Dec 1, 2012

ස්වෝර්ඩ් ටේල් 1 - Sword tail

මේ ටිකේ දිගින් දිගටම ලයිව්බෙයාරර්ස්ලා (Livebearers) ගැන එහෙමත් නැත්නම් පැටව් මගින් බෝවෙන මසුන් ගැනම කිව්වා මතක ඇති නේ. අද කියන්න යන්නෙත් ලයිව්බෙයාරර්ස්ලාට අයත් වෙන මසුන් වර්ගයක් ගැන. ඒ තමයි ස්වෝර්ඩ් ටේල් මාළු (Sword Tail) !

අපේ ගම්වල අය මුන්ට ශෝර්ට් ටේල් (Short tail) කියලා කිව්වට හරිම නම තමයි ස්වෝර්ඩ් ටේල් කියන්නේ. මුන්ට මේ නම ලැබිලා තියෙන්නේ මුන්ගේ පිරිමි සත්තුන්ගේ වල්ගය ස්වෝර්ඩ් (Sword) එකක් එහෙමත් නැත්නම් කඩුවක ආකාර ගන්න නිසා.

එහෙනම් මුන් ගැන දැන කියා ගම්මු.



සාමාන්‍ය නාමය - ස්වෝර්ඩ් ටේල්
විද්‍යාත්මක නාමය -  Xiphophorus helleri
සාමාන්‍ය දිග - ගැහැනු මසුන් අඟල් 4ක  දිගින් යුක්ත වන අතර පිරිමි මසුන් අඟල් 6ක (වල්ගයද ඇතුළුව) දිගින් යුක්ත වේ.
නිජබිම -  දකුණු මෙක්සිකෝව / මධ්‍යම ඇමරිකාව
හිතකර උෂ්ණත්වය - සෙල්සියස් අංශක 24 හෝ ෆැරන්හයිට් අංශක 75 වේ.


ස්වෝර්ඩ්ටේල් යනු සර්වභක්ෂක හා ඉතාමත් සාමකාමි මත්ස්‍යය විශේෂයකි.මෙම මසුන් සර්වභක්ෂක නිසාම ජලජ ශාක වර්ග, නිවිති පත්‍ර වගේ ශාක ද්‍රව්‍යය වලට අමතරව මදුරු කීටයන් හා මදුරුවන් වැනි කුඩා සතුන්ද ආහාරයට ගනී.  ඒ වගේම මාළු ටැංකියට විවිධත්වයක් එක්ක කළ හැකි මාළු විශේෂ‍යකි.

 ගැහැනු මසුන් හා පිරිමි මසුන් වෙන් කර හදුනා ගත හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ පිරිමි මසුන්ගේ වල්ගා වරලේ පහල කොටස කඩුවක ආකාරයෙන් දික්වී තිබීමයි. මෙම වල්ගා පිහිටීම ගැහැනු මසුන්ගේ දක්නට නොලැබේ. තවද ගැහැනු මසුන් රවුම් ස්වභාවයක් ගන්නා අතර පිරිමි මසුන් පැතලි හැඩයක් ගනී.

ස්වෝර්ඩ්ටේල් මසුන් ඉතාමත් ක්‍රියාකාරිව පිහිනීමේ යෙදෙන නිසා මෙම මසුන් ඇති කරන ටැංකියේ අවම ධාරිතාවය ගැලුම් 10ක්වත් විය යුතු ය.

මෙම ගැහැනු ස්වෝර්ඩ්ටේල් මත්සයෙකුගේ සාමාන්‍ය ගර්භණී කාළය දින 28ක් (විවිධ භෞතික තත්ව හේතුකොටගෙන මෙම කාළය දින 12 සිට 30 දක්වා වූ විචලනයක් දක්නට ලැබේ.) පමණ වන අතර ප්‍රජනන කාර්යය සඳහා ස්වෝර්ඩ්ටේල් ගැහැනු මසුන් තිදෙනෙකුට එක් පිරිමි සතෙක් සෑහේ.එසේම ගැහැනු ස්වෝර්ඩ්ටේල් මත්සයෙකුට වරකට පැටවුන් 1 සිට 30ක් අතර අගයකට උපත ලබා දිය හැකිය.

අළුත උපන් පැටවුන්ව මව් මත්සයා විසින් ආහාරයට ගන්නා නිසා පැටවුන් උපන් විගස මවු මත්සයාව වෙනත් ටැංකියකට මාරු කළ යුතු වෙනවා.

ස්වෝර්ඩ්ටේල් මත්සයෙකුගේ සාමාන්‍ය ආයු කාළය වසර 1 සිට 3 දක්වා වන අතර රැකබලා ගැනීම හා හොඳ පෝෂණ තත්ත්ව යටතේදි වසර 3 සිට 5 දක්වා ජීවත් වීමේ හැකියාවද ස්වෝර්ඩ්ටේල් මසුන් සතුව තිබෙනවා.

 අළුත උපන් ස්වෝර්ඩ්ටේල් මත්සයෙකු සති 12ක් පමණ වන විට මේරු ස්වෝර්ඩ්ටේල් මත්සයෙකු බවට පත්වේ. මෙම කාළ සීමාවද භෞතික තත්ව අනුව ස්වල්ප වශයෙන් අඩු හෝ වැඩි විය හැකිය.

ඊලඟ ලිපියෙන් විවිධ ස්වෝර්ඩ්ටේල් මත්ස්‍ය ප්‍රභේද ගැන සලකා බලමු.
එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !

40 comments:

  1. Replies
    1. ස්තුතියි...
      ඔන්න මාත් ඒ පැත්තේ ගිහින් ආවා. දිගටම එන්නම්. සංජය සිතුවිලි වලට තමා ආවේ.

      Delete
  2. මේ දේවාල් නම් කවදාවත් අහලා නැ.එකයි විශේෂත්වය.

    ReplyDelete
    Replies
    1. මේ සමහර දේවල් මටත් අළුත් දේවල්. මාත් ඉගෙන ගන්න ගමන් ඔයාලටත් යමක් කියලා දෙන එක තමා මගේ අරමුණ !

      Delete
  3. හම්ම්... මෙයාලව මං දැකලා නෑද කොහෙද...

    අපේ මහත්තයා කියනවා එයා මාළු කෑලි ගැන නම් දන්නවාලු... ඊට අමතරව නම් දන්නේ මාළු කන්න විතරලු...

    ReplyDelete
    Replies
    1. හිහ්..හිහ්..හිහ්.. :)
      එතකොට ඔයාලෑ මහත්තයත් බැඳලා ඉන්නේ මාළු කෑල්ලක්ද දන්නෑ.. (විහිළු හොඳේ. තරහා ගන්න ඔට්ටු නෑ.)

      Delete
    2. ඔයා කිව්වට තරහා වෙන්නේ නෑ.. හැබැයි එයා කිව්වොත් නම් ඉතිං ... දවස් දෙකක් විතර බඩගින්නේ ඉන්න වෙනවා... හි හි...

      Delete
    3. මගේ කෑල්ල නම් මොන එක්ක තරහා උනත් කෑම එක්ක නම් තරහා වෙලා ඉන් නෑ. සුදු අපි කන්න යන් කිව්වම අනිවාර්යෙන්ම කන්න එනවා. :)

      Delete
  4. මං ශිෂ්‍යත්වෙ කාලෙ මුං ඇති කරා. ඒ කාලෙ එකෙක් රුපියල් 15/-
    බුදු අම්මෝ එක පාරකට පැටව් 50ක් 60ක් දානව......
    මේච්චර විස්තර දැන ගත්තෙ දැං. ස්තූතියි :-)

    ReplyDelete
    Replies
    1. මාළු හදන්න ආස හිතෙන්නේ මේ වගේ ජාති හදනකොට. ඒ නිසයි මමත් මුලින් මුලින් මුන් ගැන කියලා පටන් ගන්නේ.පුදුම බෝවීමක් මුන්ගේ තියෙන්නේ. ඒ වගේම අමුතු ලස්සනක් තියෙනවා.

      ස්තුතියි මේ පැත්තේ ඇවිදින් කියවල කමෙන්ට් කලාට !!

      Delete
  5. අද දාලා තියෙන්නෙ මම ඇති කරන මාලු වර්ගයක් ගැනනේ...

    ReplyDelete
    Replies
    1. මුන්ගෙත් මාර වර්ග ගොඩක් ඉන්නවා චමියෝ. ඒ පෝස්ට් එක ඊලඟට දාන්නම්. බොහෝ වෙලාවට ඉරිදට තමා ඒ පෝස්ට් එක එන්නේ !

      Delete
  6. මෙයාලව නම් මම දැකල තියෙනෝ....ඉස්සර අපේ ගෙදරත් හිටියා :)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මේ ජාතිය තමා මාත් ආසම මාළු ජාතිය !

      Delete
  7. //ප්‍රජනන කාර්යය සඳහා ස්වෝර්ඩ්ටේල් ගැහැනු මසුන් තිදෙනෙකුට එක් පිරිමි සතෙක් සෑහේ.//

    මුස්ලිම් මාළුවෙක්

    ReplyDelete
    Replies
    1. හප්පුච්චියේ ... අටම් අයියා හරි ඉක්මනට නිගමනවලට එළඹෙනවනේ.

      Delete
    2. @අටම්පහුර
      මාර නිගමනයක් නේ ඒක.
      අටම් අයියගේ බ්ලොග් එකට කමෙන්ට් දාන්න බැරි අවුලක් එනවා. කමෙන්ට් දාන්න නම් ඉන්වයිටඩ් විසිටර් කෙනෙක් වෙන්න ඕන ලූ. ඒ මොකෝ ???

      Delete
    3. @DDT
      ඒක නේන්නම්. පුදුම නිගමන

      Delete
    4. ආ මාළුන්ට එහෙම නැද්ද

      Delete
  8. අපේ රටේ ඇති කරන මේ ගොඩක් සුරතල් මාළු වර්ග දකුණු ඇමරිකානු අප්‍රිකානු වැසි වනාන්තර නිජබිම කරගත්තු එවුන් වගේ. හැබෑට අපේ රට නිජබිම කරගත්තු මාළුවර්ගත් එහෙම ලෝකෙ වෙනත් රටවල අයත් සුරතලයට ඇතිකරනවද?

    // තවද ගැහැනු මසුන් රවුම් ස්වභාවයක් ගන්නා අතර පිරිමි මසුන් පැතලි හැඩයක් ගනී. //

    මාළුන්ගෙ මොකද, මිනිස්සුන්ගෙත් එහෙමනේ. :)

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඉන්න මාළු වර්ග පිටරට යවන කේස් එක නම් දන්නේ නෑ. නමුත් බුලත් හපයා ගිනිමහ කියන ජාති නම් යාන්තමට මතකයි අපේ රටේ උන් කියලා. ඒත් ෂුවර් නෑ. පොඩ්ඩක් බලන්නම්.

      ගෑනු සත්තු රවුන් වෙන්නේ පිරිමි සත්තුන්ගේ විටමින් එක ඉන්ජෙක්ෂන් කරන නිසා නේ. :)

      Delete
    2. මටත් එක පාරට හිතට ආවේ අර රවුම් කතාව තමයි.. :)

      Delete
    3. @Chandana
      බලාගෙන ගියහම ගොඩ දෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වෙලා නෙව. :)

      Delete
  9. මේ මාළුවා දැක්කම මට මතක් උනේ කැරට් අලයක්.. :) එතකොට මින් මාළුවාගේ ගැහැණු සතා මොකාද...? මැහැලිය ද? :):):)
    _________________________
    එල එල. සිරා විස්තරයක් මචං..!

    ReplyDelete
    Replies
    1. මාලි ද දන් නෑ.
      මාත් හොයලා බලන්නම්. :)

      හැමදාම වගේ කියවලා කමෙන්ට් කරලා ලබා දෙන සහයෝගයට ස්තුතියි.

      Delete
  10. නොදත් තොරතුරු බොහොමයක්ම තියනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. නොදත් දේවල් කියවලා ඉගෙන ගත්ත එකට සතුටුයි.

      Delete
  11. ෂෝයි අනේ ........මාත් ආසයි මාළු ඇතිකරන්න ..ම්ම් ..මේ මාළුවාවනම් මම් දැකලා නැති හැඩයි :)

    ReplyDelete
    Replies
    1. මේ මාළු වර්ග තමයි හදන්න ලේසිම මාළු වර්ග වලින් එකක්. මුලින්ම හදනවා නම් මේ ජාතියෙන් පටන් ගන්න.

      Delete
  12. මමත් හෙන ආසා මාළු වර්ගයක්... කිසි කරදරයක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔවු. මේ වගේ වර්ග නිසා තමා මාළු හදන්න ආසාවක් ඇති වෙන්නේ.

      Delete
  13. මගෙයි මාළුන්ගෙයි ගනුදෙනු නැතෝ.. පළමු වරට ඔයත් එක්ක..

    ReplyDelete
    Replies
    1. අප්පා... අර මොකෑ අර. !
      මාළු ටිකක් හදමු. ඒක මරු විනෝදාංශය නෙ :)

      Delete
  14. ඉස්සර මමත් කිව්වේ ෂෝර්ට් ටේල් කියලා . (ඇයි බ්ලැක් මොරිස්, කාෆ් !!!) . ඉස්සර නාරාහේන්පිට පොලෙන් මුලින්ම ගත්තේ මුන් තමයි ...ඔන්න ආයිත් කිව්වා , මින් මේ කරන වැඩේ නම් මරු

    ReplyDelete
    Replies
    1. මම ඊලඟට ලියන්න ඉන්නෙත් මෝලිස් වර්ග (මොරිස් නෙමෙ) ගැන.

      Delete
  15. ඉස්සෙලා එකේ ප්‍රශ්නෙට උත්තරේ මේකෙන් දීලනේ ...
    මින් , ඔබට වැදගත් ලින්ක් එකක් හමුවනා .. ඊ මේල් ලිපිනය එවන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න මම මේල් ලිපිනය එවුවා

      Delete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?