Oct 20, 2012

ටැංකියක් පටන් ගනිමු

බ්ලොග් එක පටන් ගත්තට පස්සේ අද තමයි හා හා පුරා කියලා ලිපියක් ලියන්න පටන් ගන්නේ. මම මේ බ්ලොග් එකේ තනිකරම ලියන්න හිතන් ඉන්නේ සුරතල් මාළු ගැන !

ඉතින් මාළු ඇති කරන්න කලින් ටැංකියක් පටන් ගන්න ඕන කරන මූලිකම දේවල් ටිකක් තමයි අද ලිපියෙන් කියන්න යන්නේ !

සිමෙන්ති ටැංකි  සහ වීදුරු ටැංකි කියලා ප්‍රධාන වශයෙන් ටැංකි වර්ග දෙකකට වෙන් කරන්න පුලුවන්. ඊට අමතරව ෆයිබර් ටැංකිත් වාහන ටයර් උපයෝගී කරගෙන නිර්මාණය කරන ටැංකිත් ඒ අතර වෙනවා. මේ කොයිම ටැංකියක් උනත් පලවෙනිවතාවට පාවිච්චි කරන්න ගන්නවා නම් මුලින්ම කළ යුතුම කාර්යය වෙන්නේ ටැංකිය හොඳ හැටි පදම් කිරීමයි !


ටැංකිය පදම් කිරීම එහෙම නැත්නම් සාමාන්‍ය  ව්‍යවහාරයට අනුව ටැංකිය පල් කිරීමක් සිදු කළ යුතු වෙනවා. වීදුරු ටංකියක් නම් වීදුරු ඇලවීමට ගන්නා සිලිකෝන් නම් ගම් වර්ගයේ සැර නිසාත් සිමෙන්ති ටැංකියක් නම් සිමෙන්තිවල භාෂ්මික ගතියත් සිමෙන්ති වල සැරත් මැකෙන්න ටැංකිය පල් කළ යුතු වෙනවා.

තමන් තෝරාගත් ටැංකිය පිරෙන්නම පිරිසිඳු වතුර පුරවන්න. ලිං වතුර නම් වඩාත්ම හොඳයි.  ඊට පස්සේ ටැංකිය සාමාන්‍ය පරිසරයේ සතියක් දෙකක් තියන්න. ගොඩක් වෙලාවට සිමෙන්ති ටැංකියක් පටන් ගන්න සමහරු කරන්නේ ටැංකිය ඉක්මනටම පදම් වෙන්න කියලා පොල් ලෙලි, වැටමාර අතු වැනි දේවල් එකතු කරනවා. ඊට දවස් තුනකට විතර පස්සේ පල් වෙච්ච වතුර අස් කරලා අළුතෙන් වතුර දාලා ටැංකියට මාළු ගෙනත් දානවා. මේක නම් නොකළ යුතුම වැඩක්.මොකද දවස් තුනකින් ටැංකියක් හොඳහැටි පදම් වෙන්නේ නෑ. අඩුම තරමේ සතියක්වත් ඊට අවශ්‍ය වෙනවා !

හොඳ හැටි පදම් වෙච්ච ටැංකිය දවසේ වැඩි කාළයක් හිරු එළිය කෙලින්ම පතිත වෙන්නේ නැති තැනකින් ස්ථානගත කරන්න. කෙලින්ම ඉර අවුව වැටෙන තැනක ටැංකිය ස්ථාන ගත කලහම ඇල්ගී වර්ග බෝ වීමේ ප්‍රවනතාව වැඩි වෙනවා. එවිට වතුර ඉක්මනින්ම කොළ පාටට හැරෙනවා.

සාමාන්‍ය පරිදි හිරු එළිය වගේම හෙවණ සහිත තැනක ටැංකිය ස්ථාන ගත කරනවා නම් වඩාත් හොඳයි.

ටැංකියට වතුර පුරවනකොට අඩුම තරමේ අඟල් අටක් දහයකටවත් උසකට වතුර පුරවන්න ඕන. ඒ වගේම ක්ලෝරීන් රහිත වතුර පාවිච්චි කරනවා නම් වඩාත්ම හොඳයි. 

ටැංකියට වතුර පුරවාගන්න කලින් ජලජ පැලෑටි සිටුවීමත් ඔක්සිජන් පද්ධතිය හා ජල පෙරනය (ෆිල්ටරය) ස්ථාන ගත කිරීමත් ටැංකියේ පතුල සකස් කිරීමත් සිදු කළ යුතු වෙනවා. ඒ සියල්ල ඊලඟ ලිපියෙන් බලා පොරොත්තු වන්න.

අද ලිපියෙන් කියලා දීපු දේවල් ඔයාලා දන්න දේවල්ම විතරක් වෙන්න ඇති. ඒත් මසුන් ඇති කරන එක මුල ඉඳලම පටන් ගන්න කියලා දීම සම්පූර්ණ කරන්න මේ දේවල් මතක් කරලා දෙන්න සිද්ධ උනා. ඉදිරි ලිපි වලදි ඔයාලා නොදන්න අළුත් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

ජය වේවා !

දවසේ සුරතල් මත්ස්‍යයා - ක්ලවුන් ෆිෂ් (Clownfish)

 


20 comments:

  1. දිගටම ලියන්න සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි !

      Delete
  2. ඉමේජ් එක නම් පෙනෙන්නේ නෑ.. හොඳ ලිපියක්. මම මාළු ටැංකියක් අලුතින් පටන්ගන්න හොයා හොයා ඉද්දි තමා මේ බ්ලොග් එක හම්බවුනේ. මගෙත් හොඳ වෙලාව.. :)

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් වලට අළුත් නිසා පින්තූරේ ලෝඩ් වෙන්නේ නැති එක ගැන අදහසක් නෑ.ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්නම්.

      එහෙනම් මගෙත් එක්ක ටැංකියක් පටන් ගම්මු !

      Delete
  3. මං ආසම වැඩක් තමයි මාළු ටැංකි දිහා බලන් ඉන්න එක. දැන් ඉතින් ඒ ගැන දැන ගන්නත් පුළුවන් නේ.සුබ පැතුම් දිගු ගමනකට!! ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් වලට ස්තුතියි සහෝදරයා
      දිගටම මාළු බලන්න එන්න කියලා ආරාධනය කරනවා මං

      Delete
  4. අපුරුයි පුතේ. මමත් හිච්චි එකා කාලේ ඉදං දැන් වෙනකම්ම මාළු හදනවා.මේ වගේ බ්ලොග් 1 ක් තියෙන එක වටිනවා. කොරන් යන් දිගටම...

    ජය !!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් වලට ස්තුතියි මාමේ... දිගටම ලියන්නම්.

      Delete
  5. මාලු ඇතිකරන එක නම් මම කරන්නේ නැහැ. ඒත් ඇති කරන්න හිතුණු දවසකට ඒකට ඕනේ කරන විස්තර ඔක්කෝම ටික මේ බ්ලොග් එකෙන් ගන්න පුලුවන් වේවි :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...
      මමත් බ්ලොග් අවකාශයේ දැක්ක අඩුවක් සම්පූර්ණ කරන්න කියලයි මේ බ්ලොග් එක පටන් ගත්තේ. එහෙනම් දවසක ටැංකියක් පටන් ගම්මු.

      Delete
  6. මඩ පොකුනු හදන විදියත් කියනවද??
    දිවි නගුමෙන් දෙන 36000ක මුදල සහ පුහුනුවට මම ඉල්ලුම් කලත් එ සදහ තවමත් මට අවස්තාවක් ලබුනෙ නෑ..මේ පිලිබද පමිනිලි කල යුත්තේ කහටද?

    ReplyDelete
  7. Gappi 1000k eka para hadanna kochchara loku tankiyak one wenawada karunakara mata udau karanna

    ReplyDelete
  8. good job.godak wadhagath mata meka

    ReplyDelete
  9. ගොඩක් ස්තුති

    ReplyDelete
  10. මම සිමින්තියේන් පෝකුනක් හැදුවා තින්තත් ගාලා තියේන්නේ මාලු දාන්න කලින් මින් ඉදිරියට කුමක් කල යුතුද

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?