Nov 8, 2012

ගප්පි - Guppy - 2

ගප්පි ගැන ලියපු පලවෙනි ලිපියේ අන්තිමට මම කිව්වා නේ ගප්පින්ගේ වරල් අනුව වර්ග වලට වෙන් කරනවා කියලා.ඉතින් අද ලිපියෙන් කියලා දෙන්නේ ඒ ගැන. මුලින්ම පහල පින්තූරය බලන්න.

1. වේල් ටේල් (Veil Tail)
මේ වර්ගයේ ගප්පින්ට සමද්විපාද ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත වල්ගා වරලක් පිහිටා ඇත.  පිට වරල අවසාන වන්නේ වල්ගා වරලේ මුල් හරියේ ය.



2. ඩෙල්ටා ටේල් (Trangle Tail / Delta Tail)
අංශක 70ක පමණ කෝණයක් සාදන සමපාද ත්‍රිකෝණයකට ඉතා ආසන්න හැඩයක් ඇති වල්ගා වරලක් පිහිටා ඇත.

3. ෆෑන් ටේල් (Fan Tail)
මේ වර්ගයේ වල්ගා වරලේ ඉහල හා පහල කෙලවරවල් තරමක් ඇතුලට නැවුනු ස්බාවයක් ගනී.

4.  ස්කාර්ෆ් ටේල් / ෆ්ලෑග් ටේල් (Scarf Tail / Flag Tail)
මේ වර්ගයේ වල්ගා වරල සෘජුකෝනාස්‍රයක හැඩයක් ගනී.

5. ඩබල් ස්වෝර්ඩ් ටේල් (Double Sword Tail)
වල්ගා වරල කඩු දෙකක ආකාරයකින් පිහිටා ඇත. මීට අමතරව වරලේ මැද කොටස වක්‍රාකාරයක් ගනී.

6.  ටොප් ස්වෝර්ඩ් ටේල් (Top Sword Tail)
වල්ගා වරලේ ඉහල කොටස කඩුවක හැඩයකුත් පහල කොටස වෘත්තාකාර හැඩයකුත් ගන්නා ගප්පි වර්ගයකි.

7. බොටම් ස්වෝර්ඩ් ටේල් (Bottom Sword Tail)
වල්ගා වරලේ පහල කොටස කඩුවක ස්බාවයකුත් ඉහල කොටස වෘත්තාකාර හැඩයකුත් ගන්නා ගප්පි වර්ගයකි.

8. ලයිරා ටේල් (Lyra Tail)
වල්ගා වරල වීනාවක හැඩයක් ගන්නා ගප්පි වර්ගයකි

9. කොෆර් ටේල් / ස්පේඩ් ටේල් (Cofer Tail / Spade Tail)
වල්ගා වරල කාඩ් කුට්ටමේ ස්කෝප්ප සලකුණේ හැඩය ගනී.

10. ස්පියර් ටේල් (Spear Tail)
වල්ගා වරල හෙල්ලයක තුඩක හැඩයක් ගනී.

11. රවුන්ඩ් ටේල් (Round Tail)
වල්ගා වරල රවුම් හැඩයක් ගනී.

12. පින් ටේල්/ නීඩ්ල් ටේල් (Pin Tail / Needle Tail)
බොහෝ දුරට වෘත්තාකාර හැඩයක් ඇති වල්ගා වරලක් තිබේ. මීට අමතරව වරලේ මැද කොටස ඉදිකටුවක් මෙන් දික්වී ඇත.


මිලඟ ලිපියෙන් ගප්පින්ට හැදෙන ලෙඩ වර්ග ගැන කියලා දෙන්නම්. එහෙනම් ගිහින් එන්නම්
ජය වේවා !

32 comments:

  1. ලෙඩ ටිකත් බලමුකො

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඊලඟ ලිපිය එනකන් ඉන්ඩ වෙනවා.
      බලමුකෝ ඒකෙත් හැටි :)

      Delete
  2. ගප්පි හදන එක කරදරයි නේද ටිකක්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියේ කරදර අඩුම මාළු ජාතියක් තමා මුන්

      Delete
  3. ගොඩක් වර්ග අඳුනා ගත්තා මම අහල තියෙනවා මේ ගප්පි වර්ග බෙහෙත් හදන්නත් ගන්නවයි කියලා. ලාබ දායි වැඩක්ලු

    ReplyDelete
    Replies
    1. මට සමහර වෙලාවට කොමෙන්ට් කරන්න හම්බ වෙන්නේ නැහැ මොකද වැඩ වැඩි නිසා නමුත් හැම අලුත් ලිපියක්ම මම කියවනවා. අනිවා...... ඔය දිගටම ලියන්න නොදන්නා දේවල් ගොඩක් දැනගන්න පුළුවන් මේ බ්ලොග් එකෙන්. මම මගේ නැන්දගේ පුතෙක්ටත් මේ ලින්ක් එක යැව්වා ඒ යකත් මාළු පිස්සෙක්.

      Delete
    2. ගප්පින්ව බේත් වලට ගන්නවා කියලා නම් මම දන්නේ නෑ මල්ලි.

      කියවන්න එන්න පුලුවන් වෙන එකත් ලොකු දෙයක් මල්ලි. හැම තිස්සෙම කමෙන්ට් කරන්න බැරි උනාට කමන් නෑ. පුලුවන් වෙලාවට ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න. බ්ලොග් එක කරගෙන යන්න ඒක මට ලොකු ගැම්මක් !

      Delete
  4. මලා.. මෙච්චර ජාති ගොඩක් ඉන්නවා කියලත් දන්නේ අද.. මට නං ඉතිං කොකටත් සාරි ගප්පි තමා.. හි හි....

    හැබෑට මුං මෙච්චර ජාති වෙනස් උනේ කොහොමද දන් නේ නෑ නේ.... ඒකම මාළුවා නේ.. වරල විතරයි වෙනස....

    ReplyDelete
    Replies
    1. ඔච්චර ගොඩක් හිටියට ඔයින් ටික දෙනයි ගොඩක් ප්‍රසිද්ධ. පාට වලින් ගත්තොත් නම් සෑහෙන්න ගප්පි වර්ග හොයා ගත්තෑකි. උදාහරණයකට ෆෑන් ටේල් ගප්පියෙක් ගත්තොත් උන්ගෙම විවිධ පාට තියෙන ගප්පි සෑහෙන්න හොයා ගත්තෙකි.

      Delete
  5. අදමයි දන්නේ මේ තරම් ගප්පි වර්ග ඉන්නවා කියලා.. මේවා දැක්කම ගප්පි ටිකක් හදන්න හිතුනා එත් මේ වගේ වර්ග ගන්න තැනක් නැහැනේ.. ගොඩක් තැන් වල ගප්පි අඩුයි..

    ReplyDelete
    Replies
    1. හැම වර්ගය නම් ගන්න විදිහක් නෑ. ඒ වගේම උන්ගේ වරල් හැඩය නමින් කියලා ගප්පි ගන්න ක්‍රමේකුත් නෑ.

      Delete
  6. අම්මෝ...... මෙච්චර ජාති ඉන්නවද??? අදමයි ඇහුවේ..... තැන්කූ සහෝ.... ඔයාගේ ඔය මාළු ගැන තියන දැනුම අපිටත් බෙදා දෙනවට...... :)

    ReplyDelete
    Replies
    1. එක ටේල් වර්ගයකයට අදාලව ගත්තහමත් ගොඩක් ගප්පි ජාති ඉන්නවා. මාත් ස්තුතියි කරන්න ඕනා ඔයාලා මම ලියන එවුවා කියෝලා කමෙන්ට් කරනවට

      Delete
  7. ඔය මාළුන්ගෙ ෆොටෝ දැක්කහම මතක් වුනේ. අපි පොඩි දවස්වල ගෙදර තිබ්බා ලස්සන මාළුන්ගෙ ෆොටෝ ගොඩාක් තියෙන ඝණකම් දර්ශනීය පිටකවරෙකින් හදල තිබුණු පොත් දෙකක්. අයියයි මමයි ඔය පොත් දෙක බෙදා ගන්න මරාගත්තෙ නැතුව විතරයි, දැන්නම් ඒව කොහෙද මන්දා.

    ReplyDelete
    Replies
    1. මාළුන්ගේ ෆොටෝ බලන්න තියෙනවනම් ආයේ වෙන මොනවත් ඕන යෑ... හික්ස් :)
      මට නම් හිතා ගත්තෑකි මේ දෙන්නා යුද්ධ කරපු හැටි !

      Delete
  8. හොඳයි..

    1.ඒත් බන් මම නම් මේ අඩවියෙන් බලාපොරොත්තු වෙන්නෙ මාළු හැදීමේ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දැනගැනීම..

    2.උදාහරණයකට කියනවා නම් අපි කොහොමද හොඳ ටැංකියක් ගන්නෙ.. ඒ කිව්වෙ ටැංකියක් ගනිද්දි සැළකිලිමත් වෙන්න ඕනෙ මොන වගේ කරුණුද? කඩකාරයො රවට්ටල දෙන්නෙ මොනවගේ එව්වද?

    ඒ වගේ හොඳ මාළු ගන්නේ කොහොමද ආදී මාළු ඇතිකිරීමේ රහස් තමා ඕනෙ..

    3.ඒ වගේම වෙළඳපොළේ මිල ගනනුත් කියනවා නම් හොඳයි..

    4.මේ ගප්පි ජාති මිශ්‍ර වෙනවද බන්.. එහෙම වෙලා වෙන ජාතියක පැටව් ලැබෙනවද?

    5. මුන්ට කඩ්ඩෙන් කියන්නෙත් ගප්පිද?

    6. මම නම් ආසා නැතිම මාළු ජාතියක් ඒත් ගුරුතුමා කියනවා නම් ගප්පින්ගෙන් පටන් ගන්නම්..

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේම දිග කමෙන්ටුවක්... :)

      1. ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දෙන්නම්. ඉස්සෙල්ලම හදන්න ඕන මාළු ජාති ටික ගැන ඉගෙන ගෙන ඉන්න එපැයි. උන්ගේ බෝවීම කොහොමද උන්ට හැදෙන ලෙඩ වර්ග මොනවද උන්ගේ හැසිරීම වගේ දේවල්. එහෙම නැතුව ට්‍රික්ස් කියලා දීලා වැඩක් නෑ.

      2. ඒ ගැන ඉදිරියේදි ලියන්නම්. ටැංකි ගැන නම් කලින් ලිපි වලත් ලිව්වා.

      හොඳ මාළු ගන්න කියලා විෂේෂ ක්‍රමවේදයක් නන් නෑ. මාළු ටැංකියක් ගාවට ගියහම අපේ දැනුම පාවිච්චි කරලා මාළු ටික සිලෙක්ට් කරගන්න තියෙන්නේ.

      3. හරි. ඉදිරියේදි මිල ගණනුත් එක්කම කියන්නම්. හැබැයි එක එක අයගේ මිල ගනන් ස්වල්ප වශයෙන් වෙනස් වෙනවා. :)

      4. හ්ම්.. ගප්පි ජාති මිශ්‍ර වෙනවා. ඇළක දොලක ඉන්න ගප්පියෙක් එක්ක සාරි ගප්පි ක්‍රොස් වෙන්න දුන්නම ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ලස්සන ගප්පි ජාති හදාගන්න පුලුවන්.

      මොකද සාමාන්‍ය පරිසරයේ ඉන්න ගප්පි ජාති ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ජාතියක් නිසා.

      5. ඔවු. කඩ්ඩෙන් කියන්නෙත් ගප්පි Guppy කියලාමයි.

      6. ගප්පින්ගෙන් මාළු හදන්න පටන් ගත්තම ආසාව වැඩි වෙනවා. ඒකයි මුන්ගෙන් පටන් ගත්තේ. ගප්පින්ට ආස නැත්තන් ප්ලේටි හෝ ස්වෝර්ඩ් ටේල් ජාතියකින් පටන් ගන්න.

      බිත්තර වලින් පැටවු ලැබෙන මාළු ජාති නම් ඉස්ස ඉස්සෙල්ලාම හදන්න පටන් ගන්න එපා.

      ඔන්න මගේ උත්තර ටික.
      තව ප්‍රශ්න තියේ නම් ඉදිරියේදි අහන්න.

      Delete
  9. ගප්පි හෙන සෙට් එකක් ඉන්නවා නේ. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්... ටේල් එකෙන් වර්ග කලහම මෙහෙම නම් පාටින් වර්ග කලොත් කොහොමද කියලා හිතාගත්තෑකි නේ. :)

      Delete
  10. මම දැනගෙන හිටියෙ සාරි ගප්පි විතරයි. හනේ මගෙ දැනුම!:D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කොටම පොදුවේ කියන නම තමා සාරි ගප්පි කියලා කියන්නේ :)
      ඩූඩ් අයියා එක අතකට හරි

      Delete
  11. ගප්පි........ ටැංකියේ සමබරතාව රුක ගන්න උදව්වෙන කිට්ටියක් කිව්වොත් නිවැරදි.
    අදයි මේ පැත්තේ ආවේ.බොහොම සංතෝෂයි !!!!!!!!

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න කියලා ආරාධනා කරනවා.
      ඒ වගේම ලිපිය කියවලා (හෝ බලලා) කමෙන්ට් කරලා මාව දිරිමත් කලාට ස්තුතියි. :)

      Delete
  12. අද ලිපියත් මරු. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.

    ReplyDelete
    Replies
    1. කියවලා කමෙන්ට් කරලා දිරිමත් කලාට ස්තුතියි.

      Delete
  13. එක එක වර්ගයෙ වගෙම එකම වර්ගයෙ සාරිගප්පි එක රෑනට පීනද්දි ගොඩක් ලස්සනයි.. පුංචිකාලෙ මමත් ආසම දෙයක්..
    මේ දැනුම අප අතර බෙදාගන්න මේ දරන උත්සහය සාර්ථක වන්නටසුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නන්ඳු මගේ ටැංකියට ඇවිත් කියවලා කමෙන්ට් කලාට. මේ දිරිමත් කිරීම ගොඩක් වටිනවා නන්ඳු.

      Delete
  14. අම්මේ මෙච්චර ගප්පි? ආඅඃ.. :)

    මට ප්‍රශ්නයක් තියනවා. මම දැකල තියනවා පොඩි මෝරෙක් වගේ මාලුවෙක්. හෙන ලස්සනයි ඌ. මෝරගේ මිනියෙචර් වර්ෂන් එකක්. ඒත් ඒ මාළුවා මොකාද කියලා මම දන්නේ නෑ. දන්නවානම් කියනවාද? මට මගේ දෙසැම්බර් ටැංකියට දාන්න. :)

    ReplyDelete
    Replies
    1. අපි නම් මෝරු වර්ග කරන්නේ නෑ ඇලෙක්සැන්ඩර්. මෝරු කිව්වම මිනිස්සු ටැංකි වල දාන්නත් බයයි. ඕකම තමයිපිරානලා ඇරොවානලා ෆයිටර්ලටත් වෙලා තියෙන්නේ. හොයාගෙනම ආපු එකෙක් මිසක්කා වෙන එවුන් ඒ මාළු දිහා බලන්නෙත් නෑ. ඒ නිසා වැඩිය දන්නේ නෑ. නමුත් නෙට් එකේදි මෙහෙම පින්තූර ටිකක් හම්බ උනා.

      මේ තියෙන්නේ මට එහෙම හම්බ වෙච්ච පින්තූර ටික.

      Delete
  15. හරි හරි, එතන ඉන්නවා. කොලොම්බියන් ෂාක් තමා මුගේ නම, හොඳයි ද මේ මාළුවා? ආක්‍රමණකාරී එකෙක්ද? අහිංසක මුණක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම පොඩ්ඩක් හොයලා කියන්නම් ඇලෙක්සැන්ඩර්. අපි මෝරු කරන්නේ නැති නිසා දන්නේ නෑ.

      Delete
  16. Niyamai bro gappi gana gdk dewl danagtta

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?