Nov 17, 2012

ප්ලේටි 2 - Platy - (ප්ලේටි වර්ග 1)

ඔන්න කලින් පොරොන්දු වෙච්ච විදිහට අද කියලා දෙන්න යන්නේ ප්ලේටි වර්ග ගැන. ප්ලේටි ගැන මගේ මුල් ලිපිය කියවන්න බැරි උන අය ඉන්නවනම් මෙතන ක්ලික් කරලා කියවන්න.



1. රෙඩ් ප්ලේටි (Red Platy)
ප්ලේටි කියලා කිව්වම මුලින්ම අපේ මතකයට නැගෙන්නේ රතු ප්ලේටි.ප්ලේටින් අතර ගොඩක්ම සුලභ ප්ලේටි වර්ගය තමයි රෙඩ් ප්ලේටි කියන්නේ. ශරීර පැහැයෙන් රතු වන අතර වල්ගා වරල කළු පැහැයක් ගන්නා ප්ලේටිද සිටී.

2. ඇසෝර්ටඩ් ප්ලේටි (Assorted Platy)
රතු ප්ලේටි හැරුනකොට ජනප්‍රිය ප්ලේටි වර්ගයක් තමයි ඇසෝර්ටඩ් ප්ලේටි කියන්නේ.ශරීර පැහැයෙන් කහ පාටට හුරු තැඹිලි රතු පාටක් ගන්නා අතර වරල් කළු පැහයක් ගනී.

3. ගෝල්ඩ් මිකී මවුස් ප්ලේටි (Gold Mickey Mouse Platy)
තරමක ජනප්‍රියතාවක් ඇති ප්ලේටි ප්‍රභේදයකි. දිලිසෙන කළු පැහැති වරල් හා දිප්තිමත් තැඹිලි පාට ශරීරයකින් යුක්තය. මෙම ප්‍රභේදයේ මාළුන්ගේ ඇස් අසල නිල් පැහැති කුඩා ලපයක් දක්නට ලැබීම විශෙෂ ලක්ෂණයකි.

4. පේන්ටඩ් ප්ලේටි (Painted Platy)
මෙම වර්ගයේ ප්ලේටින්ගේ ශරීරය කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇති ආකාරයට දිස් වෙන බැවින් මුන් පේන්ටඩ් ප්ලේටි නමින් හදුන්වයි.  කහ පාටට හුරු රතු පාටක් ඇති පේන්ටඩ් ප්ලේටි වර්ගය මුන්ගේ ඇති ජනප්‍රියම වර්ගය වේ.

5. පයින්ඇපල් ප්ලේටි (Pineapple Platy)
ගිනි දැල්ලට හුරු රතු පාටත් අන්න්නාසි ගෙඩියක ඇතුලත තැබිලි පාටත් මිශ්‍රිත ප්ලේටි වර්ගයකි.

6. ටයිගර් රූබි ප්ලේටි (Tiger Ruby Platy)
මුන්ගේ ඇති විශේෂත්වය වන්නේ සිරුරේ සිරස් අතට ඇති  රතු පාට ඉරි රටාව වේ. මෙම ඉරි රටාව මේ ප්‍රභේදයටම ආවේනික වන නිසා මුන්ව හඳුනා ගැනීම අපහසු නොවේ. තරමක මිලෙන් වැඩි ප්‍රභේදයකි.

 7. රේන්බෝ ප්ලේටි (Rainbow Platy)
වල්ගා වරල් කළු පැහැයෙන් යුක්ත කහ, රතු හා කළු මිශ්‍ර ශරීරයක් හිමි ප්ලේටි ප්‍රභේදයකි. ඒ වගේම මුන්ගේ විවිධ වරල් හැඩ ඇති ප්ලේටි වර්ග ද සිටී.

8. ගෝල්ඩන් ට්වින් බාර් ප්ලේටි ( Golden Twin Bar Platy)
මේ ප්‍රභේදය මූන්ෆිෂ් යනුවෙනුත් හදුන්වයි.ශරීර පැහැය තරමකට ටයිගර් රූබි ප්ලේටින්ට සමාන වන අතර දිලිසෙන කහ පැහැයක් උසුලයි. මොවුන් ට්වීන් බාර් වන්නේ මුන්ගේ වල්ගා වරලේ ඉහලින් හා පහලින් ඇති කළි පාට ඉරි (බාර්) දෙක වේ.

පෝස්ට් එක ලෝඩ් වෙන එකට අවුලක් වෙයි කියලා හිතලා ඉතුරු ප්‍රභේද ටික ඊලඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.
එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !

27 comments:

  1. එල එල මම හිතන් හිටියේ ප්ලේටි කිව්වම අර තැඹිලි උන් විතරයි කියල. මැක්සා ඈ............

    ReplyDelete
    Replies
    1. මට නම් රතු උන්ට අමතරව කහපාට එක ජාතියකුත් දකින්න හම්බ වෙලා තියෙනවා. ඒත් නමින් දැනගන්න ලැබිලා නෑ. මෙහේ අය ඔක්කොම වර්ග වලට පොදුවේම කියන්නේ ප්ලේටි කියලා විතර නේ.

      Delete
    2. මමත් කහ පාට ප්ලේටි මාළු දැකලා තියනවා. කළු එකෙකුත් දැකලා තියනවා.

      Delete
    3. @Alexander Cage
      මමත් කහ පාට එවුනුයි කහ පාට කළු තිත් තිත් එවුනුයි දැකලා තියෙනවා රතු එවුන්ට අමතරව.

      Delete
    4. කළු එවුන්ට කියන්නේ ඔය වර්ගේ බ්ලැක් මොරිස් කියල නේද

      Delete
    5. @කෝරලේ මහත්තයා
      බ්ලැක් මෝලීස් කියන එවුන් නම් තනිකරම කළු පාටයි. ඒත් මට නම් තනි කළු ප්ලේටි හම්බවෙලා නෑ. බාගදා මේඅය කියෙන්නේ බ්ලැක් මෝලිස් ගැනද දන් නෑ.

      Delete
  2. ප්ලේටිත් ගොඩක් වර්ග ඉන්නවා කියල දැනගත්තේ අදනේ...
    මුන් පැටව දාපු ගමන් කන එකට මොකක්ද කරන්න තියෙන විසදුම.. පැටව් දන්නා ඉන්න උන්ව වෙන් කලහම හරිද

    ReplyDelete
    Replies
    1. ඒකට දේවල් කිහිපයක් තියෙනවා.

      1. හයිඩ්‍රිල්ලා, වැලිස්නේරියා වගේ පැලෑටි වැවීම. එතකොට උන්ට ආරාක්ෂාකාරීව හැංගිලා ඉන්න පුලුවන්. ක්‍රමය ස්වල්ප වශයෙන් සාර්ථකයි.

      2. පැටවු දාන්න ඉන්න මාළුවාව එම ටැංකියේම කොටු කිරීම. මේකට වීදුරුවක් පාවිච්චි කරන්න පුලුවන්. වීදුරුවකින් එක පැත්තකට වෙන් කරලා තියන්න පුලුවන්.පැටවු දැම්මට පස්සේ ලොකු මාළුවාව කොටු කල ප්‍රදේශයෙන් අනිත් පැත්තට දැමීම. පැටවුන්ට දවස් 45ක් වෙනතෙක් වෙන් කරලා තියන්න.

      3. පැටවු දාන්න ඉන්න හෝ දමයි යැයි සැක කරන මාළුවාව වෙනම ටැංකියක දැමීම. මේක තමයි දැනට තියෙන සාර්ථකම ක්‍රමය.

      ඉදිරියේදි මේ ගැන පෝස්ටුවක් දාන්නම්.

      Delete
  3. ස්තුතියි පැහැදිලි කිරීම් වලට

    තනිකරම කළු පැහැති ප්ලේටිත් දැකල තියෙනවා,, උනුත් පේන්ටඩ් ප්ලේටි (Painted Platy) මද

    ReplyDelete
    Replies
    1. එකපාරටම පේන්ටඩ් ප්ලේටිම කියලා කියන්න බෑ මීගොඩයෝ. ප්ලේටියාගේ වරල් අනුවත් මුන්ව වර්ග වෙනවා. ඒ නිසා වරල් රටාව මේ එකකටවත් අයිති නැත්නම් කියන්න පුලුවන් පේන්ටඩ් ප්ලේටි කියලා.

      අපි මෙච්චරයි කියලා හිතුවට මුන් එක එකා මික්ස් වෙලා නව ප්‍රභේද හට ගන්නවා. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් (හෝ දෙකක්) දාලා මෙච්චරයි ඉන්නේ කියලා නන් කියන්න බෑ.

      Delete
    2. Kuda malu sadana ආකාරය kiyanna

      Delete
  4. දිරිමත් කිරීම් වලට ස්තුතියි. ආයෙම එන්න !

    ReplyDelete
  5. මට මේ බ්ලොග් එක දකින කම් හාංකවිසියක්වත් මතක නැති වෙලා තිබ්බේ අපේ ගෙදරත් මාළු ටැංකියක් තිබ්බා නේද කියලා.. හි හි...

    ඒකෙත් හිටියානේ ඔය කියන කට්ටිය.. අපේ මල්ලි තමයි මේක දැකලා මට කිව්වෙ... අන්න එයාටත් ආයිත් මාළු ටැංකියක් පටන් ගන්න ඕනෙලු.. දැං මට වැඩර් වගේ කියන්න බැරියැ විස්තර.. හි හි

    ReplyDelete
    Replies
    1. අළුතින් ආයෙම මාළු ටැංකියක් පටන් ගන්නවා කිව්වම සෑහෙන සතුටුයි. අනිවාර්යෙන්ම වැඩර් වගේ කියතෑකි... :)

      හිරුගේ මලයාවත් මේ පැත්තට යොමු කරන්න.

      Delete
  6. ප්ලේටින්ගෙන් පටන්ගෙන පිරානා දක්වා යන්න වාසනාව ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරිමත් කිරිම් වලට.
      කමෙන්ට් එකක් හිට් එකක් දකිනකොට ලියන්න තියෙන ආසාව දෙගුණ තෙගුණ වෙනවා. කියවලා කමෙන්ට් කලාට ස්තුතියි :)

      Delete
  7. ප්ලේටි ලා ඉන්නවනේ වර්ග ගොඩක්. නියමයි විස්තරය.
    ප්ලේන්ටියක් සමග ප්ලේටි බැලුවෙමි.. :)

    ReplyDelete
    Replies
    1. හවස් වෙලාවක තමා බලන්න ඕන. ප්ලේන්ටියක් හදාගෙන ප්ලේටි ටැංකියක් ලඟට වෙලා උන් දිහ බලාගෙන හිටියෑකි. ඒ තරමටම ආස හිතෙනවා.

      Delete
  8. අපේ ගෙදර ඉන්නේ රෙඩ් ප්ලේටි විතරයි.... මෙච්චර ප්ලේටි වර්ග ගණනක් ඉන්නව කියලා අදයි දන්නේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්... මාත් ඒ දවස්වල දැනගෙන උන්නේ ප්ලේටි කියන්නේ රතුපාට උන්ටම විතරයි කියලා. පස්සේ මාළු ගන්න තැනකදි උඩින් තියෙන 1,2,3 වර්ග තුනක්ම දැක්කා. අනිත් උන් නම් මම් තාම උපන්තේකට දැනගෙන උන්නේ නෑ.

      Delete
  9. රෙඩ් ප්ලේටි කියන්නෙත් රතු ප්ලේටින්ටමද?

    ඒ කියන්නෙ මම දෙයක් ඉගෙනගත්තා.. රෙඩ් කියන්නෙ රතු

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු හරි...
      රතු ප්ලේටින්ටම තමයි. ඇති යාන්තන් බොලා මොනාහරි ඉගෙන ගත්තා :)

      Delete
  10. හිතුවට වඩා වර්ග ගොඩක් ඉන්නව නේ මුං. මේ එක් එක් වර්ගවල මාළු කලවමේ අභිජනනය කිරීමෙන් සමහර විට අළුත් අළුත් විදියෙ මාළු ලබා ගන්න පුළුවන් ඇති නේද? එහෙම ඇහැව්වම මතක් වුනේ, වෙනස් වෙනස් ජාතියෙ මාළු (කලින් කිව්ව ගප්පි පිරිමි සතෙකි, ප්ලේටි ගෑනු සතෙකි වගේ) එක් වීමෙන් වෙනම වර්ග හදන්න පුළුවන්ද, නැත්නම් එහෙම දෙයක් වෙන්නෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. එකම විශේෂයක පාට දෙකක එවුන් අභිජනනය කරලා අළුත් ප්‍රදේද හදන එක නම් ගොඩක්ම සුලභ කාරණාවක්.
      උදා :
      සුදු පාට මෝලී එකෙක් කළුපාට මෝලි එකෙක් එක්ක අභිජනනය කරලා කළු සුදු මිශශ්‍ර එවුන් හදන්න පුලුවන්.
      ඒ වගේම මෝලීස් වර්ගයි ප්ලේටි අභිජනනය කරලා අළුත් වර්ග හදන්න පුලුවන්.

      අභිජනනයෙන් අළුත් ප්‍රභේද හදන එකත් මරු වැඩේ. අපි පොඩික කාලෙත් කලා. කලා කිව්වේ දෙවර්ගයක මාළු දෙන්නෙක්ව ටැංකියක දාලා තිබ්බා. එතනින් එහාට්ට දේවල් කරලා තියෙන්නේ උන් දෙන්නා. :)
      පාට දෙකම කවලං වෙච්ච පැටවු හම්බ උනා අතුරුඵලය විදිහට :)
      ගප්පියි ප්ලේයි ගැන නම් දන්නේ නෑ.ඒක හොයලා කියන්නම්.

      Delete
  11. white plati innva neda???

    ReplyDelete
    Replies
    1. ඔහොම කිව්වහමයි මටත් හොයන්න හිතුවේ.ඉන්නවා නේන්නම්. ඒ ගැනත් පින්තූරෙකුයි චූටි විස්තරේකුයි දාන්නම්.

      Delete
  12. Mata kiynwada live beaver famili 1ta platy fish lawa aithi wenwa kynn ai.

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?