Nov 16, 2012

ප්ලේටි - Platy

ඔන්න අද හදුන්වා දෙන්න යන්නේ දෙවෙනි මාළු වර්ගය. මුලින්ම ගප්පි හදුන්වා දුන්නා මතක ඇති නේ. බලන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් පළවෙනි ලිපියත් මෙතනින් දෙවෙනි ලිපියත් මෙතනින් තුන්වෙනි ලිපියත් කියවන්න.

අද ලිපියෙන් කියලා දෙන්නේ ප්ලේටි ගැන. එහෙනම් ප්ලේටි ගැන ඉගෙන ගනිමු.

සාමාන්‍ය නාමය -  ප්ලේටි (Platy)
විද්‍යාත්මක නාමය -Xiphophorus maculatus
සාමාන්‍ය දිග - අඟල් 2ත් 2.5ත් අතර අගයක් ගනී.
නිජබිම -   මධ්‍යම ඇමරිකාව
හිතකර උෂ්ණත්වය - ෆැරන්හයිට් 65ත් 78ත් අතර (සෙල්සියස්  18ත් 26ත් අතර)



ගප්පි වගේම තමයි ප්ලේටිත් පැටවු මගින් බෝවෙන මාළු ජාතියක්.  ඒ වගේම අළුතෙන් මාළු හදන්න පටන් ගන්න කෙනෙකුට නිර්දේශ කරන්න හොද මාළු ජාතියක්. පේලේටි කියන්නේ ඉතාමත් සාමකාමි ඒ වගේම විවිධ ලෙඩ රෝග වලට හොඳින් ඔරොත්තු දෙන මාළු වර්ගයක්.

 ප්ලේටි ගෑනු සතුන්, පිරිමි සතුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර ගෑනු පිරිමි දෙවර්ගය වෙන් වෙන් වශයෙන් හදුනා ගැනීමට උන්ගේ ගුද වරලේ හැඩය ප්‍රයෝජනවත් වෙනවා. ප්ලේටි ගැහැනු සතෙකුගේ ගර්භණී කාළය සති 4ත් 6ත් අතර කාළයක් ගන්න අතර වරකට පැටවු 10ත් 30ත් අතර ප්‍රමාණයක් බිහිකරනවා.

මේ නිසාම ගප්පින්ට තරම් නොවුනත් ප්ලේටින්ගෙත් හොඳ බෝවීමක් තියෙනවා.

තව දෙයක් තමයි ප්ලේටි වර්ග උපන් ගමන් පැටවු ආහාරයට ගන්නවා. මේ නිසා පැටවු ඉපදුනායින් පස්සේ මවගෙන් හා අනෙකුත් මාළුන්ගෙන් මේ පැටවු වෙන් කරන එක හොඳයි. ඒ වගේම ප්ලේටි කියන්නේ සර්ව භක්ෂක මාළු විශේෂයක් නිසා ඕනම ජාතියක කෑම අනුභව කරනවා.

ප්ලේටින් අවුරුදු 2ත් 3ත් අතර කාළයක් ජීවත් වෙනවා. රැක බලාගැනීම හා ලෙඩ රෝග වලට හසුවීමත් ලබා දෙන ආහාර අනුව උන්ගේ ආයු කාළයේ සුළු සුළු වෙනස්කම් දකින්න පුලුවන්. ඒ ඇරෙන්න ප්ලේටි, උන්ගේ සාමාන්‍ය ආයු කාළය ගත කරනවා.

ඒ වගේම ප්ලේටි කියන්නේ ඉතාමත් මිලෙන් අඩු මාළු ජාතියක්. රුපියල් 15ක ඉදලා 30ක් අතර ගණන් වලින් ප්ලේටි මිලදී ගන්න පුළුවන්.

ඊලඟ ලිපියෙන් ප්ලේටි වර්ග ගැන ඉගෙන ගනිමු.
ගිහින් එන්නම්.
ජය වේවා !!!

22 comments:

  1. මෙතන දාලා තියෙන ප්ලේටි ඔක්කොම රතු-තැඹිලි පාටයි. වෙන පාටවල එවුනුත් ඉන්නවද?

    අනෙක ඔය වර්ණය අනුව මාළුන්ගෙ නිරෝගී බව වගේ මොනව හරි කරුණු දැනගන්න ක්‍රමයක් තියෙනවද? (තනිකර රතුපාට මාළු ජාතියක් නම් දිලිසෙන තද රතු, මෙරූන් පාට, තැඹිලි-රතු, රෝස පාටට හුරු වගේ එක එක වර්ණ ප්‍රබේදවල එවුන් සිටීම)

    ගර්භනී කාලෙදි ප්ලේටි ගැහැණු මාළුව පැටව් බිහිකිරීමට ආසන්න දවස් වෙද්දි තනියෙන් තියන්න පුළුවන්ද, ටැංකියෙ ඉන්න අනිත් උනුත් පැටව් කාලා දාන නිසා. සාමාන්‍යයෙන් කරන්නෙ එහෙමද?

    ReplyDelete
    Replies
    1. ඔවු වෙන පාටවල එවුනුත් ඉන්නවා. මම දැනුවත්ව ප්ලේටි වර්ග දෙක තුනක්ම ඉන්නවා. රතු පාට උන් තමා ගොඩක්ම ජනප්‍රිය !

      පැහැදිලිවම ඔවු. මාළුන්ගේ සාමාන්‍ය පාට වෙනස් වීම ලෙඩක් වෙන්න පුලුවන්.
      උදා : වරල් රතු පාට වීම, ඇමෝනියා/නයිට්‍රජන් විස වීමකින් හැදුන ආසාදනයක්.
      මේ ගැන විස්තරාත්මකව ඉදිරි ලිපි වලදි පලවේවි. (දැනටම ලියලා තියෙන්නේ. :) )

      තනියෙන් තියන්න පුලුවන්. ගොඩක් වෙලාවට කරන්නේ ටැංකියේ පැත්තක් වෙන් කරලා (විනිවිද පෙනෙන වීදුරුවකින් වගේ) එතෙන්ට ප්ලේටි ගෑනු සතාව දානවා.

      ඊට අමතරව වෙනම පොඩි ටැංකියක ගෑනු පිරිමි සත්තු දෙන්නවම දාන අවස්ථාත් තියෙනවා.

      Delete
  2. හුඟක් දෙනෙක් ඇති කරනවා මං දැකල තියන්නේ මේ වර්ගය තමයි. කොහොමත් පුංචි මාළු ලස්සනයි මට නම්.

    ReplyDelete
    Replies
    1. ලොකු මාළු ටිකක් ඉන්නවට වඩා පුංචි මාළු ගොඩක් ඉන්න ටැංකිය ලස්සනයි.

      Delete
  3. අහ් හා..... මේ අය නම් අපේ ගෙදර ඉන්නවා...... :)

    ReplyDelete
    Replies
    1. හදන්න ලේසිම මාළු ජාතියක් !!

      Delete
  4. හරි මේ විස්තර ටික මම මෙමරියට දාගත්තා.ඉතුරු විස්තරත් කියමු. මේවා ඉදිරි ප්‍රයෝජන සඳහා වටිනවා.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකේ නම විතරක් මෙමරියේ ලෝඩ් කරගන්න. එතකොට ඕන වෙලාවක මේ පැත්තේ එන්න පුලුවන් නෙව.

      ප.ලි. - ඔබ තුමාගේ බ්ලොගයට යන්නේ කොහොමද ? ලින්ක් එක දෙන්න පුලුවන් ද ?

      Delete
  5. එහෙනම් ප්ලේන්ටි ඉක්මනට මරරෙන්නේ අපේ මොකක් හරි වැරදි රැක බලා ගැනිමක් නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔවු සමහර වෙලාවට අපේ නොසැලකිලිමත්වීම මත මාළු මැරෙන්න පුලුවන්. ඒ ඇරෙන්න ලෙඩ වලට හොදට ඔරොත්තු දෙන මාළු වර්ගයක් !

      Delete
  6. මටත් ඇති වෙනකම් බලං ඉන්න පුළුවන් මාළු ජාතියක් තමයි මෙයාලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්... හරිම ඇහැට ප්‍රිය මාළු ජාතියක්.

      Delete
  7. මාර වැඩේ කියන්නෙ අපේ ගෙවල් වල වවන විසිතුරු පැලෑටි වලින් වැඩි හරියකයි, ඇති කරන විසිතුරු මසුන් වැඩි හරියකගෙයි නිජබිම දකුණු අමෙරිකාව නේ? මේ Amazon ප්‍රදේශයෙ පුදුම ජෛව විවිධත්වයක්නෙ තියෙන්නෙ

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. ඇමසන් වනන්තරය කියන්නේ අපේ සිංහරාජය වගේ ලෝක උරුමයක් නෙ. ඒ නිසා ජෛව විවිධත්වය ගැන ආයේ කතා කරන්න දෙයක් තියේ යෑ. :)

      Delete
  8. ඕං ප්ලේටියෝ නම් මම හදලා තියෙනවා.. හැබැයි ටිකක් කම්මැලි මාළු ජාතියක් නේද? එච්චර පීනන්නෙත් නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. වෙලාවකට එහෙමයි. නමුත් හරි ක්‍රීයාශීලි මාළු ජාතියක්. වෙලාවකට ටැංකිය පුරාම පීනනවා.

      Delete
  9. හ්ම්ම්ම් මගේ ලඟත් හිටිය උන් කිසිම කරදරයක් තිබුනේ නැති මාළු කෑම දාන එක අතපසු උනත් උන්ට නෙවෙයි වගේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔවු මේ ජාති සෙට් එක ලෙඩ අඩුයි. ගොඩක් ලෙඩ දෙන මාළු ජාති ගැන පසුවට කියලා දෙන්නම්

      Delete
  10. mata help ekak ona MIN WISITHURU gen,,,,
    plety bo karaganne kohomada? mama simenthi tankiyaka plety athi karanawa,, plz help me

    ReplyDelete
  11. min wisithuru
    meyalata vitamin warga ahema denna oneda
    pataunta denneth loku ayata dena kamada
    viduru tanki walath breed wenawada

    ReplyDelete
  12. මාලුන්ට ඉස්සො කෑම දෙන එක අහිතකරයිද ඊකෙන් වෙන අතුරු ප්‍රතිපලය මොකක්ද...?

    ReplyDelete
  13. මගේ සමහර ප්ලේටි මාළු හරිම කෙට්ටුයි ඒ කෙට්ටු මාළු ටැංකියේ කොනකට වෙලා ඉන්නේ පීනන්නෙත් අඩුවෙන් ඒ ලෙඩක් නිසාද?

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?