Oct 29, 2012

ජල පෙරන වර්ග - 2

කලින් ලිපියේ අන්ඩ‍ර් ග්‍රැවල් ෆිල්ටරය වගේම කෝනර් ෆිල්ටරය ගැන කියලා දුන්නා මතක ඇති නේ. අද කියලා දෙන්නේ තවත් ෆිල්ටර් වර්ගයන් කිහිපයක් ගැන.

ස්පොන්ජ් ෆිල්ටර් (Sponge Filter)
මේ ෆිල්ටර් වර්ගයත් අයත් වෙන්නේ බයෝලොජිකල් ෆිල්ටර් ගණයට.ඒ වගේම මේ ෆිල්ටර් වර්ගයට පාවිච්චි කරන ස්පොන්ජ් වර්ගය ඉතාමත් මිලෙන් අඩුයි. තව දෙයක් තමයි කුඩා මසුන් ඉන්න ටැංකි වලට මේ ජාතියේ ෆිල්ටර් හොඳින්ම ගැලපෙනවා.

මේ ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වය අන්ඩර් ග්‍රැවල් ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වයට බොහෝසෙයින්ම සමානයි.ඉහල නළය මගින් ඔක්සිජන් ලබා දෙන අතර ඒ ඔක්සිජන් සියල්ලම ස්පොන්ජ් එකේ කුඩා සිදුරු වලින් පිටතට ගලාගෙන එනවා. කලක් ගතවෙනකොට හිතකර බැක්ටීරියා වර්ග මේ ස්පොන්ජ් එකේ මතුපිට පෘෂ්ඨයේ වර්ධනය වෙනවා. එම බැක්ටීරීයා වර්ග ඔක්සිජන් සහ ජීවි අපද්‍රව්‍ය එක්ක එකතු වෙලා නයිටජන් හා ඇමෝනියා වැනි වායු වර්ග නිශ්පාදනය කරලා ටැංකියේ නයිටජන් ප්‍රතිශතය ඉතාමත් අඩු මට්ටමකට පවත්වාගෙන යන්න උපකාරි වෙනවා.



ඒ වගේම කුඩා කුඩා අපද්‍රව්‍ය ස්පොන්ජ් එකේ සිදුරු අතර රැදෙන නිසා ටැංකියේ පතුලේ අපද්‍රව්‍ය එක්‍රැස් වීම ගොඩක්ම අඩු වෙනවා. මෙවැනි ෆිල්ටරයක් මාසයකට වතාවක් සුද්ධ කලහම හොදටම ඇති.


පවර් ෆිල්ටරය (Power Filter)
මෙවැනි ෆිල්ටරයක් අයත් වෙන්නේ  කෙමිකල් සහ මිකෑනිකල් ෆිල්ටර් වර්ගයට. මෙමෙ ෆිල්ටරයකින් වතුර ඉහලට ඇදගෙන සක්‍රීය කාබන් පෑඩයක් මතට තල්ලු කරනවා.ඊට පස්සේ පිරිසිඳු වෙච්ච ජලය පහලට ගමන් කිරීමක් සිද්ද වෙනවා.

මෙමගින් ඇති අවාසිය තමයි ජීවවිද්‍යාත්මක පෙරීමක් සිද්ධ වෙන්නේ නැති වීම. ඒ කියන්නේ නයිට්‍රේට වැනි දෑ පෙරනය තුලින් පෙරී නො ඒම මෙහි ඇති එක අවාසියක්. නමුත් වැඩිදියුණු කරන ලද පවර් ෆිල්ටර් වල මෙම ජීවවිද්‍යාත්මක පෙරණ ක්‍රියාවලියත් අන්තර්ගත වීම නිසා හොඳ පෙරීමේ උපකරණයක් විදිහට පවර් ෆිල්ටර් හඳුන්වන්න පුලුවන්.
ඒ නිසා වෙලඳ පොලෙන් පවර් ෆිල්ටර් මිලදී ගැනීමෙදි මේ ගැන සැලකිලිමත් වීම වඩාත් වැදගත් !

කානිස්ටර් ෆිල්ටර් (Carnister Filter)
කානිස්ටර් ෆිල්ටරය තරමක් මිලෙක් අධික ෆිල්ටර වර්ගයට තමයි අයත් වෙන්නේ. මෙම වර්ගයේ ෆිල්ටරයක් ටැංකියෙන් පිටත සවි කල යුතු වෙනවා.මෙහි එක නලයක් මගින් ටැංකියේ වතුර ෆිල්ටරය තුලට ඇදගන්නා අතර තවත් නළයක් මගින් පිරිසිදු වූ වතුර නැවතත් ටැංකියට පොම්ප කිරිමක් සිදු කරනවා.

පෙරීම සදහා භාවිතා කරන මාධ්‍යයන් අනුව කෙමිකල්, බයෝලොජිකල් හෝ මිකෑනිකල් ෆිල්ටර් වර්ගයට අයත් වෙනවා.

 බයෝවීල් ෆිල්ටර් (Bio Wheel Filter)
මෙම ෆිල්ටර් වර්ගය බයෝලොජිකල්, කෙමිකල් හා මිකෑනිකල් යන ත්‍රිත්වයේ සංකලනයක් විදිහට හඳුන්වන්න පුලුවන්. එක කෙලවරක නළයකින් ජලය ඉහලට ඇදීමක් සිදු කරන අතර අනෙක් කෙලවරින් ජලය නැවත ටැංකියට මුදා හැරීමක් සිදු කරනවා.

 ඉහලට ඇදගන්නා වතුර මිකෑනිකල් ෆිල්ටර් පෑඩ් එකකින් පෙරෙන අතර පෙරීමේ ක්‍රියාවලිය අවසානයේ ඉතා විශාල බැක්ටීරියා සංඛ්‍යාවකින් ජීවවිද්‍යාත්මක පෙරීමකටද ලක් වෙනවා. ඒ අතර විශාල අපද්‍රව්‍ය කොටස් මෙම පෑඩ් වල සිරවීම නිසා ටැංකිය අපද්‍ර‍ව්‍ය වලින් තොරවීමක් සිද්ධ වෙනවා.

මෙවැනි ෆිල්ටර් වර්ග ඉතා විශාල ටැංකි වලට උනත් සුදුසු ය.


ඉදිරි ලිපි වලින් හමු වෙමු.
ජය වේවා !!

දවසේ සුරතල් මත්ස්‍යයා - ප්ලේටි  (Platy)

27 comments:

  1. අදයි මාලු ටැන්කියට ගොඩ වැදුනේ. දිගටම එන්නම්. ජය !!

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීමට ස්තුතියි විසිතුරු
      දිගටම මාළු බලන්න එන්න. ජය වේවා !

      Delete
  2. ඔන්න මාත් ආවා....මාලු ටැංකිය ලස්සනයි.:D

    ReplyDelete
    Replies
    1. මගේ මාළු ටැංකිය බලන්න බවලත් කෙනෙක් ආවමද කොහෙද... ස්තුතියි පොඩ්ඩියෝ දිරිමත් කිරීමට...
      දිගටම එන්න පොඩ්ඩි. ලස්සන ලස්සන මාළු බලතෑකි.

      Delete
  3. හොදයි වැඩේ .. මමත් මාළු ඇති කරනවා..

    බොහොම ස්තුති දිගටම කරමු.. අපි එන්නම් බලන්න..

    __ජය___

    ReplyDelete
    Replies
    1. මාළු ඇති කරන කෙනෙක්ගේ කමෙන්ට් එකක් දැකීමට ලැබීමත් සතුටක්.
      මේ දිරිමත් කිරීමට ස්තුතියි චමී...
      දිගටම මාළු ටැංකිය පැත්තේ එන්න කියලා ආරාධනා කරනවා.

      Delete
  4. මාළු.. නියමයි... දිගටම මාලු ගැනම ලියවෙයි කියල හිතනව...

    දැන් බ්ලැක් ටේල් ප්ලේටි, බැලැක්මෝරිස්ල හොයාගන්න මාර අමාරුයි මේ පැත්තෙ...

    ReplyDelete
    Replies
    1. තනිකරම මාළු ගැන තමයි ලියන්න ඉන්නේ. මේ දවස් ටිකේ මාළු ටැංකියට අවශ්‍ය කරන දේවල් ටික සූදානම් කරගන්න ආකාරය කියල දෙන්නේ.
      මේ ලිපි සෙට් එකෙන් කියලා දෙන්න හිතන් ඉන්නේ ෆිල්ටර්ස් ගැන !

      දිරිමත් කිරීමට ස්තුතියි සාතන් !
      අර කිව්වත් වගේ බ්ලැක් ටේල් ප්ලේටි නම් ටිකක් හොයාගන්න අමාරුයි තමා. නමුත් මෝලිස් වර්ග වලින් වයිට් මෝලීස් ලා ටිකක් හොයාගන්න අමාරුයි.

      Delete
    2. බ්ලැක් මොලීස්ලනම් ඉන්නවා මගේ ලග

      Delete
  5. මගේ ලොකු ආසාවක් තියනවා මාළු ටැංකියක් පවත්වාගන යන්න.ඒකට මේ ලිපි හරි වටිනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. මම ලියපු ලිපියක් කියවලා කමෙන්ටුවක් දාලා ගියපු ඔබට ස්තුතියි.
      දිගටම මේ පැත්තේ එන්න.
      මමත් සමකය වටේ ගිහින් ආවා විතරමයි :)

      Delete
  6. ප්ලේටි :) මම වැඩිම කාලයක් ඇති කරපු හොඳට ලෙඩ වලට එහෙම ඔරොත්තු දෙන මාළුවෙක්. මගේ ගාව ගොඩක් මාළු හිටියා. ඒත් නොදන්නා කමින් උන් මැරුණා. අදටත් මට දුකයි ඒ ගැන. ඒ නිසා මම ආසාවෙන් මේ ලිපි ටික කියවන යනවා. අඩුමගානේ මීට පස්සේ වත් මාළු නොමරා හදන්න ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. ප්ලේටි හදන්න ගොඩක්ම පහසු වර්ගයක්.
      ලෙඩ වලට ඔරොත්තු දෙනවා වගේම සර්වභක්ෂක මාළු ජාතියක්. ඒ වගේම හොඳ ආර්ථික වාසි ලබා ගන්න පුලුවන් ජාතියක් !

      Delete
  7. මම නම් කිසිම විදියකින් සතුන් ඇති කරන්න කැමති නෑ. ඒත් අපේ ගෙදර ඉස්සර මාළු ටැංකි කීපයක්ම තිබුණ, අයියා මාළු ඇති කරා. ඒක ඒ දවස්වල පිස්සුවක් තරමට පැතිරිල තිබු‍ණෙ කොල්ලො අතර.

    කොහොම උනත් මේ විස්තර මාළු ඇති කරන අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ ගෙදරත් පිස්සුවෙන් වගේ මාළු ඇති කලා. කොටින්ම අතට සල්ලි ටිකක් හම්බ උනොත් බලන්නෙම මාළුවෙක් දෙන්නෙක් ටැංකියට ගෙනල්ලා දාන්න. :)

      Delete
  8. මමත් කාලයක් ආසාවෙන් කළා නමුත් තාක්ෂණික දැනුමක් ඇතිවනම් නෙවෙයි. මාළු හදන අයට ගොඩක් වැදගත් දිගටම ලියන යන්න

    ReplyDelete
    Replies
    1. තාක්ෂණයත් එක්කම වගේ කරගෙන යනවා නම් ගොඩක් පහසුවෙන් මාළු ජනපද ඇතිකර ගන්න පුලුවන්.කොටින්ම ඉස්සර අපේ ආසාව වෙලා තියෙන්නෙම මාළු පැටියෙක් දකින්න ලැබෙන එකනේ. :)

      Delete
  9. මලේ,
    හරිම වටින වැඩක්. මම දැන් ගොඩක් කාලෙකට කලින් සෑහෙන්න පොත් හෙව්ව මාළු ගැන ලියවෙච්ච. ඒත ලැබුණෙ ටිකයි. මම දැන් වැඩේ අතහැරලා. මගේ කොල්ලො දෙන්නගෙම හොඳ විනෝදාංශයක් වෙලා. මමත් උදව් කරනව.
    මම අහම්බෙන් ආවෙ. හෙට උදේම කොල්ලො දෙන්නට බ්ලොග් එක ගැන කියනව දිගටම කියවන්නං ලියන්න දිගටම
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. තාම ටැංකියට මාළු හඳුන්වා දුන්නේ නෑ. දිගටම කියවන්න එන්න.
      ඉදිරි ලිපි වලදි මාළු ගැන ලියන්න ඉන්නේ.
      ලිපිය කියවලා කමෙන්ට් කරලා දිරිමත් කලාට ස්තුතියි

      Delete
  10. නියමයි..වටිනා ලිපි පෙළක්..!!

    ReplyDelete
  11. උත්සාහය අගය කරනවා මල්ලියගේ.මම මඩ පොකුණු කරන කෙනෙක් විදියට උදව්වක් දෙන්නම් මල්ලිට නොදන්න දේවල් ගෑන.දිගටම කරගෙන යන්න.
    ජයවේවා !!!!!

    ReplyDelete
    Replies
    1. උදව් කිරීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුතියි.
      මනෝජ් සහෝදරයාගෙන් මටත් ඉගෙන ගන්න දේවල් තියේවි. උදව්වක් ඕන වෙලාවක අහන්නම්.

      Delete
  12. මගෙ sponge filter එක සමහර වෙලාවට sponge එක තියන කැල්ල set කරලා තියන් කොට වැඩ කරන්නෙ නැ.හැබැයි එක ගැලව්වාම වැඩ කරනවා.මෙහෙම වෙන්න හෙතුව දන්නවද?

    ReplyDelete
  13. Honda vadak digatama karagena yanna wish karanava 💙 Virginia

    ReplyDelete
  14. Honda vadak digatama karagena yanna wish karanava 💙 Virginia

    ReplyDelete
  15. Honda vadak digatama karagena yanna wish karanava 💙 Virginia

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?