Dec 15, 2012

මෝලි 3 - Molly

කලින් ලිපියේ කියපු විදිහට අද ඉදිරිපත් කරන්න ඉන්නේ මෝලි ප්‍රභේද ගැන ලියපු ලිපියේ ඉතුරු ටික.මම ඒ ප්‍රභේද ටික වර්ග දෙකෙහට බෙදුවා. ඒ තමයි සෙයිල්ෆින් වර්ගය හා ලයිරාටේල් වර්ගය කියලා !

ඒ ලිපිය බලන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම්  මෙතන ක්ලික් කරලා කියවන්න.
එහෙනම් පහල විස්තරයෙන්ම බලමු !


7. ලයිරාටේල් වර්ග (Lyretail Types)
ලයිරා එකක් (Lyre) හෙවත් වීණාවක හැඩය සහිත වල්ගා වරලක් පිහිටීම නිසයි මෙම් වර්ගයට මේ නම ලැබිලා තියෙන්නේ. මෙම ලයිරා ටේල් වර්ගයෙත් විවිධ ශරීර වර්ණයන්ගෙන් යුක්ත මසුන් විශල ප්‍රමාණයක් ඉන්නවා. පහත දැක්වෙන්නේ එයින් කිහිප වර්ගයකි.





8. සෙයිල්ෆින් වර්ග (Sailfin Types)
රුවල් නැවක රුවලක් (sail) ආකාරයට පිටවරලා පිහිටා තිබෙන නිසයි මෙම වර්ගයට මේ නම ලැබිලා තියෙන්නේ. මෙම වර්ගයේ බ්ලැක් සෙයිල්ෆින් වර්ගය ලංකාවේ සුලභවම දකින්න පුලුවන්. ඒ වගේම ලයිරාටේල් වර්ගය හා සමානවම වගේ විවිධ ශරීර වර්ණයන්ගෙන් යුක්ත සෙයිල්ෆින් මෝලි මසුන් ඉන්නවා. පහත දැක්වෙන්නේ එයින් කිහිපයකි.




 ඊලඟට තවත් මාළු වර්ගයක් ගැන ලිපියකින් හමු වෙමු.
එහෙනම්  ගිහින් එන්නම්.
ජය වේවා !!

30 comments:

  1. මීට කලින් දැකල තිබුනෙත් නැහැ.. අද තමයි දැන ගත්තේ ...

    ReplyDelete
    Replies
    1. මටත් කළු සෙයිල්ෆින්ල ඇරෙන්න අනිත් උන්ව දකින්න හම්බ වෙලා තිබ්බේ නෑ :)

      Delete
  2. අපේ බල්ලා මුන්ව දැක්කා නම් මූදේ පැනලා මැරෙනවා.. හි හි...

    අනෙ මන්දා මින්.. මං මාළු ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ.. මාළු ඇති කරන්න ආසාවකුත් නෑ... ඒත් ඔයාගේ පෝස්ට් එකක් වැටුනේ නැත්තම් නිකම් මතක් වෙනවා මූට මොනවා වෙලාද කියලා... හි හි

    ReplyDelete
    Replies
    1. ඒක නෙමේ ඩෙල්මේශන් ජාතියේ බලු පැටියෙක් කීයකට විතර ගත්තෑකි ද. ඔයා ඔය ඩෙල්මේශන් බල්ලෙක් ගැන කිව්වහමයි මට මතක් උනේ.

      හිරු කියන්නේ මරු යාළුවෙක් නෙ බලාගෙන ගියහම. හැබැයි ඉතින් තියෙන එකම දුර්ගුණේ බයිට් කරන එක තමා.ඒ ඇරෙන්න හොඳා :)

      මහත්තයා මේ මාළු ගැන මුකුත් කීවේ නැද්ද ? :)

      Delete
    2. හිරූ අක්කලයි බල්ල මූදෙ පනිනව නම් පැනල හුඟක් කල්... (දිව දොට්ට)

      Delete
    3. අනේ මන්දා... අපේ එක්කෙනාටත් එක සෙට් එකකින් එක්කෙනෙක් හම්බුවෙනවනේ.. ඒ පැටවු නම් විකුණන්නේ නෑ.. හොදට හදන කෙනෙක්ට දෙනවා තාත්තා.. කොහොමත් 10000- 15000ක් විතර වෙනවා ඇති මේ වෙනකොට..

      අපෙ මහත්තයව මේ දවස් ටිකේ අල්ලගන්න අමාරුයි... ඒක නිසා පෙන්නන්න බැරිඋනා..

      මට තාම හොඳටම බයිට් එකට අහුවෙලා නෑ තාම .. හි හි..

      යසිත කියන කතන්දරෙත් ඇත්ත..ඌ ට කියන ඒවා දන්නවා නම් මෙලහකට මුහුදක් හොයාගෙන හරි ගිහින් පැනලා.. හි හි...

      Delete
    4. @යසිත්ගේ සිතුවිලි
      අර මොකෝ ? ඒ තරමටම ඒ බල්ලා හිරූලෑ දිහෑ ඉන්න අකමැති දෑ. :)

      Delete
    5. @හිරු
      හප්පා... ඔයා එදා කියපු කතාව ඇත්ත වගේ එදා කිව්වේ ලස්සන හැමදේම ගණන් කියලා. අන්න ඒ කතාව. අවුරුද්ද අන්තිමේ නිසා මහත්තයාට ගොඩක් වැඩ ඇති. නැත්නම් මහත්තයාත් කමෙන්ට් එකක් දේවි හිනාවෙලා හති වැටෙන :)

      Delete
    6. අපේ බල්ලා ????

      හාමු මහත්තය එකපාර බල්ල උනේ කොහොමෙයි අපේ නෝනෙ, අපේ මහත්තය කිව්වැයි මීට පස්සෙ බල්ලට බල්ලය කියන්නෙයි නැත්නම් මිනිස්සු වරදවා හිතාවිය කියල.

      Delete
    7. @DDT :
      එතකොට මහත්තයාගේ වර්ගයද ඩැල්මේශන් කියලා කියන්නේ. අයියෝ යෝ යෝ !

      Delete
    8. හාමු මහත්තයා කිව්වම කට්ටිය පටලෝ ගන්නවනේ DDT... හි හි... ඒ උනාට ඌ ට ගැලපෙන්නෙ නම් හාමු මහත්තයා කියන එක තමයි..

      Delete
    9. හි හි... එහෙනම් හරිනේ මම ගෙස් කොලා.

      Delete
  3. මුං නම් මගේ ගාව ගොඩාක් හිටිය හැම පාටම වගේ.. ඒත් කවදාවත් පැටවු දාල නෑ. (පැටවුද බිත්තරද මංද)

    ReplyDelete
    Replies
    1. බිත්තර දාන්නේ නෑ මුන්. පැටවු දාන්නේ. :)

      Delete
  4. එල එල මමනම් මෙයින් එකෙක්වත් දැකල නැහැ.

    ReplyDelete
    Replies
    1. මුං ඉන්නෙ ටවුමෙ වීදුරු ටැංකිවල බොල. ගමේ ඉන්නෙ තිත්ත පැටව්, වැලි ගොව්වො වගේ උන්...

      Delete
    2. @කෝරලේ මහත්තයා
      කෝරලේ මහත්තයාට ඕන් නම් බ්ලැක් සෙයිල්ෆින් මාළුන්ව නම් ලේසියෙන්ම හොයලා දෙතෑකි. අනිත් උන් නම් හොයන්න ටිකක් අමාරුයි :)

      Delete
    3. @Yasith Gamage
      වැලිගොව්වා කිව්වම මට මතක් වෙන්නෙම මාතර පැත්තේ තිබ්බ ධීවර යාත්‍රාව !

      Delete
    4. අර වැලි අදින එකද?

      Delete
    5. @DDT වැලි අදින එකද කියලා නම් දන්නේ නෑ. අර සුනාමියේදි ගොඩ ගැහුවේ.

      Delete
    6. මට මතක හැටියට ඔය ධීවර වරායවල්වල මුවදොර වැලි පිරුනම යාත්‍රාවලට වරායට එන්න අමාරු නිසා වැලිගොව්වා තමයි ඒ වැලි පුරෝගෙන ගෙනිහින් නැවත දියඹට දමල එන වැඩේ කළේ.

      Delete
    7. @DDT
      නොදන්න දෙකුත් ඉගෙන ගත්තා. අන්න ඒ යාතාව වෙන්න ඇති එහෙනම් සුනාමියේදි ගොඩ ගහන්න ඇත්තේ :)

      Delete
  5. නොදනිම් වටහා ගම් කෙසේ..??

    ReplyDelete
  6. මෙයාලව නම් මම දැක්කේ අදමද මන්දා...... අර ලයිරාටේල්ලා මාර ලස්සනයිනේ.......

    ReplyDelete
    Replies
    1. හ්ම්... උන් ලස්සනයි. හොයලා බලන්න ඕනා එවුන් සල්ලිවලට ගන්න ඉන්නවද කියලා.

      Delete
  7. උඩදී බලාගෙන එන ගමන් හිතා ගත්ත මූ නම් ලස්සනයි කියල. මෙන්න පහලට එද්දී ඊට වඩා ලස්සන දෙන්නෙක් ඉන්නවා. මං නම් දැකල නෑ බං මේ වර්ගයේ උන්.

    ReplyDelete
    Replies
    1. පහලම එන්න ජාතියේ උන්ව නම් හොයා ගත්තෑකි. මෙහෙ මින් මැදුරු වල උන්ව සුලභවම වගේ ඉන්නවා :)

      අනිත් ජාති නම් කොහොමද දන් නෑ. හොයලා බලන්න ඕනා.

      Delete
  8. ඔය මාළුන්ගෙ රූප ඔක්කොම ජංජාලෙන්ද හොයා ගන්නෙ, නරකද ඔයාගෙ මාළු ටැංකිවල ෆොටෝ ටිකක් දැම්ම නම් අපිටත් බලාගන්න.

    තවම ඔය ඡායාරූප බ්ලොගේ පලකරන්න සකස්කරල දෙන්නෙ යාළුවද, දැන් ඔයාම වැඩේ කරගන්නවද? (මට මතක හැටියට ඒක ඉගෙන ගන්න ඕන කියල මුලදි කිව්වනේ)

    ReplyDelete
    Replies
    1. @DDT ටැංකි වල පින්තූර ටිකක් ඉදිරියේදි පල කරන්නම්. මාළුන්ගේ රූප හොයාගන්නේ අන්තර්ජාලයෙන්මයි.

      ෆොටෝ හදන වැඩේ තාමත් කරන්නේ යාළුවාමයි. මම තාම ඉගෙන ගන්නවා :)

      Delete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?