Dec 16, 2012

අළුත උපන් මාළු පැටවුන් රැක ගනිමු.-1

ගොඩක් වෙලාවට මාළු ඇති කරන කෙනෙක්ගේ ලොකුම ආසාව තමයි තමන් ගෙනාපු මාළු, පැටවු දාන එක. අළුත උපන් මාළු පැටවෙක් දකින්න තියේ නම් ඒක කොච්චර සතුටක් දෑ.  ඉතින් එහෙම හිතාගෙන අරගෙන එන මාළු ටික දවසකින් පැටවු පස් හයදෙනා (සමහර මාළු වර්ග නම් පැටවු සීයයකට ආසන්න ගණනක්) බිහි කරනවා.

ඒත් ටික දවසකින් ඒ පැටවු ටික  මවු මත්සයාගේ හෝ ටැංකියේ ඉන්න වෙන මාළුවෙක්ගේ ගොදුරක් බවට පත් වෙලා අකාලයේ මියෑදෙනවා.ගොඩක්ම වෙලාවට සිද්ධ වෙන්නේ මවු මත්සයාම කුඩා පැටවුන් ආහාරයට ගැනීමයි. පැටවු මගින් බෝවෙන මාළු වර්ග එහෙමත් නැත්නම් ලයිව්බෙයාරර්ස්ලා (Livebearers) නම් අනිවාර්යෙන්ම අළුත උපන් කුඩා පැටවුන්ව ආහාරයට ගන්නවා.

අපි කොච්චරවත් නැහැයි කිව්වට ගප්පිනුත් පැටවු ආහාරයට ගන්නවා. මොකද ගප්පි අයත් වෙන්නෙත් ලයිව්බෙයාරර්ස්ලාට නිසා.

ඉතින් අද කියලා දෙන්න හිතුවා අළුත උපන් පැටවුන්ව මවු මත්සයාගෙන් හරි එහෙමත් නැත්නම් වෙන මාළුන්ගෙන් ආරක්ෂා කරගන්න හැටි. ගොඩක් දේවල් අළුතෙන්ම කියා දෙන්න කියලා එකක් නෑ.අපි දන්න සරල සිද්ධාන්තමයි මෙතනත් පාවිච්චි වෙන්නේ.  :)

Dec 15, 2012

මෝලි 3 - Molly

කලින් ලිපියේ කියපු විදිහට අද ඉදිරිපත් කරන්න ඉන්නේ මෝලි ප්‍රභේද ගැන ලියපු ලිපියේ ඉතුරු ටික.මම ඒ ප්‍රභේද ටික වර්ග දෙකෙහට බෙදුවා. ඒ තමයි සෙයිල්ෆින් වර්ගය හා ලයිරාටේල් වර්ගය කියලා !

ඒ ලිපිය බලන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම්  මෙතන ක්ලික් කරලා කියවන්න.
එහෙනම් පහල විස්තරයෙන්ම බලමු !

Dec 8, 2012

මෝලි 2 - Molly

කලින් ලිපියෙදි මෝලි ගැන විස්තර කිව්වා මතක ඇති නේ. ඔන්න අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ මෝලි ප්‍රභේද ගැන. කලින් ඉදිරිපත් කරපු අනිත් මාළු වර්ග වගේම මෝලීන්ගෙත් ප්‍රභේද ගොඩක් ඉන්නවා.

ගොඩක් වෙලාවට අපි මෝලී කියලා අඳුර ගන්නේ කළු පාට ප්‍රභේදයක් නේ. කළු පාට ප්‍රභේදය වගේම සුදු පාට ප්‍රභේදයත් අපි අතර ගොඩක් ප්‍රසිද්ධයි.

එහෙනම් වැඩි කතාවට යන්න ඕන නෑ. කෙලින්ම ප්‍රභේද ගැන විස්තර ටිකට බහිමු.

මෝලි 1 - Molly

අදත් තව මාළු වර්ගයක් අරගෙන ආවා. මේ වර්ගයේ නම "මෝලී". මුනුත් පැටවු මගින් බෝවෙන විෂේශයක්. කෙටියෙන්ම කිව්වොත් ලයිව්බෙයාරස් වර්ගයක්. මීට කලින් පැටවු මගින් බෝවෙන ගප්පි, ප්ලේටි හා ස්වෝර්ඩ්ටේ ගැන කතා කලා මතක ඇති නේ. අද අන්තිම වර්ගය !

අන්තිම වර්ගය කිව්වේ ලයිව්බෙයාරර්ස්ලා ඉවර නෑ. ප්‍රධාන වර්ග 4ක් ගැන විතරයි මම මුලින්ම කතා කරන්නේ. ඊට පස්සේ බිත්තර මගින් බෝවෙන වර්ග ගැන ලිපි ලියන්නයි බලාපොරොත්තු වෙන්නේ.පස්සේ පස්සේ මතක් වෙන හැටියට ලයිව්බෙයාරර්ස්ලා ගැන ලියන්නම්.

පොඩි කාලේ අපි මුන්ට "මෝරීස් " කිව්වට මුන්ගේ ඇත්තම නම තමයි "මෝලි" !
හරි එහෙනම් වැඩේට බහිමු...

Dec 3, 2012

ස්වෝර්ඩ්ටේල් 2 - Swordtail (ස්වෝර්ඩ්ටේල් වර්ග 2)

 කලින් ලිපියේ ඉතුරු කොටස තමයි අද ලිපියෙන් තියෙන්නේ. ලිපිය දෙකට කැඩුවේ පින්තූර ගොඩක් තියෙන නිසා ලෝඩ් වෙන එක පමා වෙයි කියලා.පළවෙනි කොටස කියවන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

ඔන්න එහෙනම් ඉතුරු කොටස් ටික... 

Dec 1, 2012

ස්වෝර්ඩ්ටේල් 2 - Swordtail (ස්වෝර්ඩ්ටේල් වර්ග 1)

කලින් ලිපියේ කියපු විදිහට අද ලිපියෙන් කියන්න යන්නේ ස්වෝර්ඩ්ටේල් වර්ග ගැන. ස්වෝර්ඩ් ටේල් කිව්වම අපේ හිතේ ඇඳෙන්නෙම රතුපාට වර්ගයක් විතරයි. නමුත් ඊට වඩා ස්වෝර්ඩ් ටේල් වර්ග ඉන්න බව මේ පෝස්ට් එකෙන් තේරුම් ගන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා ඕනැන්නේ නෑ. කෙලින්ම වැඩේට බහිමු.

ස්වෝර්ඩ් ටේල් 1 - Sword tail

මේ ටිකේ දිගින් දිගටම ලයිව්බෙයාරර්ස්ලා (Livebearers) ගැන එහෙමත් නැත්නම් පැටව් මගින් බෝවෙන මසුන් ගැනම කිව්වා මතක ඇති නේ. අද කියන්න යන්නෙත් ලයිව්බෙයාරර්ස්ලාට අයත් වෙන මසුන් වර්ගයක් ගැන. ඒ තමයි ස්වෝර්ඩ් ටේල් මාළු (Sword Tail) !

අපේ ගම්වල අය මුන්ට ශෝර්ට් ටේල් (Short tail) කියලා කිව්වට හරිම නම තමයි ස්වෝර්ඩ් ටේල් කියන්නේ. මුන්ට මේ නම ලැබිලා තියෙන්නේ මුන්ගේ පිරිමි සත්තුන්ගේ වල්ගය ස්වෝර්ඩ් (Sword) එකක් එහෙමත් නැත්නම් කඩුවක ආකාර ගන්න නිසා.

එහෙනම් මුන් ගැන දැන කියා ගම්මු.

Nov 27, 2012

පාට කරපු මාළු - 2

කලින් ලිපියෙන් පාට කරපු මාළු ගැන කිව්වා මතකයි නෙ. ඒ ලිපිය කියවන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා ගිහින් කියවන්න. අද ලිපියෙන් කියන්න යන්නේ කොහොමද පාට කරපු මාළු අඳුන ගන්නේ කියලා.

 තමන් නොදන්න මාළු වර්ගයක් අළුතින්ම මිලදී ගන්නවා නම් උන්ගේ වර්ණ සංයෝජනය දිහා විමසිල්ලෙන් බැලිය යුතුය.වර්ණ ගන්වන මසුන්ගේ අසාමාන්‍ය වර්ණ ගැලපීමක් තියෙන්නේ.වර්ණ ගැන්වූ කිසිම මත්සයෙකුට එකම හැඩයක් සහිතව වර්ණ ගැන්වීම සිදුකල නොහැකියි.

ඒ වගේම සමහර ස්ථාන වල වර්ණ ගැලවී හෝ වර්ණ ගැන්වී නොමැති ස්ථාන තිබේ. එම ස්ථාන ගැනත් විමසිල්ලෙන් බැලිය යුතු වෙනවා.

Nov 23, 2012

පාට කරපු මාළු - 1

මීලඟට ස්වෝර්ඩ් ටේල් මාළු ගැන පල කරන්න හිටපු ලිපි පෙලට කලින් මට හිතුනා පාට කරපු මාළු ගැන පුංචි පුංචි දේවල් ටිකක් කියන්න. එහෙනම් පටන් ගම්මු.

ස්බාවධර්මයාගෙන් මාළුන්ට විවිධ වර්ණ ලැබිලා තියෙනවා. නමුත් මීට අමතරව මසුන් විකුණන අය ව මසුන්ව විවිධ වර්ණ ගන්වලා විකුණන අවස්ථා තියෙනවා. අද ලිපිය වෙන් වෙන්නේ ඒ ගැන.

 ස්බාවිකව අපට හමුවන සමහර විට මිලෙන් අඩු හෝ එතරම් තැකීමක් සිදු නොකරන මාළුන්ව වර්ණ ගන්වලා මසුන් ඇති කරන්නන්ට විකුණනවා. එහෙම විකිණීමෙන් මසුන් අලෙවි කරුවන් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන කිහිපයක් තියෙනවා.

Nov 22, 2012

ප්ලේටි 4 - Platy- ප්ලේටි දෙමුහුන් කිරීම

ප්ලේටි ගැන ලියවෙන හතරවන ලිපියයි මේ. අද කියන්න යන්නේ ප්ලේටි ප්‍රභේද තවත් මාළු විශේෂත් එක්ක දෙමුහුන් කිරීම ගැන. ගප්පි ගැන කතා කරනකොට දෙමුහුන් කිරීමක් ගැන කතා නොකලේ ගප්පින්ව සාමාන්‍යයෙන් දෙමුහුන් කරන්න ගන්නේ නැති නිසා.

ගප්පින්ව දෙමුහුන් කරන්න බෑ නෙමෙයි දෙමුහුන් කිරීම අඩුවෙන් සිද්ධ කරන්නේ. ගප්පින්වයි මෝලි වර්ගයි දෙමුහුන් කරන්න පුලුවන්. ඒත් දෙමුහුන් කරනවාට වඩා විවිධ ගප්පින්වම නිශ්පාදන කිරීමයි සිද්ධ කරන්නේ.

Nov 17, 2012

ප්ලේටි 3 - Platy - (ප්ලේටි වර්ග 2)

 කලින් ලිපියේ ප්ලේටි භ්‍රබේද ගැන කිව්වා මතක ඇති නේ. පෝස්ට් එක ලෝඩ් වෙන එකට අවුලක් වෙයි කියලා හිතලා මම පෝස්ට් එක දෙකට කැඩුවා. මේ තියෙන්නේ දෙවෙනි පෝස්ට් එක.පළවෙනි පෝස්ට් එක බලන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා ගිහින් බලන්න.

අද එතැන් සිට.......

ප්ලේටි 2 - Platy - (ප්ලේටි වර්ග 1)

ඔන්න කලින් පොරොන්දු වෙච්ච විදිහට අද කියලා දෙන්න යන්නේ ප්ලේටි වර්ග ගැන. ප්ලේටි ගැන මගේ මුල් ලිපිය කියවන්න බැරි උන අය ඉන්නවනම් මෙතන ක්ලික් කරලා කියවන්න.

Nov 16, 2012

ප්ලේටි - Platy

ඔන්න අද හදුන්වා දෙන්න යන්නේ දෙවෙනි මාළු වර්ගය. මුලින්ම ගප්පි හදුන්වා දුන්නා මතක ඇති නේ. බලන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් පළවෙනි ලිපියත් මෙතනින් දෙවෙනි ලිපියත් මෙතනින් තුන්වෙනි ලිපියත් කියවන්න.

අද ලිපියෙන් කියලා දෙන්නේ ප්ලේටි ගැන. එහෙනම් ප්ලේටි ගැන ඉගෙන ගනිමු.

සාමාන්‍ය නාමය -  ප්ලේටි (Platy)
විද්‍යාත්මක නාමය -Xiphophorus maculatus
සාමාන්‍ය දිග - අඟල් 2ත් 2.5ත් අතර අගයක් ගනී.
නිජබිම -   මධ්‍යම ඇමරිකාව
හිතකර උෂ්ණත්වය - ෆැරන්හයිට් 65ත් 78ත් අතර (සෙල්සියස්  18ත් 26ත් අතර)

Nov 15, 2012

ටැංකියෙන් ඇළ දොළට ආ මසුන්

පහුගිය දවස්වල මොනරාගල පැත්තේ මිරිදිය ධීවරයෙකුට අරුම පුදුම මාළුවෙක් හම්බ උනා කියලා ප්‍රවෘත්ති වලට කියනවා මින් විසිතුරු අහගෙන හිටියා. මේ මාළුවා ඇලිගේටර් ගා කියන මාළුවෙක්. මේ මාළුවා දැක්කට පස්සේ මින් විසිතුරුට හිතුනා ආක්‍රමනකාරි මාළු ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න.

ඔය මොනරාගල පැත්තෙන් හම්බ උනායි කියන මාළුවා  ලංකාවට සුළභ එකෙක් නෙමේ. කොහේ හරි මාළු ටැංකියක ඇති කරලා මුදාහැරපු මාළු වර්ගයක්. කොටින්ම ආක්‍රමණකාරි මාළුවෙක්.

ආක්‍රමණකාරි මාළුන්ගෙන් තියෙන ප්‍රධානම තර්ජනය තමයි ස්බාවික මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීම.එතකොට මිරිදිය පරිසර පද්ධතියේ සමතුලිතතාවයට බාධා ඇති වෙනවා. කොටින්ම සමහර ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වඳවෙලා යන්නත් මේ ආක්‍රමණකාරි මසුන් හේතුවක් වෙනවා.

Nov 12, 2012

ස්කැවෙන්ජර්ස් -Scavengers

ගප්පි ගැන කියා දුන්නට පස්සේ මම කියන්න හිටියේ ප්ලේටි ගැන.නමුත් ප්ලේටි ගැන කියලා දෙන එක චුට්ටක් නවත්තලා   අද ලිපියෙන් ස්කැවෙන්ජර්ස්ලා ගැන කියලා දෙන්න හිතුවා. ස්කැවෙන්ජර්ස්ලා ගැන නොදන්න අය නම් ගොඩක් අඩු ඇති. ඕනම පොඩි එකෙක් දන්නවා මුන් ගැන.

ස්කැවෙන්ජර්ස් ????

Nov 10, 2012

ගප්පින්ට හැදෙන ලෙඩ

කලින් ලිපියේදී මාළු වර්ගයක ගෑනු පිරිමි වෙන වෙනම අදුන ගන්න හැටි කිව්වා මතකයි නේ. ඔන්න අද කියන්න යන්නේ ගප්පින්ට හැදෙන ලෙඩ වර්ග ගැන. ගප්පි කියන්නේ ලෙඩ වලට ගොඩක්ම ඔරොත්තු දෙන ජාතියක් උනත් ඉදලා හිටලා උන්ටත් එක එක ලෙඩ වර්ග හැදෙන්න පුලුවන්.

මාළු හදන කෙනෙක් උනහම මේ ලෙඩ ගැනත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. එහෙනම් වැඩි කතා ඕනැන්නේ නෑ. වැඩේට බහිමු.

ගෑනු මාළු සහ පිරිමි මාළු හදුනා ගැනීම

කලින් ලිපියක දූපත් වැසියා අහලා තිබ්බා මාළුන්ගේ ගෑනු සත්තු පිරිමි සත්තු අඳුන ගන්නේ කොහොමද කියලා.අන්න ඒ පිළිබඳව කියලා දෙන්නයි අද සූදානම. එක එක වර්ගය අනුව ගෑනු පිරිමි මාළුන් අඳුන ගන්න ක්‍රමය වෙනස් වෙනවා. ඒ නිසා සුලබ මාළු වර්ග කිහිපයක් ගැන ලියන්නම්.

මාළු ගන්න ගියහම ගෑනු පිරිමි වර්ගය අදුනාගෙන තියෙන එක ලොකු උදව්වක් වෙනවා.මොකද එකම ජාතියක් ගෙනාවට පස්සේ පැටවු දාන්නේ නෑ කියලා කන් කෙදිරි ගාන්න ඕන යෑ. :)

Nov 8, 2012

ගප්පි - Guppy - 2

ගප්පි ගැන ලියපු පලවෙනි ලිපියේ අන්තිමට මම කිව්වා නේ ගප්පින්ගේ වරල් අනුව වර්ග වලට වෙන් කරනවා කියලා.ඉතින් අද ලිපියෙන් කියලා දෙන්නේ ඒ ගැන. මුලින්ම පහල පින්තූරය බලන්න.

1. වේල් ටේල් (Veil Tail)
මේ වර්ගයේ ගප්පින්ට සමද්විපාද ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත වල්ගා වරලක් පිහිටා ඇත.  පිට වරල අවසාන වන්නේ වල්ගා වරලේ මුල් හරියේ ය.

Nov 4, 2012

ගප්පි - Guppy

කලින් ලිපි වලදි ටැංකිය සකස් කර ගන්නා ආකාරය කියලා දුන්නා මතක ඇති නේ. ඔන්න අද තමයි හා හා පුරා කියලා ටැංකියට මාළු හඳුන්වලා දෙන්න යන්නේ. අද ඉදලා දිගටම මසුන් වර්ග ගැන කියලා දෙන්න තමයි මගේ අදහස.

හඳුන්වා දෙන පළවෙනිම මසුන් වර්ගය විදිහට මම තෝර ගත්තේ ගොඩක් අය හොඳින් අඳුනන ගප්පි කියන මාළු වර්ගයයි. ගප්පි වර්ග ඇති කිරීම ගොඩක්ම ලේසියි නිසාත් ඉක්මනින් බෝවීම නිසා මසුන් ඇති කිරීමේ ආසාවත් වැඩි කිරීමේ අරමුණින් තමයි මම ගප්පි වර්ග ගැන මුලින්ම කියලා දෙන්න පටන් ගන්නේ.

(පැහැදිලි කිරිමේ පහසුවට මසුන් සියළුම දෙනා බිත්තර මගින් බෝවන හා පැටවු මගින් බෝවන කියලා වර්ග දෙකකට වෙන් කරන්නම්.)

එහෙනම් ගප්පි ගැන ඉගෙන ගනිමු.

මාළුවෙකුගේ කොටස් හඳුනාගනිමු

මුල් ලිපි වලින් මාළු ටැංකියක් පටන් ගන්න අවශ්‍ය දේවල් ගැන හැඳින්වීමක් කලා මතක ඇති නේ. ඉතින් ඒ දේවල් වලින් පස්සේ අපේ ටැංකියට මසුන් හඳුන්වා දෙන්න ඕනා.  එක එක මසුන් වර්ග ගැන කියන්න කලින් පොදුවේ මාළුවෙකුගේ කොටස් ගැන සරල අවබෝධයක් ලබාගෙන ඉන්න එක ගොඩක් වටිනවා කියලා මට හිතුනා.

මොකද ඒක මාළු ඇති කරන කෙනෙක්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන නිසා සහ මාළුවෙකුගේ අසනීපයක් සිද්ධ උනහම රෝග නීර්ණයට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන නිසා !

Nov 3, 2012

මාළුන්ට කෑම

මේ තමයි මින් විසිතුරු අද දවසට ලියන දෙවන ලිපිය. මේ ලිපියෙන් මම කියන්න යන්නේ මාළුන්ගේ කෑම ගැන. අපට වගේම තමා මාළුන්ටත් කෑම වර්ග ගොඩක්ම වැදගත් වෙනවා. :)

පැහැදිලි කිරීමේ පහසුවට මාළුන්ගේ කෑම වර්ග කොටස් දෙකකට වෙන් කරන්නම්. ඒවා,
  • ජීවි ආහාර  
  • නිෂ්පාදිත ආහාර 
ජීවි ආහාර වලට අයිති වෙන්නේ ජලජ ශාක වර්ග, මදුරු කීටයින්, කුඩා සතුන් වැනි දේවල්. අපි කඩවල් වලින් ගන්න කෑම වර්ග සේරම නිෂාදිත ආහාර වලටයි අයිති වෙන්නේ. මුලින්ම කියන්න ඕන හැම මාළු ජාතියම එකම කෑම වර්ගය එක විදිහට ආහාරයට ගන්නේ නෑ.

මාළු ටැංකියට ජලජ පැලෑටි

කලින් ලිපියේ පොරොන්දු වෙච්ච පරිදි අද කියලා දෙන්න යන්නේ ජලජ පැලෑටි ගැන.මාළු ටැංකියක් ලස්සන වෙන්න ජලජ පැලෑටි ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ජලජ පැලෑටි ගැන පුංචි පුංචි කාරණා ටිකක් කියලා දෙන්නයි අද සූදානම.

 මාළු ටැංකියක ජලජ පැලෑටි වැවීමෙන් අපි මූලිකවම බලාපොරොත්තු වෙන්නේ ටැංකිය ලස්සන කරගන්න. මාළු ඇති කරන අයගේ ලොකුම ආසාව තමා ටැංකිය ලස්සනට තියාගන්න.ඒ නිසා ඒ අතින් ජලජ පැලෑටි ලොකු සේවයක් කරන්නේ.

ඒ වගේම තමයි මාළුන්ට අවශ්‍ය කරන ස්බාවික ජලජ පරිසරය ගොඩ නගන්නත් මේ පැලෑටි වර්ග ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. උන්ගේ සාමාන්‍ය ජීවන රටාවට මේක ගොඩක්ම වැදගත්. නැත්තන් ලේසියෙන්ම ලෙඩ වලට ලක් වෙනවා.

ජලජ පැලෑටි වලින් ලොකුම වාසිය තියෙන්නේ මාළුන්ට. උන්ට දවසකට අවශ්‍ය කෑම වර්ගත් මේ පැලෑටි වලින් ලබා ගන්න පුලුවන්.සමහර මාළු වර්ග පොඩි පොඩි මාළු පැටව් කන නිසා ඒ වගේ පොඩි මාළු පැටවුන්ටත් ආරක්ෂාවත් ලබා ගන්න මේ පැලෑටි උපකාරි වෙනවා.

Nov 1, 2012

මාළු වැස්සක්

මේ ටිකේ පැල්බැඳගෙනම වහිනවා. මේ දැන් පායලා තිබ්බොත් තව ටිහිකින් වහින්න ගන්නවා. ඒ නැත්තන් දවස තිස්සෙම චුරු චුරු ගාලා එක දිගටම පොද වැහි වැටෙනවා. වැස්ස කියන්නේ කොච්චර හොඳ දෙයක් උනත් මින් මැදුරක් කරගෙන යන අපි වගේ උන්දැලාට වැස්ස කියන්නේ ඒ තරම්ම හොද දෙයක් නෙමේ.

වැහි දවස්වල අපේ ටැංකි උතුරලා පිටාර ගලනවා. එතකොට ඉන්න මාළු එකා දෙන්න ටැංකියෙන් එළියට වැටිලා ගහගෙන යනවා.ඒක නවත්තන්න වතුර අස් කරන්නත් ඕන. ඒ මදිවට සමහර මාළුන්ට වැහි වතුර ඇලජික් වෙනවා. ඒ නිසා ඒ වගේ මාළුන්ව හෙවනට අදින්නත් ඕන.

මේ  නිසා වැඩ මහ ගොඩක් තියෙන කාලයක් !

Oct 29, 2012

ජල පෙරන වර්ග -3

කලින් ලිපි වලත් දීර්ඝ වශයෙන් ෆිල්ටර් ගැන සඳහන් කලා මතක ඇති නේ. ඒ ලිපි කියවන්න බැරි උනා නම් මෙන්න ඒ ලිපි වලට පාර.
ෆිල්ටර් ගැන පලවෙනි ලිපිය  | ෆිල්ටර් ගැන දෙවෙනි ලිපිය

අද ලියන්නේ ෆිල්ටර් ගැන තුන්වෙනි ලිපිය

 ෆ්ලුයිඩයිස්ඩ් බෙඩ් ෆිල්ටර් (Fluidized Bed Filters)
තරමක් අළුත් ෆිල්ටර් වර්ගයක්. ඒ වගේම මෙම ෆිල්ටර් වර්ගය බයෝලොජිකල් ෆිල්ටර් ගණයටයි වැටෙන්නේ. මෙම ෆිල්ටරය වැලි පිරවු සිලින්ඩරයකින් යුක්ත වෙනවා.  මෙම ෆිල්ටරයේ වැලි සිලින්ඩරයේ එක් අංශයකින් ජලය ඇතුල් කර අනෙක් පැත්තෙන් ජලය පිටවීම සුදුවේ.

ජල පෙරන වර්ග - 2

කලින් ලිපියේ අන්ඩ‍ර් ග්‍රැවල් ෆිල්ටරය වගේම කෝනර් ෆිල්ටරය ගැන කියලා දුන්නා මතක ඇති නේ. අද කියලා දෙන්නේ තවත් ෆිල්ටර් වර්ගයන් කිහිපයක් ගැන.

ස්පොන්ජ් ෆිල්ටර් (Sponge Filter)
මේ ෆිල්ටර් වර්ගයත් අයත් වෙන්නේ බයෝලොජිකල් ෆිල්ටර් ගණයට.ඒ වගේම මේ ෆිල්ටර් වර්ගයට පාවිච්චි කරන ස්පොන්ජ් වර්ගය ඉතාමත් මිලෙන් අඩුයි. තව දෙයක් තමයි කුඩා මසුන් ඉන්න ටැංකි වලට මේ ජාතියේ ෆිල්ටර් හොඳින්ම ගැලපෙනවා.

මේ ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වය අන්ඩර් ග්‍රැවල් ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වයට බොහෝසෙයින්ම සමානයි.ඉහල නළය මගින් ඔක්සිජන් ලබා දෙන අතර ඒ ඔක්සිජන් සියල්ලම ස්පොන්ජ් එකේ කුඩා සිදුරු වලින් පිටතට ගලාගෙන එනවා. කලක් ගතවෙනකොට හිතකර බැක්ටීරියා වර්ග මේ ස්පොන්ජ් එකේ මතුපිට පෘෂ්ඨයේ වර්ධනය වෙනවා. එම බැක්ටීරීයා වර්ග ඔක්සිජන් සහ ජීවි අපද්‍රව්‍ය එක්ක එකතු වෙලා නයිටජන් හා ඇමෝනියා වැනි වායු වර්ග නිශ්පාදනය කරලා ටැංකියේ නයිටජන් ප්‍රතිශතය ඉතාමත් අඩු මට්ටමකට පවත්වාගෙන යන්න උපකාරි වෙනවා.

Oct 28, 2012

ජල පෙරන වර්ග -1

කලින් ලිපියක ඉල්ලීමක් තිබ්බා ෆිල්ටර් වර්ග ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා.

ඉතින් අද ඒ ඉල්ලීම ඉටු කිරීමටයි මේ සූදානම.. මූලික ෆිල්ටර් වර්ග කිහිපයක් තියෙනවා.ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව බයෝලොජිකල්, කෙමිකල් සහ මිකෑනිකල් කියලා වර්ග තුනකට වෙන්වෙනවා.
පහල තියෙන්නේ එක එක ක්‍රියාකාරීත්වයන්ට අනුකූල ෆිල්ටර් වර්ග !

Oct 27, 2012

ටැංකියක් පටන් ගනිමු - 2

ඔන්න අදත් මින් විසිතුරු එයාගේ බ්ලොග් අඩවිය පැත්තට ගොඩ වැදුනා කලින් නවත්තපු ලිපියේ ඉතුරු ටික කියලා දෙන්ඩ කියලා. කලින් ලිපියේ දි අපි අළුතින්ම පටන් ගන්න මාළු ටැංකියක් පදම් කරගන්න හැටි සහ ටැංකියක් තොරගන්න හැටි කියලා දුන්නා නෙහ්.

අද කියලා දෙන්න යන්නේ අළුතින් පටන් ගන්න ටැංකියක වතුර පෙරනය (ෆිල්ටරය) ස්ථාපිත කරගන්න හැටි සහ ජලජ පැලෑටි සිටුවා ගන්න ආකාරය කියලා දෙන්න.  කවුරුත් දන්නවා නෙව ෆිල්ටරයකින් කරන්නේ වතුර පෙරන එක කියලා.

Oct 20, 2012

ටැංකියක් පටන් ගනිමු

බ්ලොග් එක පටන් ගත්තට පස්සේ අද තමයි හා හා පුරා කියලා ලිපියක් ලියන්න පටන් ගන්නේ. මම මේ බ්ලොග් එකේ තනිකරම ලියන්න හිතන් ඉන්නේ සුරතල් මාළු ගැන !

ඉතින් මාළු ඇති කරන්න කලින් ටැංකියක් පටන් ගන්න ඕන කරන මූලිකම දේවල් ටිකක් තමයි අද ලිපියෙන් කියන්න යන්නේ !

සිමෙන්ති ටැංකි  සහ වීදුරු ටැංකි කියලා ප්‍රධාන වශයෙන් ටැංකි වර්ග දෙකකට වෙන් කරන්න පුලුවන්. ඊට අමතරව ෆයිබර් ටැංකිත් වාහන ටයර් උපයෝගී කරගෙන නිර්මාණය කරන ටැංකිත් ඒ අතර වෙනවා. මේ කොයිම ටැංකියක් උනත් පලවෙනිවතාවට පාවිච්චි කරන්න ගන්නවා නම් මුලින්ම කළ යුතුම කාර්යය වෙන්නේ ටැංකිය හොඳ හැටි පදම් කිරීමයි !

Oct 16, 2012

ආරම්භය

මම මින් විසිතුරු !

බ්ලොග්කරණයට නම් ගොඩක්ම අළුත් කෙනෙක්. !

පුංචි කාළයේ මගේ තිබ්බ ලොකුම විනෝදාංශය තමයි මාළු ඇති කරන එක. මුලින්ම ජෑම් බෝතලයකට දාපු ගප්පි පැටවුන්ගෙන් පටන් අරගෙන අප්පච්චි හදා දීපු ටැංකිය වෙනකන් මාළු ඇති කලා. ඒ දවස්වල අපේ අප්පච්චි හදා දීපු ටැංකියේ මං එක එක මාළු වර්ග ඇති කලා.

සාරි ගප්පි ! ගෝල්ඩ් ෆිෂ් ! බැල්ක් මෝලිස් ! වයිට් මෝලිස් ! ප්ලේටි ! ස්වෝර්ඩ් ටේල් වගේ නානාප්‍රකාර මාළු වර්ග ඇති කලා. කාළයත් එක්ක ඒ ආසාව නැත්තටම නැතිවෙලා ගියා. ඒකට ප්‍රධානම හේතුව උනේ ඉගෙනීමේ කටයුතුත් එක්ක මාළු ඇති කරන වැඩේ කරගෙන යන්න ගෙදරින් ඉඩ නොදීපු එක. :)