ෆිල්ටර් ගැන පලවෙනි ලිපිය | ෆිල්ටර් ගැන දෙවෙනි ලිපිය
අද ලියන්නේ ෆිල්ටර් ගැන තුන්වෙනි ලිපිය
ෆ්ලුයිඩයිස්ඩ් බෙඩ් ෆිල්ටර් (Fluidized Bed Filters)
තරමක් අළුත් ෆිල්ටර් වර්ගයක්. ඒ වගේම මෙම ෆිල්ටර් වර්ගය බයෝලොජිකල් ෆිල්ටර් ගණයටයි වැටෙන්නේ. මෙම ෆිල්ටරය වැලි පිරවු සිලින්ඩරයකින් යුක්ත වෙනවා. මෙම ෆිල්ටරයේ වැලි සිලින්ඩරයේ එක් අංශයකින් ජලය ඇතුල් කර අනෙක් පැත්තෙන් ජලය පිටවීම සුදුවේ.
ඒ වගේම මේ සිලින්ඩරය ඇතුලේ වාසිදායක බැක්ටීරියා වර්ධනයක්ද සිද්ධ වෙන නිසා ජීවවිද්‍යාත්මක පෙරීමක්ද සිදු වෙනවා.මේ ජාතියේ ෆිල්ටරයක් සතියකට වතාවක්වත් සුද්ධ කරන්න ඕන. නැත්නම් පෙරීමේ කාර්යය හරියාකාරව සිද්ධ වෙන්නේ නෑ.
ට්‍රිකල් (වෙට්/ඩ්‍රයි) ෆිල්ටර් (Trickle Wet/Dry Filter)
මෙම ෆිල්ටරය අයිති වෙන්නේ මිකෑනිකල් ෆිල්ටර් ගණයට. ෆිල්ටරයේ එක අංශයකින් ටැංකියේ ජලය ඇදගන්නවා. ඊට පස්සේ ඒ වතුර ෆිල්ටර කුටියේ ඇති කුඩා ප්ලාස්ටික් බෝල හෝ කෙදි සහිත මාධ්‍යයක් තුලින් යවනවා.
මෙහිදී පෙරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපද්‍රව්‍යයන් මේ කෙඳි මාධ්‍යය තුල හිර වෙනවා. ඉන්පසු පෙරුනු ජලය තවත් නළයකින් ටැංකිය තුලට නැවතත් එකතු වෙනවා.
මේ ෆිල්ටරයත් එක්කම ෆිල්ටර් ගැන කිව යුතු කරුණු කාරණා සියල්ල ඉවර වෙනවා.
- ෆිල්ටරයක් මිලදී ගැනීමේදි ටැංකියේ විශාලත්වය අනුව ෆිල්ටර් තේරීම කල යුතුය. ඊට අමතරව ඔබට අවශ්‍ය වන පෙරීමේ කාර්යය අනුව ෆිල්ටර තේරීම කල යුතුය. (මිකෑනිකල්, කෙමිකල් හෝ බයෝලොජිකල් යනුවෙන් පෙරීමේ කාර්යයන් තුනකි)
- ෆිල්ටරයක් කියන්නේ භාවිතයේදි ඉක්මනින් ක්‍රියා විරහිත විය හැකි උපකරණයක් නිසා අමතර කොටස් ඉක්මනින් ලබා ගැනිමේ හැකියාව ගැනත් සැලකිලිමත් විය යුතු ය.
- පෙරීමේ කාර්යය හරියාකාරව සිදුවීම සදහා නිශ්චිත කාල සීමාවකට වතාවක් ෆිල්ටරය සම්පූර්ණයෙන්ම සුද්ධ කල යුතු වෙනවා.
මූලික වශයෙන් ෆිල්ටර ගැන කියන්න තියෙන දේවල් ඔච්චරයි.
එහෙනම් ඉදිරි ලිපි වලින් හමු වෙමු.
ජය වේවා !
දවසේ සුරතල් මත්ස්‍යයා - ස්වෝර්ඩ් ටේල් (Sword Tail)
එලස්..ඔය තියන්නේ පැහැදිලිවම.ජය!!
ReplyDeleteකට්ටියගේ තිබ්බ ඉල්ලීමක් තමයි මේක. ඔන්න ඉෂ්ඨ කලා.
Deleteඉදිරියේදි ලියන්න තියෙන්නේ ජලජ පැලෑටි ගැන :)
අම්මෝ මෙයානම් මාළු පිස්සෙක් වගේ :)
ReplyDeleteනැතුව නැතුව :)
Deleteමගේ ටැංකියට ගොඩ උනාට ඔබතුමියට ස්තුතියි
බොහොම ස්තුතියි මේ ෆිල්ටර් ගැන ලිව්වට.
ReplyDeleteඔන්න එහෙනම් ඉල්ලිම ඉෂ්ඨ කලා.
Deleteදිගටම මාළු බලන්න එන්න.
ඔන්න මාත් ආවා....
ReplyDeleteදැං බිලොග් මාළු ටැංකි දෙකයි.. හි හි... අනිත් එකේ නං ඉන්නේ ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් නේ... මේකේ ඉන්නේ කවුද බලමු.....
අපේ ගෙදර තිබ්බ මාළු වැජකියේ හිටපු අර මොක්කුද ජාතියේ මාළු 6 දෙනාව පොඩි එකෙක් එකායි... දෙකායි .. කියලා ගනන් කරලා ටැංකියෙන් බාලා තිබිලා එකා එකා උන් මැරෙනවා දැක්කට පස්සේ මාළු ඇතිකරන්න නම් කිසිම ආසාවක් නෑ...
ඒත් මාළු බලන්න නම් ආසයි... හි හි....
ඒ " ගෝල්ඩ් ෆිෂ් ගේ බ්ලොග් ටැංකිය " නේ.
Deleteමේක "මාළු ටැංකිය" හික්ස් :)
මොක්කුන්ද ජාතිය මොකද්ද ?
මාළු මැරෙනවා බලං ඉන්න දුකේ බෑ :(
මගේ ටැංකියට ඉහලින් දිගටම පායන්න "හිරු" :)
නියමයි මලයා දෙසැම්බර් නිවාඩුව දීපු ගමන් ලස්සන මාලු ටැංකියක් මාත් හදනවා දුවල දෙන්නත් හවුල් කරගෙන
ReplyDeleteඅනිවාර්යෙන්ම...
Deleteමාළු ඇති කරනවා කියන්නේ හොඳ විනෝදාංශයක්.
අනේ මං හිතුවේ මෙයාලට කියන්නේ short tail කියලා....
ReplyDeleteනෑ නෑ මෙයාලගේ නැට්ට කොට (short) නෑ... නැට්ට කඩුවක් (Sword) වගේ.
Deleteඒකයි මෙයාලට ස්වෝර්ඩ් ටේල් කියන්නේ. :)
අදද කොහේදෝ මුලින්ම ආවේ... තාම නං නෑ සත්තු ඇති කළේ... මාළු ඇති කරන දවසක වැදගත් වෙයි නේද? ආයෙමත් එන්නම්කෝ එහෙනම්... ජය වේවා...
ReplyDeleteඅළුත් මල්ලි මුලින්ම ආවේ අද තමා.
Deleteදිගටම එන්න කියලා ආරාධනා කරනවා.
මමත් පොඩි කාලේ ඔය ස්වෝඩ් ටේල්ලා හැදුවා කරදරයක් නැති මාළු
ReplyDeleteමාලු හදන්න අළුතින්ම පටන් ගන්න කෙනෙක්ට හොදම වර්ග ටික තමා ගප්පි, ප්ලේටි, මෝලීස් වර්ග, ස්වෝර්ඩ් ටේල්ස් ලා !
Deleteහදන්න ලේසියි. ලෙඩ අඩුයි.
මාත් මේක කියෙව්වට මාලු ටැංකියක් තියාගන්න බැරි එකෙක් . ඒත් ආසාවට කියවනවා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ මොකෝ ඒ මාළු ටැංකියක් තියාගන්න බැරි ?
Delete