Nov 17, 2012

ප්ලේටි 3 - Platy - (ප්ලේටි වර්ග 2)

 කලින් ලිපියේ ප්ලේටි භ්‍රබේද ගැන කිව්වා මතක ඇති නේ. පෝස්ට් එක ලෝඩ් වෙන එකට අවුලක් වෙයි කියලා හිතලා මම පෝස්ට් එක දෙකට කැඩුවා. මේ තියෙන්නේ දෙවෙනි පෝස්ට් එක.පළවෙනි පෝස්ට් එක බලන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා ගිහින් බලන්න.

අද එතැන් සිට.......



9. ටොප්සේල් ප්ලේටි (Topsail Platy)
මෙම ප්‍රභේදයේ විශේෂත්වය  වන්නේ වඩාත් උස්වූ පෘශ්ඨිය වරලක් පිහිටීමයි.එම වරල නැවක රුවලක් හා සමාන වන නිසයි මොවුන්ට මේ නම ලැබී තියෙන්නේ. ඊට අමතරව ශරීර පැහැය කස රතු හා තැඹිලි පැහැයක් ගනී.

10. ඇසෝර්ටඩ් මිකී මවුස් ප්ලේටි (Assorted Mickey Mouse Platy)
මෙම ප්‍රභේදයේ ඇති විශේෂත්වය වන්නේ වල්ගා වරලට ආසන්නයේ ඇති කළු පැහැති ලපය වේ. මෙම පලය මිකී මවුස්ගේ පාට හා සැසදීමෙනුයි මේ නම ලැබී තියෙන්නේ. මීට අමතරව ශරීර වර්ණයන් කහ, තැබිලි රතු හා නිල් පැහැයන් ගනී.

11.  හයි ෆින් ප්ලේටි (High Fin Platy)
මෙම ප්‍රභේදයට මේ නම ලැබී තියෙන්නේ පෘශ්ඨිය වරල ඉතාමත් විශාලව පිහිටා ඇති නිසයි. විවිධ ශරීර පැහැයන් ඇති හයි ෆින් ප්ලේටින් සිටින නිසා මුන්ව හඳුනා ගැනීමට ඇති එකම කාරණය මුන්ගේ පෘශ්ඨිය වරලේ විශාලත්වය වෙනවා.

12. බ්ලූ මිකී මවුස් ප්ලේටි (Blue Mickey Mouse Platy)
ඇසෝර්ටඩ් මිකී මවුස්ගේම ප්‍රභේදයක් වන අතරමුන්ගේ ඇති විශේෂත්වය වන්නේ ශරීරය නිල් පැහැයෙන් යුක්ත වීමයි. ඊට අමතරව මිකී මවුස් කොටස (වල්ගයට ආසන්නයේ ඇති ලපය)  තද නිල් පාටක් ගැනීමයි.

13.  ෆීඩර් ප්ලේටි (Feeder Platy)
මුන්ගේ ශරීරයේ දෙපස කළු පාට ඉරකින් යුක්ත වීම හා වල්ගය අසල කළු පාට අඩ කවක ආකාරයේ කොටසක් තිබීම විශේෂත්වයකි. මිලෙන් වැඩිම ප්‍රභේදය මොවුන් වේ.

නව ප්‍රභේද
14. බ්ලීඩින් හාර්ට් ප්ලේටි (Bleeding Heart Platy)
තුවාලයකින් ලේ ගලන ආකාරයේ රතු පාට සිහින් ඉරි සහිත වීම මුන්ගේ ඇති විශේෂ ලක්ෂණයක්. මීට අමතරව කළු පැහැයක් ගන්නා වල්ගා වරලක් හිමි වීමත මෙම ප්‍රභේදයට ඇති සුවිශේෂි ලක්ෂණයකි.

15. කැලිකෝ ප්ලේටි (Calico Platy)
ශරීරය පුරාම කළු පැහැයෙන් යුක්ත තිත් දක්නට ලැබීම මෙම ප්‍රභේදයේ ඇති සුවිෂේශි ලක්ෂණයකි. මෙම ප්‍රභේදය පේන්ටඩ් ප්ලේටි වර්ගයෙන් වෙනස් වන්නේ මුන්ගේ වල්ගට ආසන්නයේ එතරම් කළු පාට ගණව පැතිරී නොමැති වීමයි.

16. චින්තක වේරියාටස් (Chinthaka Veriatus)


සැ.යු. - ලංකාවේ චින්තක දිසානායක සොයාගත් චින්තක වේරියාටස් ප්‍රභේදය ගැන වෙනම ලිපියක් ලියන්නම්.

එහෙනම් ගිහින් එන්නම්
ජය වේවා !

42 comments:

  1. අර අන්තිමට තියෙන චින්තක වේරියාටස් ප්‍රභේදය දැක්කම අහන්න හිතුනෙ, දැන් ඔය අළුත් මාළු ප්‍රභේදයක් හොයා ගත්තහම ඒක තමන්ගෙ නමින් නම් කරන් නිකම් හිටියට හරියන්නෙ නෑනෙ. ඒකට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමෙ ක්‍රියාවලිය මොන වගේද කියල දන්නවද? ඒ සඳහා ක්‍රියාකරන ආයතන මොනවද? (ලංකාව තුළත්, ජාත්‍යන්තරවත්)

    ReplyDelete
    Replies
    1. ඔහොම ඇහුවමයි මට ක්ලික් උනේ. එහෙම ක්‍රමයක් ගැන හොයලා බලන්න ඕනා.මම ඔය ක්‍රියාවලිය ගැන නම් අබ මල් ලේර්ණුවක් තරම්වත් දන්නේ නෑ මචං.
      නමුත් චින්තක දිසානායක පේටන්ට් හිටන් අරන් තියෙනවා.

      Delete
  2. අඩේ ලංකාවේ පොරකුත් හොයාගෙනද මාලුවර්ගයක් එළනේ ඒ ගැන සවිස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඌ කරලා තියෙන්නේ එක එක වර්ග අභිජනනය කිරීමක්.

      Delete
  3. මෙච්චර ප්ලේටි ජාති ඉන්නවද බොලේ? මුන්ගේ පාට අනුව ගාන වෙනස් වෙනවාද?

    මම ටීවී එකේ වැඩසටහනක දැක්කා මොක්කුදෝ මාලුවර්ගයකට පාට ගාලා වැඩි ගානට විකුණනවා..

    මාත් මාළු කීපදෙනෙක් හොයාගෙන තියෙනවා. එවුන්ට මගේ නම දාගන්නෙ කොහොමද? උත්තර දෙන්න ලේසි වෙන්න කතාවම කියන්නම්කො.. එතකොට මම හයේ හතේ වෙන්න ඕනෙ..මගේ යාලුවෙක්ගෙ ටැංකියක් බිඳිච්ච වෙලේ ඌ මාළු ටික වත්ත පහළ වතුර වළකට දාලා.. පස්සෙ මට කිව්වා ඇවිත් අල්ලන් පලයන් කියලා.. ඒ වතුර මඩ පාට නිසා මාළු හොයන එක ලේසි උනේ නෑ.. ඒත් මම අන්තිමට හොයාගත්තා..

    ReplyDelete
    Replies
    1. ඔවු. ඔයිට වඩා තව ප්‍රභේද ඉන්නවා.ගාන නම් වෙනස් වෙනවා. දැනට ඉන්න මිලෙන් වැඩිම ජාතිය තමා ෆීඩර් ප්ලේටි. තාම ලංකාවට නම් ඇවිත් නැද්ද කොහෙද.

      පට්ට කතාව.
      මට කැහැලම හති හැදුනා.(මේ දවස්වල සීතලට සෙම ඇවිස්සිලා)
      උබ පට්ටම පොරක් නෙ. උබව අඳුන ගන්න තිබ්බා නම් මරු. :)

      Delete
  4. එදා මං නවත්තපු තැනින් පටන් අරගෙන කියවලා ඉවරකලා. අයියේ නරකද මේ පෝස්ට් pdf කරලා ඩවුන් කරන්න දුන්නොත්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හොඳ අදහසක්. ඉදිරියේදි මම pdf කරලා ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් හදන්නම්.
      අම්මාපල්ල.. මුන්ට හිතෙන එවුවා මට හිතෙන් නෑ නේ :)

      Delete
    2. ඔය ගෝල්ඩ් ෆිසාට කොහොමත් මාළු ටැංකියකට බැස්සම අළුත් අදහස් පහළ වෙනව.

      Delete
    3. හික්ස් :)
      ඒක නන් ඇත්ත කියලා මටත් හිතුනා :)

      Delete
  5. හරියට බටංගල මාළු කොස් එක කරනවා වගේ මේ ලිපි පෙළම
    බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. බටංගල මාළු කෝස් එක ?
      අඩේ එහෙමකෝස් එකක් තීයෙනවද ? එහෙනම් මාත් හොයාගෙන කරන්න ඕන. මාත් මේ කරන්නේ මාළු ගැන ඉගෙන ගන්න එක. ආයෙම එන්න.

      Delete
  6. අඩෙ පට්ට පොරක් නෙ මගෙ එකට ඇවිත් කමෙන්ට් කරල තියෙන්නෙ හැ මන් මෙච්චර කල් දැකල තියෙන්නෙ කතන්දර , පරිගනක ජල්තරස් තියන බ්ලොග් විතරයි එ මදිවට මාලු ගැනත් තියන බ්ලොග් තියෙයිනෙ ඇ හිකිස් මරු ඇ එල බ්ලොග ඇ ලොක්කට ජය ඇ =D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.මේක තමා මාළු ගැනම විතරක් ලියවෙන පලවෙනිම බ්ලොගය. දිගටම ආවොත් මාළු කෝස් එකක් කලා වගේ තියෙයි. ඒ නිසා එන්න. :)
      මේ පැත්තේ ඇවිදින් කමෙන්ට් කරලා දීරිමත් කලාට ස්තුතියි.

      Delete
    2. සුලු දෙයක් නෙ ඇ :)

      Delete
    3. මාත් එන්නම් කොස් ඇට මීයා ගැන කියවන්න. :)

      Delete
  7. මාළු යාලුවා ඔයා මාළු ගැන දන්න තරම් දේවල් උන්ගේ ගෙවල් වල උන්වත් දන්නේ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මාත් ගොඩක් දේවල් ඉගෙන ගන්නව අයිය.මින් මැදුර කරගෙන යන්න මේ දේවල් ඉගෙනගෙන තියෙන එක ගොඩක් වටිනවා.

      Delete
  8. දැන් නම් මාළු ටැංකියක් දිහා බලන කොට උනන්දුවෙන් බලනවා. මේ තියන ලක්ෂණ වලින් උන්ව වෙන් කරලා අඳුන ගන්න පුළුවන් ද කියලා.
    මටත් අර ලංකාවේ කෙනෙක් හොයා ගත්තා කිව්වා මාළුවා ගැන නම් උනන්දුවක් ඇති වුනා.

    ReplyDelete
    Replies
    1. ඒක ගැනත් ඊලඟ ලිපියෙන් බලමු. චින්තක දිසානායක කරලා තියෙන්නේ විවිධ වර්ග අභිජනනය කරලා නව ප්‍රභේදයක් හොයාගත්ත එක. ඒ නිසා ප්ලේටි අභිජනනය කරන හැටි ඊගාව ලිපියෙන් !

      රැඳී සිටින්න අප සමඟම.... :)

      Delete
  9. මරු මරු මේ බ්ලොග් එක අදයි මට අහුවුනේ. මාලු කිව්වම ඉතින් මට කියන්න ගොඩක් කතා තියෙන්වා. ඉස්කෝලේ යන කාලේ මමත් විසිතුරු මසුන් ඇති කරා. මුලින්ම පොඩි මුට්ටියක, දෙවනුව මිදුලේ හාරා ගත්තු වලක ඉටි රෙද්දක් අතුරලා. ප්‍රියතම විශයයක්. දිගටම ලියපන් මචං. අපි එනවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියවලා කමෙන්ට් කරනවා නම් මං දිගටම ලියන්නම්. මාත් රතු රජරට දිහෑවට එන්නම්.
      මාළු ගැන කියන්න තියෙන කතා ටික ඉදිරියේදි කියමු. මාත් ආසයි එහෙම කතා අහන්න.

      Delete
  10. ගප්පියා ගාවට කොමන්ම මාලුවා මේකා නේද? මමත් ආසයි මූට.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔවු. ගප්පි ගාවට මුන්ව තමා යන්නේ. ඊලඟට ස්වෝර්ඩ් ටේල්ස් පස්සෙ මෝලීස් වර්ග !

      Delete
  11. මම හිතන්නේ මම දැක්ක කළු මාළුවා ඔය මුලටම ඉන්න එකෙක් වෙනස් වෙලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්. මුන්ගේ පාට මිශ්‍ර වීම සෑහෙන්න වැඩියි. ඒ නිසා වර්ග ගොඩක් ඉන්නවා.

      Delete
  12. මාලු ටෑන්කි ගෑනත් පොස්ට් එකක් දාපන්කො ගනන් එහෙම.. මම මෙ දවස්වල ගේ ඈතුලෙන් තියන්න ටෑන්කියක් ගන්න බල බල ඉන්නෙ... අර බොතලයක් වගෙ තියෙන එක හොදද.. එවායෙ ගනන් එහෙම දන්නෙ නෑද්ද ..

    ReplyDelete
    Replies
    1. අපේ ගෙවල් ගාව තියෙන එක ඇක්වේරියම් එහෙකත් ටැංකි විකුණන්න තියෙනවා. මම උන්ගෙනුත් මිල ගණන් අහලා පෝස්ට් එකක් දාන්නම්.

      බෝල් එකක මාළු ඇති කරන එක නම් හොඳයි. ඒත් මාළු ගොඩක් දාන්න නන් බෑ. ගෝල්ඩ්ෆිෂ් ලා 4ක් දාපුවාම ඉඩ ඇහිරෙනවා. චූටිම මාළු නම් ටිකක් දාන්න පුලුවන්.

      Delete
    2. ගෝල්ඩ්ෆිෂ් ලා තමයි ඇති කරන්න ඔනේ... දහ දෙනෙක්ට ඉඩ ඇතිව ඉන්න එකක් ඔනෙ බන් ..

      Delete
    3. දහ දෙනෙක්ට නම් ටිකක් ලොකු බෝල් එකක් ගන්න වෙයි.

      Delete
  13. අපේ හෙන්රි අයිය හින්දා උඹව අඳුර ගන්න ලැබුනා. යකෝ මෙච්චරක් කල් කොහෙද හිටියේ? ග්ර්ර්ර්ර්ර්...

    පොස්ට් කියෙව්වේනම් නෑ. ටොපික්ස් ටික විතරයි කියෙව්වේ. ෆලෝ පාරක් දාගත්තා. ඉස්සරහට කියවන්න එන්නම්.

    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න. මාළු ගැන දැන ඉගෙන ගන්න. ඒ වගේම පුළු පුලුවන් හැටියකට මාළු ටිකක් හදමු.

      Delete
  14. ලස්සන ප්ලේටි වර්ග ඉන්නවනේ.... කොහෙද අපි දැනන් වුන්නේ රෙඩ් එවුන් විතරනේ......

    ReplyDelete
    Replies
    1. සමනළී,

      රෙඩ් කියන්නෙ රතු පාටටලු.. මින් විසිතුරු කිව්වෙ

      Delete
    2. @සමනළී
      රෙඩ් ප්ලේටි තමා ගොඩක්ම ජනප්‍රිය වර්ගය. ඒ වගේම මිලෙනුත් අඩුයි.

      Delete
    3. @හරී
      ඔය ඉතින් උබත් කොහෙන් හරි කොනක් අල්ලගන්නවා නෙහ්. :)

      Delete
  15. මෙච්චර ප්ලේටි වර්ග ඉන්නවා කියලා දැනගත්තේ මේ පෝස්ට් ටික කියෙව්වම. :)

    වෙනස්ම ආරක බ්ලොග් එකක්.එළ! ජය !

    ReplyDelete
    Replies
    1. කියවලා කමෙන්ට් කලාට ස්තුතියි.දිගටම එන්න.

      Delete
  16. ඔන්න මාත් ආව මාළු ටැංකිය බලන්න...නියමයි ඇ ...!මාළු කියන්නේ මනසට සුවය ගෙනෙන සත්තු වර්ගයක් ..!

    ReplyDelete
    Replies
    1. ඔවු. මාළු දිහා බලන් ඉන්න එක මනසට හොදයි. හිත තැන්පත් වෙනවා.
      දිගටම මේ පැත්තේ එන්න රෙහානි.

      Delete
  17. බ්ලොග් එක දැන් නවත්වලාද තියෙන්නේ යාලූ.

    ReplyDelete
  18. surathal masun karmanthayak hatiyata kohomada aramba karanne masun miladi ganime ida vikinima dkwa visthara tika danna kenek innawa nam mage mail ekata danawada kupulkumara@gmail.com

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?