Dec 1, 2012

ස්වෝර්ඩ්ටේල් 2 - Swordtail (ස්වෝර්ඩ්ටේල් වර්ග 1)

කලින් ලිපියේ කියපු විදිහට අද ලිපියෙන් කියන්න යන්නේ ස්වෝර්ඩ්ටේල් වර්ග ගැන. ස්වෝර්ඩ් ටේල් කිව්වම අපේ හිතේ ඇඳෙන්නෙම රතුපාට වර්ගයක් විතරයි. නමුත් ඊට වඩා ස්වෝර්ඩ් ටේල් වර්ග ඉන්න බව මේ පෝස්ට් එකෙන් තේරුම් ගන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා ඕනැන්නේ නෑ. කෙලින්ම වැඩේට බහිමු.



1. රෙඩ් ස්වෝර්ඩ්ටේල්  (Red Swordtail)
දැනට වඩාත්ම ජනප්‍රියම ස්වෝර්ඩ්ටේල් වර්ගය තමයි මේ. මේ වර්ගයේ තියෙන විශේෂත්වය තමයි මුන්ගේ මුළු ඇඟම රතුපාට වීම හා වෙනත් කිසිම වර්ණයක් මිශ්‍ර වී නොතිබීමයි.


2. රෙඩ් වැග් ස්වෝර්ඩ්ටේල් (Red Wag Swordtail)
රෙඩ් ස්වෝර්ඩ්ටේල් වර්ගයෙන් රෙඩ් වැග්ටේල් වෙනස් වෙන්නේ මුන්ගේ ශරීරයේ රතු පැහැයට අමතරව වල්ග වරල කළු පාටින් යුක්ත වීමයි. වල්ග වරලේ අවසන් කෙලවරවල් හා කඩුව කොටස මෙලෙසින් කළු පැහැ ගන්නවා.


3. බ්ලඩ් අයි රෙඩ් ස්වෝර්ඩ්ටේල් (Blood Eye Red Swordtail)
මෙම ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදයත් රතු පැහැයෙන් යුක්ත වන අතර ඉහත වර්ග දෙකෙන් මෙම ප්‍රභේදය වෙනස් වන්නේ මුන්ගේ ඇස් වල වර්ණයත් රතු පාටින් යුක්ත වීමයි.


 4. හයි ෆින් ස්වෝර්ඩ්ටේල් (Hi Fin Swordtail)
මෙම ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදයත් තද රතු පාටින් යුක්ත වන අතර ඉහත අනිත් රතු ස්වෝර්ඩ්ටේල් වර්ග වලින් වෙනස් වන්නේ මෙම ප්‍රභේදයේ මසුන්ගේ පිට වරල ඉතාමත් විශාලව පිහිටීමයි. මෙම ලක්ෂණයට අමතරව මුන්ගේ ඇස් රතුපාටින් යුක්ත ය.


5. හයි ෆින් ලයිරා ටේල් ස්වෝර්ඩ්ටේල් (Hi Fin Lyra Tail Swordtail)
මෙම ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදයත් රතු පාටින් යුක්ත වන අතර  මුන්ගේ පිට වරල ඉතා විශාලව පිහිටා ඇත. තවද  මුන්ගේ වල්ගා වරල වීණාවක (Lyra - ලයිරා) හැඩය ගන්නා නිසා මුන්ට මේ නම ලැබී තියෙනවා.


6. මෙරිගෝල්ඩ් මිකී මවුස් ස්වෝර්ඩ්ටේල් (Merigold Mickey Mouse Swordtail)
මෙම ප්‍රභේදයේ මසුන්ගේ ශරීර වර්ණය කහ තැඹිලි මිශ්‍රණයක් වන අතර  වල්ගා වරල ආසන්නයේ කළු පැහැති ලපයක ආකාරයේ කොටසක්. දක්නට ලැබේ. මෙම කළු පාට කොටසට මිකී මවුස් කොටස කියාද හදුන් වන බැවින් මුන්ට මිකීමවුස් ප්‍රභේද කියා ද හදුන්වයි.


7. පේන්ටඩ් ස්වෝර්ඩ්ටේල් (Painted Swordtail)
මෙම මසුන් තැඹිලි රතු පැහැයක් ගන්නා අතර ශරීරය පුරාම කළු පාටින් වර්ණ ගන්වා ඇති ආකාරයට කළු පැහැය විසිරිමක් දක්නට ලැබේ.මේ නිසා මෙම මසුන්ට පේන්ටඩ් යන නම ලැබී ඇත.


8. පයින් ඇපල් ස්වෝර්ඩ්ටේල් (Pineapple Swordtail)
මෙම මසුන්ගේ ශරීරය කහ තැබිලි රතු යන වර්ණ තුනෙහි සංකලනයක් වන නිසා මෙම වර්ගයට පයින් ඇපල් ස්වෝර්ඩ්ටේල් යන නම ලැබී තිබේ.


ඉතුරු ප්‍රභේද ටික ඊලඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්. නැත්නම් පෝස්ට් එකේ පින්තූර ටික ලෝඩ් වෙන්නේ නැති වෙයි.

එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !!

43 comments:

  1. Replies
    1. ගොඩක් සතුටුයි. මහන්සිය අපතේ ගිහින් නෑ කියලා හිතුනා. ස්තුතියි ඇනෝ.

      Delete
    2. ඇත්තේන්ම, තව කෙනෙකු වෙනුවෙන් ඔබ කරනා කැපකිරීම බොහෝසෙයින් අගය කරමි. යහපත් සමාජයකට අවැසි ඔබ වැන්නන්යයි සිතමි, ජය!!

      Delete
    3. මේ වගේ දේවල් ලියන එකෙන් මාත් යමක් ඉගෙන ගන්නවා වගේම මාළු ඇති කරන්න ඉන්න අයට යමක් කියලා දෙන්න ලැබෙන එකත් සතුටක්.

      පුලු පුලුවන් වෙලාවට ටැංකිය පැත්තේ එන්න.

      Delete
  2. ඇත්තම කියුවොත් මමනං මාළු ගැන මෙලෝ දෙයක් දන්නෑ ඕං... දැනගත්තෙ ඔයාගෙන් තමයි...

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් නෑ. මාළු ගැන කියවලා දැනුම් තේරුම් ලබාගෙන මාළු ටැංකියක් පටන් ගම්මු. මමත් මාළු හැදුවට මාළු ගැන එච්චර විස්තර දැනන් උන්නු එකෙක් නෙමේ. පොත් පත් අන්තර්ජාලේ ලිපි කියෝලයි ඉගෙන ගත්තේ.

      Delete
  3. ස්තුතියි විස්තරයට .......

    ReplyDelete
    Replies
    1. දිගටම මාළු ගැන දැනගන්න කියවන්න එන්න.

      Delete
  4. සුපිරියි මලයා මේ විස්තර. අපි පොඩිකාලේ මාලු ඇති කළේ මේ කිසිවක් නොදන නේ.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. මාත් ඒ දවස්වල එහෙමයි. දැන් නම් ටික ටික ඉගෙන ගන්නවා.

      Delete
  5. ඇයි යකඩො .... වල්ග කඩුවො ඉන්න තරම්.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකේ තව කොටහකුත් එන්න තියේ. මට හෙව්වුවම ප්‍රභේද 16ක්ම හම්බ උනා.

      Delete
  6. අර වලිගය කළු පාට එකා නම් දැකල තියෙනවා.රතු පාට ජාතියකුත් දැකල තියෙනවා. මට හිතෙන විදියට අර 1 වෙනි ෆොටෝ එකේ ඉන්න කෙනා.මාළුවන්ගේ සියුම් වෙනස්කම් ගැන නම් ඔයා කියනකන් දන්නේ නෑ. කවුද දන්නේ එකම ජාතියේ මෙච්චර ප්‍රබේද ඉන්නවා කියල.

    ReplyDelete
    Replies
    1. ඔවු. පලවෙනිම එකා තමා ගොඩක්ම ප්‍රසිද්ධ. මුන්වයි ප්ලේටිවයි දෙමුහුන්කරණය කරන්න පුලුවන් නිසා සෑහෙන ප්‍රභේද ගාණක් අළුතින් හොයාගන්න පුලුවන්. ඒ නිසයි මෙච්චර ගොඩක් ඉන්නේ

      Delete
    2. වර්ණ ප්‍රබේද ගොඩක් මම දැකලා තියනවා

      ගේ ලග හිටියා පිරිමි සතෙක්

      ඔලුව තැඹිලි පාටයි , ඉතුරු හරිය කළුපාටයි

      Delete
    3. අපි ඊලඟ කොටසින් බලමු ඒ මාළුවා ඉන්නවද කියලා.

      ප.ලි. - මට අටම්පහුරට කමෙන්ට් කරන්න අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලමි.

      Delete
    4. mama asama maalu jathiyak. mama essara qwe short tail kiyala

      Delete
  7. මෙරිගෝල්ඩ් මිකී මවුස් ස්වෝර්ඩ්ටේල්// මේ යාලුවගේ රෑපේ පේන්නේ නැත්තේ මට විතරදෝ.......

    හයි ෆින්ලා දෙන්නම හෙන ලස්සනයි අප්පා....

    ReplyDelete
    Replies
    1. මට නම් පින්තූර ටික ලෝඩ් වෙලා පෙනුනා. මම බලන්නම් ඒ මොකෝ කියලා.

      හයි ෆින් ලා ලස්සන වගේම තමයි උන් මාර ගණන්.

      Delete
    2. ආ දැං හරි ඒක.... ඊයේ රෑ මොකක් හරි අවුලක් තියෙන්න ඇති.....

      ලස්සන දේවල් කොයිකත් ගනං තමා ළමයා. හි හි..

      Delete
    3. ඒක තමා ලස්සන ගෑනු ළමයනුත් අපට ගනන් දාන්නේ. හික් හික් :)
      ඒ අතින් මගේ ගෑල්ලමයා නම් සුපිරි !

      Delete
  8. මේ ඔක්කොම උන් පිරිමි මාලු නේද ?
    ගෑණු මාලුන්ගෙ නැට්ටෙ මේ කඩුව වගේ එක නෑ නේද ? ගෑණු මාලුව හරි කැතයි,ලොකුයි වගේ මට මතක...

    ReplyDelete
    Replies
    1. ඔවු පිර්මි මාළු තමයි. පිර්මි මාළුන්ව අදුන ගන්න තියෙන එකම ලක්ෂණයත් මේ කඩුව තමා.

      කොයි මාළුවර්ගයෙත් ලස්සන, පිරිමි සතා ! ගෑනු සතා ලස්සන නෑ.
      මනුස්ස ලෝකෙත් මෙහෙමද දන් නෑ. හික් හික් :)

      Delete
    2. ඔව් ඔව්.. මනුස්ස ලෝකෙත් මෙහෙමයි. ඒත් අපේ උන් මුලින්ම පොට වරද්ද ගත්තනෙ ගෑණු සතා මොරාල් අප් කරල. නැත්නම් ඇත්ත කතාව අපි තමා ලස්සන ගෑණු සත්තුන්ට වඩා :P

      Delete
    3. යසිත් කියන්නේ සිරා කොල්ලෙකි. එල එල !
      කොයිකටත් දෙන්නා පරිස්සමින් ඉම්මු. :)

      Delete
  9. හැම තිස්සෙම පෝස්ට් එකක පළවෙනි පින්තූරය. අප්ලෝඩ් කරන්න. ඉතුරු ඒවා කොපි පේස්ට් කලාට අවුලක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ... ?
      මට තේරුමක් නෑ මාතලන් අයියෙ.

      Delete
    2. මාතලන් අයියා කියන්නේ අපි පින්තුරේ වෙන සයිට් එකකින් ගනිද්දී ලින්ක් එක දාල ඇඩ් කරනවා නේ. එහෙම නැතුව මුල් පින්තුරේ විතරක් ADD PIC වලින් බ්ලොගර් වලට අප්ලෝඩ් කරලා දෙන්න කියල. මේ පින්තූර ඔක්කොම උඹ photobucket සයිට් එකට අප්ලෝඩ් කරලා නේ දීලා තියන්නේ.
      මට තේරුනේ එහෙම.

      Delete
    3. ඔවු. මම ඔක්කොම ෆොටෝ ටික photobucket එකට අප්ලෝඩ් කලා. කලින් පෝස්ට් වලත් එහෙම තමා කරලා තියෙන්නේ.

      Delete
  10. අප්පට සිරි ස්වොර්ඩ් ටේල්ස් ජාති ගොඩ.. හයි ෆින් ලයිරා ටේල් ස්වෝර්ඩ්ටේල් (Hi Fin Lyra Tail Swordtail) නම් පට්ට ලස්සනයි බං ..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මටත් උන් ගැන ආස හිතුනා. ඒ උනාට ලංකාවට එඋන් දුර්ලභයි නෙහ්. හොයලා බලන්න ඕනා. :)

      Delete
  11. ඒ සිරා ඈ...
    ඔන්න මාත් ආවා මේ පැත්තට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,...
      මාළු බලන්න දිගටම එන්න !

      Delete
  12. මං මේ බැලුවේ මචං මට මේ පෝස්ට් එක මග හැරුනේ මොකද කියල. හ්ම්ම් ඕන එකක්. ඔන්න දැන් කියෙව්වා. හයි ෆින් ස්වෝර්ඩ්ටේල් (Hi Fin Swordtail) මේකා නම් පට්ට ලස්සනයි මට.

    ReplyDelete
    Replies
    1. හ්ම්. උන් ගොඩක් ගනන්. ලස්සන වගේම තමා ගනනුත්.
      ලංකාවේ නම් ගන්න නෑ.

      Delete
  13. එළ! මං නම් මේ ඉන්න සමහ එවුන් දැකලාම නෑ. :)

    ReplyDelete
  14. මින්
    ලාබ , හදන්න ලේසි මාළු ජාතියක් උනාට හොඳට පැල වවපු ටැංකියක , දැම්මම ඇත්තටම අමුතු ලස්සනක් තියෙනවා .

    http://www.google.com.hk/imgres?start=130&num=10&hl=en&tbo=d&authuser=0&tbm=isch&tbnid=jskrC-S8RRAFbM:&imgrefurl=http://fish-etc.com/fish/live-bearers/swordtails&docid=y2fGYw_JZLdneM&imgurl=http://fish-etc.com/wp-content/uploads/2012/03/Swordtail-header.jpg&w=990&h=180&ei=3RG8UMaEAs2gmQWbq4GYDg&zoom=1&iact=hc&vpx=488&vpy=443&dur=36&hovh=95&hovw=527&tx=293&ty=56&sig=105214008562725358907&page=5&tbnh=45&tbnw=252&ndsp=36&ved=1t:429,r:62,s:100,i:190&biw=1440&bih=775

    මුන්ගේ ඔරිජිනල් පාට කොළ පාට නේද ?
    මම අහල තියෙනවා මුන්ගේ ටැංකියේ වතුරට ලුණු කැටයක් දාන්න කියලා

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් පාට කොළ පාට කියලා නම් දන්නේ නෑ යාළුවා. මම දැකලා තියෙන්නේ තැඹිලි පාට එවුන්.

      Delete
  15. මේක කියවන්න කියවන්න මට මගේ මාලු ගැන ඇති නූගත්කම වැටහෙනවා
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපොයි අම්මේ.. එහෙනම් මෙවුවා කියවලා ඉගෙන ගම්මු. :)

      Delete
  16. හැක් කඩුවො හෙන සෙට් එකක් ඉන්නවනෙ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු. තව ලිපියක් එහෙම්මම තියෙනවා.

      Delete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?