Oct 27, 2012

ටැංකියක් පටන් ගනිමු - 2

ඔන්න අදත් මින් විසිතුරු එයාගේ බ්ලොග් අඩවිය පැත්තට ගොඩ වැදුනා කලින් නවත්තපු ලිපියේ ඉතුරු ටික කියලා දෙන්ඩ කියලා. කලින් ලිපියේ දි අපි අළුතින්ම පටන් ගන්න මාළු ටැංකියක් පදම් කරගන්න හැටි සහ ටැංකියක් තොරගන්න හැටි කියලා දුන්නා නෙහ්.

අද කියලා දෙන්න යන්නේ අළුතින් පටන් ගන්න ටැංකියක වතුර පෙරනය (ෆිල්ටරය) ස්ථාපිත කරගන්න හැටි සහ ජලජ පැලෑටි සිටුවා ගන්න ආකාරය කියලා දෙන්න.  කවුරුත් දන්නවා නෙව ෆිල්ටරයකින් කරන්නේ වතුර පෙරන එක කියලා.

මාළු ටැංකිවලට පාවිච්චි ෆිල්ටරුත් වර්ග කිහිපයක්ම තියෙනවා. පහල පින්තූරයේ තියෙන්නේ එක් එක් වර්ගයේ ෆිල්ටර් වලට උදාහරණ ! එක් එක් ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වය අනුව ෆිල්ටර් වර්ග කිහිපයකට බෙදෙනවා.  ලිපිය නීරස වෙන නිසා මේවා ගැන වැඩිදුර විස්තර කරන්න යන්නේ නෑ. මේ ෆිල්ටර් අතරින් ගොඩක්ම ජනප්‍රිය ෆිල්ටර් ජාතිය තමයි අන්ඩර්ග්‍රැවල් ෆිල්ටරය!


ඒ නිසා මම මේ ලිපියෙන් කියන්න යන්නේ අන්ඩග්‍රැවල් ෆිල්ටරයක්  හරියාකාරව ස්ථාපනය කරගන්නෙ කොග්හොමද කියලා. ඉංග්‍රීසියෙන් ග්‍රැවල් කියන්නේ කුඩා කුඩා ගල් වර්ග වලට. අන්න ඒ කුඩා ගල් වර්ග වලට යටින් ස්ථාපිත කරන ෆිල්ටරය කිසා තමයි මේකට අන්ඩර්ග්‍රැවල් ෆිල්ටරය කියන්නේ.

ෆිල්ටරය ස්ථාපිත කරන්නේ මෙහෙමයි !

මුලින්ම ටැංකියේ මදක් අඳුරු කෙලවරක් තෝරාගන්න. ඊට පස්සේ ෆිල්ටරයේ බටය ටැංකියේ මුල්ලකට ආසන්න වෙන විදිහට ෆිල්ටරය ස්ථානගත කරන්න. ඊට පස්සේ කුඩා ගල් වර්ග (ග්‍රැවල්) අඟලක් හෝ දෙකක් උසට අතුරන්න. ෆිල්ටරයේ හතරැස් පතුල වැහෙනකන්ම මේ කුඩා ගල් අතුරන්න.

ටැංකියේ අදුරු මුල්ලක ෆිල්ටරයේ බටය සවි කිරීමෙන් ටැංකියට ලස්සනක් එකතු වෙනවා.ඒ වගේම බිත්තර මගින් බෝවෙන ඒංජල් වගේ මාළු ජාති ෆිල්ටරයේ බටයේ බිත්තර අලවන නිසා උන්ටත් ඒක පහසුවක් වෙනවා.

හරි... අපි දැන් බලමු කොහොමද ජලජ පැලෑටි වර්ග හිටව ගන්නේ කියලා.

ජලජ පැලෑටි හිටවන එක වගේම හිටවන තැනත් ගොඩක් වැදගත් වෙනවා. කෙලින්ම සූර්යාලෝකය ලැබෙන තැනක පලෑටී හිටවනවා නම් ඒක හොඩක්ම හොඳයි.එතකොට ප්‍රභාසංස්ලේශනයට ඕන කරන ආලෝකය කෙලින්ම සූර්යාලෝකයෙන් ගන්ඩ පුලුවන්.

අඳුරු තැනක හිටවනවා නම් ජල ගැළුමකට වොට් 2-4ක වෙන පරිදි ටියුබ් ලයිට් එකක් ටැංකියට ඉහලින් සවිකරන්න අමතක කරන්න එපා.එහෙම නැති උනොත් ජලජ පැලෑටී ටික ජලයේ දියවෙච්ච ඔක්සිජන් ටික පාවිච්චි කරලා මාළුන්ට ඔක්සිජන් හිඟවීමක් ඇතිවෙන්න පුලුවන්.

 පැලෑටී සිටුව්විම සඳහාම තියෙන කුඩා දැල් බාස්කට් වර්ග පාවිච්චි කරන්න පුලුවන්. එහෙම නැත්නම් කෙලින්ම පහල කුඩාගල් ස්ථරයේ පොඩි කුහරයක් හදලා හිටවගන්නත් පුලුවන්. දැල් බාස්කට් පාවිච්චි කරනවා නම් ඒවා කුඩා ගල් ස්තරයේ සම්පූර්ණයෙන්ම ගිල්වන්න.

මීට අමතරව අළුතින් හදුන්වා දීලා තියෙන 'සක්ශන් කප්' වර්ගත් පාවිච්චි කරන්න පුලුවන්.


එහෙනම් ගිහින් එන්නම්...
ජය වේවා !

දවසේ සුරතල් මත්ස්‍යයා -  ගෝල්ඩ් ෆිෂ් (Gold Fish)

11 comments:

  1. ලෙකට කලින් මම අන්ඩර්ග්‍රැවල් ෆිල්ටරය භාවිතා කලා.ඒක එතරම් සාර්ථක නැහැ.අපද්‍රව්‍ය සියල්ල ටැංකියේ පතුලේ තැන්පත්වීමනේ සිදුවෙන්නේ.දැන් භාවිතාකරන්නේ පවර් ෆිල්ටර් එකක්.ඒ වුනත් මගේ මාළුටැංකියේ මාළුන් නිතරම රෝගී තත්වයෙන් පෙලෙනවා.මගේ ටැංකියේ ඉන්නේ ටෙක්සාස් සික්ලිඩ් වර්ගයේ මාළුන් යුගල 2ක් හිටියත් දැන් වෙනකොට 2ක් මියගිහින් ඉන්නේ.මුලින්ම මේ සතුන් ආහාර ගැනීම නැවැත්තුවා.ඊට අමතරව වරල් සහ සම අවපාට වුණා.ප්‍රතිකාර ලෙසින් distinct -G සහ antiparasite යෙදුවා.වරල් වල රෝගී තත්වය දැන් හොඳ අතට හැරුණත්.මේ මසුන් දෙදෙනා ආහාර ගන්නේ නැහැ.දැන් උන් දුර්වල තත්වයේ ඉන්නේ.මේ සඳහා ඔබගෙන් උපදෙසක් ගන්න කැමතියි.මාළු ටැංකිය 240 L වෙනවා.ජලජ පැලැටි නැහැ.තුනී ග්‍රවල් තට්ටුවක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මමත් එච්චර ඒ ගැන දන්නේ නෑ. ඒ නිසා හොයලා කියන්නම් සහෝදරයා.

      Delete
    2. විස්තරයට අනුව නම් කාලෙකට ඉහතදි ඔවුන් බැක්ටීරියා ආසාදනයකට ලක් වෙලා තියෙන හැඩයි. ඉහත බෙහෙත් වර්ග දෙකෙන් ඒ ආසාදයන සුව වෙලා තියෙනවා.

      නමුත් තව දුරටත් මසුන් ආහාර ගන්නේ නෑ කියන්නේ ජලයේ ඇමෝනියා සහ නයිට්‍රිට් සාන්ද්‍රනයන් යම්තාක් දුරට ඉහල ගිහින් තියෙන හැඩයි.

      මේ නිසා ජලය නිතර මාරු කිරීමත් ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවන්නේද යන්න තහවුරු කරගැනීමත් වඩාත් සුදුසුයි.

      Delete
  2. ඔය ෆිල්ටර් ටික හදුන්වලා, ගනං මිනුම් ටිකත් දැම්ම නම් සුපිරියි නේද යාලුවා.
    තව එකක්, අපිටම මාළු ටැංකියක් හදා ගන්න විදියත් පසුව ලිපියකින් දාන්න කියල මම ඉල්ලා හිටිනව.

    ReplyDelete
    Replies
    1. ඔන්න ෆිල්ටර් ගැන ලිපියක් ලිව්වා. තව කොටස් 2ක් විතර ලියන්න වෙයි වගේ :)
      අදහස් ප්‍රකාශ කලාට ස්තුතියි යාළුවා :)

      Delete
  3. ෆිල්ටර් ගැන ටිකක් විස්තර කිව්වනම් තමා හොඳ. මොකද අපි ඉතින් ඕවා දන්නා එකක් යෑ. මොන ෆිල්ටර් එක ද හොඳ කියල පාඨකයින්ට ම තෝරාගන්න ඉඩදීමක් කරන්න තිබ්බා. නමුත් දැන් මෙහෙම අහන්නම්. ෆිල්ටර් ගැන වෙනම ලියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇලෙක්සැන්ඩර් සහෝදරයා ලිපියක් ලියලා පල කලා.
      කියවලා අදහස් ප්‍රකාශ කරන්න.

      Delete
  4. //වොට් 2-4ක ටියුබ් ලයිට්// මේවා සාමාන්‍ය වෙළඳසල් වල තියනවා ද ?
    උඩ කමෙන්ට් වල තියනවා වගේ ෆිල්ටර් ගැනත් හැකිනම් විස්තරයක් දැම්මා නම් නොදන්නා අයට අවබෝධයක් ගන්න පුළුවන් නේද..:)

    ReplyDelete
    Replies
    1. පොඩි අතපසු වීමක් සිද්ධ වෙලා වතුර ගැලුමකට වොට් 2-4ක ආලෝක සැපයුමක් සහිත ටියුබ් ලයිට් එකක් විය යුතු ය.

      ඔන්න ෆිල්ටර් ගැන පලමු ලිපිය ලිව්වා. කියවලා අදහස් ප්‍රකාශ කරන්න :)

      Delete
  5. mamath aluthen maalu hadhanna patan gaththa ath mokawath therenne naha udhaw karanawadha?

    ReplyDelete
  6. Yalu undergravel filter eka dammoth gal istharaye gas indana eka sarthaka na neda.mokada tank eka sudda karaddi sampurnayenma a gas ain karanna weawane.ethakota palawenne na neda

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?