කලින් ලිපියෙන් පාට කරපු මාළු ගැන කිව්වා මතකයි නෙ. ඒ ලිපිය කියවන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා ගිහින් කියවන්න. අද ලිපියෙන් කියන්න යන්නේ කොහොමද පාට කරපු මාළු අඳුන ගන්නේ කියලා.
තමන් නොදන්න මාළු වර්ගයක් අළුතින්ම මිලදී ගන්නවා නම් උන්ගේ වර්ණ සංයෝජනය දිහා විමසිල්ලෙන් බැලිය යුතුය.වර්ණ ගන්වන මසුන්ගේ අසාමාන්‍ය වර්ණ ගැලපීමක් තියෙන්නේ.වර්ණ ගැන්වූ කිසිම මත්සයෙකුට එකම හැඩයක් සහිතව වර්ණ ගැන්වීම සිදුකල නොහැකියි.
ඒ වගේම සමහර ස්ථාන වල වර්ණ ගැලවී හෝ වර්ණ ගැන්වී නොමැති ස්ථාන තිබේ. එම ස්ථාන ගැනත් විමසිල්ලෙන් බැලිය යුතු වෙනවා.
Nov 27, 2012
Nov 23, 2012
පාට කරපු මාළු - 1
මීලඟට ස්වෝර්ඩ් ටේල් මාළු ගැන පල කරන්න හිටපු ලිපි පෙලට කලින් මට හිතුනා පාට කරපු මාළු ගැන පුංචි පුංචි දේවල් ටිකක් කියන්න. එහෙනම් පටන් ගම්මු.
ස්බාවධර්මයාගෙන් මාළුන්ට විවිධ වර්ණ ලැබිලා තියෙනවා. නමුත් මීට අමතරව මසුන් විකුණන අය ව මසුන්ව විවිධ වර්ණ ගන්වලා විකුණන අවස්ථා තියෙනවා. අද ලිපිය වෙන් වෙන්නේ ඒ ගැන.
ස්බාවිකව අපට හමුවන සමහර විට මිලෙන් අඩු හෝ එතරම් තැකීමක් සිදු නොකරන මාළුන්ව වර්ණ ගන්වලා මසුන් ඇති කරන්නන්ට විකුණනවා. එහෙම විකිණීමෙන් මසුන් අලෙවි කරුවන් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන කිහිපයක් තියෙනවා.

Nov 22, 2012
ප්ලේටි 4 - Platy- ප්ලේටි දෙමුහුන් කිරීම
ප්ලේටි ගැන ලියවෙන හතරවන ලිපියයි මේ. අද කියන්න යන්නේ ප්ලේටි ප්‍රභේද තවත් මාළු විශේෂත් එක්ක දෙමුහුන් කිරීම ගැන. ගප්පි ගැන කතා කරනකොට දෙමුහුන් කිරීමක් ගැන කතා නොකලේ ගප්පින්ව සාමාන්‍යයෙන් දෙමුහුන් කරන්න ගන්නේ නැති නිසා.
ගප්පින්ව දෙමුහුන් කරන්න බෑ නෙමෙයි දෙමුහුන් කිරීම අඩුවෙන් සිද්ධ කරන්නේ. ගප්පින්වයි මෝලි වර්ගයි දෙමුහුන් කරන්න පුලුවන්. ඒත් දෙමුහුන් කරනවාට වඩා විවිධ ගප්පින්වම නිශ්පාදන කිරීමයි සිද්ධ කරන්නේ.
ගප්පින්ව දෙමුහුන් කරන්න බෑ නෙමෙයි දෙමුහුන් කිරීම අඩුවෙන් සිද්ධ කරන්නේ. ගප්පින්වයි මෝලි වර්ගයි දෙමුහුන් කරන්න පුලුවන්. ඒත් දෙමුහුන් කරනවාට වඩා විවිධ ගප්පින්වම නිශ්පාදන කිරීමයි සිද්ධ කරන්නේ.
Nov 17, 2012
ප්ලේටි 3 - Platy - (ප්ලේටි වර්ග 2)
කලින් ලිපියේ ප්ලේටි භ්‍රබේද ගැන කිව්වා මතක ඇති නේ. පෝස්ට් එක ලෝඩ් වෙන එකට අවුලක් වෙයි කියලා හිතලා මම පෝස්ට් එක දෙකට කැඩුවා. මේ තියෙන්නේ දෙවෙනි පෝස්ට් එක.පළවෙනි පෝස්ට් එක බලන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා ගිහින් බලන්න.
අද එතැන් සිට.......
අද එතැන් සිට.......
ප්ලේටි 2 - Platy - (ප්ලේටි වර්ග 1)
ඔන්න කලින් පොරොන්දු වෙච්ච විදිහට අද කියලා දෙන්න යන්නේ ප්ලේටි වර්ග ගැන. ප්ලේටි ගැන මගේ මුල් ලිපිය කියවන්න බැරි උන අය ඉන්නවනම් මෙතන ක්ලික් කරලා කියවන්න.
Nov 16, 2012
ප්ලේටි - Platy
ඔන්න අද හදුන්වා දෙන්න යන්නේ දෙවෙනි මාළු වර්ගය. මුලින්ම ගප්පි හදුන්වා දුන්නා මතක ඇති නේ. බලන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් පළවෙනි ලිපියත් මෙතනින් දෙවෙනි ලිපියත් මෙතනින් තුන්වෙනි ලිපියත් කියවන්න.
අද ලිපියෙන් කියලා දෙන්නේ ප්ලේටි ගැන. එහෙනම් ප්ලේටි ගැන ඉගෙන ගනිමු.
සාමාන්‍ය නාමය - ප්ලේටි (Platy)
විද්‍යාත්මක නාමය -Xiphophorus maculatus
සාමාන්‍ය දිග - අඟල් 2ත් 2.5ත් අතර අගයක් ගනී.
නිජබිම - මධ්‍යම ඇමරිකාව
හිතකර උෂ්ණත්වය - ෆැරන්හයිට් 65ත් 78ත් අතර (සෙල්සියස් 18ත් 26ත් අතර)

Nov 15, 2012
ටැංකියෙන් ඇළ දොළට ආ මසුන්
පහුගිය දවස්වල මොනරාගල පැත්තේ මිරිදිය ධීවරයෙකුට අරුම පුදුම මාළුවෙක් හම්බ උනා කියලා ප්‍රවෘත්ති වලට කියනවා මින් විසිතුරු අහගෙන හිටියා. මේ මාළුවා ඇලිගේටර් ගා කියන මාළුවෙක්. මේ මාළුවා දැක්කට පස්සේ මින් විසිතුරුට හිතුනා ආක්‍රමනකාරි මාළු ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න.
ඔය මොනරාගල පැත්තෙන් හම්බ උනායි කියන මාළුවා ලංකාවට සුළභ එකෙක් නෙමේ. කොහේ හරි මාළු ටැංකියක ඇති කරලා මුදාහැරපු මාළු වර්ගයක්. කොටින්ම ආක්‍රමණකාරි මාළුවෙක්.
ආක්‍රමණකාරි මාළුන්ගෙන් තියෙන ප්‍රධානම තර්ජනය තමයි ස්බාවික මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීම.එතකොට මිරිදිය පරිසර පද්ධතියේ සමතුලිතතාවයට බාධා ඇති වෙනවා. කොටින්ම සමහර ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වඳවෙලා යන්නත් මේ ආක්‍රමණකාරි මසුන් හේතුවක් වෙනවා.

Nov 12, 2012
ස්කැවෙන්ජර්ස් -Scavengers
ගප්පි ගැන කියා දුන්නට පස්සේ මම කියන්න හිටියේ ප්ලේටි ගැන.නමුත් ප්ලේටි ගැන කියලා දෙන එක චුට්ටක් නවත්තලා අද ලිපියෙන් ස්කැවෙන්ජර්ස්ලා ගැන කියලා දෙන්න හිතුවා. ස්කැවෙන්ජර්ස්ලා ගැන නොදන්න අය නම් ගොඩක් අඩු ඇති. ඕනම පොඩි එකෙක් දන්නවා මුන් ගැන.
ස්කැවෙන්ජර්ස් ????
ස්කැවෙන්ජර්ස් ????
Nov 10, 2012
ගප්පින්ට හැදෙන ලෙඩ
කලින් ලිපියේදී මාළු වර්ගයක ගෑනු පිරිමි වෙන වෙනම අදුන ගන්න හැටි කිව්වා මතකයි නේ. ඔන්න අද කියන්න යන්නේ ගප්පින්ට හැදෙන ලෙඩ වර්ග ගැන. ගප්පි කියන්නේ ලෙඩ වලට ගොඩක්ම ඔරොත්තු දෙන ජාතියක් උනත් ඉදලා හිටලා උන්ටත් එක එක ලෙඩ වර්ග හැදෙන්න පුලුවන්.
මාළු හදන කෙනෙක් උනහම මේ ලෙඩ ගැනත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. එහෙනම් වැඩි කතා ඕනැන්නේ නෑ. වැඩේට බහිමු.
මාළු හදන කෙනෙක් උනහම මේ ලෙඩ ගැනත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. එහෙනම් වැඩි කතා ඕනැන්නේ නෑ. වැඩේට බහිමු.
ගෑනු මාළු සහ පිරිමි මාළු හදුනා ගැනීම
කලින් ලිපියක දූපත් වැසියා අහලා තිබ්බා මාළුන්ගේ ගෑනු සත්තු පිරිමි සත්තු අඳුන ගන්නේ කොහොමද කියලා.අන්න ඒ පිළිබඳව කියලා දෙන්නයි අද සූදානම. එක එක වර්ගය අනුව ගෑනු පිරිමි මාළුන් අඳුන ගන්න ක්‍රමය වෙනස් වෙනවා. ඒ නිසා සුලබ මාළු වර්ග කිහිපයක් ගැන ලියන්නම්.
මාළු ගන්න ගියහම ගෑනු පිරිමි වර්ගය අදුනාගෙන තියෙන එක ලොකු උදව්වක් වෙනවා.මොකද එකම ජාතියක් ගෙනාවට පස්සේ පැටවු දාන්නේ නෑ කියලා කන් කෙදිරි ගාන්න ඕන යෑ. :)
මාළු ගන්න ගියහම ගෑනු පිරිමි වර්ගය අදුනාගෙන තියෙන එක ලොකු උදව්වක් වෙනවා.මොකද එකම ජාතියක් ගෙනාවට පස්සේ පැටවු දාන්නේ නෑ කියලා කන් කෙදිරි ගාන්න ඕන යෑ. :)
Nov 8, 2012
ගප්පි - Guppy - 2
ගප්පි ගැන ලියපු පලවෙනි ලිපියේ අන්තිමට මම කිව්වා නේ ගප්පින්ගේ වරල් අනුව වර්ග වලට වෙන් කරනවා කියලා.ඉතින් අද ලිපියෙන් කියලා දෙන්නේ ඒ ගැන. මුලින්ම පහල පින්තූරය බලන්න.
1. වේල් ටේල් (Veil Tail)
මේ වර්ගයේ ගප්පින්ට සමද්විපාද ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත වල්ගා වරලක් පිහිටා ඇත. පිට වරල අවසාන වන්නේ වල්ගා වරලේ මුල් හරියේ ය.
1. වේල් ටේල් (Veil Tail)
මේ වර්ගයේ ගප්පින්ට සමද්විපාද ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත වල්ගා වරලක් පිහිටා ඇත. පිට වරල අවසාන වන්නේ වල්ගා වරලේ මුල් හරියේ ය.
Nov 4, 2012
ගප්පි - Guppy
කලින් ලිපි වලදි ටැංකිය සකස් කර ගන්නා ආකාරය කියලා දුන්නා මතක ඇති නේ. ඔන්න අද තමයි හා හා පුරා කියලා ටැංකියට මාළු හඳුන්වලා දෙන්න යන්නේ. අද ඉදලා දිගටම මසුන් වර්ග ගැන කියලා දෙන්න තමයි මගේ අදහස.
හඳුන්වා දෙන පළවෙනිම මසුන් වර්ගය විදිහට මම තෝර ගත්තේ ගොඩක් අය හොඳින් අඳුනන ගප්පි කියන මාළු වර්ගයයි. ගප්පි වර්ග ඇති කිරීම ගොඩක්ම ලේසියි නිසාත් ඉක්මනින් බෝවීම නිසා මසුන් ඇති කිරීමේ ආසාවත් වැඩි කිරීමේ අරමුණින් තමයි මම ගප්පි වර්ග ගැන මුලින්ම කියලා දෙන්න පටන් ගන්නේ.
(පැහැදිලි කිරිමේ පහසුවට මසුන් සියළුම දෙනා බිත්තර මගින් බෝවන හා පැටවු මගින් බෝවන කියලා වර්ග දෙකකට වෙන් කරන්නම්.)
එහෙනම් ගප්පි ගැන ඉගෙන ගනිමු.

මාළුවෙකුගේ කොටස් හඳුනාගනිමු
මුල් ලිපි වලින් මාළු ටැංකියක් පටන් ගන්න අවශ්‍ය දේවල් ගැන හැඳින්වීමක් කලා මතක ඇති නේ. ඉතින් ඒ දේවල් වලින් පස්සේ අපේ ටැංකියට මසුන් හඳුන්වා දෙන්න ඕනා. එක එක මසුන් වර්ග ගැන කියන්න කලින් පොදුවේ මාළුවෙකුගේ කොටස් ගැන සරල අවබෝධයක් ලබාගෙන ඉන්න එක ගොඩක් වටිනවා කියලා මට හිතුනා.
මොකද ඒක මාළු ඇති කරන කෙනෙක්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන නිසා සහ මාළුවෙකුගේ අසනීපයක් සිද්ධ උනහම රෝග නීර්ණයට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන නිසා !
මොකද ඒක මාළු ඇති කරන කෙනෙක්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන නිසා සහ මාළුවෙකුගේ අසනීපයක් සිද්ධ උනහම රෝග නීර්ණයට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන නිසා !
Nov 3, 2012
මාළුන්ට කෑම
මේ තමයි මින් විසිතුරු අද දවසට ලියන දෙවන ලිපිය. මේ ලිපියෙන් මම කියන්න යන්නේ මාළුන්ගේ කෑම ගැන. අපට වගේම තමා මාළුන්ටත් කෑම වර්ග ගොඩක්ම වැදගත් වෙනවා. :)
පැහැදිලි කිරීමේ පහසුවට මාළුන්ගේ කෑම වර්ග කොටස් දෙකකට වෙන් කරන්නම්. ඒවා,
පැහැදිලි කිරීමේ පහසුවට මාළුන්ගේ කෑම වර්ග කොටස් දෙකකට වෙන් කරන්නම්. ඒවා,
- ජීවි ආහාර
- නිෂ්පාදිත ආහාර
මාළු ටැංකියට ජලජ පැලෑටි
කලින් ලිපියේ පොරොන්දු වෙච්ච පරිදි අද කියලා දෙන්න යන්නේ ජලජ පැලෑටි ගැන.මාළු ටැංකියක් ලස්සන වෙන්න ජලජ පැලෑටි ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ජලජ පැලෑටි ගැන පුංචි පුංචි කාරණා ටිකක් කියලා දෙන්නයි අද සූදානම.
මාළු ටැංකියක ජලජ පැලෑටි වැවීමෙන් අපි මූලිකවම බලාපොරොත්තු වෙන්නේ ටැංකිය ලස්සන කරගන්න. මාළු ඇති කරන අයගේ ලොකුම ආසාව තමා ටැංකිය ලස්සනට තියාගන්න.ඒ නිසා ඒ අතින් ජලජ පැලෑටි ලොකු සේවයක් කරන්නේ.
ඒ වගේම තමයි මාළුන්ට අවශ්‍ය කරන ස්බාවික ජලජ පරිසරය ගොඩ නගන්නත් මේ පැලෑටි වර්ග ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. උන්ගේ සාමාන්‍ය ජීවන රටාවට මේක ගොඩක්ම වැදගත්. නැත්තන් ලේසියෙන්ම ලෙඩ වලට ලක් වෙනවා.
ජලජ පැලෑටි වලින් ලොකුම වාසිය තියෙන්නේ මාළුන්ට. උන්ට දවසකට අවශ්‍ය කෑම වර්ගත් මේ පැලෑටි වලින් ලබා ගන්න පුලුවන්.සමහර මාළු වර්ග පොඩි පොඩි මාළු පැටව් කන නිසා ඒ වගේ පොඩි මාළු පැටවුන්ටත් ආරක්ෂාවත් ලබා ගන්න මේ පැලෑටි උපකාරි වෙනවා.

Nov 1, 2012
මාළු වැස්සක්
මේ ටිකේ පැල්බැඳගෙනම වහිනවා. මේ දැන් පායලා තිබ්බොත් තව ටිහිකින් වහින්න ගන්නවා. ඒ නැත්තන් දවස තිස්සෙම චුරු චුරු ගාලා එක දිගටම පොද වැහි වැටෙනවා. වැස්ස කියන්නේ කොච්චර හොඳ දෙයක් උනත් මින් මැදුරක් කරගෙන යන අපි වගේ උන්දැලාට වැස්ස කියන්නේ ඒ තරම්ම හොද දෙයක් නෙමේ.
වැහි දවස්වල අපේ ටැංකි උතුරලා පිටාර ගලනවා. එතකොට ඉන්න මාළු එකා දෙන්න ටැංකියෙන් එළියට වැටිලා ගහගෙන යනවා.ඒක නවත්තන්න වතුර අස් කරන්නත් ඕන. ඒ මදිවට සමහර මාළුන්ට වැහි වතුර ඇලජික් වෙනවා. ඒ නිසා ඒ වගේ මාළුන්ව හෙවනට අදින්නත් ඕන.
මේ නිසා වැඩ මහ ගොඩක් තියෙන කාලයක් !

Subscribe to:
Posts (Atom)