Oct 28, 2012

ජල පෙරන වර්ග -1

කලින් ලිපියක ඉල්ලීමක් තිබ්බා ෆිල්ටර් වර්ග ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා.

ඉතින් අද ඒ ඉල්ලීම ඉටු කිරීමටයි මේ සූදානම.. මූලික ෆිල්ටර් වර්ග කිහිපයක් තියෙනවා.ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව බයෝලොජිකල්, කෙමිකල් සහ මිකෑනිකල් කියලා වර්ග තුනකට වෙන්වෙනවා.
පහල තියෙන්නේ එක එක ක්‍රියාකාරීත්වයන්ට අනුකූල ෆිල්ටර් වර්ග !


අන්ඩර් ග්‍රැවල් ෆිල්ටර් (Under Gravel Filter) 
මේ ෆිල්ටර් ජාතිය මසුන් ඇති කරන අය අතර ගොඩක් ජනප්‍රිය ෆිල්ටර් ජාතියක්.මේ ෆිල්ටර් වර්ගය අයත් වෙන්නේ බයෝලොජිකල් ෆිල්ටර් ගණයට. මේ ෆිල්ටරයෙන් ගොඩක්ම කෙරෙන්නේ නයිටජනීය අපද්‍රව්‍ය ඉවත් කරන එක. වතුරේ දිය වෙච්ච නයිටජනීය ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට ඇල්ගී වර්ග වැඩි වශයෙන් බෝවීම සිද්ද වෙනවා. මේ නිසා මාළුන්ට අහිතකර පරිසරයක් ගොඩ නැගෙනවා.

මේ ෆිල්ටරයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ ෆිල්ටර් ප්ලේට් එක (සිදුරු සහිත හතරැස් මුහුනත) සහ  ලිෆ්ට් ටියුබ් (ඉහලට එසවුන නලය) !
මේ ෆිල්ටර් එක ක්‍රියාත්මක වෙනකොට ෆිල්ටර් ප්ලේට් එක හා ග්‍රැවල් තට්ටුව හරහා ජලය පහලට ඇඳගෙන ඉහලට එසවුන නළයෙන් පිටකරනවා. එතකොට ෆිල්ටර් ප්ලේට් එක මතුපිට තියෙන මාළුන්ගේ අපද්‍රව්‍යත් එක්ක ඔක්සිජන් ගැටීම වැඩිපුර සිද්ද වෙනවා. ජලයේ තියෙන ඔක්සිජනුයි නයිට්‍රජනීය අපද්‍රව්‍යයි එකට ගැටෙනවා. එතකොට විවිධ ජලයේ ඉන්න වාසිදායක බැක්ටීරීයා වර්ග අපද්‍රව්‍යයි ඔක්සිජනුත් එක්ක එකතු වෙලා නයිට්‍රජන් වායුවයි ඇමෝනියා වායුවයි හදනවා. මේ වායු එතරම් කලයේ දියවෙන්නේ නැති නිසා වායුගෝලයට මුදාහැරෙනවා.

මේක ස්බාවික නයිට්‍රජන් චක්‍රය ටැංකිය ඇතුලෙදිම කලා හා සමානයි !
කාලයක් යනකොට ෆිල්ටර් ප්ලේට් එකේ අපද්‍රව්‍ය හිර වෙලා මේ ක්‍රියාවලිය අකර්මන්‍ය වෙන්න පුලුවන්. මේ නිසා ෆිල්ටරය අඩුම තරමේ සති දෙකකට වතාවක් වත් සුද්ධ කරනවා නම් තමා හොඳ.







කෝනර් ෆිල්ටර් (Corner Filters)
මේ ෆිල්ටර් අයිති වෙන්නේ මිකෑනිකල් හා කෙමිකල් ෆිල්ටර් ගණයට. කොටින්ම මේ ෆිල්ටරය ඒ ගණ දෙකේම එකතුවක් කියලා කියන්න පුලුවන්.මේ ෆිල්ටර් එකත් ලාබදායි ෆිල්ටර් එකක්. නමුත් මේ ෆිල්ටරය වඩාත්ම ගැලපෙන්නේ කුඩා මාළු ටැංකි වලට.

මේ ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වය ගැන කියනවා නම් එක කෙලවරකින් ජල පොම්පයට සම්බන්ධ කළ යුතු තැනකුත් තව කෙලවරකින් වායු පොම්පයට (ඔක්සිජන් සැපයුමට) සම්බන්ධ කළ යුතු තැනකුත් තියෙනවා.  ජල පොම්පයෙන් ලැබෙන ජල සැපයුමේ තියෙන අපද්‍රව්‍ය සේරම පහල තියෙන කෙඳි ස්ථරයේ රැදෙනවා. අපද්‍රව්‍ය රහිත ජලය ක්‍රියාකාරී කාබන් ස්ථරය ඔස්සේ ගිහින් තව දුරටත් පිරිසිඳු වීමක් සිද්ධ වෙනවා.

ටිකක් විතර වැඩ වැඩි උනාට මේක අවස්තා දෙකකදි ජලය පිරිසිඳු වෙන ජල ෆිල්ටරයක් !

නමුත් සමහර ෆිල්ටර වල ඇක්ටිව් කාබන් ස්ථරය නෑ. ජල පොම්පයට සම්බන්ධ කිරීමකුත් අවශ්‍ය වෙන්නේ නෑ. මේ නිසා වියදම අතින් යම් ලාබදායි බවක් ලැබිලා තියෙනවා.


 ෆිල්ටර් ගැන ඉතුරු ටික ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
ජය වේවා !

දවසේ සුරතල් මත්ස්‍යයා -  නිල් ගුරාමි (Blue Gourami)


15 comments:

  1. වෙනස් බ්ලොග් එකක්.දිගටම ලියන්න .ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීමට ස්තුතියි ගයනි
      මමත් ඒ පැත්තේ ගිහින් ආවා දිගටම ඔයාගේ බ්ලොග් එකත් කියවන්න එන්නම්. :)

      Delete
  2. පහන් යායෙ ඔයාගෙ කමෙන්ට් එක දැකල මේ පැත්තෙ ආවෙ.

    හොඳයි වැඩේ දිගටම කරන් යමු. අපි එන්නම් බලන්න. ජය !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිරිමත් කිරීමට
      දිගටම මාළු බලන්න ටැංකිය පැත්තේ එන්න කියලා ආරාධනා කරනවා.

      Delete
  3. සයුරි අක්කගේ පොස්ටුව හරහා මේ පැත්තට ආවේ ඔන්න අපිත් මේ පැත්තේ එනවා දිගටම ලියන යන්නකෝ ඉදිරි ගමනට මගේ සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීමට ස්තුතියි.
      මමත් කෝරලේ වලව්ව පැත්තේ ඇවිත් යන්න එන්නම්.

      Delete
  4. ඔය තියෙන්නේ එලට,, මගේ එක අන්ඩර් ග්‍රැවල් ෆිල්ටරයක් වෙන්න ඕනි. නමින් දැන ගත්තේ අද.
    ටැංකියට අමතරව බිමටම හදාපු පොන්ඩ් 2 කුත් තියනව. එකක හරි ඉක්මනට වතුර අප්සෙට් ගහනව. ඔයිවට පිලිතුරුත් දාලා අනාගතයේ පෝස්ට් පලවෙවා!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම පිලිතුරු ලබා දෙන්නම්.
      චුට්ටක් බලන්න ටැංකිය හදලා තියෙන තැන උල්දිය ගලනවාද කියලා.

      Delete
  5. හ්ම්ම්ම් බ්ලොග් ලෝකේ නොදැකපු පැත්තක් ගැන කියවෙන නිසා දිගටම මේ පැත්තේ එන්න වෙනවනේ... ජය වේවා...

    මධුරංග අය්යා තමා එන්න පාර කිවේ

    ReplyDelete
    Replies
    1. මම නම් මේ බ්ලොග් එක පුරාවටම ලියන්නේ මාළු ගැනම විතරයි ඒ නිසා දිගටම එන්න දේවා.
      මගේ බ්ලොග් එක කියවලා පුලුවන් නම් අළුතෙන් මාළු ටැංකියක් පටන්ගන්න. ඒක මට සතුටක් ! :)

      Delete
  6. මෙන්න මම බලාපොරොත්තු වුනු විස්තර ටික සේරම තියනවා. ඔබ ගොඩක් දැනුවත් කෙනෙක් බව පේනවා මේ ක්ෂේත්‍රය ගැන. ඒ නිසා දිගටම කරගෙන යන්න. ඔබෙන් වෙන්නේ ලොකු සේවයක් විසිතුරු මසුන් ගෙදර ඇති කරන අයට.

    ReplyDelete
    Replies
    1. කලින් ලිපියක ඔබ ඉල්ලපු ඉල්ලීම ඉටු කිරීමට ලැබීම ගැන සතුටුයි. මාළු ඇති කරන අයට මගේ ලිපි වලින් සේවයක් ලැබෙනවා නම් මට ගොඩක් සතුටුයි. :)

      Delete
  7. මට ලිපි දෙක තුනක් මග හැරුන නේ. ඔන්න ඒ ටික කියෙව්වා. අගෙයි ඔබේ උත්සාහය!!

    ReplyDelete
    Replies
    1. පහුවෙලා හරි කමන් නෑ කියවන්න ලැබුනා නම් සතුටුයි.
      දිගටම මාළු බලන්න ටැංකියට එන්න.

      Delete
  8. මත්ස්ය පැටව් ලොකු කරන ආකාරය ගැන බ්ලොක් එකක් දාන්නකො

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?