Nov 4, 2012

ගප්පි - Guppy

කලින් ලිපි වලදි ටැංකිය සකස් කර ගන්නා ආකාරය කියලා දුන්නා මතක ඇති නේ. ඔන්න අද තමයි හා හා පුරා කියලා ටැංකියට මාළු හඳුන්වලා දෙන්න යන්නේ. අද ඉදලා දිගටම මසුන් වර්ග ගැන කියලා දෙන්න තමයි මගේ අදහස.

හඳුන්වා දෙන පළවෙනිම මසුන් වර්ගය විදිහට මම තෝර ගත්තේ ගොඩක් අය හොඳින් අඳුනන ගප්පි කියන මාළු වර්ගයයි. ගප්පි වර්ග ඇති කිරීම ගොඩක්ම ලේසියි නිසාත් ඉක්මනින් බෝවීම නිසා මසුන් ඇති කිරීමේ ආසාවත් වැඩි කිරීමේ අරමුණින් තමයි මම ගප්පි වර්ග ගැන මුලින්ම කියලා දෙන්න පටන් ගන්නේ.

(පැහැදිලි කිරිමේ පහසුවට මසුන් සියළුම දෙනා බිත්තර මගින් බෝවන හා පැටවු මගින් බෝවන කියලා වර්ග දෙකකට වෙන් කරන්නම්.)

එහෙනම් ගප්පි ගැන ඉගෙන ගනිමු.


සාමාන්‍ය නාමය - ගප්පි (guppy)
විද්‍යාත්මක නාමය -  Poecilia reticulata
සාමාන්‍ය දිග - ගැහැනු සෙන්ටිමීටර් 4-6 සහ පිරිමි සෙන්ටිමිටර් 2.5-3.5
නිජබිම - දකුණු හා මධ්‍යම ඇමරිකාව
හිතකර උෂ්ණත්වය - සෙල්සියස් 28  (ෆැරන්හයිට් 79)


 ගප්පි කියන්නේ පැටවු මගින් බෝ වෙන මාළු විශේෂයක්. ගැහැනු ගප්පියෙකුගේ සාමාන්‍ය ගර්භනී කාළය දින 28ක් පමණ වෙනවා. වතුරේ උෂ්ණත්වය අනුව මේ දින ගණනේ සුළු වෙනස්කම් සිද්ධ වෙන්නත් පුලුවන්.  ඒ ඇරෙන්න දින 21 සිට 30 දක්වා විහිදිච්ච ගර්භනී කාළයක් තමයි ගප්පින්ට තියෙන්නේ.

එක් ගප්පියෙක් වරකට පැටවු 2- 50ක් පමණ  ප්‍රමාණයක් දැමීමෙ හැකියාවක් තියෙනවා. එක වරක් පැටවු දාපු ගප්පි ගෑනු සතෙක්ට පැය කිහිපයක් ඇතුලත නැවත වරක් ගර්භනී තත්වයට පත් වීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව තමන්ගේ සිරුර තුළ ශුක්‍රානු වසරක කාළයක් උනත් සුරක්ෂිතව තියාගැනිමේ හැකියවක් තියෙනවා.

මේ නිසා අවුරුද්දක් වෙනකන් කිසිම පිරිමි සතෙකුගේ අවශ්‍යතාවයක් නැතුව පැටවු දැමීමේ හැකියාවක් ගප්පින්ට තියෙනවා. කුඩා ගප්පි පැටවෙකු මාස තුන හතරකදි මේරූ ගප්පියෙකු බවට පත් වෙනවා. මෙවැනි බෝවීමේ හැකියාවක් තියෙන නිසා ගප්පි වර්ග ආක්‍රමනික මසුන් වර්ගයක් කියලත් හඳුන්වනවා.

මීට අමතරව ගප්පි කියන්නේ සර්ව භක්ෂක මාළු විශේෂයක්. පිරිමි සතුන් ගෑනු සතුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා බවක් පෙන්වන අතර පිරිමි සතුන් ගැහැනු සතුන්ට වඩා ලස්සන බවකින් යුක්තයි.ඒ වගේම ගප්පි කියන්නේ කලහාකාරි බවින් තොර මාළු ජාතියක්. ඒ වගේම විශාල විවිධත්වයකින් යුක්ත ගප්පි ප්‍රබේද ඉන්නවා.

ගප්පියෙක්ගේ සාමාන්‍ය ආයු කාළය අවුරුදු 1.5ත් 3ත් අතර අගයක් ගන්නවා. රැකබලා ගැනීම අනුව මේ කාළ සිමාව ස්වල්ප වශයෙන් අඩු හෝ වැඩි වෙන්න පුලුවන්.

 මේ ගති ලක්ෂණ සහ බෝවීමේ හැකියාව නිසයි අළුතෙන්ම මාළු ඇති කරන කෙනෙක්ට ගප්පි වර්ග නිර්දේශ කරන්නේ.

වරල් පිහිටීම අනුව ගප්පි වර්ග කිහිපයකට වෙන් කරන්න පුලුවන්. ඒ පිළිබඳව ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

ජය වේවා !

දැන්වීමයි - අද සිට සීග්‍ර ලිපි දැමිල්ල (දවසට දෙක බැගින්)  නවත්තනවා. මේ ලිපියට ඉක්මනට එන්න ඕන නිසයි මෙච්චර වේගයෙන් ආවේ. :)

38 comments:

  1. ආහ්... මෙනන් ඉන්නවා දන්න කියන කට්ටියක්... හි හි...

    ReplyDelete
    Replies
    1. ගප්පි ඉන්න වතුරේ නාන්න එහෙම යනවා නෙමෙයි...

      Delete
    2. @හිරු
      මේ අර කාෆ්ලා කාපු ජාතිය නේද හිරු ?

      Delete
    3. @නලින්
      මොකො අයියා එහෙම කියන්නේ.හික්ස් ;)

      Delete
    4. https://www.facebook.com/Waterland-Aquarium-381897018636885

      Delete
  2. වටිනා මේ වැඩේ . මාත් මාළුන්ට ආසා කරන කෙනෙක්


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

    ReplyDelete
    Replies
    1. එහෙනම් දිගටම එන්න අටම්පහුර අයියේ.

      Delete
    2. https://www.facebook.com/Waterland-Aquarium-381897018636885

      Delete
  3. ගප්පි රට යවන්න හදන මාළු වර්ගයක් නේද මලේ
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නේ නෑ අයියා. අපිට නම් සෑහෙන්න ලාබයි ගප්පි වෙලදාමෙන්. කොල්ලෝ එන්නෙම ගප්පි ගන්න.
      අපේ තියෙනවා ගප්පි ටැංකි දෙකක්ම. හදනවා විකුණනවා.
      ජෝඩුව රුපියල් 15යි. :)

      Delete
    2. රට යවනව තමා... හොඳ ඉල්ලුමක් තියෙනව... හැබැයි එකම සයිස් එකට කොලිටි මාලු වෙන්න ඕන... දන්න තරමින් දවස් 45 හේ උන්ව යවන්නෙ...

      Delete
    3. @සාතන්
      ඇත්තම කියන්න එපැයි. මම නම් ඔය රට යවන එක ගැන එච්චර දැනුවත් නෑ. ඒ ගනත් හොයලා බලන්නම්.
      නලින් අයියට පිලිතුරු සැපයුවාට ස්තුතියි.

      Delete
    4. ලංකවේන් වඩිපුරම අපනයනය කරන්නෙ ගප්පි කියලා අහල තියනවා...

      Delete
    5. මන්දා මීගොඩයෝ.. මම නම් ඔය ගැන දන්නේ නෑ.

      Delete
  4. මින් යාලු,

    ලංකාවේ සාමානය පරිසරයට (වෙල්, වගුරු, ඇළ. දොළ, ගංගා) මුදා හරින්න නුසුදුසු හානිකර/ආක්‍රමණික මසුන් වර්ග ගැනත් අපිව දැනුවත් කරන්න පුළුවන්ද?

    සමහර අය විසිතුරු මසුන් හදලා එපා වුණාම කාටවත් හදාගන්න දෙන්නත් නැත්තම් පරිසරයට මුදාහරිනවා. ඒවායේ දුර්විපාක ගැනත් ලියන්න.

    ජය !!

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් ලියන්නම්.
      දැනටමත් මිනිස්සු පිරානලා හදලා හදලා එපා උනාම ඇළ දොළට මුදා හරිනවා. උන් ඉන්න සේරම ජාති විනාශ කරලා දානවා.
      ඒ ගැන මන් ලිපියක් ලියන්නම්.

      Delete
    2. සාමාන්යෙන් ටෑන්ක් ක්ලීනර්, අප්‍රිකානු රටවලින් ගෙන්නපු වර්ග (සික්ලිඩේ පවුලෙ ජුවෙල්ස්ල වගේ), නයිෆ් ෆිෂ් (මන්නයා) වගේ උන්... වැඩිපුරම රිලීස් වෙන්නෙ ටෑන්ක් ක්ලීනර්ල මම හිතන්නෙ...

      මේ ගැන ලිපියක් දානව කිව්ව හින්ද ඔය විස්තර ඇති :)

      Delete
    3. @සාතන්
      විසිතුරුට පිලිතුරු සැපයුවාට ස්තුතියි. ඉදිරි දිනක ඒ ගනත් ලිපියක් දාන්නම්.

      Delete
  5. මාළු ගැන මට වැඩිය දැනුමක් නෑ, ඒ නිසා මේ ලිපි පෙළ දිගටම බලන්න ඕන.

    මම ඒත් කම්පනා කළේ ඔය ගප්පි ගෑනු සත්තුන්ගෙ ප්‍රජනන හැකියාවයි, ගර්භනී කාලයයි මිනිස් ගැහැණුන්ට තිබුණ නම් කොහොම වෙයිද කියල. :)

    ReplyDelete
    Replies
    1. මයේ ඇඟත් හීතල වෙලා ගියා ඔය කතාව අහලා. හික්ස් :)
      දිගටම එන්න. මාළු ගැන ඉගෙන ගන්න පුලුවං

      Delete
    2. හප්පේ.. වසල හමාරයි එහෙම වුනා නම්. :D

      Delete
  6. මමත් .. පොඩි කාලෙනම් ...මාළු ඇතිකළා ...දැන්නම් මතක නැහැ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් වෙලාවක් තියෙනවනම් ආයෙම පොඩිවට හරි මාළු ටැංකියක් පටං ගන්න.
      කමෙන්ට් කරලා දිරිමත් කලාට ස්තුතියි.

      Delete
  7. //පිරිමි සතුන් ගැහැනු සතුන්ට වඩා ලස්සන බවකින් යුක්තයි.//
    ඇත්ත නේන්නම්.. :D
    මං මේ කල්පනා කලේ මේ ෆොටෝ එකේ ඉන්න මාළුන් ගෙන් වැඩියම ලස්සන කවුද කියලා. බලාගෙන ගියාම ඔක්කොම ලස්සනයි. මේ ටික දැක්කට පස්සේ මං මාළු ඉන්න වීඩියෝ කෑල්ලකුත් බා ගත්තා. :)

    ReplyDelete
    Replies
    1. වීඩියෝවේ ලින්කුව එවන්න බැරි ද ? ඔක්කොම එක වගේ ලාසනයි තමා. පිරිමි සත්තු නේ....
      ඔය ගප්පි වර්ග මෙච්චරයි කියලා කියන්න අමාරුයි. ඒ තරමට නව ප්‍රබේද තියෙනවා

      Delete
  8. Replies
    1. හදනවනම් හදන්න ලේසිම මාළු ජාතිය නේ ගප්පි කියන්නේ.

      Delete
  9. ගප්පි කියන්නේ මම ආස මාළු වර්ගයක් .. ටයිග බාර්බ්ලා අනිත් මාළුත් එක්ක කවලමේ හදන්න අමාරුද..උන් කොටනවා නේද අනිත් උන්ට .

    (මම පොන්ඩ් එකක් ගැන කිව්වේ පහුගිය දවසක... ඒ පොන්ඩ් එක සිමෙන්ති වලින් හදපු අඩි හතරයි හතරේ විතර පුංචි එකක් ... මම ඉස්සර ඕකේ ඔස්කාෆ් හැදුවා.. දැන්නම් ඉන්නේ ෂෝර්ට් ටේල්ස් ලා විතරයි..)

    ReplyDelete
    Replies
    1. ගප්පියි ටයිගර් බාර්බ්ලයි එකට දාන්න එපා. ගප්පි ටික කාලා දායි.
      ඒ වගේම නියෝන් ටෙට්‍රලාත් එක්කත් ගප්පි දාන්න එපා
      ෂෝර්ට් ටේල් ලා නම් නියම ජාතිය. මාත් ආස කරා ජාතියක් උන්.

      Delete
  10. මාලු හදන්න පුරුදු වෙන්න හදන්න ලේසිම ජාතියක් නේද ගප්පි? අනික හදන්නත් ලේසියි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. ගප්පි කියන්නේ ලෙඩ අඩු මාළු ජාතියක්. අනික ඉක්මනින්ම බෝවෙනවා. ඒ නිස උන්ව හදන්න ආස හිතෙනවා.

      Delete
  11. ගප්පියෝ අපේ ගෙදරත් හිටියා ඉස්සර...දැන් නම් නෑ.....

    ReplyDelete
    Replies
    1. එතකොට දැන් ගෙදර ඉන්නේ මොන මාළුන්ද ?

      Delete
  12. ගප්පි ගැන දැනගත්තේ අද. සාරි ගප්පි ඇලෙන් අල්ලන එනවා මිස ඕවා හොයන එකක් කියල යෑ. :)

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම නේ. විකුණනවා මිසක්කා ඕවා හොය හොයා ඉන්නෙත් නෑ. මාළු ගන්න එන එවුන් ඕවා අහන්නෙත් නෑ.:)
      මේ සේරම දේවල් කරන්නේ තවත් හොදින් මාළු ගැන ඉගෙන ගන්නයි.

      Delete
  13. ape gedara midule punchi pond 1k thiyenawa. eke malu endiya, gappi pleti swort tail wage podi ewn. passe pokunata gembek puruduwela biththara danna . eka nisa malu tika maruna . mekata visandumak thiyenawada. malu hadanna asai

    ReplyDelete
  14. මාත් ඇති කරනවා...

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?