Nov 15, 2012

ටැංකියෙන් ඇළ දොළට ආ මසුන්

පහුගිය දවස්වල මොනරාගල පැත්තේ මිරිදිය ධීවරයෙකුට අරුම පුදුම මාළුවෙක් හම්බ උනා කියලා ප්‍රවෘත්ති වලට කියනවා මින් විසිතුරු අහගෙන හිටියා. මේ මාළුවා ඇලිගේටර් ගා කියන මාළුවෙක්. මේ මාළුවා දැක්කට පස්සේ මින් විසිතුරුට හිතුනා ආක්‍රමනකාරි මාළු ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න.

ඔය මොනරාගල පැත්තෙන් හම්බ උනායි කියන මාළුවා  ලංකාවට සුළභ එකෙක් නෙමේ. කොහේ හරි මාළු ටැංකියක ඇති කරලා මුදාහැරපු මාළු වර්ගයක්. කොටින්ම ආක්‍රමණකාරි මාළුවෙක්.

ආක්‍රමණකාරි මාළුන්ගෙන් තියෙන ප්‍රධානම තර්ජනය තමයි ස්බාවික මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීම.එතකොට මිරිදිය පරිසර පද්ධතියේ සමතුලිතතාවයට බාධා ඇති වෙනවා. කොටින්ම සමහර ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වඳවෙලා යන්නත් මේ ආක්‍රමණකාරි මසුන් හේතුවක් වෙනවා.


ගොඩක් වෙලාවට මෙහෙම ආක්‍රමණික මත්ස්‍ය විශේෂ ලංකාවට එන්නේ සුරතල් මසුන් ආනයනය කරන්නන්ගෙන්. සමහර වෙලාවට අළුත් සුරතල් මාළු ප්‍රභේද කියලා හඳුන්වා දෙන්නේ මේ වගේ ආක්‍රමණික මාළු. ඉතින් මාළු ඇති කරන අයත් මුන්ව මිලදී අරගෙන ටික කාළයක් ඇති කරනවා. ඊට පස්සේ එයාලගේ මාළු ටැංකියට ඒ මාළුන්ගෙන් තර්ජනයක් ඇති උනහම උන්ව ඇළදොළ ගංගා වලට මුදා හරිනවා.

ඔන්න ඔහොමයි මේ මාළු ස්බාවික ජල ප්‍රභව වලට එන්නේ.

ලංකාවේ දැනට ස්බාවික ජලජ පද්ධතියට තර්ජනයක් වෙච්ච මාළු වර්ග කිහිපයක් ඉන්නවා. පහලින් තියෙන්නේ ඒ මසුන්,

1. මන්නයා (නයිෆ් ෆිෂ්/ Knife Fish )
මේ මාළුවාත් කලකට ඉහතදී සුරතල් මාළුවෙක් විදිහට ජනප්‍රිය වෙච්ච මාළුවෙක්. පස්සේ කාලෙක   මිරිදිය ජලයට එකතු වෙච්ච ආක්‍රමනික මාළු විශේෂයක්. වැඩි විස්තර මෙන්න මේ සිංහල ලිපියෙන් කියවන්න.

2. ඇලිගේටර් ගා
මීටර් 2.4කට වඩා ලොකු වෙන කිලෝග්‍රෑම් 100කට ආසන්න බරක් දක්වා වර්ධනය වෙන ආක්‍රමණික මාළු වර්ගයක්. මින්ගේ නිජබිම වෙලා තියෙන්නේ දකුණු ඇමරිකාව.

3. පිරානා
ඇමසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වෙන මාංශභක්ෂක මාළු විශේෂයක්. මුන්ට ශක්තිමත් හකු හා තියුණු දත් තියෙනවා.මේ නිසා ලොකු මත්සයින් උනත් ආහාරයට ගන්න පුලුවන්.

4. ස්කැවෙන්ජර්ස් 
ටෑන්ක් ක්ලීනර්ස් කියලා අපි මාළු ටැංකියේ හදන මාළු වර්ගයක්. මුනුත් ආක්‍රමණික මත්ස්‍ය වර්ගයට තමයි අයිති වෙන්නේ.

5. සමහර සික්ලීඩ් වර්ග 
ගොඩක් වෙලාවට අප්‍රිකානු සික්ලීඩ් කියන වර්ගය තමයි ආක්‍රමණික මාළු ගණයට වැටෙන්නේ. මීට අමතරව ටෙක්සාස් සික්ලීඩ් කියන වර්ගයත් ආක්‍රමණික වර්ගයක් වෙනවා.

6.  ගප්පි
මුන්ගේ සීග්‍ර බෝවීම තමයි ආක්‍රමණකාරි වෙලා තියෙන්නේ. ඊට අමතරව ජලජ මත්ස්‍ය විශේෂ වලට නම් කරදරයක් නෑ. මදුරුවන් බෝවීම සිද්ධ වෙන පරිසර පද්ධති වලට විසදුමක් විදිහට ගප්පින් යොදා ගන්නවා.

7. ඇරොවානා වර්ග
ඇරොවානා වර්ග වලින් සිල්වර් ඇරොවානා වර්ගය ආක්‍රමණික වර්ගයක්. නමුත් තාම තර්ජනයක් නම් වාර්ථා වෙලා නෑ.

මීට අමතරව තවත් ආක්‍රමණික මත්ස්‍ය විශේෂ  ගැන අහන්න කියවන්න ලැබුනොත් මේ ලිපිය යාවත්කාලින කරන්නම්.ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ මාළු විශේෂ හදන්න ගත්තට නම් කමන් නෑ. ඒ උනාට තමන්ගේ මාළු ටැංකියට තර්ජනයක් වෙච්ච වෙලාවට ඇළදොළ වලට මුදාහරින්න එපා.  !!!

එහෙනම් ගිහින් එන්නම්..
ජය වේවා !

55 comments:

  1. වටිනා පොස්ටුවක්..විනෝදාංශයක් කරද්දී එ‍කේ සමාජ වගකීම පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ .. තමන්ගේ විනෝදාංශය හින්දා කවුරු හරි අපහසුතාවයකට පත්නොවෙන්න වගබලාගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. මොකද මේ වගේ මාළු ඇති කරලා කොහේට හරි ගිහින් දානවා කියන්නේ උන්ගේ බෝවීමට අත දීමක් කරනවා වගේ. ඒ නිසා ඒ ගැනත් හිතන්න ඕනේ.

      ස්තුතියි මී ගොඩයෝ මේ පැත්තේ ගොඩ උනාට !

      Delete
  2. මං මේ අහන්න කියලා හිටපු එකක් තමා ඔයාගෙන්... මාත් දැක්කා ඔය නිවුස් එක...

    මරන්න බැරිකමට ඇළකට ගිහින් දාලා ඊට පස්සෙ ලොකු විනාශයක් කරනවා... ලොකු වෙන මාඵු හදන්නේ නැතුව ඉන්න ඕනේ එක්කෝ... අපේ මිනිස්සු කොහොමත් තමන් ගැන විතරනේ හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. උන් නම් මහා එපාමකරපු ජාතියක්.
      මේ වගේ මාළු හදනවට වඩා හොඳයි නොහදා ඉන්නෙක.

      Delete
  3. යාලුවා මා සතුව මාළු ටැංකියක් තියෙනවා.එහි දිග අඩි 4 පලල 1 උස 2 ලීටර් 225 ධාරිතාවක් තියෙනවා.ඇරොවානාවෙක් සඳහා ඉඩකඩ ඇතිද ?

    ReplyDelete
    Replies
    1. ඇති මචං ඔය ටික ප්‍රමාණවත්.
      හැබැයි සිල්වර් ඇරොවානලා ගැන විතරයි මං දන්නේ අනිත් උන් ගැන නම් දන්නේ නෑ. සිල්වර් ඇරොවානලාට ඇති.

      Delete
  4. අර පිරානා මාළු ලංකාවෙ නෑනේද, උන් ප්‍රධාන චරිතෙ රඟපාපු ෆිල්ම් එකක් බලපු එකෙක් ඕකුන් ඉන්න අහලකින්වත් යන්නෙ නෑ ආයෙ.

    ඔය වගේ ආක්‍රමණකාරි මසුන් හදපු කෙනෙක්ට එය නවත්වන්න උනොත් තියෙන විකල්ප මොනවද? (මම අහන්නෙ ඇල දොල ගංගාවලට දාන්නැතුව වෙන කරන්න පුළුවන් මොනවගේ දේවල්ද)

    ReplyDelete
    Replies
    1. සූ එකට ගෙනිහින් දෙන්න තමා තියෙන්නෙ... එහෙම නැත්තන් මරන්න ඕන.. පළවෙනි ක්‍රමය තමයි මම නම් අනුමත කරන්නෙ...

      පිරානල ලංකාවෙ මාළු ඇතිකරන තැන් වල හිටියා කියල දන්නව... දැන් කොහොමද දන්නෙ නෑ,..

      Delete
    2. @DDT :
      මොන පිස්සුද මචං. පිරානලාට තාමත් ඉල්ලුමක් තියෙනවා ලංකාවේ. අපට මාළු ගේන තැනත් ටැංකියකම පිරානලා ඉන්නවා. හැබැයි මචං පිරානලා හැදුවට උන් ලොකු උනහම විකුණන්න ටිකක් අමාරුයි. පොඩි කාලේම දීලා දානවා. මොකද ලොකු උන්ව ගන්න ගොඩක් උන් කමති නෑ.

      කෙටියෙන්ම කියන්නම්. පිරානලා ලංකාවේ ඉන්නවා.

      Delete
    3. @සාතන්
      තාමත් පිරානලා ඉන්නවා. උන්ටත් තරමක හොඳ වෙළඳපොලක් තියෙනවා. හැබැයි උන් පොඩි කාලේ තමා විකුණන්නේ. ගොඩක් ලොකු උනහම විකුණන්න අමාරුයි.

      Delete
    4. බුදු අම්මෝ .... ඒ කියන්නෙ අපිට ඉස්සරහට ඇලකට දොලකට ගඟකට බහින්න කලින් කිඹුල්ලුන්ට අමතරව මාළු ඉන්නවද කියලත් හොයන්න වෙයි වගේ.

      Delete
    5. @DDT
      ඔය ඇලිගේටර් ගා, පිරානලා වගේ මාළු ඉන්න ජලාශ වලට නම් බහින එක අවදානම්.
      අර කිව්වත් වගේ ඉදිරියේදි එහෙම අවදානමක් එන්නත් බැරි නෑ.

      Delete
    6. අඩේ... අපේ මහත්තයට ඊයේ මේක පෙන්නනකොට මේ කෑලි ටික තිබ්‌ෙබ් නෑනේ.. දැන් ඉතිං අද ආයිමත් අප්ඩේට් කරන්න වෙනවා... හි හි

      Delete
    7. @හිරු
      මොන කෑලි ටිකද හිරුවෝ ? කමෙන්ට් රිප්ලයි ටිකද ?

      Delete
  5. පිරානා නම් දැක්කම බය හිතෙන දරුණු පොරක් වගේ. :) මාළු තෝරා ගන්න කොට මෙවැනි වර්ග නැතුව තෝරා ගන්නවා නම් ගැටළුවක් නෑ නේද..

    ReplyDelete
    Replies
    1. ඔවු. මේ වගේ මාළු ජාති ඇති කරන එක අඩු කරනවා නම් මේ මාළු ගෙන්වන එකත් අඩු වෙනවා.

      Delete
  6. නයිෆ් ෆිෂ් කියන්නෙ මම කැමතිම මාළුවෙක්... ජෝඩුවක් ඇති කලා කාලයක්... හැබැයි ඩබලම මැරුණා...

    ReplyDelete
    Replies
    1. හ්ම්... ලස්සනයි. ඒ උනාට හෙන වසංගතේ. පොඩි මාළුන්වම හොය හොයා කනවා.

      Delete
  7. හොඳ ලිපියක්.අපට පුළුවන් නේ ඇති කරන්න පුළුවන් මාළුවන් ගැන දැන ගන්න.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔවු නංගි. මේ ජාතියේ මාළු ඇති කරන එක අඩු කරනවා නම් ගෙන්වන එකත් අඩු වෙනවා.

      Delete
  8. අහ්.... ඔය ඇලිගේටර් ගා ගැන ගොසිප් සයිට් එකක දාලා තියෙනව මං දැක්කා...... හොඳ දැනුවත් කිරීමක් සහෝ..... :)

    ReplyDelete
    Replies
    1. ඔවු. මේ ලඟදි ඔය ගැනත් කතා උනා නෙව.
      ඔන්න මාළු හදනවා නම් ටිකක් හොයලා බලලා මාළු වර්ග තොර ගන්න ඕනා.

      Delete
  9. ඔය තර්ජනය ලේසියෙන් අමතක කරලා දාන්න පුලුවන් එකක් නෙවෙයි. මේකට ඇත්තෙන්ම මොකද කරන්න පුලුවන්?

    තමන්ට මාලුවා එපානම් ඌව ආපහු මාලු විකුණන තැනට ගිහින් දෙන්න පුලුවන්ද?

    අනික අපේ මිනිස්සු ප්‍රාණගාතය කරන්න අකමැති නිසා මෙතනදි කරන්නෙ ඊට වඩා ලොකු විනාසයක්. හරියට අර ලේනා බේරන්න ගිහින් වාහනේ පෙරලාගෙන නැතිනම් හප්පාගෙන කීප දෙනෙක්ගෙ ජීවිතේ නැතිකරනවාවගේ. මොකක්ද මේකට පිළිතුර?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එකක් තමයි මේ මාළු තමන්ගේ ටැංකියට ගේන එක නවත්තලා දාන්න ඕන. එතකොට මේ මාළු විකිණීම අඩු වෙනවා. එහෙම උනහම මේ මාළු ගෙන්වන එක අඩු වෙනවා.

      අනිත් එක තමයි දැනටමත් මේ මාළු ඇති කරනවා නම් තමන්ගේ ටැංකියටම සීමා කරන්න. තමන්ගේ ටැංකියෙන් ජලාශ වලට දාන එක හොඳ නෑ.

      තමන්ගේ ටැංකියක ඇති කරන්න අකමැති නම් සත්තු වත්තට භාර දෙන්න.

      ඒ නැත්නම් පොල් ලෙලි පල් කරන කෘතිමව හදා ගත්තු පොල් ලෙලි වලවල් වලට දාන්න.

      මේ මාළු විකුණන්න මින් මැදුරු අයිතිකාරයෝ කියන බොරු තොගයත් එක්ක බලනකොට ආයෙම මුන්ව භාර ගනීද කියලා කියන්න බෑ. :)

      Delete
  10. මල්ලියා මේ තොරතුරු ටික නම් මාරම වටිනවා. බොහෝ අය නොදැන තමයි මේ මාලුන්ව වෙනත් ජලාශවලට මුදා හරින්නේ.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. තමන්ගේ ටැංකියට තර්ජනයක් උනහම මුන්ව කොහාට්ට හරි ගිහින් දාන්නමයි හදන්නේ.

      Delete
  11. මේ ස්කවෙන්ජර් නිසා රජරට ජලාශ වල මත්ස්‍ය නිෂ්පාදනය අඩු වෙලා කියලා අහන්න ලැබුනා!! අපේම වැරැද්ද!!

    ReplyDelete
    Replies
    1. ඔවු. එහෙම වෙන්ඩ පුලුවන්. මුන් පොඩි මාළුන්ට වග කියනවා.

      Delete
  12. මේ ගැනනම් මම මොකුත්ම දැනන් උන්නේ නෑ. හැබැයි නිතර මෙහෙ ආවා නම් ඉගෙන ගන්න පුළුවන් වෙයි වාගේ යමක්.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම !
      දිගටම එන්න අයියේ. එතකොට මාළු හදන හැටි ඉගෙන ගන්න පුලුවන්

      Delete
  13. පිටරටින් ආපු අක්‍රමනික මලු හින්දා අපෙ දෙශිය මාලු විනාශ වෙනවා එක හෙනම අපරදයක්....

    ReplyDelete
    Replies
    1. ඔවු. අනික ඒක දේශික මාළු විනාශ වෙනවා කියන්නේ සෑහෙන අපරාදයක්

      Delete
  14. මමත් දැක්කා ඔය නිවුස් එක. වැදගත්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..
      මේ පැත්තේ ඇවිදින් කියවලා කමෙන්ට් එකක් දැම්මට ගොඩක් ස්තුතියි.

      Delete
  15. ගොඩක් වටින ලිපියක් මචං !

    ReplyDelete
  16. මේ මාළු ගෙන්නදී සීමා මොකුත් නැද්ද? අන්න එතනයි මුල්ම වරද. රේගුවේදී මාළු ජාති පරික්ෂා කරලා ඒ ගැන දැනුවත් අයගේ උපදෙස් මත ආක්‍රමණකාරී මාළු ඉවත් කරනවා නම් මේ ගැටළු මොකුත් පැන නගින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඕවට තියෙන නෛතික පැත්ත ගැන කතා නොකර ඉන්න එක ගොඩක්ම හොඳයි ඇලෙක්සැන්ඩර්. මතකනේ ලංකාවට ගෙනාපු ත්‍රී රෝස් ත්‍රී ඒසස් වගේ සිගරට් ජාති ? ඒවත් තහනම් කියලා කිව්වට කොහොමහරි රේගුවෙන් පන්නලා ලංකාවේ විකුණන්නත් තිබ්බා නෙව.

      Delete
  17. ඔබට විසිතුරු මසුන් අලෙවි හලක් තිබේනම් බ්ලොගයේ පොඩි ඇඩ් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. තාම නමක් ගමක් දාලා කරගෙන යන එකක් නෙමේ නිසයි ඇඩ් එකක් දැම්මේ නැත්තේ. ඉදිරියේදි ඇඩ් එකක් දාන්න ඉන්නේ. :)

      Delete
  18. අද භයානක මාළු වර්ග ටිකක් ගැන කියලා තියෙන්නේ. ආවේණික මාළු වඳ වෙනවා කියන්නේ බරපතල කාරණයක්. හොයා බලන්නේ නැතුව ආනයනය කරන්න දෙන එකත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...
      ආවේණික මාළුන්ට මේක තර්ජනයක්. ඒ වගේම ස්බාවික සමතුලිතතාවයටත් මේක තර්ජනයක් !

      Delete
  19. අපේ පැත්තෙ ජලාශවල බෝවෙලා ඉන්න ජපන් බට්ටා කියන මාළුවාත් ආක්‍රමණකාරී එකෙක්.. මම අපේ පැත්තෙ කිව්වෙ බට්ටා බට්ටා කිව්වට අනික් පැතිවල මගේ යාළුවො අඳුරන්නේ නැති නිසා.. මූ අහම්බෙන් බෝ වෙලා නෙමෙයි.. මිරිදිය මාළුවෙක් කියලා අඳුන්වා දීලා.. ඒත් මූ අනිත් මාළුන්ගේ බිත්තර කන නිසා දේශීය උන් වඳවෙලා තියෙන්නෙ.. මූ උගේ බිත්තර කටේ තියන් ඉන්නෙ.. ඌව අහුවුනාම එව්වා එළියට හලලයි එන්නෙ..

    මේ ලිපිය හරිම වැදගත්.. මාළු හදන අයට විතරක් නෙමෙයි.. අනිකුත් සුරතල් සතුන් හදන අයටත්.. ඒවගේම අරවා මේවා කිය කිය විසිතුරු පැළ වවන අයටත්...

    ReplyDelete
    Replies
    1. ආහ්.. හා.. !
      අපේ පැත්තේ නම් උන්ට කියන්නේ වෙල් බට්ටෝ කියලා. මම කියන්නෙත් හරී කියන මාළුවා ගැනම නම් උන්ගේ උඩු වරල (පෘෂ්ඨිය වරල) හරි ශක්තිමත්. ඒ වගේම කොරපොතු තියෙන මාළුවෙක් !

      එහෙම මාළුවෙක්ද හරී ?

      ඌ ගැනත් හොයලා ලියන්නම්. (පෝස්ට් එක අප්ඩේට් කරන්නම්)

      Delete
  20. මචන් පොඩි අඩුවක් තියෙයි බැලැක් මොරිස් මාලු මාත් ලස්සනයි කියලා හැදුවා පස්සෙදි බොඋනා බො විල්ලක් අයෙ පිස්සු හැදෙනෙවා මරු ලිපියක් හොදෙ

    ReplyDelete
    Replies
    1. නමුත් ගප්පි තරම්ම බෝවීමක් උන්ගේ නෑ.ඒ නිසාමද මන්දා උන්ව ආක්‍රමණික ගණයට දාලා නෑ. කොයිකටත් මාත් හොයලා බලන්නම් :)

      Delete
    2. හැ වෙන්න බැ බන් සාරි ගප්පිත් එතකොට ගප්පි ගනෙට නොවෙද එන්නෙ

      Delete
    3. ඔවු සාරි ගප්පි, ගප්පි කියලා නෑ. ඔක්කොම ආක්‍රමණික මාළු විශේෂයක්. ඔක්කෝගෙම බෝවීම වැඩියි.

      Delete
  21. දියවන්නාව අයිනේ බැග් වල , ස්නේක් හෙඩ් ලත් විකුනනවා මම දැකල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක ගැනත් මම හොයලා ලියන්නම්. ස්තුතියි තොරතුරු ඉදිරිපත් කලාට.

      Delete
  22. වටිනා ලියමනක්...........ඔබට ජය.!

    ReplyDelete
  23. NICE WORK . WRITE NEW THINGS .

    ReplyDelete
  24. ඉතිං අපිට ගොඩක් invasive මාලු කෑමට ගන්න පුලුවංනෙ.මමනං ඉඳල හිටල බිලී බානකොට knife fish කෙනෙක් එහෙම අහු උනොත් ගෙදර ගෙනිහිං උයනව.උං රසයි ගුනයි.ගොඩක් රටවල් වල උංව කනව.ඒ වගේ invasive විදියට බෝ වෙන මාලු කෑමට ගත්තොත් ලංකාවෙ ආහාර අර්බුදයටත් පොඩි විසඳුමක්.රස වෙනසකුත් නෑ.තෙප්පිලි කොරලි වගේම තමා

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?