Nov 22, 2012

ප්ලේටි 4 - Platy- ප්ලේටි දෙමුහුන් කිරීම

ප්ලේටි ගැන ලියවෙන හතරවන ලිපියයි මේ. අද කියන්න යන්නේ ප්ලේටි ප්‍රභේද තවත් මාළු විශේෂත් එක්ක දෙමුහුන් කිරීම ගැන. ගප්පි ගැන කතා කරනකොට දෙමුහුන් කිරීමක් ගැන කතා නොකලේ ගප්පින්ව සාමාන්‍යයෙන් දෙමුහුන් කරන්න ගන්නේ නැති නිසා.

ගප්පින්ව දෙමුහුන් කරන්න බෑ නෙමෙයි දෙමුහුන් කිරීම අඩුවෙන් සිද්ධ කරන්නේ. ගප්පින්වයි මෝලි වර්ගයි දෙමුහුන් කරන්න පුලුවන්. ඒත් දෙමුහුන් කරනවාට වඩා විවිධ ගප්පින්වම නිශ්පාදන කිරීමයි සිද්ධ කරන්නේ.


පහත දැක්වෙන්නේ විවිධ මාළු වර්ග හා උන්ගේ විද්‍යාත්මක නාමයන්.

 ගප්පි - Poecilia reticulata
මෝලී -  Poecilia sphenops

ප්ලේටි - Xiphophorus maculatus
ස්වෝර්ඩ් ටේල් -  Xiphophorus helleri





ඉහත දැක්වෙන විද්‍යාත්මක නාම වල මුල් කොටසෙන් කියවෙන්නේ ගණ නාමය. දෙවෙනි කොටසෙන් කියවෙන්නේ විශේෂයේ නාමය.

නීතිය :
දෙමුහුන්කරණයෙන් නව ප්‍රභේදයක් ඇති කිරීම සඳහා අදාල ප්‍රභේද දෙකේ ගණය සමාන විය යුතු ය.

ඒ අනුව බලනකොට,

ගප්පින්වයි මෝලී වර්ගයි දෙමුහුන්කරණය කරලා නව ජීවි ප්‍රභේදයක් ඇති කරන්න පුලුවන්. ඒ නිසා ගප්පින්ව දෙමුහුන්කරණය කරන්න බෑ කියන කතාව වැරදියි !
නමුත් ගප්පින්ව දෙමුහුන්කරණයෙන් ලැබෙන දරු පරම්පරාව  අසාමාන්‍ය හැඩයක් ගන්නවා. තව එකක් තමා සාමාන්‍යයෙන් ලැබෙන දරු පරම්පරාව වඳ පරම්පරාවක් ! ඒ කියන්නේ ගප්පි මුහුන්කරණයෙන් ලැබෙන්නේ සාර්ථක දරු පරම්පරාවක් නෙමෙයි.

ප්ලේටින්වයි ස්වෝර්ඩ් ටේල් වර්ගයි දෙමුහුන් කරලා නව මාළු ප්‍රභේද නිෂ්පාදනය කරන්න පුලුවන්. දෙමුහුන්කරණයෙන් ලැබෙන නව ප්‍රභේදය සාමාන්‍ය ප්ලේටින්ට වඩා ප්‍රමාණයෙන් විශාලයි.එම ප්‍රජාව වර්ගයා බෝ කල හැකි (වඳ නොවන) ප්‍රජාවක්.

ප්ලේටින්වයි ස්වෝර්ඩ් ටේල් මාළුන්වයි මෙහෙම දෙමුහුන්කරණය කරන්න පුලුවන් වෙන්නේ උන්ගේ ගණ නාමය (විද්‍යාත්මක නාමයේ මුල් කොටස) සමාන නිසයි.

එකම ගණය නිසා එක් ප්ලේටි ප්‍රභේදයක් හා තවත් ප්ලේටි ප්‍රභේදයක් අතරත් මුහුන්කරණය කරන්න පුලුවන්.

නමුත් මෙහෙම සදහන් කලත් දෙමුහුන්කරණය ලේසි කර්තව්‍යයක් නෙමෙයි.මොකද මුන්ගේ දේහ වර්ණ තීරණය කරන ජාන මිශ්‍ර වීම අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම දිගින් දිගටම ලැබෙන දරු පරම්පරා නැවත නැවත අභිජනනය කලොත් ආයෙම මුල් වර්ගයම ලැබෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි.

ඒ වගේම තමයි දෙමුහුන්කරණය කිරීම සඳහා නිරෝගී මවිපිය මත්ස්‍යයින් තෝරගත යුතු වෙනවා.  තෝරගත් මත්ස්‍යයින් වෙනම ටැංකියක පෝෂ්‍යදායි ආහාර පාන විටමින් වර්ග දී රැකබලා ගැනීමත් සිදු කළ යුතු වෙනවා.

 මෙම ප්ලේටි දෙමුහුන්කරණයෙන් නව ප්‍රභේද නිෂ්පාදනක කළ කෙනෙක් තමයි පිලියන්දල චින්තක දසනායක කියන්නේ. ඔහු සිදු කරලා තියෙන්නේ විවිධ ප්ලේටි ප්‍රභේද දෙමුහුන්කරණය කිරීමෙන් නව ප්‍රභේද ඇති කිරීමයි.

ඔහුගේ පර්යේෂණයක ප්‍රථිඵලයක් තමයි චින්තක වේරියාටස් කියලා නම් කරලා තියෙන්නේ.

චින්තක දසනායකගේ මෙම සොයාගැනීම පිළිබඳ  සිළුමිණ ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න.

මුළු අන්තර්ජාලය පීරලා බැළුවත් ඔහුගේ මෙම සොයාගැනීම ගැන කියවන්න නම් ලැබෙන්නේ නෑ. අඩුම තරමේ ඔහුගේ මෙම මත්ස්‍ය වර්ගය ගැන පින්තූරයක්වත් හොයාගන්න ලැබෙන්නේ නෑ. අපේ කට්ටියගේ නව නිශ්පාදන ගැන මීට වඩා ඇගයීමක් කෙරෙනවා නම් මොවුන් මීට වඩා දිරිමත්ව නව නිෂ්පාදන බිහිකරාවි කියලයි මින් විසිතුරුට අවසාන වශයෙන් හිතුනේ.

 එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !!

26 comments:

  1. ඒ කියන්නෙ මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ වගේ, කමක් නෑ ඉතිං මගේ නමින් මාළු නම් කරන්නයැ, උන් කොහොමත් මදුරු නාශකයොනේ ... හෙහ් හෙහ් හෙහ් ....

    // ප්ලේටින්වයි ස්වෝර්ඩ් ටේල් මාළුන්වයි මෙහෙම දෙමුහුන්කරණය කරන්න පුලුවන් වෙන්නේ උන්ගේ ගණ නාමය (විද්‍යාත්මක නාමයේ මුල් කොටස) සමාන නිසයි. //

    මේක කිව්වම මට මතක් වෙන්නෙ අර ඇපල් ගෙඩියෙ සීන් එක. ඇපල ඔළුව උඩට නැටුන නිසා ගුරුත්වාකර්ෂණය කියල එකක් තියෙනව කියල පහළ පන්තිවලදි ටීචර්ල උගන්වනව, ඒත් ඇත්ත කතාව ගුරුත්වාකර්ෂණය කියල දෙයක් තියෙන නිසා ඇපල් බිමට වැටෙනව.

    ඉතිං මෙතනදිත් මගේ හිතේ වෙන්න ඇත්තෙ උන් දෙමුහුන් වෙන නිසා උන්ගේ ගණ නාමය සමානව යොදනව ඇති. දෙකම එකම වගේ පෙනුනට ඇත්තටම එහෙම නෑනේ. :)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න සහෝදරයා. මට ප්‍රශ්නය කියන්න පුලුවන්ද ? එතකොට මම උත්තරයක් දෙන්නම්.

      දෙවෙනි කාරණය තමා අළුත් මාළු වර්ගයක් මුලින්ම හොයා ගත්තා කියමු. එතකොට උගේ ගති ලක්ෂණ ටික විශ්ලේෂණය කරලා බලනවා මීට කලින් හොයාගත්තු විශේෂයක ගති ලක්ෂණ වලට සමානද කියලා.

      ඊට පස්සේ තමා උන් දෙවර්ගයට එකම ගණය ලැබෙන්නේ.

      නමුත් දැන් අපට මාළු වර්ගයක් ගත්තහම ගණය හොයලා සමානයි නම් දෙමුහුම්කරණය කරන්න පුලුවන්.

      මට අර ප්‍රශ්නය කියන්න පුලුවන් ද.

      Delete
    2. ඒක එච්චර ලොකුවට හිතන්න එපා යාළුවා, මම නිකම් කිව්වෙ. ප්‍රශ්නෙ කිව්වෙ කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එකේ අහපු එක.

      ෴ දැන් ඔය අළුත් මාළු ප්‍රභේදයක් හොයා ගත්තහම ඒක තමන්ගෙ නමින් නම් කරන් නිකම් හිටියට හරියන්නෙ නෑනෙ. ඒකට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමෙ ක්‍රියාවලිය මොන වගේද කියල දන්නවද? ඒ සඳහා ක්‍රියාකරන ආයතන මොනවද? (ලංකාව තුළත්, ජාත්‍යන්තරවත්) ෴

      Delete
    3. ඔය ප්‍රශ්නෙට විසදුමක් හොයාගෙන යන ගමන් ඉන්නේ. ලිපියෙනුත් බාගයක් ලියලා තියෙන්නේ. ඕන් නම් නව මත්ස්‍යය නිෂ්පාදනයකට පේටන්ට් ගන්න විදිහ විතරක් කියලා දෙන්න පුලුවන්. ඒත් ලිපිය සම්පූර්ණ වෙනකන් ඉන්නේ.

      කෙටියෙන්ම කිව්වොත් මයේ කෑල්ලගේ යාළුවෙක් කැම්පස් එකක මාළු ගැන කෝස් එකක් කරනවා. ඒකිගෙන් විස්තර ඉල්ලලා දෙන්න කියලා මං කෑල්ලට කිව්වා. තාම විස්තර ටික ලැබුං නෑ.

      හම්බවෙච්ච ගමන් පෝස්ට් කරනවා.

      (අපේ උන්දෑට කෑල්ල කියලා කිව්වා කියලා හවස වැඩ ඇරිලා එනකොට මාව කයිද මන්දා.)

      Delete
  2. Replies
    1. නොදන්න දෙයක් ඉගෙන ගත්ත එකත් සතුටක්. ස්තුතියි අයියේ හැමදාම කියවලා කමෙන්ට් එකක් එකතු කලාට.

      Delete
  3. නියමයි මචං උබ පිළිවෙලට ලස්සනට ලිපි ටික ලියාගෙන යනවා... මේක දකිනකොට මාළු ඇති කරන්න තවත් ආස හිතෙනවා ..

    ජය ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අර හදපු පොන්ඩ් එකෙන් පටන් ගන්න.
      ප්‍රශ්නයක් මතු උනොත් නොවැරදීම අහන්න.

      Delete
    2. ප්‍රස්නයක්නම් තියෙනවා දැන් දවස් දෙක තුනක ඉදලා මාළු එකා දෙන්නා මැරෙනවා ස්වොර්ඩ් ටේල්ස් & මොලී , මගේ ටැංකියේ පාසි ගස්නම් එකක්වත් නැහැ..ඒ වගේම වහින දවස්වලට වැහි වතුර වැටෙනවා ...වැහි වතුරට එහෙම වෙනවාද...

      Delete
    3. මාළු මැරෙන්න නම් හේතු ගොඩක් බලපානවා. එකක් කියලා කියන්න නම් බෑ.

      වැහි වතුරේ ආම්ලික ගතියත් සමහර වෙලවට බලපාන අවස්ථා තියෙනවා. ඒත් ස්වෝර්ඩ් ටේල් මෝලි වර්ග වලට නම් එහෙම වැහි වතුර ලොකු අප්සට් එකක් නෑ.

      මැරිච්ච මාළුවෙක් අතට අරගෙන පරික්ෂා කරලා බලන්න උන්ගේ ශරීරයේ රෝග ලක්ෂණයක් පේනවද කියලා.ඒ වගේම මාළුන්ගේ හැසිරීමත් චුට්ටක් බලන්න. උන්ගේ අසාමාන්‍ය හැසිරීමක් තියෙනවද කියලත් බලන්න.

      Delete
  4. වෙනද වගේම නියම ලිපියක් මචං..! එල!!

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ කියවලා කමෙන්ට් කරනවට උබලට පින් මචං. උබලෑ තල්ලුවෙන් තමා මේක ඉදිරියට ඇදං යන්නේ.

      Delete
  5. අපිට කොරාන්ඩ බැරි වැඩක් වගේ..

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ බං. මේවා තියරි ! ප්‍රායෝගිකව කරන්න මෙච්චර මැරෙන්න ඕන නෑ.

      කෙටියෙන්ම කිව්වොත් නීරෝගී මාළු වර්ග දෙකක් තෝරගන්න. උන් දෙන්නව තරමක පොඩි ටැංකියකට දාන්න. හොඳට කෑම දෙන්න. ටික කාලයකට පස්සේ උන් පැටවු දායි. :)

      මොකද ඉතින් අපි මැද්දට පැනලා 'කරනවා' කියලා ඈ. උන් නේ 'කරන්නේ'.

      Delete
  6. අපි ඉතින් මාලු බලලා රසවිඳින්න විතරයි දන්නේ

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. මාළු බලලා රසවිඳින ගමන් දැනුමටත් යමක් එකතු කරගමු.

      Delete
  7. ඇත්තමයි මම කවදාවත් මාළු හදලා නෑ... ඒත් හදන්න ආසයි... ටිකක් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනෙ නේද...

    ReplyDelete
    Replies
    1. ඔවු ටිකක් කැපවෙන්න වෙනවා. ආසාව ඇති කර ගන්න ඕන මුලින්ම. ඊට පස්සේ නිකන්ම ඒ වෙනුවෙන් කාලය වෙන් වෙනවා. එතකොට ඔය කැපකිරීම ඉබේටම වගේ එකතු වෙනවා. :)

      දිගටම මේ පැත්තේ එන්න. ඒක මට සතුටක් :)

      Delete
  8. දෙැන් කාලෙ ඕනම දේකට කරැණු කාරණා දැන් ගන්න අවශ්‍ය වුනාම මම කෙලින්ම කරනනේ බ්ලොගියක් හොයාගන්න එක. ගොඩාක් වැදගත් කරැණු ටිකක්. මේ සම්බන්ධව මං හිතන්නේ මේ විදිහට ලියැුවණු අඩවි අඩු ඇති...
    ඔබට
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. මාත් මීට ටික කාළයකට උඩදි මාළු ගැන ලියවෙච්ච ලිපි කියවන්න හෙව්වා. ඒත් හම්බ උනේ නෑ. ඒ නිසයි මම මේ අඩුව පුරවන්න තීරණය කලේ.

      දිගටම එන්න.

      Delete
  9. මටත් පොඩිකාලෙ තිබුන මාලු උණක්. දැං නං එච්චරම ආසාවක් නෑ. කොහොම උනත් මේවගේ විශයයන් ගැන සිංහලෙන් ලිවිල්ල නං නියමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ මාළු හදපු නැති කොල්ලෙකුන්ව හොයා ගන්න හරිම අමාරුයි. ඒ තරමටම අපි මේ විනෝදාංශය කරනවා.

      ස්තුතියි මේ පැත්තේ ඇවිදින් අදහස් දැක්වුවාට. දිගටම එන්න.

      Delete
  10. ඔහෝ.. මේක දැනුම එක්ක අත්දැකීම් තියන කෙනෙක්ටනම් ලේසි දෙයක් වෙන්න ඇති. ඒත් එකපාර මාළු ඇතිකරන කෙනෙක්ට අමාරු දෙයක්. කාලෙකට කලින් අපේ ගෙවල් කිට්ටුව පොලිසියේ ඉඳල පැන්ෂන් ගිය අන්කල් කෙනෙක් මාළු හැදුවා.

    ReplyDelete
    Replies
    1. ඔවු. එකපාර නම් කරන්න අමාරුයි. ටික කාලයක් මාළු හදපු කෙනෙක් ඉන්න ඕන. අපිත් මාළු දෙමුහුන් කරලා අභිජනනය කරන්නේ නෑ. ගෙනාව විකුණුවා.

      Delete
  11. Mage tankiye plati dawasata ekkena gane marenawane.ai a??

    ReplyDelete
  12. මේ ඔයා කරන්නේ නම් ලොකු දෙයක්. .. සහෝ. .!!
    ගොඩක් අය දන්න දේ හරියට කියලා දෙන්නෙ නෑ..
    ඒ අතින් ඔයා.......!!
    එල කිරි සුපිරි කිරි..

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?