කලින් ලිපියේ පොරොන්දු වෙච්ච පරිදි අද කියලා දෙන්න යන්නේ ජලජ පැලෑටි ගැන.මාළු ටැංකියක් ලස්සන වෙන්න ජලජ පැලෑටි ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ජලජ පැලෑටි ගැන පුංචි පුංචි කාරණා ටිකක් කියලා දෙන්නයි අද සූදානම.
මාළු ටැංකියක ජලජ පැලෑටි වැවීමෙන් අපි මූලිකවම බලාපොරොත්තු වෙන්නේ ටැංකිය ලස්සන කරගන්න. මාළු ඇති කරන අයගේ ලොකුම ආසාව තමා ටැංකිය ලස්සනට තියාගන්න.ඒ නිසා ඒ අතින් ජලජ පැලෑටි ලොකු සේවයක් කරන්නේ.
ඒ වගේම තමයි මාළුන්ට අවශ්‍ය කරන ස්බාවික ජලජ පරිසරය ගොඩ නගන්නත් මේ පැලෑටි වර්ග ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. උන්ගේ සාමාන්‍ය ජීවන රටාවට මේක ගොඩක්ම වැදගත්. නැත්තන් ලේසියෙන්ම ලෙඩ වලට ලක් වෙනවා.
ජලජ පැලෑටි වලින් ලොකුම වාසිය තියෙන්නේ මාළුන්ට. උන්ට දවසකට අවශ්‍ය කෑම වර්ගත් මේ පැලෑටි වලින් ලබා ගන්න පුලුවන්.සමහර මාළු වර්ග පොඩි පොඩි මාළු පැටව් කන නිසා ඒ වගේ පොඩි මාළු පැටවුන්ටත් ආරක්ෂාවත් ලබා ගන්න මේ පැලෑටි උපකාරි වෙනවා.
මාළු ටැංකියකට මේ පැලෑටි වලින් තියෙන ලොකුම සේවය තමයි වතුරේ දියවෙලා තියෙන කාබන්ඩයොක්සයිඩ් සියල්ලම වගේ මේ පැලෑටි උරාගෙන ඔක්සිජන් පිට කරන එක. ඒ නිසා ජලයේ ඔක්සිජන් තිර කිරීමකුත් මේ පැලෑටි වලින් සිද්ධ වෙනවා. හැබැයි මතක තියාගන්න මෙහෙම ඔක්සිජන් තිර කරන්නේ හිරු එළිය හෝ යම්කිසි ආලෝකයක් තියෙන වෙලාවල් වලට විතරයි කියලා. හිරු එළිය නැති අනිත් හැම වෙලාවටම ගසුත් ඔක්සිජන් ගන්නවා කියලා අමතක කරන්න එපා.
මීට අමතරව මාළුන්ගේ නයිට්‍රජනිය අපද්රව්යයයනුත් ඉවත් කිරීමේ හැකියාවක් මේ පැලෑටි වල තියෙනවා. මේ නිසා වතුරේ දියවෙන නයිටජන් හා ඇමෝනියා ප්‍රතිශතය අඩු කරගන්නත් මේ පැලෑටි උපකාරි වෙනවා. (නයිටජන් හෝ ඇමෝනියා සාන්ද්‍රණය වැඩි උනහම ගොඩක් මාළු වර්ග, කෑම කන්නේ නෑ )
පහත තියෙන්නේ ජලජ පැලෑටි වලට උදාහරණ. ලේසියකට ජලය මත පාවෙන හා ජලයේ ගිල්වන පැලෑටි කියලා කොටස් දෙකකට වෙන් කරන්නම්.
ජලය මත පාවෙන ජලජ පැලෑටි
1. වෝටර් ලෙටිස් (Water Lettus) -අපි නම් පොඩි කාලේ මේවට කිව්වේ ගෝවා පාසි කියලා. :)
2. හයිඩ්රිල්ලා (Hydrilla Verticillata) - මාළු ඇති කරන අය අතරේ ගොඩක් ප්‍රසිද්ධ පාසි වර්ගයක්.
3. හෝර්න්වෝර්ට් (Hornwort) - හයිඩ්රිල්ලා වලට සමානකමක් දක්වන පැලෑටි වර්ගයක්.
4. සැල්වීනියා වර්ගත්
ජලයේ ගිල්වන පැලෑටි
1. ඕළු,නෙළුම්,මානෙල් - ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. පොකුණු වලට නැතුවම බැරි ගස් ජාතිය :)
2. වැලිස්නේරියා - චූටි මල් පිපෙන ගස් ජාතියක්.
3. ඇමසන් ස්වෝර්ඩ් (Amazon Sword) - නමින් දන්නේ නැති උනත් ටැංකි වලට හරි ප්‍රසිද්ධ ගස් ජාතියක්.
මම මේ ලිව්වේ අපි අතර ගොඩක්ම ප්‍රසිද්ධ පැලෑටි වර්ග ටිකක්. හරියටම ලියනවා නම් ලිපි තුන හතරක් උනත් මේ ගැන ලියන්න වෙනවා.
ඔය ඇමසන් ස්වෝර්ඩ්, වැලිස්නේරියා වර්ග වඩාත්ම හොඳ වෙන්නේ වීදුරු ටැංකි වලට. ඊට අමතරව ජාවා මොස්, ජාවා ෆර්න් වගේ ඒවත් හොඳයි ඒ උනාට ටිකක් විතර හොයාගන්න අපහසු ගස් ජාතියක්.
අනිත් එවුවා නම් එලිමහන් පොකුණු වලට කියාපුම ජාති ටික !
එහෙනම් ගිහින් එන්නම්...
ජය වේවා !
විශේෂ ස්තූතිය - මට පෝස්ට් එකට පොටෝ ටික හදලා දෙන්නන් කියලා පොල්ලක් තියලා මාරු වෙච්ච එකාට. පොලුකාරයෝ !!!!
නියමයි මලේ මේ පැලැටි දැකලා තිබුණත් නම් දැනගත්තේ අද තමා.
ReplyDeleteඔයිට වඩා උපන්තේකට අහලා නැති ගස් ජාතිත් තියෙනවා. ඒවා බලන්න නම් කොහේහරි හොඳ මින් මැදුරකට යන්න ඕන.
Deleteඔය ජාවා මොස්, ෆර්න් ජාතිත් මම දැක්කේ එහෙම ගිය වෙලාවක තමා.
මාළු හැදුවට පාසි ගැනනම් දැනීම අන්තිමයි...
ReplyDeleteහෑ... ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් ඇවිත්.. !
Deleteදිරිමත් කිරීමට ස්තුතියි ගෝල්ඩ් ෆිෂ්
මේවගෙන් ටැංකියේ ඇතුලේ හදන්න පුළුවන් මොන වගේ පැල ද ?
ReplyDeleteවැලිස්නේරියා තමා ගොඩක්ම ජනප්‍රිය ජාතිය. ඊට අමතරව ඇමසන් ස්වෝර්ඩ් උනත් අවුලක් නෑ. ජාව මොස්, ෆර්න් එහෙමත් හොදයි
Deleteඔය උඩින්ම තියෙන එක හරි ඇනයක් නේද? වැවෙන්න ගත්තම ලවක් දෙවක් නැහැ.
ReplyDeleteහ්ම්... ආක්රමනික ජාතියක් තමා.
Deleteඇයි සැල්වීනියාත් එහෙම තමා ඒකත් ඒ ජාතියේමයි. මේවා හොද මඩ පොකුණු වලට :)
ඔය Water Lettus හැදෙන්න ගියාම කෙලවරක් නැතුව හැදෙනවානේ... නේද? පැල බෝ වෙන්නේ බලාගෙන ඉද්දි...
ReplyDeleteහෙහෙහෙහෙ. ඒක නම් එහෙම තමා ඔය ජාතිය හොඳ මඩ පොකුණු වලට.
Deleteගෝවා පාසි වලට නම් ඔය පොසිටිව් කමෙන්ට් දෙකක්ම වැටිලා තියෙන්නේ.. හි හි..
ReplyDeleteහික්ස් :)
Deleteඒ උනාට ඒ කතාව හරි හිරු. නෝමල් ටැංකියක නම් වවන්නම හොඳ නෑ. ඒ උනාට මඩ පොකුණු වලට අවුලක් නෑ.
පැළෑටි දැකල තිබුන එකක් දෙකක්. උඩම තියන ඒවා වගේ වර්ගයක් කුඹුරු වලත් වැවෙනවා. ඇලවල් එහෙම වැහිලා යනවා ඒවාට.
ReplyDelete//වැලිස්නේරියා// මේ පින්තුරේ වම් කෙලවරේ උඩ මාලුවෙක් ද පේන්නේ..
හොඳ පොස්ටුවක් වෙනද වගේම!!
අපොයි ඔවු. ආක්රමනික ජාතියක් ඕක. ඒ නිසා දැකලා තියෙන්න පුලුවං.
Deleteඕවා හොඳ මඩ පොකුණුවලට.
ඔවු මාළුවෙක් ඉන්නේ.
වැලිස්නේරියාවල තව ජාතියක් තියෙනවා ඒකේ චූටි මලක් පිපෙනවා. කොලයත් ටිකක් ඇබරිලා ගිය ගතියක් තියෙන ගහක්.
මේ ජාතිය නම් මල් පිපෙන්නේ නැද්ද කොහෙද. උපන්තේකට මලක් දැකලා නෑ.
කොහොම උනත් කමන් නෑ දෙජාතියම අයිති වෙන්නේ වැලිස්නේරියා පවුලට :)
හයිඩ්රිල්ලා එක්ක හොන්වර්ට් දාපුවම හයිඩ්රිල්ලා වඳවෙනවනේ....
ReplyDeleteඅපනයනය සදහා ඇතිකරනු ලබන මසුන් මිලදී ගනු ලබන අපනයනකරුවකු සොයාගැනීමට අපහසුය. අපනයනකරුවකුගේ විස්තර ලබාදිය හැකි නම්......
ReplyDeleteLAND MOSS TANK WALA HADANNA PULUWANDA
ReplyDeleteගොඩක් ස්තුතියි
ReplyDelete