Nov 4, 2012

මාළුවෙකුගේ කොටස් හඳුනාගනිමු

මුල් ලිපි වලින් මාළු ටැංකියක් පටන් ගන්න අවශ්‍ය දේවල් ගැන හැඳින්වීමක් කලා මතක ඇති නේ. ඉතින් ඒ දේවල් වලින් පස්සේ අපේ ටැංකියට මසුන් හඳුන්වා දෙන්න ඕනා.  එක එක මසුන් වර්ග ගැන කියන්න කලින් පොදුවේ මාළුවෙකුගේ කොටස් ගැන සරල අවබෝධයක් ලබාගෙන ඉන්න එක ගොඩක් වටිනවා කියලා මට හිතුනා.

මොකද ඒක මාළු ඇති කරන කෙනෙක්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන නිසා සහ මාළුවෙකුගේ අසනීපයක් සිද්ධ උනහම රෝග නීර්ණයට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන නිසා !

එහෙනම් පහල පින්තූරය බලලා පොඩි අවබෝධයක් ලබා ගන්න. මම ඒවායේ ක්‍රියාකාරීත්වය කෙටියෙන් පහදන්නම් !

නාස් පුඩුව -  මාළු හුස්ම ගන්නේ කරමල් උනත් උන්ට නස් පුඩු පිහිටලා තියෙනවා. ඒ උන්ට කෑමක් තියෙන තැනක් පහසුවෙන් අඳුන ගන්න. ඊට අමතරව ගන්ධයක් හඳුන ගන්නත් මේ නාස් පුඩු ප්‍රයෝජනවත් වෙනවා.

මුඛය - අමුතුවෙන් කියන්න ඕනැන්නේ නෑ නේ. කෑම ගන්න තමයි මුඛය පිහිටලා තියෙන්නේ. ඒ වගේම  සංවේදක ශෛලත් කට ඇතුලේ පිහිටලා තියෙනවා. ඒවායින් උන් රස හඳුනා ගැනීම සිදු කරනවා.

කරමල් ආවරණය - මාළු හුස්ම ගන්නේ කරමල් වලින් කියලා කවුරුත් දන්නවා නෙව.අන්න ඒ කරමල් ආරක්ෂාවට තමයි කරමල් ආවරණය තියෙන්නේ.

ළය වරල් - මේවායින්  මාළු යම් තැනක ස්ථායිව නැවතී ඉන්න පාවිච්චි කරනවා.ඊට අමතරව නැවතී සිටීමටත් ගමන් වේගය අඩු කිරීමටත් පාවිච්චි කරනවා. පසුපසට පිහිනීමටත් පාවිච්චි කරන්නේ මේ වරල්

ගුද වරල් - මේ වරල් පාවිච්චි කරන්නේ සෘජුව සිටීමට සහ වේගයෙන් පිහිනන විට සිරුර හැරවීමටයි. වේගයෙන් පිහිනනකොට මේ වරල සුක්කානමකින් හරවනවා වගේ සිරුර හරවන්න පාවිච්චි වෙනවා. මීට අමතරව ලිංගික කටයුතු පහසු කර ගැනීමටත් මේ වරල් පාවිච්චි වෙනවා.

වල්ගා වරල - මාළුවාට ඉදිරියට පිහිනීම සදහා උදව් වෙන්නේ මේ වරලයි. ඊට අමතරව වේගයෙන් පිහිනනවිට සිරුර හරවන්න ප්‍රධාන වශයෙන්ම උදව් වෙන්නේ වල්ගා වරලයි.

පිට වරල් - මෙම වරල පාවිච්චි වෙන්නෙත් මාළුවාට සෘජුව සිටීමටයි. මේ වරලේ මෘදු සහ දෘඩ කොටස් දෙකකින් යුක්ත වෙනවා. දෘඩ කොටස ආරක්ෂක උපක්‍රමයක් විදිහටත් සමහර විට ශ්‍රේෂ්ඨත්වය විහිදා පෑමටත් පාවිච්චි කරනවා. මෘදු වරලෙන් පිහිනන විට සිරුර හැරවීමටත් උපකාරි කරගන්නවා.

පෘශ්ඨිය රේඛාව - චලන හඳුනා ගැනීම තුලින් සතුරන්ගෙන් බේරී පලා යාමට මෙම රේඛාව උපයෝගි වෙනවා. ඊට මතරව සංවේදක සදහාත් මේ රේභාව උපයෝගි වෙනවා.


මාළුවෙකුගේ කොටස් පිලිබඳ විග්‍රහය මෙතනින් හමාර වෙනවා. ඉදිරි ලිපි වලින් ටැංකියට මාළු හඳුන්වා දෙන අයුරු සලකා බලමු.
ජය වේවා !

දවසේ සුරතල් මත්ස්‍යයා - සීබ්‍රාස්  (Zebras)


33 comments:

  1. මං මේ හැමතැනම මං මාළු ගැන දන්නෙ නෑ කිය කිය ගියාට මට මේපාර නං ප්‍රශ්න පත්තරයක් තියෙනව අහන්න.. හි හි.. කමක් නෑ කමක් නෑ... ඒව ලියවෙයි නොවැ ළඟදිම... එතකොට අහමු...

    මං හිතං හිටියේ මේ සීබ්‍රාස් කියන්නේ අර කළුයි සුදුයි ඒන්ජල්ලට කියලා... හපොයි... මදෑ කොලා....

    ReplyDelete
    Replies
    1. ආ හිරු සී......බ්‍රා කියන්නේ අර ඔයාලගේ ගෙදර වැලේ වනල තිබුණු කළු සුදු ඉරිතියන ඒවට තමා...40 විතර සයිස්..

      Delete
    2. බලාගෙන ගියහම ඔයත් යමක් කමක් දන්නවා නෙව. හරි හිරු. ඕන වෙලාවක අහන්න තියෙන දෙයක් තියෙනවනම් අහන්න. මම දන්න දෙයක් නන් කියලා දෙන්නම්. නොදන්න දෙයක් නන් දන්න එකෙක්ගෙන් අහලා හරි කියන්නම්. :)

      Delete
    3. @නලින්
      හික්ස්. :)
      ඕන් මං නම් ඕවට නෑ..බලාගෙන ගියහම නලින් අයියටත් පුදුම දේවල් නේ දන්නේ. හික්ස් :)

      Delete
    4. නලීන් අයියා ගෙදර ඉන්න දවසට කරන්නෙ අහල පහල ගෙවල්වල රෙදි වැලවල් ගාඩ් කරන එක වෙන්ඩෝනෑ.. හි හි
      ( නැත්තම් මම දන්නෙත් නැති ඒවා එයා කොහොමයි දන්නේ... හි හි)

      Delete
    5. අනේ මන්දන් නෑ මේවා නම්. හික්ස් :)

      Delete
    6. හප්පට සිරි නලින් අයිය දන්නා දේවල්

      Delete
    7. ඒක නේන්නම්. පුදුම දේවල් දන්නේ.

      Delete
  2. නියමයි මලේ දැනුම ලැබෙනවා මේ ඉසව්ව ගැන නියමෙට ඔයාගේ ලිපි වලින්
    මම සමකට වටේ (samakaya wate) දුවන එකා

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීමට ස්තුතියි අයියා.
      දිගටම මේ පැත්තේ ඇවිදින් මේ කරන දිරිමත් කිරිල්ලට ගොඩක් පින්
      මේ ලිපි සෙට් එකෙන් මම දන්න දේවල් කියලා දෙනවා අගේම නොදන්න දේවලුත් අන්තර්ජාලයෙන් ඔයාලගෙන් ඉගෙන ගන්නවා.

      Delete
  3. 1.මින් විසිතුරු හොඳ බ්ලොගක් බව පටන් ගනිද්දිම පේනවා..

    2. මම පොඩි කාලෙ ඉඳන්ම මාළු ඇතිකරන්න හරිම ආසයි. ඒත් 'අවාසනාවට ඇත්ත කතාවක්' මම ගේන ගේන මාළු මැරිලා යනවනෙ.. හැබැයි මට හොඳ හොඳ මාළුගන්න සල්ලි තිබ්බේ නම් නෑ.. ප්ලේටි, බ්ලැක් මොලීස් වගේ එවුන් තමා ඇතිකළේ.. ඒත් මොකෙක්වත් වැඩිකල් හදන්න බැරිවුනා.. ශිල්පය නොදන්නා නිසා වෙන්න ඕනෙ..

    3. ඉතින් මේ බ්ලොග දැක්කම කට හිතුනා පස්සෙ ලොකු ටැංකියක් ගන්නකම් ගෙදර තියෙන පොඩි ටැංකි දෙකට ආයෙමත් මාළු ගේන්න..

    4. ඉතින් මම මාළු ගේන්නම් හැබැයි බ්ලොග දාලා යන්නෙපා රජෝ මාළු මැරෙයි.. :)

    5. ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. 1. ස්තූතියි

      2. අපි අළුතින් මාළු ඇති කරන්න පටන් ගන්න කෙනෙක්ට මුලින්ම නිර්දේශ කරන්නෙත් සාරි ගප්පි, ප්ලේටි, මෝලීස් වර්ග (බ්ලැක් සහ වයිට්) සහ ස්වෝර්ඩ් ටේල් වර්ග. මොකද උන් ලෙඩ වලට ඔරොත්තු දෙන නිසා සහ පැටවු මගින්ම බෝවෙන නිසා. ඒ නිසා ඉදිරි ලිපිත් එක්ක එකතු වෙමු. මම ක්‍රමේ කියලා දෙන්නම්.

      3. මාත් මාළු හදන්න පටන් ගත්තෙම පොඩි ටැංකියකි. ඊට පස්සේ තමා ඒ ආසාව වැඩි දියුණු උනේ.

      4. බ්ලොගය නම් දාලා යන්නේ නෑ. ඒක ෂුවර්. මොකද මමත් මාළු ගැන සමහර දේවල් ඉගෙන ගන්න කෙනෙක්. ඒ නිසා මගේ ඉගෙනිමටත් පහසුවක් මේ බ්ලොගය.

      5. මම කලින්ම ස්තුති කරලා :)

      දිගටම එන්න හරී. ඒ වගේම අළුතින් ටැංකියක් පටන් ගන්න.

      Delete
  4. එලස්..:) හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් මේ ක්ෂේත්‍රය ගැන මේ ලිපි වලින්.

    ReplyDelete
    Replies
    1. දැනුමට යමක් එකතු උනා නම් ඒක මගේ සතුටට හේතුවක්. මගේ උත්සහය සාර්ථකයි කියලා හිතෙනවා.

      Delete
  5. සීබ්‍රාස් කියලා ජාතියක් ඉන්නවා කියල ඇහුවෙත් අද...... අපොයි මගේ මාළු ගැන දැනුමේ තරම තමා.....

    ReplyDelete
    Replies
    1. සීබ්‍රාස් කියලා කියන්නේ උපරිම අඟල් තුන හතරක් විතර ලොකු වෙන මාළු ජාතියක්. ඕකෙත් ලස්සන ලස්සන ප්‍රබේද ඉන්නවා. පොඩි කාලේ නම් හරියට ගප්පි පැටවු වගේ. සාමාන්‍යයෙන් ජෝඩුවක් 20ක් 25ක් ඉන්නවා. (සයිස් එක අනුව මිල ගනන් වෙනස් වේ.)

      Delete
  6. විසිතුරු මාළු ෂෝප් එකක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔවු.. මාළු ෂොප් එකක් තිබේ.

      Delete
  7. හ්ම්ම් නියමයි. මම ලංකාවට ගිය දවසක ඔයාගේ ලිපි එකින් එක ප්‍රින්ට් කරලා අත්පොතක් හදල පටන් ගන්නවා මාළු හදන්න. හිකිස්.... බය වෙන්න එපා ව්කුනන්න නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මෙයා බල්ලොයි, මාළුයි හදන්න නම් දැනටම පෙරමඟ බලාගෙන ඉන්නේ.. තව ටික දවසක් යනකොට ඔය ලිස්ට් එකට මොනවා එකතු වෙයිද දන්නේ නෑ... හි හි

      Delete
    2. @කෝරලේ මහත්තයා
      විකුණුවත් කමන් නෑ.කවුරුහරි දැන ඉගෙන ගන්නවා නම් ඒ ඇති. ඒකයි මගේ සතුට.

      Delete
    3. @හිරු
      බල්ලෝ හදන්න ඉගෙන ගත්තේ ඔයාගේ පෝස්ට් එහෙකින් දෑ. :)

      Delete
    4. මේකනේ හිරු අක්කේ මට ලංකාවේ කරන හැම දෙයකම අරුමයක් තියෙනවා ලංකාවේ ජීවත් වෙන්න මම හරි ආසයි සැහැල්ලු ලෙසට නමුත් හෙම බැරි ඉතින් අපේ දුප්පත් කම නිසා වෙන්න ඕනේ. නමුත් මම වැඩි දවසක් මෙහෙ ඉන්නේ නැහැ මම අනිවා ලංකාවට යනවා එකට මොකක්ම හරි මාර්ගයක් හදාගෙන. දැන් මේ කාන්තාරේ කාල්ගෑවා ඇති :( අපේ උන්දැට වෙන්නේ සත්තු වත්තක් බලාගන්න බල්ලෝ පූසා(මම) මාළු හිකිස්.............

      Delete
    5. @කෝරලේ මහත්තයා :
      මම අහලා තියෙන කතාවක් තමා අපට අපේ රටේ අගේ දැනෙන්නේ පිටරටක ඉන්නකොටයි කියලා.:)
      කොහොමහරි කමන් නෑ මලයා ඔය රටෙන් ගන්න පුලුවං දේවල් අරගෙන අපේ රටට මොනාහරි හොඳ දෙයක් කරන්න වරෙන්. ඒකයි අපට මේ රටට කරන්න පුලුවං හොදම දේ.
      පාලකයෝ කියන එවුන් ටර කනවා විතරයි මුකුත් කරන් නෑ නෙව. :)

      Delete
  8. මට මාළුන් ගැන තියන බරපතලම ගැටළුව ගෑණු පිරිමි හොයන එක. බඩ කපල බිත්තර තියනවද කියල නෙමේ. වෙන ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ක්‍රම කිහිපයක් තියෙනවා. මම් බැළුවේ පෝස්ට් එහෙකින් උත්තර දෙනවද නැද්ද කියලා. මොකද වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා.

      සරල විදිහ තමා ගොඩක් ජාති වල ලස්සනම සතා පිරිමි එක. ගෑනු සතා ලස්සනින් අඩුයි.
      උදා - ගප්පි, ෆයිටර්, ස්වෝර්ඩ් ටේල් (පිරිමි එකාට කඩුව ඇතා

      Delete
    2. ලස්සනම සතා පිරිමි එකා කියන එකට කොච්චර නම් වාද ගිහින් ඇත්ද?... :)

      Delete
    3. @සාතන්
      පිරිමි සතා ලස්සනයි තමා. :)
      සයිස් එකෙනුත් හොයතෑකි. ඒත් එච්චර සාර්ථක ක්‍රමයක් නෙමේ. වයසින් අඩු එකෙකුයි වයසින් වැඩි එහෙකුයි අහු උනොත් මේ ක්‍රමේ අසාර්ථකයි.

      Delete
  9. නියමයි... හැම එකකටම කමෙන්ට් නොකලට අනිව මේක කියවනව මචන්... දිගටම ලියපන්...

    ReplyDelete
    Replies
    1. කිවනවා කිව්වම සෑහෙන්න සතුටක් හිතේ ඇති උනා. උබලට බොහොම පින්. මම ලියන දෙයක් කියවනවට. මොකද සමහර නොදන්න දේවලුත් ඉගෙන ගන්නවා මං මෙහෙම ලිපි ලිවීමෙන්.

      Delete
  10. පමාවට සමාව. මාළුවා ඇති කලාට හරියට කොරලා නෑ මම. දැන් තමා දන්නේ උන්ට නහයක් තියනවා කියල..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දැක්කම බඩත් අල්ලගෙන හිනා ගියා :)

      Delete
  11. යාලුවනේ මේ බ්ලොග් එක ආයෙත් ලියන්නකෝ

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?