Jan 19, 2013

කලකට පසු...

පහුගිය ටිකේ සති අන්තවල ලිපි ලිය ලියා හිටපු මින් විසිතුරුවා එක පාරටම අතුරුදහන් වෙලා ආගිය අතක් නැති උනා. ඊට පස්සේ ඒකාගේ මාළු ටැංකිය ඔහේ පාළුවට ගිහින් තිඋනා. ඒ උනාට සමහරු නම් ටැංකිය පාළුවට යන්න නොදී ඉදලා හිටලා ඇවිදින් මාළුවෙක් දෙන්නෙක් බලලා බ්ලොගේ ලියන එකා කොයි කියලත් අහලා තිබ්බා.

ඇත්තටම මොකද මූට උනේ ?  

ඇත්තම කාරණේ මේකයි. මින් විසිතුරුවාගේ ආදරනීය කොම්පීතර් රාජයා එක පාරටම ලෙඩ උනා.බෝඩ් එකේ එවුලක් ගිහින් ලූ. අළුත් බෝඩ් එකක් දාන්න වෙයි ලූ.
ඔන්න ඔහොමයි කොම්පීතරේ හදන්න දීපු අය කිව්වේ. ඊට පස්සේ පඩියෙන් එකතු කරගෙන හිටපු ගානක් පොතෙන් අරගෙන කොම්පීතරේ හදාගත්තා.

මේ සතියේ තමා කොම්පීතරේ ගෙනාවේ. ඒ නිසයි අද මට මේ පෝස්ට් එක උනත් දාන්න පුලුවන් උනේ.

ඇයි යකෝ බෝඩ් එකක් දාන්න එච්චර කල් යනවා යෑ. උබ එච්චර කල් මොකෑ කලේ ?

මේකනේ උනේ. ඔන්න මම කොම්පීතරේ හදන්න දීලා සතියකින් එන්න කිව්වා. ඔන්න ඒ සතිය එනකොට මගේ ගෑල්ලමයා කියපි "අනේ අර කොළඹ තියෙන ඇවිදින පාර බලන්න එක්ක යන්නකෝ" කියලා. ආයේ ඉතින් බෑ කියන්න යෑ. එයාවත් කොළඹ එක්ක ගියා කියමුකෝ.

පස්සෙන් පහු මටත් වැඩ වැටිලා කොම්පීතරේ ගෙන එක පමා උනා.ඔන්න ඕකයි කතන්දරේ.

එහෙනම් අපි හෙට ඉදන් නවත්තපු තැනින් පටන් ගම්මු. මං අන්තීමටම නැවැත්තුවේ අළුත උපන් මාළු පැටවු රැකගනිමු කියන ලිපියෙන්. දැන් ලියන්න තියෙන්නේ බ්‍රීඩින් ට්‍රැප්ස් ගැන.

එහෙනම් ඒ ලිපියන් හමුවෙමු.
ගිහින් එන්නම්.
ජය වේවා !!

31 comments:

  1. හොඳයිනේ අප්පා... අපේ මහත්තයා මේ කොළඹ ඉඳලත් මාස ගානක් තිස්සේ කියනවා මාව එක්කන් යන්න කියලා.. ම්හු.. තාම එයාගේ නැකත ඇවිල්ලා නෑ වෙන්න ඇති.. කසාද නොබැද හිටි්ියනං මෙලහකට දහ පාරක් විතර එක්කන් ගිහින්... ගර්ර්ර්ර්්්ර්........

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....ඒ කියන්නේ කසාද බදින එක ගැන නැවත නැවතත් හිතන්න වෙන ප්‍රශ්නයක්...... බදිනවද?? නැද්ද?? අනේ මන්දා....

      Delete
    2. එයාගේ නැකත් පතනේ...

      Delete
    3. @හිරු :
      මෙහෙමයි හිරු. ඔය ගමන ගියේ එයා මාසයක් තිස්සේ කරපු ඉල්ලීමක් නිසා. නැත්නන් මාත් එච්චර කොළඹ එන්න ආසාවක් නෑ. :)

      Delete
    4. @සමනළී
      හිත හිත ඉන්න දෙයක් නෑ සමනළී. ඔයාට ආදරේ කරන ඔයා ආදරේ කරන කෙනෙක්ව හොයාගෙන කසාඳ බඳින්න තියෙන්නේ. ගමන් බිමන් යන එක දෙන්නම කතා කරගෙන එකඟතාවයකට එන්න.

      Delete
    5. @Naleen Dilruksha
      මම නම් මුකුත් නොකියමි. :)

      Delete
  2. අඩේ අප්පා.... මෙන්න මෙයා ඇවිත් හෙන කාලෙකින්.අපි ඒත් බැලුවා මොකෝ වුනේ කියල.... හරි හරි දැන් ඉතිං ආයෙත් ලියන්න පටාන් ගමු.....

    ReplyDelete
    Replies
    1. පටාන් ගත්තා.
      හැම සති අන්තයකම එන්න මගේ ටැංකියෙන් මාළු බලන්න. මං නැති අතරේ හොයලා බැළුවට ඔයාලට පින්.

      Delete
  3. ආයේ ​ලෙක කරගන්​නේ එහෙම නෑ...

    ReplyDelete
  4. හප්පේ දැක්ක කල්. වැඩ වැඩි කම නිසා මට හිතෙනවා කාලෙකින් බ්ලොග් ලෝකයක් කියල එකක් ඇත්තටම නැතිවේවිද කියල. කොහොම උනත් නැවත ආගමනය ගැනනම් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් ආපු තකහනියෙම කෝරලේ වලව්වටත් ගොඩ වෙලාම ආවා. සිගරට් බීම නම් හොඳ නෑ කෝරලේ මහත්තයෝ.

      Delete
  5. මොකද්දමේ ඇවිදින පාර? දන්නැති හින්ද අහන්නේ මොකද කාලෙකින් ලංකාවට ගිහින්නැති නිසා
    ජගත්

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඇනෝ ජොගිං ට්‍රැක්ස් වෙන්න ඇති. මම දැක්කා බියගමත් එහෙම එකක් වගේ පෙනුන දෙයක් හදනවා මේ පාර ලංකාවට ගියාම.

      Delete
    2. @Anonymous :
      ඔය කියන්නේ දියවන්නාවේ ඇවිදින පාර ගැන. තව එකක් මේ ලඟදි නුගේගොඩ පැත්තේ හදලා තියෙනවා කියලා ප්‍රවෘත්තිවල කියෙව්වා.

      Delete
    3. @Dude
      අන්න හරි. ඒ වගේ පාරක් ගැන තමා අපේ එක්කෙනාත් කියන්නේ.

      Delete
  6. කොහොම හරි මලයා ආයිත් ගොඩ වුනානේ ඒක හොදටම ඇති

    ReplyDelete
    Replies
    1. මං ඒ පැත්තෙත් එන්නම්. දැන් නම් කතා ලියනවට වඩා ප්‍රවෘත්ති ලිවිල්ලක් තමා මම දැක්කේ. :)

      Delete
  7. ela ela digatama liyanna..api enawa balanna..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම දිගටම එන්න.
      මම මොනවාහරි ලියලා තියන්නම්.

      Delete
  8. ඔය ගෑල්ලමයි කියන ජාතියත් මාළුවො ඇති කරනවට වඩා මහ කරදරයක් බං........ :D

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්.. ඒක ඇත්ත.
      මේකෙ කමෙන්ට් රිප්ලයි කරන ටිකට කීවතාවක් නන් කෝල් කලාද.
      හොඳ වෙලාවට එයා බ්ලොග් කියවන්නේ ලියන්නේ නෑ. :)

      Delete
  9. මාළු පැටව් බලා ගැනීමට පස්සේ ...ගෑනු ළමයි බලා ගැනීම ගැන?.......

    ReplyDelete
  10. මම ඒත් බැලුවා කාලයක් තිස්සේ රෝලේ මාලු නැත්තෙ මොකෝ කියලා..
    මේ මම කොටන පළවෙනි කොමෙන්ටුවද මන්දා.. ඇත්තම කියන්න මම ඔය මාලු ඇතිකිරිල්ලට එච්චර ලයික් නෑනෙ..

    ReplyDelete
  11. ආ ... ඔය ආයිත් ටැංකියට බැහැල තියෙන්නෙ.

    යකෝ අපිට ලෙඩ හැදුනට වඩා හපන්නේ කම්පීතරේ ලෙඩ උනාම. මගෙත් සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් විතර බෝඩ් එක යනව, මූදු හුළං නිසා තියාගන්න අමාරුයි. දුන්නහම ඉතිං වොරන්ටි හම්බෙනකන් සතියක් දෙකක් බලන් ඉන්න ඕන, සමහර විට ආයිත් දෙනව බෝඩ් එකේ ලුණු බැ‍ඳිල වොරන්ටි දෙන්න බෑ කියල. කීප ගමනක් එහා මෙහා ගිහින් වැඩ ටික ඉවර වෙනකොට මාසයක් විතර ගිහින්. දැන් නම් මම කරන්න ඉන්නෙ බෝඩ් එක කේස් උනොත් එවේලෙ අලුත් එකක් දාගන්නව, පස්සෙ පරණ එකට වොරන්ටි ආවොත් ඒක කාටහරි විකුණල දානව.

    ReplyDelete
  12. ආයෙත් මාළු ටැංකිය ඇරලා වගේ ...

    ReplyDelete
  13. how to type in sinhala ? thats my question :O

    ReplyDelete
  14. යකෝ අඩෝ දාපියව් තෝ ගුටි නොකා අලුත් මාලු විස්ටර ටිකක්

    ReplyDelete
  15. Maabal maaluwo lidata demmoth ehema un lida haaranawada?

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?