Nov 23, 2012

පාට කරපු මාළු - 1

මීලඟට ස්වෝර්ඩ් ටේල් මාළු ගැන පල කරන්න හිටපු ලිපි පෙලට කලින් මට හිතුනා පාට කරපු මාළු ගැන පුංචි පුංචි දේවල් ටිකක් කියන්න. එහෙනම් පටන් ගම්මු.

ස්බාවධර්මයාගෙන් මාළුන්ට විවිධ වර්ණ ලැබිලා තියෙනවා. නමුත් මීට අමතරව මසුන් විකුණන අය ව මසුන්ව විවිධ වර්ණ ගන්වලා විකුණන අවස්ථා තියෙනවා. අද ලිපිය වෙන් වෙන්නේ ඒ ගැන.

 ස්බාවිකව අපට හමුවන සමහර විට මිලෙන් අඩු හෝ එතරම් තැකීමක් සිදු නොකරන මාළුන්ව වර්ණ ගන්වලා මසුන් ඇති කරන්නන්ට විකුණනවා. එහෙම විකිණීමෙන් මසුන් අලෙවි කරුවන් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන කිහිපයක් තියෙනවා.

මිලෙන් අඩු මසුන් වැඩි මිලකට විකිණීම. ස්බාවිකව ජීවත් වෙන මසුන් ඇති කරන අය එතරම් තැකීමක් නැති මාළු වර්ග මෙලෙස වර්ණ ගැන්වීමක් සිදු කරනවා. මේ නිසා පාරිභෝගිකයින්ට මේ මසුන් සදහා වැඩි මිලක් ගෙවීමට සිද්ධ වෙනවා.

දෙවෙනි අරමුණ මීට හාත්පසින්ම වෙනස් අරමුණක්. නවක මසුන් ඇති කරන්නන්ට මසුන් ඇති කිරීම එපා කරවීමටත් මෙම වර්ණ ගැන්වූ මසුන් උපකාරි වෙනවා කීවොත් ඔබ පුදුම වේවි. නමුත් ඇත්ත එයයි. මෙවැනි පාට කරන ලද මසුන්ට යම් කාල සීමාවකදි මෙම ඩයි වර්ග විස වීමක් සිද්ධ වෙනවා.

 එම ඩයි වර්ග විස වීමෙන් ඉතා ඉක්මනින්ම මසුන් මිය යනවා. මේ නිසා රෝගය නීර්ණය කිරීමටත් පෙරම මසුන් මිය යන නිසා නවක මසුන් ඇති කරන්නන්ට මෙම විනෝදාංශය එපා වීමක් සිද්ධ වෙනවා.

තවත් සුළු සුළු අරමුණු තිබ්බත් ප්‍රධානම අරමුණු දෙක තමයි ඉහලින් සඳහන් කරලා තියෙන්නේ.

මසුන් විකුණන්නන් මෙම මසුන් පාට කිරීම සඳහා විවිධ ක්‍රම උපයෝගී කරනවා. පහත දැක්වෙන්නේ එම ක්‍රම වලින් කිහිපයක්.

ඩයි (සායම්) එන්නත් කිරීම
මසුන් පාට කිරීමේ ප්‍රධානම ක්‍රමව එහෙමත් නැත්නම් ජනප්‍රියම ක්‍රමය තමයි මේ. විවිධ ඩයි වර්ග එන්නත් කටුවකට දමා ටැංකියෙන් අල්ල ගන්න මසුන්ගේ හමට වදින සේ ඩයි විදිම. ගොඩක් වෙලාවට ග්ලාස් ෆිෂ් (වීදුරු මාළු) ඩයි කරන්නේ මේ ක්‍රමයෙන්.





ඩයි (සායම්) තුල ගිල්විම
එන්නත් කිරීම හැරුනකොට ජනප්‍රියම ක්‍රමය තමයි මේ. මේ ක්‍රමයෙන් සිද්ධ කරන්නේ ඩයි තබා ඇති බඳුනට මසුන් ගිල්වා පසුව ජලය සහිත වෙනත් ටැංකියකට මාරු කිරීමයි. මෙම ක්‍රමයෙන් ගොඩක් විට මසුන් මැරෙන ප්‍රවනතාව වැඩියි.එසේ වන්නේ ඩයි තුල ගිල්වීමෙන් එම සැර ඩයි වර්ග මසුන්ගේ සිරුරු තුලට ගමන් කර විවිධ ලෙඩ සෑදීමයි. මේ නිසා මෙම ක්‍රමය එතරම් ජනප්‍රිය නැත.

වර්ණවත් ආහාර ලබා දීම
මෙම ක්‍රමය ස්වාබාවික ක්‍රමයක්. මෙම ක්‍රමයෙදි සිද්ධ කරන්නේ විවිධ වර්ණක සහිතාඅහාර වර්ග ලබා දී එමගින් මසුන් ගේ සිරුරු තුළට වර්ණක ඇතුළු කිරීමයි. මෙම ක්‍රමයෙන් මසුන්ට විශාල හානියක් සිදු නොවේ. නමුත් මෙම ක්‍රමය එතරම් සාර්ථක නැත.එසේ වන්නේ මසුන්ට සාමාන්‍ය කෑම බලා දුන් විට නැවත ස්භාවික වර්ණයටම පත්වීමයි.

ඔය වගේ ක්‍රම තමයි මසුන් පට කිරීමට යොදා ගන්නේ. මීලඟ ලිපියෙන් පාට කළ මසුන් වර්ගා හා පාට කළ මසුන් හඳුනා ගන්නා ආකාරය ගැන සලකා බලමු.

එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !

--------------------------------------------------------------
ප.ලි. -  මේ සති අන්තයේ මින් විසිතුරු ගම රට බලා යන්න කියලා. ඒ නිසයි සති අන්තයට පල වෙන්න තිබ්බ ලිපි දෙක කලින්ම පල කලේ. සඳුදත් නිමාඩු දැම්ම හන්දා අඟහරුවාදා තමයි ආයෙම සේවයට වාර්ථා කරන්නේ. සියළු දෙනාට සුබ සති අන්තයක්.

40 comments:

  1. මට මතකයි සිරසේ ඉස්සර ගිය ප්‍රෝග්‍රෑම් එකක් ඇලවුනු ලෝකය කියල. අන්න ඒකෙ ගියා ඔය වීදුරු මාළු ඩයි කරන විදිය ගැන. :) පරණ මතකයක් අලුත්කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හරීත් කලින් පෝස්ට් එකක ඔය විදිහේ පාට කරන මාළු ගැන කිව්වා. ඒ නිසයි මේ ගැන හොයන්න හිතුනේ.

      Delete
    2. ඇලවුනු ලෝකය :O

      හරි පුදුමයි එකේ නේද මචං පෙන්නුවේ... කිංස්ලිද කොහිද කලේ

      Delete
    3. මාත් ඔය කියන වැඩසටහන බලලා තියේ. පට්ට !

      Delete
    4. අන්න වැඩසටහන්.. ඒකට අද..

      Delete
    5. @Alexander Cඅගෙ
      දැන් නම් ගන්ඩ හසරක් නෑ.

      Delete
  2. ෂික් ... කාලකණ්ණි. ඉතිං බං උන්ගෙ දෙකයි පනහෙ වැඩවලට අහිංසක සත්තු බිලි දෙනවට වැඩිය හොඳයි ඕක පස්සට විදගෙන උන් මැරෙනවනම්. ජරා යක්කු.

    නිවාඩුව සතුටින් ගත කරන්න. ඉතිං මචං අඟහරුවාදා පෝයනේ. එදත් ඉඳල බදාදා උදේම එන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සෑහෙන මාළු ප්‍රමාණයක් මැරෙනවා මේ නිසා. පවු.

      නෑ නෑ අඟහරුවාදා හවස තමයි ගෙදරින් එන්නේ. බදාදාට වැඩට ඉන්නේ. :)
      බදාදා උදෙම්ම ඇහැරිල එන්න අමාරුයි. අනික එතකොට වැඩ කරන්නත් එපා වෙනවා.

      Delete
  3. මාලුත් පාට කරලා විකුනනවද ?? අදමයි දැනගත්තෙ අපුරුයි සහො

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු. ඒක මරු වෙලදාමක්. අඩු වියදම් මාළු පාට කරලා විකුණනවා !

      Delete
  4. හා.. මං මේ ග්ලාස් ෆිෂ් කියන නම මතක නැතුව හිටියේ ඕක අහන්න... මං දවසක් ටීවි එකේ දැක්කා ඔය ගැන වැඩසටහනක්...

    ReplyDelete
    Replies
    1. ඔය වැඩසටහන මාත් බලලා තියෙනවා.
      ඒක නෙමේ. මං හිතුවේ ඔයා ආයෙම මේ පැත්තේ එන්නේ නැති වේය කියලා. මොකද මාළු ඇති කරන්න ආසාවක් නෑ කිව්වා නෙව. :)

      Delete
    2. මාළු ඇතිකරන්න කලින් ගෙයක් හදා ගන්න එපැයි බං... හි හි.. මං මාළු දිහා බලං ඉන්න ආසයි.. ඇති කරනවට වඩා...

      Delete
    3. අප්පටසිරි.
      එතකොට හිරුවා ඉන්නේ කුලීගේක ද ? එහෙනම් ඉක්මනින් ම තමන්ගේ කියලා වහලක් යටට යන්න වරම් ලැබෙන්න කියලා පතනවා.

      Delete
  5. මං නම් අදමයි මේ සීන් එක ගැන දන්නේ! කොහොමද අපි මාළු ගන්න ගියාම පාට කරපු එවුන්ව අඳුර ගන්නේ? හැම මාළුවෙක්ටම ඒ වැඩේ කරන්න පුලුවන්ද
    ?

    ReplyDelete
    Replies
    1. ඒක ඊලඟ ලිපියෙන් ලියන්න කියලා ඉන්නේ. හැම මාළ්Uවෙක්ටම මේ වැඩේ කරන්නේ නෑ. ගොඩක් වෙලාවට අලෙවිය අඩු මාළු ජති වලට තමයි මේ දේ කරන්නේ.

      Delete
  6. හානේ... මම අදමයි මෙහෙම කතාවක් දන්නේ.... අයියෝ හෙන පව් වැඩක්නේ..... :(

    නිවාඩුව හොදින් ගත කරන්න ලැබේවා....! :D

    ReplyDelete
    Replies
    1. පවු වැඩක් නේන්නම්. සෑහෙන මාළු ප්‍රමාණයක් මැරෙනවා.

      Delete
  7. මාළු පාට කරනවා අදමයි දැනගත්තේ.....වටිනා තොරතුරක් ....

    ReplyDelete
    Replies
    1. මාළු වර්ග කිහිපයක් පාට කරනවා. ඒ වර්ග ගැන දැනගන්න මගේ දෙවෙනි පෝස්ට් එක බලන්න.

      Delete
  8. හෆ්ඵට සිරි.. මෙහෙව් ලෝකයක්. මං හිතුවේ මිනිස්සු විතරයි ඩයි කරන්නේ කියල. ඒකනම් පව් වැඩක් බං. ඉතින් අර ඉන්ජෙක්ෂන් එක හමට විදිනවා කිව්වේ උන්ගේ හම ඇතුලට විදිනවද.. නැත්තන් ස්ප්‍රේ වගේ පිටින් වදින්න විදිනවද.
    ඕක විද්දට පස්සේ තීන්ත වේලෙන්න කොච්චර වෙලා යනවද..

    ReplyDelete
    Replies
    1. වේලෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා නම් දන්නේ නෑ. තීන්ත විද්ද ක්ෂණයෙම ටැංකියට දානවා.
      ඒ තීන්ත, මාළුවාගේ ජීවිත කාළය පුරාම තියෙනවා.

      Delete
  9. සිංහලෙන් ලියවුන බ්ලොග් වල තිබ්බ අඩුවක් ...දැන් හරි .

    මගෙත් විනෝදාංශයක් . දැනුත් අපේ පොඩි ෆ්ලැට් එකෙත් මාළු ටැංකියක් තියෙනවා .
    දිගටම ලියන්න . පුළුවන් නම් මත්ස්‍ය පවුල් ( උදා . සික්ලි , චාකින්( ටෙට්රා වර්ග), ලයිව් බෙයරර්ස් (ප්ලේටි , ගප්පි)) ගැන පොඩි විස්තරයක් දාන්න .

    ReplyDelete
    Replies
    1. ලයිව් බෙයර‍ර්ස්ලා දෙවර්ගයක් ගැන ලිව්වා. ලිපි මල්ලේ බලන්න සහෝදරයා.
      ඔය කියපු වර්ග ගැනත් ඉදිරියේදි ලිපි පල වේවි. එතකන් මාත් එක්ක රැඳි ඉන්න කියලා ඉල්ලනවා :)

      Delete
  10. මාර තාක්ෂණික ක්‍රමත් මේ වැඩේට ගන්න බව දැනගත්තේ අද තමා.

    ReplyDelete
    Replies
    1. මොන තාක්ෂණික ක්‍රමේ උනත් මාළු මරන්න යොදාගන්න එක වැරදියි අයියේ.

      Delete
  11. මාළු පව් තමයි.එත් අපේ මානෂික ආතතීය නැති වෙනවා මාළු පැංචියන් නිසා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔවු. මාත් පැයකටවත් මාළු ටැංකියෙන් මෙහාට්ට එන්නේ නෑ. ඒ තරම් ආසයි මාළු දිහා බලන් ඉන්න.

      Delete
  12. විදුරු මාළු කියන්නේ මුක්කුද බං

    ReplyDelete
    Replies
    1. වීදුරු මාළු එහෙම නැත්නම් ග්ලාස් ෆිෂ් කියලත් මුන්ව හඳුන්වනවා.මුන්ගේ සිරුර විනිවිද පෙනෙන මාළු ජාතියක්.
      ඒ ගැන මගේ දෙවෙනි ලිපිය බලන්න.

      Delete
  13. හ්ම්ම් ඔව් ඔවනම් මහ කාලකන්නි වැඩ තව එකක් තියෙයි අර බඩ පලලා කරන වැඩෙ

    ReplyDelete
    Replies
    1. බඩ පලලා චූටි සර්කිට් කෑල්ලක් දානවා කියලා මං අහලා තියෙනවා. ඒකත් හොයලා බලමු.

      Delete
  14. හපොයි මාලුන්ටවත් ඉන්න දෙන්නේ නැති හැටි මේ මිනිස්සු...අදමයි ඇහුවේ මේ ගැන

    ReplyDelete
    Replies
    1. නොදන්න දෙයක් කියා දුන්න එකට සතුටුයි.
      මම නම් ටීවි එකේ ගිය වැඩසටහනකින් මේක දැක්කා.

      Delete
  15. මම ඔය ඩයි එන්නත් කරන වීඩියෝවක් දැකලා තියෙනවා... ලංකාවෙත් කෙරෙනවද මේ වැඩේ දැන්...

    ReplyDelete
    Replies
    1. නෑ.. මං දන්න විදිහට නම් දැනට ලංකාවේ මාළු පාට කරන් නෑ.

      Delete
  16. සිරා හෙන ගහනවා !!

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?