Dec 16, 2012

අළුත උපන් මාළු පැටවුන් රැක ගනිමු.-1

ගොඩක් වෙලාවට මාළු ඇති කරන කෙනෙක්ගේ ලොකුම ආසාව තමයි තමන් ගෙනාපු මාළු, පැටවු දාන එක. අළුත උපන් මාළු පැටවෙක් දකින්න තියේ නම් ඒක කොච්චර සතුටක් දෑ.  ඉතින් එහෙම හිතාගෙන අරගෙන එන මාළු ටික දවසකින් පැටවු පස් හයදෙනා (සමහර මාළු වර්ග නම් පැටවු සීයයකට ආසන්න ගණනක්) බිහි කරනවා.

ඒත් ටික දවසකින් ඒ පැටවු ටික  මවු මත්සයාගේ හෝ ටැංකියේ ඉන්න වෙන මාළුවෙක්ගේ ගොදුරක් බවට පත් වෙලා අකාලයේ මියෑදෙනවා.ගොඩක්ම වෙලාවට සිද්ධ වෙන්නේ මවු මත්සයාම කුඩා පැටවුන් ආහාරයට ගැනීමයි. පැටවු මගින් බෝවෙන මාළු වර්ග එහෙමත් නැත්නම් ලයිව්බෙයාරර්ස්ලා (Livebearers) නම් අනිවාර්යෙන්ම අළුත උපන් කුඩා පැටවුන්ව ආහාරයට ගන්නවා.

අපි කොච්චරවත් නැහැයි කිව්වට ගප්පිනුත් පැටවු ආහාරයට ගන්නවා. මොකද ගප්පි අයත් වෙන්නෙත් ලයිව්බෙයාරර්ස්ලාට නිසා.

ඉතින් අද කියලා දෙන්න හිතුවා අළුත උපන් පැටවුන්ව මවු මත්සයාගෙන් හරි එහෙමත් නැත්නම් වෙන මාළුන්ගෙන් ආරක්ෂා කරගන්න හැටි. ගොඩක් දේවල් අළුතෙන්ම කියා දෙන්න කියලා එකක් නෑ.අපි දන්න සරල සිද්ධාන්තමයි මෙතනත් පාවිච්චි වෙන්නේ.  :)


 එහෙනම් අහගන්න...

1. ගර්භනී කාළයේ අවසන් සමය ගෙවන ගැහැනු මත්සයාව වෙනත් ටැංකියකට මාරු කිරීම. ගොඩක් වෙලාවට මාළු හදන කෙනෙක් තමන් ගෙනාපු මාළුවා පැටවු බිහි කරන්න ආසන්න බව දැන ගන්නේ උන්ගේ උදරය විශාල වී ඇතිබව දකින එකෙන්.අන්න ඒ අවස්ථවෙදි  ගැහැනු මත්සයාව වෙනත් ටැංකියකට මාරු කරන්න. වඩාත් හොඳයි පිරිමි මත්සයාවත් ඒ ටැංකියටම මාරු කරන එක.

මොකද එතකොට තමන්ට හුරු පුරුදු ජලජ පරිසරයෙන් ඈත් වීම එච්චරම දැනෙන එකක් නෑ. හුරු පුරුදු ජලජ පරිසරයෙන් ඈත් වීමක් අත්දකිනකොට මාළුන්ට ආතතිය වගේ ලෙඩ රෝග ඇති වෙන්න පුලුවන්. මේක එච්චර හොඳ තත්වයක් නෙමෙයි.

 පැටවු ලැබුනට පස්සේ මවු මත්සයාව නැවතත් කලින් හිටපු ටැංකියට දමන්න.

2. ටැංකිය තුල විවිධ ජලජ පැලෑටි වැවීම. මේ නිසා කුඩා මතුන්ට මවු මත්සයාගෙන් වෙන්වී සිටීමට ස්බාවික ආරක්ෂාවක් ලැබෙනවා. ජලය තුල හිටවා ඇති ජලජ ශාජ වලට වඩා ජලය මත පාවෙන ජලජ පැලෑටි වගා කර තිබීම වඩාත් යොග්‍යයයි.

3.  මවු මත්සයා පැටවු බිහිකල පසු එම කුඩා පැටවුන්ව වෙනත් ටැංකියකට මාරු කිරීම. මේ ක්‍රමය නම් එතරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මොකද අළුත උපන් පැටවුන්ට හානි වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩියි.මේ ක්‍රමයෙන් කුඩා මසුන්ව වෙනත් ටැංකියකට මාරු කිරීමට භාවිතා කරනවා නම් ඒ සඳහා දැලක් වෙනුවට ජලය රදන භාජනයක් භාවිතා කර ජලයත් සමගම මසුන් මාරු කිරීම කළ යුතු ය.

4. බ්‍රීඩින් ට්‍රැප්ස් (Breeding Traps) භාවිතා කිරීම. මේ තමයි දැනට තියෙන සාර්ථකම ක්‍රමය.මේ ගැන දීර්ග විස්තරයක් ඊලඟ ලිපියෙන් බලා පොරොත්තු වන්න.

එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !!

39 comments:

  1. එතකොට ස්වාභාවිකව ඔය පැටවු බේරෙන්නේ කොහොමද? මම අහන්නෙ ටැංකියේ නෙමෙයි මූදෙදි

    ReplyDelete
    Replies
    1. මූදෙදි නම් ස්බාවික ආරක්ෂාවක් තියෙනවා. කොරල්පර මුහුදු පැලෑටි එහෙම තියෙනවා.

      Delete
  2. ඇස්බැස්ටෝස් තහඩු හරි සිමෙන්ති ටැංකිවල හරි ඉන්නකොට පැටව් වැඩියෙන් දානවද :D සමහරු එහෙම කියනවනේ.. අපි ඉස්සර පොල් කෙදී තම්බල ගුලියක් වගේ හදල දානව පැටව්න්ට හැංගෙන්න කියල :P සාර්තකද මංද.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. සමහරු නම් කියනවා. ඒ ගැන දිරි ලිපියකදි කියන්නම්. අර කොහු තම්බලා දාන කතාව නම් මම දන් නෑ. අපි නම් කරන්නේ කෙහෙල් කොල කෑල්ලක් දානව. උන් කෙහෙල් කොලේ යට බිත්තර දානවා :)

      Delete
  3. ඕකෙන් සාර්ථකම ක්‍රම 2 මුල් ක්‍රම දෙක නේද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්.. නමුත් බ්‍රීඩින් ට්‍රැප්ස් තමා හොඳම ක්‍රමේ කියලා හඳුනාගෙන තියෙන්නේ.

      Delete
  4. මටත් හිතුනා අනික් උන් පැටවුන්ව කනවා ඇති කියල.
    දැනුවත් කිරීම ගැන ස්තුතියි.
    පහුගිය ටිකේ බ්ලොග් පැත්තේ එන්න විදියක් තිබ්බේ නැහැ. දැන් හිමීට එකින එක බලමි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම බැළුවේ දූපත් වැසියා කොහේ ගිහින්දෑකියල.

      Delete
  5. මෙන්න මේකනම් හරිම වැදගත්

    ReplyDelete
    Replies
    1. කියවලා යමක් ඉගෙන ගත්ත එක ගැන සතුටුයි :)

      Delete
  6. හපොයි.. මේකත් පණ යන වැඩක්නේ....

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. හයිඩේල්ලා, වැලිස්නේරියා වගේ ගස් ටිකක් හැදුවා නම් උන් ස්වභාවිකවම ආරක්ෂා වෙනවා

      Delete
  7. ෂික් ඉතරක් ! මේ මාළු අම්මල කිසි කමකට නෑනේ. මත්ස්‍ය මාතෘ සායන පවත්වන තැන් නැත්ද ගැබිණි මත්ස්‍යයින් පුහුණුවට යවන්න. :)

    මම හිතන්නෙ උන් වරකට පැටව් ගොඩක් බිහිකරන නිසා ගහනය පාලනය කරන්න වෙන්න ඇති ස්වභාවිකවම ඒ විදියට මවු මත්ස්‍යයා පැටව්න්ව ආහාරයට ගන්න විදියට හැඩගැහිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකත් එක හේතුවක් වෙන්න ඇති. එතකොට ප්‍රබල මසුන් ස්බාවික වරණයෙන් බේරිලා ජීවත් වෙනවා නෙහ් :)

      මාතෲ සායන තිබ්බා නම් කියලා දෙන්නවත් තිබුනා නෙහ් :)

      Delete
  8. අපොයි මේක කිව්වම මට මතක් වුනේ.... දැන් හුග කාලෙකට ඉස්සර වෙලා අපේ ගෙදර හිටපු ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්ද කොහෙද (මතක විදියට) පැටව් ලැබෙන්න ලං වෙලා (අර ඔයා කිව්වා විදියට බඩ මහත් වෙලා) ඉන්නකොට අපි වෙන එකකට දැම්ම.... අපේ ගෙදරට ආව පොඩි එකෙක් මුව දැකල ලගට වෙලා බල බල හිටිය. ටික වෙලාවකින් බැලින්නම් මු උගේ බඩ මිරිකලා..... බඩ පිම්බිලා තිබ්බ හින්දා මිරිකුවා කියල ඒකා කිව්වා.අයියෝ දෙයියනේ අපිට එපා වුන.... ඒ පොඩි එකාට බනින්න කියලයි.... අන්තිමට මාළු පැටවුනුත් නැ. අම්මත් නැ.... :(

    ReplyDelete
    Replies
    1. අයියෝ.. පවු දෙයියනේ. මොනා කරන්න ද පොඩි උන් කියන දෙයක් අහන එකක් යෑ. එපා කියන දේමයි කරන්නේ. මාළුවා මැරුවට පස්සේ ආයේ ගහලා බැනලා වැඩකුත් නෑ නෙව :(

      Delete
    2. අපේ මාමගේ පුත්තරයා පුංචි කාලේ දි දවසක් මාළු ටැංකියට බැහැල මාළු අල්ලලා තිබුන. ටැංකිය බිම වගේ තියල තිබුනේ. වැඩි වෙලා යන්න කලින් නැන්දා දැකල.., නැත්නම් වීදුරු බිඳිලා ඌ තුවාලත් කර ගන්නවා..

      Delete
    3. මාමටත් ඉන්නේ මරු පුත්තරයෙක් නෙව.

      Delete
  9. මටත් හිතෙනව මාළු පැටවු ටිකක් ගෙනත් හදල බලන්න.. ඒත් වෙලාව තමයි පුරස්නේ..:(

    ReplyDelete
    Replies
    1. වෙලාව හොයාගන්න පුලුවන් නම් මාළු ටිකක් හදන්න :)

      Delete
  10. මේකනම් ඇත්ත....මේ යක්කු උන්ගේ පැටවූ කනවා තමා...දැන් කාලේ සමහර අම්මලාත් තමන්ගේ දරුවා කෑවේ නැතුවට ඊටත් අන්ත දේවල් කරනවනේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා දසුන්.
      මාළු වගේ යෑ දරු පැටවු කියන්නේ. එහෙම අයවත් දාලා යන අම්මලා ඉන්නවා නෙ.

      Delete
  11. මාළු ඇති කරන එකත් සෑහෙන අවධානයකින් කරන්න ඕනේ නේ..? ඒක තම මාළු ඇති කරන අය හුඟක් වෙලාවට ටැංකියත් එක්කම ඉන්නේ. මාළු බේබිලා ගොඩක් එකට ඉන්න කොට පට්ට ලස්සන ඇති. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ගොඩක් ලස්සනයි.
      දැකලා තියෙනවද ඒංජල් ලා ගේ පැටවු එහෙම? සෑහෙන්න බිත්තර ගොඩක් දානවා. ඒ වගේම එක රොත්තට පැටවු සීය දෙයීය ගණනක් ඉපදෙනවා.
      හරි ලස්සනයි.

      Delete
  12. ටික දවසකින් පෝස්ට් එකක් වැටුනේ නෑනේ. මොකද මචං..

    ReplyDelete
    Replies
    1. මමත් මේ ඕක කියන්නම තමා ආවේ චන්දන අයියේ....මාළු ටැංකිය කුඩු කරනවා හරිද....පොස්ට් එකක් දැම්මේ නැතොත් ඉක්මනට

      Delete
  13. කෝ ... බං. උඹ ටැංකියේ බැහැල හිටියම මේක ලියන්නෙ පොලීසියෙන්ද?

    ReplyDelete
  14. මේ මොකද හලෝ ඔයාට වුනේ? කාලෙකින් දැක්කේ නෑනේ.....

    ReplyDelete
  15. හරිම ප්‍රයෝජනවත් ලිපි පෙළක්..අපේ ගෙදරත් ලොකු මාළු ටැංකි කීපයක්ම තියනවා..මානසික සුවයට හොඳම දෙයක් නේද මේ මාළු ඇති කරන එක

    ReplyDelete
    Replies
    1. ඔවු. මාළු ටැංකියක් දිහා බලන් ඉන්නකොට හිත සන්සුන් වෙනවා.

      Delete
  16. හයිඩේල්ලා,ජපං ජබර වගේ ගස් ටිකක් හැදුවා නම් උං ස්වභාවිකවම ආරක්ෂා වෙනව නෙ බං

    ReplyDelete
    Replies
    1. ඒක තමා අංක දෙකෙන් කියලා තියෙන්නේ.ස්බාවික ආරක්ෂාවක් ලබා දෙන එක හොඳා.

      Delete
  17. කෝ මේ මින්... මෙහෙ මාලු ටැංකියේ මාළු ටික මැරෙනවා.... අයිතිකාරයා මිසින් වෙලාද....?????

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයෙම ආවා. අපි ඔයාලෑ පැත්තේ ආවා ගිය මාසේ.

      Delete
  18. ඔන්න ආයෙත් ආවා. හැබෑට මේකට මක් උනාද..?

    ReplyDelete
    Replies
    1. කොම්පීතරේ ලෙඩ දුන්නා.
      ඔන්න ඒකත් දැන් හරි.

      Delete
  19. ගොඩක්ම වටිනවා

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?