Oct 16, 2012

ආරම්භය

මම මින් විසිතුරු !

බ්ලොග්කරණයට නම් ගොඩක්ම අළුත් කෙනෙක්. !

පුංචි කාළයේ මගේ තිබ්බ ලොකුම විනෝදාංශය තමයි මාළු ඇති කරන එක. මුලින්ම ජෑම් බෝතලයකට දාපු ගප්පි පැටවුන්ගෙන් පටන් අරගෙන අප්පච්චි හදා දීපු ටැංකිය වෙනකන් මාළු ඇති කලා. ඒ දවස්වල අපේ අප්පච්චි හදා දීපු ටැංකියේ මං එක එක මාළු වර්ග ඇති කලා.

සාරි ගප්පි ! ගෝල්ඩ් ෆිෂ් ! බැල්ක් මෝලිස් ! වයිට් මෝලිස් ! ප්ලේටි ! ස්වෝර්ඩ් ටේල් වගේ නානාප්‍රකාර මාළු වර්ග ඇති කලා. කාළයත් එක්ක ඒ ආසාව නැත්තටම නැතිවෙලා ගියා. ඒකට ප්‍රධානම හේතුව උනේ ඉගෙනීමේ කටයුතුත් එක්ක මාළු ඇති කරන වැඩේ කරගෙන යන්න ගෙදරින් ඉඩ නොදීපු එක. :)


නමුත් රස්සාව කරන්න පටන් ගත්තට පස්සේ ඒ පරණ විනෝදාංශය ආයෙමත් පටන් ගන්න ආසාවක් ඇති උනා.ඒ ආසාවත් එක්ක මම ආයෙම මේ විනෝදාංශය පටන් ගත්තා.

වැඩ කරන අතරේ විවේක තියෙන වෙලාවල් වල එක එක මාළු වර්ග ගැන අන්තර්ජාලයේ පීරලා හෙව්වත් ඒ මාළු වර්ග ගැන ලියවෙච්ච සිංහල ලිපි ගණන සෑහෙන්න අඩු ගණනක් තමයි කියවන්න ලැබුනේ. අන්න ඒ අඩුව පුරවන්න තමයි මම මේ බ්ලොග් අඩවිය පටන් ගත්තේ. !

සුරතල් මාළු ගැන මම දන්න දේවල් ගැන වගේම නිවාඩු පාඩු වෙලාවල් වල අන්තර්ජාලයෙන් කියවන්න ලැබෙන විස්තරත් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔයාලා දිගටම මගෙත්තෙක්ක රැඳී සිටීවි කියලා බලාපොරොත්තු වෙනවා !

මාළු ටැංකියක් දිහා බලාගෙන ඉදීම එක අතකට භාවනාවක් වගේ !

නිවාඩුපාඩු වෙලාවක අන්න ඒ භාවනාවට සමවැදිලා මාළුවෙක් දෙන්නෙක් බලලා හිත සතුටු කරගන්න මගේ ටැංකිය දිහාවටත් එන්න.  ඉඩක් තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාලා ෆලෝ කරලා සහයෝගයක් දෙන්න.

ෆයිටර් (බෙටා) වර්ගයට අයත් මාළුවෙක්

එහෙනම් ලඟදිම ලිපියකින් හමු වෙමු.
ජය වේවා !

26 comments:

  1. මටත් මාළු ගැන අහගන්න දැනගන්න කාරනා තියනව..

    ReplyDelete
    Replies
    1. දිගටම මාළු ගැනම ලියන නිසා මගේ ටැංකියත් එක්ක රැඳී ඉන්න.එතක්කොට දූපත් වැසියට ඇතිවෙන ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න පුලුවන්. මගේ දැනුමෙනුයි අපේ මින් මැදුරේ අයගෙනුයි විස්තර අහලා උත්තරයක් දෙන්නම් :)

      Delete
  2. @දූපත් වැසියා :
    ටැංකියට පළමුවෙනියාට ඇවිත් කමෙන්ට් එකකුත් දැම්මට ගොඩක් ස්තුතියි.
    දිගටම කියවන්න එන්න.

    ReplyDelete
    Replies
    1. මාලු ටැංකියත්, මින් විසිතුරුත් සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා. මුලදිම කට්ටිය අඩු වුනත්, කමෙන්ට් නැති වුනත් සැලෙන්න එපා. අපි කවුරුත් බින්දුවෙන් තමයි පටන් ගත්තෙ.
      ඉතින් මම දැනුවත්ව තවත් මාලු ටැංකියක් තියෙනවා, ගෝල්ඩ්‍ෆිෂ්ගෙ බ්ලොග් ටැංකිය කියලා ප්‍රසන්න ලියන. ඒක හැබැයි මාලු ගැන නම් නෙවෙයි.

      ඔයාව ෆලෝ කරන්න ෆලෝවර් ගැජට් එක නැති නිසා (ලෝඩ් වෙන්නෙ නැති නිසාද මන්දා?) අමාරුයි.

      අනිත් බ්ලොග් වලට ගිහින් කියවලා කමෙන්ට් එකක් හෙම දැම්මාම ඒ බ්ලොග් එකේ අයිති කාරයා විතරක් නෙවෙයි, ඒක කියවන අයත් ඇවිල්ලා යනවා. ඒක තමයි ස්වභාවය.

      ඉතින් මේ දක්වා සිංහල බ්ලොග් අවකාශයේ තිබ්බ හිස් තැනක් මේ සමගම සම්පූර්ණ වෙයි කියලා මම විශ්වාස කරනවා.
      මට මාලු ටැංකියක් නම් නෑ. :)

      ජයම වේවා!
      පහලින් තියෙන්නෙ මගෙ බ්ලොග් තුනේම ලින්ක්.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    2. මොනවට සැලෙන්නද ඩූඩ්.. මේ තියෙන්නෙ කොමෙන්ට් වැටිලා ලෙසටම.... මම මුලින්ම ලියපු පෝස්ට් එකට කොමෙන්ට් 0 යි..

      පස්සෙ කාලෙදි තමයි එව්ව හිට් උනේ..

      දිගටම ලියපන් මචං.. මේක හොඳ වැඩක්. කාටම හරි සේවයක් වෙයි

      Delete
    3. @Dude
      මගේ බ්ලොග් සටහනට ඇවිත් දීර්ඝ කමෙන්ට් එකක් දැම්මට ස්තුතියි.
      බ්ලොග් එකේ තිබ්බ අඩුපාඩු ඉක්මනටම හදන්නම් :)

      @Mee Godayaa
      සේවයක් වෙයි කියලා හිතුන නිසයි මම මේ ගැන ලියන්න ගත්තේ. මගේ බ්ලොග් සටහනට ඇවිත් කියවලා කමෙන්ට් කලාට ගොඩක් ස්තුතියි !

      Delete
  3. මාළු ඇති කරන එක මගෙත් ආසම දෙයක්. ඒ නිසා මට ඔබේ සයිට් එකෙන් ගන්න දේවල් ගොඩක් ඇති. මම එනවා කියවන්න. ඩුඩ් කිව්වා වගේ අපි හැමෝම පටන් ගත්තේ බින්දුවෙන්. ඒ නිසා සැලෙන්න එපා. ඔබට දිග ගමනකට සුභ පැතුම්.

    ක්සැන්ඩර් | Xander

    ReplyDelete
    Replies
    1. මාළු ඇති කිරීම පුංචි කලේ අපේ විනෝදාංශය. නැද්ද ඇලෙක්සැන්ඩර් ! :)

      Delete
  4. ඕං මගෙනුත් සුභාශිංසන... දිගු ගමනකට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජෙකුත් ඇවිත් තියෙන්නේ.
      ස්තුතියි මහරජතුමනි මේ පැත්තේ ගොඩවැදුනට !

      Delete
  5. එල.. එල!! ඔන්න මං අග ඉඳල මුලට ආව..:)

    ReplyDelete
    Replies
    1. කොහොමහරි කමන් නෑ කියවලා කමෙන්ට් කරලා දිරිමත් කලාට ස්තුතියි සහෝදරයා.

      Delete
  6. ඔන්න මාත් මේ පැත්තට ආවා....අපේ ගෙදරත් පොන්ඩ් එකක් නම් තියනවා.මාළු හිටියා බර ගානක්.හැබැයි දැන්නම් ඉන්නේ ප්ලේටිලා විතරයි. :(

    ReplyDelete
    Replies
    1. ප්ලේටි කියන්නේ පැටවු මගින් බෝවෙන මාළු ජාතියක් නිසා ඇති කරන්න ගොඩක්ම ලේසියි. ඇලුතෙන් මාළු ඇතිකරන්න පටන් ගන්න කෙනෙක්ට අපි උනත් කියන්නේ ගප්පි, ප්ලේටි, මෝලිස් වර්ග ඇති කරන්න කියලා.

      මාළු ඇති කරන කෙනෙක්ව අදුන ගන්න ලැබීමත් සතුටක් සමනලී.
      මාළු බලන්න දිගටම එන්න මේ පැත්තේ !

      Delete
  7. ඔන්න මාත් ආවා.. :D

    ඇත්තටම ඔයා වාසනාවන්තයිනෙ.. අලුතෙන් බ්ලොග් අවකාශෙට ආවට පලමු ලිපියෙන්ම කමෙන්ට්ස් තොගයක් තියෙන්නෙ.. අදහස් හුඟාක්.. :) අපි මුලින්ම එනකොට ඇත්තටම මෙහෙම හුඟක් අය හිටියෙ නෑ.. කාලෙත් එක්කයි , ලියද්දියි කට්ටිය එකතුවුනෙ..

    දිගු ගමනක් යන්න සුභ පතනවා.. දිගටම ලියන්න,.. ජය වේවා1!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් වලට ස්තුතියි හිතුවක්කාරි !
      දිගටම මගේ මාළු ටැංකිය බලන්න එන්න කියලා ආරාධනා කරනවා.

      Delete
  8. සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් මිත්‍රයා :)

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් වලට ස්තුතියි.
      කවදත් අළුත් අළුත් බ්ලොග් වලට ඔබෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බෑ..

      Delete
  9. Very good idea......
    Best of luck!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා.
      දිගටම මේ පැත්තේ එන්න කියලා ආරාධනා කරනවා !

      Delete
  10. දිගු ගමනක් යන්න සුභ පතනවා.. දිගටම ලියන්න,.. ජය වේවා1!

    ReplyDelete
  11. ithama hoda waa pili welak matath hakida surathal masun athi kara viyaparayak hatiyata wadi diunu karaganna.haki knek siti nam udau karanna

    ReplyDelete
  12. ගෝවා කල්චර් එක හදන විදිය මට කියාදෙන්න පුළුවන් ද...

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?