Showing posts with label මාළු විවිධ. Show all posts
Showing posts with label මාළු විවිධ. Show all posts

Jan 19, 2013

කලකට පසු...

පහුගිය ටිකේ සති අන්තවල ලිපි ලිය ලියා හිටපු මින් විසිතුරුවා එක පාරටම අතුරුදහන් වෙලා ආගිය අතක් නැති උනා. ඊට පස්සේ ඒකාගේ මාළු ටැංකිය ඔහේ පාළුවට ගිහින් තිඋනා. ඒ උනාට සමහරු නම් ටැංකිය පාළුවට යන්න නොදී ඉදලා හිටලා ඇවිදින් මාළුවෙක් දෙන්නෙක් බලලා බ්ලොගේ ලියන එකා කොයි කියලත් අහලා තිබ්බා.

ඇත්තටම මොකද මූට උනේ ?  

Dec 16, 2012

අළුත උපන් මාළු පැටවුන් රැක ගනිමු.-1

ගොඩක් වෙලාවට මාළු ඇති කරන කෙනෙක්ගේ ලොකුම ආසාව තමයි තමන් ගෙනාපු මාළු, පැටවු දාන එක. අළුත උපන් මාළු පැටවෙක් දකින්න තියේ නම් ඒක කොච්චර සතුටක් දෑ.  ඉතින් එහෙම හිතාගෙන අරගෙන එන මාළු ටික දවසකින් පැටවු පස් හයදෙනා (සමහර මාළු වර්ග නම් පැටවු සීයයකට ආසන්න ගණනක්) බිහි කරනවා.

ඒත් ටික දවසකින් ඒ පැටවු ටික  මවු මත්සයාගේ හෝ ටැංකියේ ඉන්න වෙන මාළුවෙක්ගේ ගොදුරක් බවට පත් වෙලා අකාලයේ මියෑදෙනවා.ගොඩක්ම වෙලාවට සිද්ධ වෙන්නේ මවු මත්සයාම කුඩා පැටවුන් ආහාරයට ගැනීමයි. පැටවු මගින් බෝවෙන මාළු වර්ග එහෙමත් නැත්නම් ලයිව්බෙයාරර්ස්ලා (Livebearers) නම් අනිවාර්යෙන්ම අළුත උපන් කුඩා පැටවුන්ව ආහාරයට ගන්නවා.

අපි කොච්චරවත් නැහැයි කිව්වට ගප්පිනුත් පැටවු ආහාරයට ගන්නවා. මොකද ගප්පි අයත් වෙන්නෙත් ලයිව්බෙයාරර්ස්ලාට නිසා.

ඉතින් අද කියලා දෙන්න හිතුවා අළුත උපන් පැටවුන්ව මවු මත්සයාගෙන් හරි එහෙමත් නැත්නම් වෙන මාළුන්ගෙන් ආරක්ෂා කරගන්න හැටි. ගොඩක් දේවල් අළුතෙන්ම කියා දෙන්න කියලා එකක් නෑ.අපි දන්න සරල සිද්ධාන්තමයි මෙතනත් පාවිච්චි වෙන්නේ.  :)

Nov 27, 2012

පාට කරපු මාළු - 2

කලින් ලිපියෙන් පාට කරපු මාළු ගැන කිව්වා මතකයි නෙ. ඒ ලිපිය කියවන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා ගිහින් කියවන්න. අද ලිපියෙන් කියන්න යන්නේ කොහොමද පාට කරපු මාළු අඳුන ගන්නේ කියලා.

 තමන් නොදන්න මාළු වර්ගයක් අළුතින්ම මිලදී ගන්නවා නම් උන්ගේ වර්ණ සංයෝජනය දිහා විමසිල්ලෙන් බැලිය යුතුය.වර්ණ ගන්වන මසුන්ගේ අසාමාන්‍ය වර්ණ ගැලපීමක් තියෙන්නේ.වර්ණ ගැන්වූ කිසිම මත්සයෙකුට එකම හැඩයක් සහිතව වර්ණ ගැන්වීම සිදුකල නොහැකියි.

ඒ වගේම සමහර ස්ථාන වල වර්ණ ගැලවී හෝ වර්ණ ගැන්වී නොමැති ස්ථාන තිබේ. එම ස්ථාන ගැනත් විමසිල්ලෙන් බැලිය යුතු වෙනවා.

Nov 23, 2012

පාට කරපු මාළු - 1

මීලඟට ස්වෝර්ඩ් ටේල් මාළු ගැන පල කරන්න හිටපු ලිපි පෙලට කලින් මට හිතුනා පාට කරපු මාළු ගැන පුංචි පුංචි දේවල් ටිකක් කියන්න. එහෙනම් පටන් ගම්මු.

ස්බාවධර්මයාගෙන් මාළුන්ට විවිධ වර්ණ ලැබිලා තියෙනවා. නමුත් මීට අමතරව මසුන් විකුණන අය ව මසුන්ව විවිධ වර්ණ ගන්වලා විකුණන අවස්ථා තියෙනවා. අද ලිපිය වෙන් වෙන්නේ ඒ ගැන.

 ස්බාවිකව අපට හමුවන සමහර විට මිලෙන් අඩු හෝ එතරම් තැකීමක් සිදු නොකරන මාළුන්ව වර්ණ ගන්වලා මසුන් ඇති කරන්නන්ට විකුණනවා. එහෙම විකිණීමෙන් මසුන් අලෙවි කරුවන් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන කිහිපයක් තියෙනවා.