්සර ගෙදර මිදුලේ ලොකු මාළු ටැංකියක් හදලා තිබුණා.එයාට නම් මාළු පිස්සුව හොදටම තිබුණා.ලොකු වළක් හාරලා එකට සිමෙන්ති දාලා කොලපු ගාලා ඊට පස්සේ කෙසෙල් කොටන් දාලා සති තුන හතරක් පල්වෙන්න තියලා තමයි මාළු දැම්මේ.මුලින්ම දැම්මේ ගප්පි. නිල්පාට‍ වරල් දිග සාරිගප්පින්ට නම් මම මාරම ආසයි. හුගක් මාළු හිටියා. සාරිගප්පා , කැට්ෆීෂ්, කෙන්දෝ, බුලත්හපයෝ, ටැංක්ලීනර් කෙනෙක්. අයියා මුලින් මේක කලාට එයා රස්සාවකට ගියාට පස්සේ මට තමයි ටැංකිය සුද්ද කරන්න වුනේ.ඒක නම් පණ යන වැඩක්. ටැංකිසුද්දා අල්ලන්න තමයි මම පණ බය. ඌ ගෙනාවේ පුංචි එකෙක්, එත් ඉක්මනින්ම තඩිසයිස් එකෙක් වෙලා හිටියේ. පස්සේ අපි හැමෝම ජොබ් කරන්න පටන් ගත්ත නිසා සේරම මාළුවෝ බාප්පල‍ට දුන්නා එයාලගේ ටැංකියේ දාගන්න. අපේ මාළු ටැංකිය වහලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. ඔයගේ එක කමෙන්ට් එකෙන් මුළු මාළු හැදිල්ලේ ඉතිහාසයම තියෙනවා. ටෑන්ක් ක්ලීනර්ස්ලාට කියන්නේ ස්කැවෙන්ජර්ස්ලා කියලා. උන් ඒ කුලයේ මාළු ජාතියක්. :)

      මාළු හැදුවේ නැති උනාට කමන් නෑ නිවාඩු පාඩු වෙලාවක ටැංකියට ඇවිත් මාළු බලලා යන්න එන්න.
      කමෙන්ට් කරලා ෆලෝ කරලා මාව දිරිමත් කලාට ස්තුතියි.

      Delete
  11. ස්තුති යාළුවා දැනුවත් කිරීම් වලට ..
    මම ලදී ඔරේන්ජ් මොලී ටිකක් ගේනවා ස්වොර්ඩ් ටේල්ස් එක්ක කවලමේ හදන්න. ප්‍රශ්න ආවොත් අහන්නම් ..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ඇති උනොත් ඇවිත් අහන්න

      Delete
  12. මාලු යාලුවන්ට හොඳ බ්ලොග් එකක් වගේ. අදමයි මේ පැත්තෙ ආවේ මගෙ මාලු යාලුවන්ටත් මෙ පැත්තෙ එන්න කියන්නම්කො
    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම විස්තරේ කියන්න.
      මේ පැත්තේ ගොඩවෙලා අදහසක් ලියලම ගියාට ස්තුතියි ලොකු ජෝන් !

      Delete
  13. මටත් දැන් මතක්වෙනවා මාළු හදපු කාලේ සමහර මාළුන්ට ඔය වගේ ලෙඩ තිබ්බා නේද කියලා. දැන් නම් ඉතිං ප්‍රතිකාර දන්නවා නේ. ඒ හින්දා අවුලක් නෑ. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ ගෙදරත් මාළු එකා දෙන්නා අකාලයේ මැරෙනවා. ඒ ඇයි කියලා හේතුව නම් දන්නේ නෑ.පස්සේ තමා දන්නේ.

      Delete
  14. Giant Gourami gena visthara tikak kiyannakoo..

    ReplyDelete
    Replies
    1. හරි. ඉදිරියේදි ගුරාමි ලිපීයෙන් ඒ ගැන කියන්නම්.

      Delete
  15. මාත් මාලු ඇති කලා ටික කාලෙකට කලින් දැන් වැඩ වැඩි නිසා පොඩ්ඩක් නවත්තලා තියෙන්නෙ. පිලියන්දල කරදියාන පැත්තෙ තියෙනවා ඒන්ජල් කියලා ගප්පි බෝ කරන තැනක්. එයාලා පිටරට යවන්න බෝ කරන්නෙ. එතන පිටරට යවන කොලිටි එකට අඩු මාලු තොග ගානට දෙනවා. ගප්පි විතරයි තියෙන්නේ. මාලු විකුණන්න අදහසක් තියෙන කෙනෙක් ඉන්නවානම් බෝ කරනවාට වඩා ලාබයි කියන එක තමා මට හිතෙන්නේ.

    ReplyDelete
  16. යාලුවනේ මට කියන්න මඩ පොකුණුවල මඩ යට කුඩා සතුන් වගයක් ඉන්නවා ඒ කෘමින්ගෙන් මාළුවන්ට හනියක් වෙනවද වෙනවනම් ඒ සතුන් නැටි කරන්නේ කොහොමද මට උදවු කරන්න

    ReplyDelete
  17. mage Anjel pataw 2000 k innawa.dawasata 10 witara marenawa.mokada karanne.

    ReplyDelete
  18. mage Anjel pataw 2000 k innawa.dawasata 10 witara marenawa.mokada karanne.

    ReplyDelete
  19. Oyaata nam pissu..
    Supiri maalu tankiyak meka...
    Maget podi adahasak tiyanawa...
    🐟 hAdeba korapotu idimima gana poddak kiwwanam hodayi neda...

    ReplyDelete
  20. මගෙ ගප්පියන්ගෙ අගේ සුදු පාට රවුම් තුවාලයක් වගේ එකක් පැත්තෙ වරල ගාවින් අවිත් වරල් සුදුවෙලා මැරෙනවා මොකක් නිසද මොකද කරන්න ඕනි
    ඕනි

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?