Dec 3, 2012

ස්වෝර්ඩ්ටේල් 2 - Swordtail (ස්වෝර්ඩ්ටේල් වර්ග 2)

 කලින් ලිපියේ ඉතුරු කොටස තමයි අද ලිපියෙන් තියෙන්නේ. ලිපිය දෙකට කැඩුවේ පින්තූර ගොඩක් තියෙන නිසා ලෝඩ් වෙන එක පමා වෙයි කියලා.පළවෙනි කොටස කියවන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

ඔන්න එහෙනම් ඉතුරු කොටස් ටික... 



9. රෙඩ් මිකීමවුස් ස්වෝර්ඩ්ටේල් (Red Mickey Mouse Swordtail)
මෙම මත්ස්‍ය ප්‍රභේදයේ ශරීර වර්ණය රතු පැහැ වන අතර වල්ගා වරල ආසන්නයේ කළු පැහැති මිකී කවුස් කොටස නිසා මෙම ප්‍රභේදයට රෙඩ් මිකී මවුස් යන නම ලැබී තිබේ.


10. ඇල්බිනෝ ස්වෝර්ඩ්ටේල් (Albino Swordtail)
මෙම ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදය සර්ව සම්පූර්ණයෙන්ම ධවල පැහැ (සුදු පැහැ) ගනී. මීට අමතව පිරිමි මසුන්ගේ ශරීරය දෙපස රතු කෝ කොල පැහැ ඉරි දක්නට ලැබේ.


11. ඇසෝර්ටඩ් ස්වෝර්ඩ්ටේල් (Assorted Swordtail)
මෙම ස්වෝර්ඩ්ටේල්  ප්‍රභේදයේ ශරීරය දෙපස විවිධ වර්ණ ඉරි දක්නට ලැබීම විශේෂ ලක්ශණයයි. එලෙසම කොළ පැහැය හා රතු පැහැගන්නා විවිධ ඇසෝර්ටඩ් ස්වෝර්ඩ්ටේල් වර්ග දක්නට ලැබේ.


12. බ්ලැක් ස්වෝර්ඩ්ටේල් (Black Swordtail)
මෙම ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදය තනිකරම කළු පැහැයකින් යුක්ත වේ.


13. ග්‍රීන් ස්වෝර්ඩ්ටේල් (Green Swordtail)
මෙම අවෝර්ඩ්ටේල් ප්‍රභේදයේ ශරීර වර්ණය ලෙඩ කොළ පාට වර්ණය ප්‍රධාන වේ. 


14. කොයි ස්වෝර්ඩ්ටේල් (Koi Swordtail)
මෙම මත්ස්‍යය ප්‍රභේදයේ ප්‍රධාන ශරීර වර්ණ වන්නේ රතු පාට හා සුදු පාට වේ. රතු පාට වර්ණය හිස ආසන්නයේ පිහිටා ඇති අතර ශරීරයේ ඉතුරු අනෙකුත් කොටස් සුදු පාටකින් යුක්ත වේ.


15. මෙරිගෝල්ඩ් වැග් ස්වෝර්ඩ්ටේල් (Merigold Wag Swordtail)
මෙම ප්‍රභේදයේ ශරීර වර්ණය වන්නේ මෙරිගෝල්ඩ් (කහ තැඹිලි මිශ්‍රණය) වන අතර ශරීරයේ වල්ගා කොටස කළු පැහැයකින් යුක්ත වෙනවා. මෙම කළු පැහැති කොටස වැග් කොටස වන අතර ශරීර වර්ණය මෙරිගෝල්ඩ් වන නිසා මෙම ප්‍රභේදයට මෙරිගෝල්ඩ් වැට් ස්වෝර්ඩ්ටේල් යන නම ලැබී ඇත.


16. නියෝන් ස්වෝර්ඩ්ටේල් (Neon Swordtail)
මෙම වර්ගයෙම් මත්සයෙකුගේ ශරීර වර්ණය නියොන් ටෙට්‍රාවෙකුගේ ශරීරයේ ඇති නියෝන් වර්ණ මිශ්‍රව ඇත. ඒ වගේම මෙම මසුන් දිලිසෙන ස්වභාවයක් ගනී.



එහෙනම් අළුත් මාළු වර්ගයක් අරගෙන ආයෙම එන්නම්.
ජය වේවා !

33 comments:

  1. ඈ.. මං හිතුවෙ මුංගෙ ඉන්නෙ තැඹිලි පාට උන් විතරමයි කියල. මං නම් මේ අනිත් උන් දැක්කෙත් අදමයි.
    Neon Swordtail & Merigold Wag Swordtail පට්ට ලස්සනයිනේ.. මාතර පැත්තෙ මුං නෑ :-(

    ReplyDelete
    Replies
    1. අඩේ .... උඹත් මාතරද? දාපං මචං පහක්. බලන් ගියාම මේකෙ ඉන්න හුඟක් එවුන් මාතරනේ. කාටද ආඩම්බර ආ......

      Delete
    2. @යසිත්ගේ සිතුවිලි "
      මාත් හිතන් හිටියේ රතු/තැඹිලි පාට උන් විතරයි කියලා. පස්සේ තමා දන්නේ :)

      Delete
    3. @DDT
      අම්මටසිරි මාතර අය දෙන්නයි. :)
      ඒක නෙමේ මාතර අය කපටියි කියන්නේ ඇත්ත ද ?

      Delete
    4. ෴ ඒක නෙමේ මාතර අය කපටියි කියන්නේ ඇත්ත ද ? ෴

      පිස්සුද? කවුද කියන්නෙ, අපි හරි හොඳා ..... යි! :)

      Delete
    5. @DDT
      කවුද එතකොට මාතර අය කපටියි කියන්නේ..හික්ස් :)

      Delete
    6. අප්පට මාතර උන් දෙන්නයි එකියනනේ අපි ඉදලා ඉවරයි

      මාළුවෝ අපි යනවා බං යන්ඩ

      Delete
  2. දැං නං වැඩියි අප්පා ස්වෝර්ඩ් ‌ටේල්ලා... හි හි...

    ReplyDelete
    Replies
    1. හ්ම්.. තව ජාති ගොඩක් ඉන්නවා. නමුත් මෙච්චරයි ලිව්වේ. තව ලියනවා නම් බ්ලොග් එකක් උනත් ලියතෑකි. :)

      Delete
  3. ගොඩක් ඉන්නවනේ ...මුන්ව වෙන වෙන ප්‍රභේද එක්ක බ්‍රිඩ් කරලා වෙන ස්වොර්ඩ් ටේල්ස් වර්ගයක් හදන්නත් පුළුවන් ඇති නේද

    ReplyDelete
    Replies
    1. ඕ... මම කලින් ලිපියකත් කිව්වේ. නමුත් එක වර්ගයක් බ්‍රීඩ් කරලා ලැබෙන පැටවු ආයෙම බ්‍රීඩ් කලොත් හිටපු එවුන්මයි හම්බ වෙන්නේ.

      Delete
  4. ඉස්සෙලා එකේ ප්‍රශ්නෙට උත්තරේ මේකෙන් දීලනේ ...
    මින් , ඔබට වැදගත් ලින්ක් එකක් හමුවනා .. ඊ මේල් ලිපිනය එවන්න

    ReplyDelete
    Replies
    1. එවන්න සහෝදටයා. ගොඩ්සක් ස්තුතියි උදව් වලට.
      මෙන්න මගේ ඊ මේල් ලිපිනය.

      minvisithuru@gmail.com

      Delete
  5. ෆට්ට මාලු ටික. හැබැයි මුන්ට ගෝල්ඩ් ෆිශ්ලට වගේ ලෙඩ හැදෙනවද නිතරම?

    ReplyDelete
    Replies
    1. නෑ. ගෝල්ඩ් ෆිෂ් ලාට තරම්ම ලෙඩ නෑ. ගෝල්ඩ් ෆිෂ් ලා ගොඩක් සංවේදිමාළු ජාතියක්. ඒ නිසා ලෙඩ වැඩියි. නමුත් මේ ජාතිය මිරිදිය විශේෂයක්. ලෙඩ අඩුයි.

      Delete
  6. ආයේ වැඩේ පටන් ගන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය උඩ DG කියල තියෙන්නෙ උඹට නිතරම ලෙඩ හැදෙනව කියල, ඇත්තද බං. මොනවද බං ඒ, සමාජ රෝග නෙවෙයිනේ? :)

      හැබෑට මින් විසිතුරු, මාළුන්ට සමාජ රෝග හැදෙන්නෙ නැත්ද? :)

      Delete
    2. @ගෝල්ඩ් ෆිෂ් :
      පටන් ගම්මු. පටන් ගම්මු. :)

      Delete
    3. @DDT
      හික්ස් :)
      ඇයි ඒ තරමටම ගෝල්ඩ් ෆිෂ් කියනේ වල් මාළුවෙක් දෑ. :)

      Delete
  7. අර මෙරිගෝල්ඩ් වැග් ස්වෝර්ඩ්ටේල් එකා නම් මාර ගති ඈ. හැබෑට ඔය වර්ග ඔක්කොම ලංකාවෙදි හොයාගන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔක්කොම වර්ග නෑ. පේන්ටඩ්, වැග් ටේල්, රෙඩ් ටේල්, පයිනැපල් කියන වර්ග ටික විතරක් නම් හොයාගන්න පුලුවන්.

      ඔය ඇල්බිනෝ කියන ජාතිය ගොඩක්ම අළුත් ප්‍රභේදයක් !

      Delete
  8. මාළු ගැන ගොඩක් දේවල් දැනගත්තා ...ස්තුතියි ඔබට.....

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න සහෝදරයා.
      ඒ වගේම කියවලා කමෙන්ට් එකකින් දිරිමත් කරනවට ඔබට පින් !

      Delete
  9. මමත් හිතන් හිටියේ තැඹිලි පාට විතරයි කියල එල ලිපිය සහෝ

    ReplyDelete
    Replies
    1. මීට කලින් මාත් හිතන් උන්නේ එහෙමයි.

      Delete
  10. මෙරිගෝල්ඩ් වැග් ස්වෝර්ඩ්ටේල් කියන එකා මාර ලස්සනයි මට නම්....

    ReplyDelete
    Replies
    1. ඔවු. ගොඩක් ලස්සනයි. ඒ වගේම කලින් ලිපියේ හිටපු හයි ෆින්ලාත් මාර ලස්සනයි.

      Delete
  11. මාළු වර්ග අම්බානෙට ඉන්නවනේ.

    ReplyDelete
  12. හික්..... ඔන්න මෙටිකත් මගේ මෙමරියට දාගත්ත.. මාළු ගැන මං මෙලෝ දෙයක් දන්නෑ අයිබොවං....

    ReplyDelete
    Replies
    1. දන්නේ නැති උනාට කමන් නෑ. ඉගෙන ගම්මු.

      Delete
  13. ඔන්න මාළු පාඩමටත් සහභාගි වුණා අදත්.

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?