Showing posts with label ෆිල්ටර් වර්ග. Show all posts
Showing posts with label ෆිල්ටර් වර්ග. Show all posts

Oct 29, 2012

ජල පෙරන වර්ග -3

කලින් ලිපි වලත් දීර්ඝ වශයෙන් ෆිල්ටර් ගැන සඳහන් කලා මතක ඇති නේ. ඒ ලිපි කියවන්න බැරි උනා නම් මෙන්න ඒ ලිපි වලට පාර.
ෆිල්ටර් ගැන පලවෙනි ලිපිය  | ෆිල්ටර් ගැන දෙවෙනි ලිපිය

අද ලියන්නේ ෆිල්ටර් ගැන තුන්වෙනි ලිපිය

 ෆ්ලුයිඩයිස්ඩ් බෙඩ් ෆිල්ටර් (Fluidized Bed Filters)
තරමක් අළුත් ෆිල්ටර් වර්ගයක්. ඒ වගේම මෙම ෆිල්ටර් වර්ගය බයෝලොජිකල් ෆිල්ටර් ගණයටයි වැටෙන්නේ. මෙම ෆිල්ටරය වැලි පිරවු සිලින්ඩරයකින් යුක්ත වෙනවා.  මෙම ෆිල්ටරයේ වැලි සිලින්ඩරයේ එක් අංශයකින් ජලය ඇතුල් කර අනෙක් පැත්තෙන් ජලය පිටවීම සුදුවේ.

ජල පෙරන වර්ග - 2

කලින් ලිපියේ අන්ඩ‍ර් ග්‍රැවල් ෆිල්ටරය වගේම කෝනර් ෆිල්ටරය ගැන කියලා දුන්නා මතක ඇති නේ. අද කියලා දෙන්නේ තවත් ෆිල්ටර් වර්ගයන් කිහිපයක් ගැන.

ස්පොන්ජ් ෆිල්ටර් (Sponge Filter)
මේ ෆිල්ටර් වර්ගයත් අයත් වෙන්නේ බයෝලොජිකල් ෆිල්ටර් ගණයට.ඒ වගේම මේ ෆිල්ටර් වර්ගයට පාවිච්චි කරන ස්පොන්ජ් වර්ගය ඉතාමත් මිලෙන් අඩුයි. තව දෙයක් තමයි කුඩා මසුන් ඉන්න ටැංකි වලට මේ ජාතියේ ෆිල්ටර් හොඳින්ම ගැලපෙනවා.

මේ ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වය අන්ඩර් ග්‍රැවල් ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වයට බොහෝසෙයින්ම සමානයි.ඉහල නළය මගින් ඔක්සිජන් ලබා දෙන අතර ඒ ඔක්සිජන් සියල්ලම ස්පොන්ජ් එකේ කුඩා සිදුරු වලින් පිටතට ගලාගෙන එනවා. කලක් ගතවෙනකොට හිතකර බැක්ටීරියා වර්ග මේ ස්පොන්ජ් එකේ මතුපිට පෘෂ්ඨයේ වර්ධනය වෙනවා. එම බැක්ටීරීයා වර්ග ඔක්සිජන් සහ ජීවි අපද්‍රව්‍ය එක්ක එකතු වෙලා නයිටජන් හා ඇමෝනියා වැනි වායු වර්ග නිශ්පාදනය කරලා ටැංකියේ නයිටජන් ප්‍රතිශතය ඉතාමත් අඩු මට්ටමකට පවත්වාගෙන යන්න උපකාරි වෙනවා.

Oct 28, 2012

ජල පෙරන වර්ග -1

කලින් ලිපියක ඉල්ලීමක් තිබ්බා ෆිල්ටර් වර්ග ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා.

ඉතින් අද ඒ ඉල්ලීම ඉටු කිරීමටයි මේ සූදානම.. මූලික ෆිල්ටර් වර්ග කිහිපයක් තියෙනවා.ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව බයෝලොජිකල්, කෙමිකල් සහ මිකෑනිකල් කියලා වර්ග තුනකට වෙන්වෙනවා.
පහල තියෙන්නේ එක එක ක්‍රියාකාරීත්වයන්ට අනුකූල ෆිල්ටර් වර්ග !