Nov 10, 2012

ගෑනු මාළු සහ පිරිමි මාළු හදුනා ගැනීම

කලින් ලිපියක දූපත් වැසියා අහලා තිබ්බා මාළුන්ගේ ගෑනු සත්තු පිරිමි සත්තු අඳුන ගන්නේ කොහොමද කියලා.අන්න ඒ පිළිබඳව කියලා දෙන්නයි අද සූදානම. එක එක වර්ගය අනුව ගෑනු පිරිමි මාළුන් අඳුන ගන්න ක්‍රමය වෙනස් වෙනවා. ඒ නිසා සුලබ මාළු වර්ග කිහිපයක් ගැන ලියන්නම්.

මාළු ගන්න ගියහම ගෑනු පිරිමි වර්ගය අදුනාගෙන තියෙන එක ලොකු උදව්වක් වෙනවා.මොකද එකම ජාතියක් ගෙනාවට පස්සේ පැටවු දාන්නේ නෑ කියලා කන් කෙදිරි ගාන්න ඕන යෑ. :)



ගප්පි - ඇස් වහගෙන උනත් ගෑනු පිරිමි හොයතෑකි. පිරිමි මාළු ගොඩක් ලස්සනයි.ගෑනු සත්තු ඒ තරම් ලස්සන නෑ. ඒ වගේම පිරිමි සත්තු ප්‍රමාණයෙන් කුඩායි. ගෑනු සත්තු, පිරිමි සත්තු එක්ක බලනකොට ප්‍රමාණයෙන් ටිකක් විශාලයි.

ප්ලේටි -  පිරිමි සත්තුන්ගේ ගුද වරල නලයක (ටියුබ්) එකක හැඩයක් ගන්නවා. ගෑනු සත්තුන්ගේ ගුද වරල සාමාන්‍ය වරලක්.කොටින්ම ගුද වරල ටිකක් ලොකු එකා පිරිමි සතා කියලා මතක තියාගත්තම හරි. මීට අමතරව පිරිමි සත්තු, ගෑනු සත්තුන්ට වඩා කුඩායි කෙට්ටුයි. මේක නම් එච්චර හොද වෙන් කිරීමක් නෙමෙයි.මොකද විවිධ වයස් කාණ්ඩයේ දෙන්නෙක්ව ගත්තොත් සයිස් එකෙන් හොයන්න බෑ.

ස්වෝඩ් ටේල් -  පිරිමි සතාට විතරයි කඩුවක් වගේ වල්ගය පිහිටලා තියෙන්නේ. ගෑනු සතාට එහෙම නෑ. මුන්ගෙත් පිරිමි සතා පොඩියි. ගෑනු සතා ලොකුයි. ඇඟ රවුම් හැඩයක් ගන්නවා.

මෝලීස් (සුදු කළු දෙවර්ගයම) -  පිටේ වරල ලොකුවට සහ හීනිවට තියෙන්නේ පිරිමි සතාට.ගෑනු සතාගේ පිටේ වරල පොඩියි ඒ වගේම ටිකක් මහතයි. ඒ වගේම පිරිමි සතාගේ වල්ගා වරලේ ප්‍රධාන වර්ණයට අමතරව විවිධ වර්ණ තියෙනවා. (කළු මෝලින්ගේ කළු පාටට අමතරව අළු පාට සුදු පාට). මුන්ගෙත් ලොකු ගුද වරලක් තියෙන්නේ පිරිමි සත්තුන්ට. ගෑනු සත්තුන්ගේ ගුද වරල පොඩියි.

ගෝල්ඩ් ෆිෂ් -  පිරිමි සත්තුන්ගේ කරමල් ආවරණය ලඟ කුඩා කුරුලෑවක ආකාරයේ බෝල දෙකක් තියෙනවා. කරමල් ආවරණයේ සුදු පාට කුරුලෑව බැගින් තියෙනවා.

ඔස්කාර් -  කනගාටුයි. හැඩයෙන් නම් හොයාගන්න බෑ. දෙගොල්ලොම එක වගේමයි. ඒ නිසා 'කරනකන්ම' බලාගෙන ඉන්න වෙනවා. ඒ කිව්වේ සංසේචනයෙන් පස්සේ බිත්තර දාන්නේ ගෑනු සතා.

සීබ්‍රාස් -  පිරිමි සත්තු න්ගේ බඩ දෙපැත්තේ කහ පාට හෝ රෝස පාටට හුරු පාටක් ගන්නවා. ගෑනු සත්තුන්ගේ බඩ දෙපැත්ත නිල් හා සුදු පාටක් ගන්නවා. මීට අමතරව පිරිමි සත්තු කෙට්ටුයි. ගෑනු සත්තු රවුම් ස්බාවයක් ගන්නවා.

ෆයිටර් (බෙටා) -  පිරිමි සත්තුන්ට ලස්සන ලොකු වරල් පිහිටලා තියෙනවා. ගෑනු සත්තුන්ට ඒ තරම් ලස්සන වරල් නෑ. ගෑනු සතාට වඩා පිරිමි සතා ලස්සනයි.

ඒංජල් -  මාළු දෙන්නෙක් එකිනෙකාට ලන් වෙනකොට සමේ කොටසක් පහලට නෙරා එනවා. ඒක සිහින් හා තුඩක් වගේ තියෙන්නේ ගෑනු සතුන්ගේ. පිරිමි සතුන්ගේ ඒ සමේ කොටස මහතයි. පිරිමි සතා මහත හා රවුම් හැඩයක් ගන්නවා. ගෑනු සතා පැතලි හැඩයක් ගන්නවා.

නියෝන් ටෙට්‍රා -  බඩ පැත්තේ ඉරි වක් හැඩයක් නම් තියෙන්නේ ඒ ගෑනු සත්තු. සරල රේභා වගේ නම් ඒ පිරිමි සත්තු.

කාෆ් -  උදර වරල කොටස් දෙකක් නම් ගෑනු සත්තු. තනි කොටසක් නම් පිරිමි සත්තු.

ගුරාමි - තුඩක් වගේ හැඩයක් තියෙන පෘෂ්ඨිය වරලක් තියෙන්නේ පිරිමි සතාට. කෙටි හා රවුම් පෘශ්ඨිය වරලක් තියෙන්නේ ගෑනු සත්තුන්ට.

කැට් ෆිෂ් -  ලොකු පෘෂ්ඨිය වරල් තියෙන්නේ පිරිමි සත්තුන්ට.ගෑනු සත්තුන්ගේ පෘෂ්ඨිය වරල් පොඩියි. ඊට අමතරව වරල් වල පාට ගොඩක් ලා පාට නම් ඒ පිරිමි සත්තු

-----------------------------------------------------------
ප.ලි. -  වරල් ගැන නොතේරෙන තැනක් තියෙනවනම් මාළුන්ගේ කොටස් ගැන මම මීට කලින් ලියපු ලිපිය බලන්න. මේ හේතුව නිසයි කොටස් ගැන කලින් කිව්වේ.

ප.ප.ලි. -  මගහැරුන මාළු වර්ගයක් ඉන්නවා නම් මතක් කරලා දෙන්න.

50 comments:

  1. Replies
    1. අරවානා මාලුවාගේ ගැහැණු හා පිරිමි අදුනගන්නේ කොහොමද?

      Delete
    2. කාප් ගේ උදර වරල් කොටස් දෙකක් ගැන කීවේ , මොකක්ද උදර වරල කියන්නේ? අකුරු වැරදීමක් වෙලාද ?

      Delete
  2. නියම තොරතුරු ටික මලයා.

    ReplyDelete
  3. ගොඩක් හොඳ වැඩක් මල්ලි මය ක‍රන්නේ.මමත් කාලයක් මය ජොබ් එක කෙරුවා .දැන් නුඹ නවත්තල තියෙන්නේ කාලයක් නැති නිසා.එත් මය බ්ලොග් එක දැක්කම ආයෙත් මලු හදන්න හිතුන.මල්ලි එකට හදන්න පුළුවන් මාළු ගැන ආර්ටිකල් එකක් දන්නා.ඒ වගේම මාළුන්ගේ ගනන්නුත් සදහන් කරන්න .koi fish ගැනත් හොයල ලියන්න .කාලෙකින් බැලුවේ නැති නිසා ගණන් දන්නේ නැහැ.මලු ටැංකියට හරියන හොදම ෆිල්ටෙර් ගැනත් ලියන්න මොකද under ග්රවෙඉ ෆිල්ටෙර් ක්‍රමය දැන් හරි නෑ .අස් කරන්න ලේසි නෑ .දිගටම ලියන්න ,ඔබට ජය පතමි .

    ReplyDelete
    Replies
    1. ෆිල්ටර් ගැන නම් කලින්ම ලිව්වා. දිගටම මාළු ගැනම ලියන්න තමයි හිතන් ඉන්නේ. පුලු පුලුවන් වෙලාවක ඇවිදින් කියවලා කමෙන්ට් එකක් දීලා යන්න එන්න. ඒක ලොකු උදව්වක් මට.

      කට්ටිය කියනවා වගේ මිල ගනනුත් ඉදිරි ලිපි වලදි ලියන්නම්.

      Delete
  4. මට මතක් වුනා මේක:

    ඔයාගෙ අම්මා බබෙක් ගෙනාව නේද?

    ඔව් ටීචර්

    නංගියෙක්ද මල්ලියෙක්ද?

    දැන්නෑ ටීච. තාම ඇඳුම් අන්දලා නෑ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හික්ස් :)
      මරු කතාවක් නේ. අර කිව්වත් වගේ ඇඳුම් අන්දන්න එපැයි මල්ලිද නංගිද කියලා කියන්න. :)

      Delete
    2. අපේ බැච් එකේ කොල්ලෙක්ගෙ මල්ලි කෙනෙක් ඉල්ලන්නෙම නංගියෙක්වලු.. ඒත් ඉපදිලා තියෙන්නෙ මල්ලියෙක්ලු.. මූට ඉතින් හරිම අවුල්ලු.. දවසක් මොන්ටිසෝරියට ගියාම අම්මා පොඩි එකත් එක්ක ඌව ගෙනියන්න ඇවිත්.. ටීච කිව්වලු 'අන්න පුතේ අම්මා නංගිවත් අරන් ඇවිත්' කියලා..

      ඉතින් කොල්ලට හෙන හැපිලු.. ඌ දුවගෙන ඇවිත් අම්මට කියනවලු 'අම්මේ ටීච හිතාගෙන ඉන්නෙත් නංගියෙක් කියලා. අපි ගවුමක් අන්ඳවලා තියාගමු'

      Delete
    3. කවුද බං හරි ඒ කෝල්ලා ? :)
      මට නම් ඔය කොයි කගෙන්වත් අවුලක් නෑ. මට අක්කෙකුයි අයියෙකුයි විතරයි නැත්තේ. අනිත් ජැම ජාතියෙන්ම ඉන්නවා

      Delete
  5. එල එල. සයිස් එකෙන් අඳුන ගන්න බෑ කිව්ව එක නම් පින්තුර වලත් පේනවා නේද.. ගැහැණු සතා පොඩියි වගේ. ෆොටෝ ගන්නකොට මුන් හරියට ඉඳල නැතුවද මන්දා..:):)
    හොඳ විස්තරයක් මචන්.!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ. අනිත් එක තමයි ගෑනු සතා,පිරිමි සතාට වඩා බාල උනහමත් ඔය සයිස් එකේ වෙනසක් පේන්නම තියෙනවා.

      Delete
  6. මං ඔච්චර සූක්ෂමව මාළු දිහා බලල නෑනේ කවදාවත්....

    "ඔස්කාර් - කනගාටුයි. හැඩයෙන් නම් හොයාගන්න බෑ. දෙගොල්ලොම එක වගේමයි. ඒ නිසා 'කරනකන්ම' බලාගෙන ඉන්න වෙනවා. "
    ඕක දැක්කම නම් මට හිනා ගියා බකස් ගාලා...... :)

    ReplyDelete
    Replies
    1. සමහර මාළු දිහා නම් සූක්ෂමව බලන්නේ නැතුව ගෑනු පිරිමි හොයා ගත්තෑකි. :)

      මං වැරදි කතාවක් කියලා මේ දරුවන්ව නරක් කලාද මන්දා. ආයේ ඉතින් ඕකට බර වචන දාලා කියන්න ඕන යෑ. :)

      Delete
  7. ඕ.. මාළු අඳුරගන්න එක ලේසි ගේමක් නෙවෙයි. මම මාළු ගත්ත නුවර එක කඩයකින්. මට නම නම් මතක නෑ. Kandy Aquarium වගේ මතක. (1999-2004 කාලේ). ඔතන මනුස්සයා මාළු අල්ලන් බඩ මිරිකලා දෙන්නේ. ටික දවසකින් මාළු මැරෙනවා. ලිං වතුර ගෙනත් දාලා පිරිසිඳු වතුරේ හදන මාළු වුනත් මේ මනුස්සයා දෙන මාළු සතියෙන් දෙකෙන් මැරෙනවා. :( මගේ ළඟ ගෝල්ඩ් ෆිෂ් වර්ග කීපයකුත් ප්ලේටිලා ඇති පදමුත් හිටියා. ඊට අමතරින් ඇලෙන් ගෙන සාරි ගප්පි. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒක නම් ගොඩක් වෙලාවට මාළු විකුණන අය කරන දෙයක් තමයි. තවත් සමහරු නම් ලෙඩ මාළු අල්ලලා දානවා. එවුනුත් ඉන්නේ නෑ වැඩිකල්.
      මේ ගැනත් ලිපියක් ඉදිරියේදි ලියන්නම් :)

      Delete
  8. ස්තුතියි, යාළුවා සීන් එක කියල දුන්නට.

    ReplyDelete
    Replies
    1. මේ සීන් එක මතක් කරලා දුන්නට ගොඩක් ස්තුතියි. ඉදිරියේදිත් මගේ ටැංකියට එන්න. :)

      Delete
  9. අප්පට සිරි...දැන් නේ දැනගත්තේ. මාළුවාගේ ගෑනු සතාට කියන විශේෂ නමක් එහෙම තියද?

    ReplyDelete
    Replies
    1. මාලි, මාළු කෑල්ල වගේ ඒවා තමා අපි කියන්නේ ! :)

      මේ පැත්තේ ආවට ස්තුතියි ටීචර් :)

      Delete
  10. ජෑම් ගුරාමි වෙන් කරලා අදුන ගන්න විදිහ කියනවද???
    ඹහොම යං.ජය වේවා!!!!!

    ReplyDelete
  11. ජෑම් ගුරාමි කියන්නෙත් ගුරාමි කුළයට අයත් Giant Gaurami මාළුවා. උන්ගෙත් ගෑනු පිරිමි අදුන ගන්නේ උඩ කියලා තියෙන ගුරාමින්ගේ ගෑනු පිරිමි අඳුන ගන්න විදිහෙන්. වෙනසක් නෑ.

    රිප්ලයි කරන්න පමා උනාට සමාව ඉල්ලමි. අදයි කමෙන්ට් එක දැක්කේ

    ReplyDelete
  12. මරු මින් යාළුවේ...ඇයි කරාඹු දාලා තියෙන්නේ ගෑනු මාළු නේ...අනික කලිසම් අඳින්නේ පිරිමි සත්තු...ඒත් දැන්නම් මගේ ටැංකියේ ඉන්න ප්ලේටිච්චියෙක් කලිසමක් ඇඳගෙන හිටිය...ප්ලේටියට මල පැනලා..කෑම දාන්න ගියාම මගේ කලිසමක් ඉල්ලුවා මටත් 2 යි තියෙන්නේ දීපන්කො ඌට එකෙනුත් එකක්..මම අහු වෙයි ඕවට....

    ReplyDelete
  13. ඔයාගෙ බ්ලොග් එක අගය කරනවා... නමුත් පුංචි වැරැද්දක් පෙන්වලා දෙන්නම්. ඉහත ඡායාරූපවල සිටින ප්ලේටි මසුන්ගේ පිරිමි මත්ස්‍යයා ලෙස පෙන්වා දී ඇත්තේ ගැහැණු මත්ස්‍යාව සහ ගැහැණු මත්ස්‍යා ලෙස හඳුන්වා දී ඇත්තේ පිරිමි මත්ස්‍යාව. ඒක නිවැරදි විය යුතු යි.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක නිවැරදි වෙන්න ඕනේ,.. බ්ලොග් එක ගොඩාක් හොඳයි,..

      Delete
  14. යාලුව මට ගොල්ඩ් ෆිශ් ලව බ්‍රීඩ් කරන හටි දනගන්න ඔනෙ පුලුවන්ද මට උදෞ කරන්න එක ගොඩාක් අය ඔන වෙය් ඔභට ජය!

    ReplyDelete
  15. mcn kaaflage mona waralenda adunaganna puluwan genu satthu pirimi saththu

    ReplyDelete
  16. ගුරාමි බෝ කරගන්නේ කොහොමද ?

    ReplyDelete
  17. ගුරාමි බෝ කරගන්නේ කොහොමද ?

    ReplyDelete
  18. ගුරාමි බෝ කරගන්නේ කොහොමද ?

    ReplyDelete
  19. ගුරාමි බෝ කරගන්නේ කොහොමද ?

    ReplyDelete
  20. ගුරාමි බෝ කරගන්නේ කොහොමද ?

    ReplyDelete
  21. ගුරාමි බෝ කරගන්නේ කොහොමද ?

    ReplyDelete
  22. බොහොම හොද වැඩක් සතුතිය් ඔබට
    ජයශ්‍රි ....

    ReplyDelete
  23. caf lage gahanu pirimi pictures ekak danna puluwanda. godak watinawa

    ReplyDelete
  24. ඔයාගෙ මේ පොස්ට් ගොඩක් වැදගත් ඒවා.මාත් පොඩිකාලේ ඉදන්ම මාලු අති කරනවා..මම ගාව ගොඩක් මාලු ජාති ඉන්නවා. මම අගල් 7ක් විතර දිග සිල්වර් අරවාන මාලු දෙන්නෙක් අවුරුදු 2ට විතර කලින් ගෙනවා...කොහොම හරි දෙන්නා ජොඩුවක්ම වෙන්න අති...දැන් අගල් 25ක් විතර ලොකුයි...ජනවාරි මාසෙ දවසක් මම උදෙ කෑම දාන්න යනකොට අරවානා මාලුවා බිත්තර දාලා තිබුනා ටැන්කිය අඩියෙ...මම බලාගෙන ඉද්දි එක අරවානා මාලුවෙක් බිත්තර කටින් අරගත්ත ඔක්කොම...ඊට දවස් 2ට පස්සෙ ඒ මාලුවා බිත්තර කටින් එලියට දැම්මා ඔක්කොම බිත්තර ස්වුත්තු වෙලා තිබුනේ..එවා නිකන් දියවෙලා වගෙ ගියා.ගිය මාසෙත් බිත්තර දාල තිබුනා හැබැයි එවා කලින් සැරෙ වගෙ කටින් ගත්තෙ නෑ...එවා ටැන්කියෙම කුනුවෙලා ගියා... මට අරවාන බෝකරන්න අසාවක් තියනවා... අරවාන මසුන්ගෙ ගැහැණු පිරිමි මසුන් වෙන් කර හදුනා ආකාරයත් බෝ කරගන්නා අකාරයත් කියල දෙන්න පුලුවන්නම් ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.....

    ReplyDelete
  25. ඔයාගෙ මේ පොස්ට් ගොඩක් වැදගත් ඒවා.මාත් පොඩිකාලේ ඉදන්ම මාලු අති කරනවා..මම ගාව ගොඩක් මාලු ජාති ඉන්නවා. මම අගල් 7ක් විතර දිග සිල්වර් අරවාන මාලු දෙන්නෙක් අවුරුදු 2ට විතර කලින් ගෙනවා...කොහොම හරි දෙන්නා ජොඩුවක්ම වෙන්න අති...දැන් අගල් 25ක් විතර ලොකුයි...ජනවාරි මාසෙ දවසක් මම උදෙ කෑම දාන්න යනකොට අරවානා මාලුවා බිත්තර දාලා තිබුනා ටැන්කිය අඩියෙ...මම බලාගෙන ඉද්දි එක අරවානා මාලුවෙක් බිත්තර කටින් අරගත්ත ඔක්කොම...ඊට දවස් 2ට පස්සෙ ඒ මාලුවා බිත්තර කටින් එලියට දැම්මා ඔක්කොම බිත්තර ස්වුත්තු වෙලා තිබුනේ..එවා නිකන් දියවෙලා වගෙ ගියා.ගිය මාසෙත් බිත්තර දාල තිබුනා හැබැයි එවා කලින් සැරෙ වගෙ කටින් ගත්තෙ නෑ...එවා ටැන්කියෙම කුනුවෙලා ගියා... මට අරවාන බෝකරන්න අසාවක් තියනවා... අරවාන මසුන්ගෙ ගැහැණු පිරිමි මසුන් වෙන් කර හදුනා ආකාරයත් බෝ කරගන්නා අකාරයත් කියල දෙන්න පුලුවන්නම් ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.....

    ReplyDelete
  26. නෑ සහෝ. ඔස්ක ගෑනු පිරිමි අදුරගන්න පුළුවන්. උන්ගේ ටේල් වලිනුයි, පාටිනුයි, බඩෙනුයි. හැබැයි ටිකක් විතර අත්දැකීම් තියෙන්න ඕන.

    ReplyDelete
  27. නියමයි කොල්ලෝව්.... නියමයි

    ReplyDelete
  28. mage laga gurami 18" size 8 denek innawa. gurami maluwage pushtiya warala pihitala thiyenne kothanada.

    ReplyDelete
  29. ගොඩාක් ස්තූතියි ....😍😙

    ReplyDelete
  30. Mada pokunak hadana widiyath liyamuda balanna

    ReplyDelete
  31. Mada pokunak hadana widiyath liyamuda balanna

    ReplyDelete
  32. මචං කාෆ්ලගෙ උදර වරල කියන්නෙ කෝකද ? බඩයට තියෙන එකද ඒකෙ හැමෝගෙම කොටස් දෙකක් තියෙනවනෙ ඔක්කොම ගෑනු සත්තුද එතකොට

    ReplyDelete
  33. කාෆ්ලනම් මේම අදුරගන්න අමාරුයි නේද?

    ReplyDelete
  34. සුපිරි. ඒත් හැම මාලුවාටම පින්තූර දැම්මා නම් තවත් පැහැදිලී😍 ඒත් මාර දෙයක් ඉගෙනගත්තා

    ReplyDelete
  35. කාප් මේල් ෆීමේල් සතුන්, උදර වරල් වලින් හඳුනාගන්න විදිය පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?