Dec 8, 2012

මෝලි 2 - Molly

කලින් ලිපියෙදි මෝලි ගැන විස්තර කිව්වා මතක ඇති නේ. ඔන්න අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ මෝලි ප්‍රභේද ගැන. කලින් ඉදිරිපත් කරපු අනිත් මාළු වර්ග වගේම මෝලීන්ගෙත් ප්‍රභේද ගොඩක් ඉන්නවා.

ගොඩක් වෙලාවට අපි මෝලී කියලා අඳුර ගන්නේ කළු පාට ප්‍රභේදයක් නේ. කළු පාට ප්‍රභේදය වගේම සුදු පාට ප්‍රභේදයත් අපි අතර ගොඩක් ප්‍රසිද්ධයි.

එහෙනම් වැඩි කතාවට යන්න ඕන නෑ. කෙලින්ම ප්‍රභේද ගැන විස්තර ටිකට බහිමු.


1. බ්ලැක් මෝලි  (Black Molly)
මෝලි වර්ග වලින් ගොඩක්ම ප්‍රසිද්ධ වර්ගය වගේම මෙලෙනුත් ඉතාම අඩු වර්ගය තමයි බ්ලැක් මෝලි කියන්නේ. මුන්ව අඳුරගන්න තියෙන මූලිකම ලක්ෂණය කළු වර්ණය නම් නොවේ. මුන්ගේ පිට වරල එතරම් ලොකුවට පිහිටා නැති වීමයි මුන්ගේ තියෙන විශේෂත්වය. කළු පාටින් අඳුනගන්න අපහසු වෙන්නේ කළු පාටෙනුත් උප ප්‍රභේද ඉන්න හන්දා.


2. වයිට් මෝලී (White Molly)
බැල්ක් මෝලීන්ට ඉතා ම සමානකම් දක්වන එහෙත් පාටින් පමණක් වෙනස් වන වර්ගයකි වයිට් මෝලි කියන්නේ. මුන්ගෙත් පිට වරල තරමක කුඩා ගතියක් පෙන්වයි. මෙම වයිට් මෝලීන්ගෙත් උප ප්‍රභේද දක්නට ලැබේ.


3. සිල්වර් මෝලී (Silver Molly)
ශරීර වර්ණය රිදී පාටට හුරු පාටක් ගැනීමත් වල්ගා වරල ග්‍රීක හෝඩියේ ඩෙල්ටා අකුරක හැඩයක් ගැනීමත් මෙම ප්‍රභේදයේ ඇති විශේෂ ලක්ෂණ වේ.


4. සැෆ්ර්න් මෝලී (Saffron Molly)
ශරීර වර්ණය තද කහ පාටට හුරු වීම මෙම වර්ගයේ ඇති මූලිකම ලක්ෂණයකි. එසේම මෙම වර්ගයේ ඇස් කළු පාටින් යුක්ත වේ.


5. බැලූන් මෝලී වර්ග (Balloon Molly types)
බැලූන් මෝලීන්ගේ ඇති විශේෂම ලක්ෂණය වන්නේ උන්ගේ උදර කුහරය බැළුමක ආකාරයෙන් පිම්බී තිබීමයි. මෙම බැලූන් ප්‍රභේදයේ උප විශේෂ ඉතා විශාල සංඛ්‍යාවක් ජීවත් වේ. එයින් කිහිපයක පින්තූර පහත දැක්වේ.


5.ඩැල්මේශන් මෝලි (Dalmation Molly)
මෙම වර්ගයේ තියෙන විශේෂම ලක්ෂණය තමයි ශරීරය ප‍්උරාම කළු පාට තිත් දක්නට ලැබීමයි. මීට අමතරව ශරීරය තනි වර්ණයක් ගනී.


6.  ගෝල්ඩ් ඩස්ට් මෝලී (Gold Dust Molly)
ශරීරයේ උදරය දෙපැත්තේ රත්තරන් පාටින් ඉතා කුඩා කුඩකින් යුක්ත ඉරි දක්නට ලැබීම මෙම වර්ගයේ ඇති සුවිශේෂි ලක්ෂණයයි. ඒ වගේම ශරීර වර්ණය කහ/තැඹිලි පාටක් ගන්නවා.




මීලඟට කියන්න බලාපොරොත්තු වෙන්නේ ලයිරා ටේල් (Lyre tail) හා සෙයිල්ෆින් (Sail fin) වර්ග දෙක ගැන. මුන්ගෙනුත් උප ප්‍රභේද විශාල සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් මේ ලිපියේ අදත් පින්තූර ගොඩක් නිසා පෝස්ට් එක දෙකට කඩන්න සිද්ධ උනා. ඊලඟ කොටස අනිත් ලිපියෙන් බලාපොරොත්තු වන්න.

එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !

47 comments:

  1. අනේ අපේ වලව්වේ හාමුගේ ජාතියේ මාළුවෙකුත් ඉන්නවා.... ගෙදර ගියාම කියන්න ඕනේ.. හි හි...
    ඔච්චර ලස්සන ජාති ඉන්නකොට අර කැත මාළුවෙක් දැම්මෙ මොකෝ කළින් එකේ....

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ හිරූ. මෝලීස් කිව්වම අපට කෙලින්ම මතක් වෙන්නේ කළු පාට මෝලීස්ලාව. ඒ නිසයි මම කළු පාට මෝලියෙක්ව දැම්මේ.

      ඌ කැතයි කැතයි කියන්න එපා.
      ඌ සුදු වෙන්න දවස පුරාම වතුරේ ඉදියි ඈ.

      Delete
    2. අපේ එකා ඩැල්මේෂන් බං.. හි හි...

      Delete
    3. ඩැල්මේශන් එවුන්ව නම් මට හම්බ වෙලා නෑ. ඒ නිස හොයලා බලන්න ඕනා.

      Delete
    4. හයියෝ.. මං කිව්වේ අපේ බලු හාමු ගැන... හි හි

      Delete
    5. මං හිතුවා අපේ මහත්තයා කියලා

      Delete
    6. @හිරු
      අප්පටසිරි... මේ කියලා තියෙන්නේ බල්ලෙක් ගැන නේ

      Delete
    7. @ලක්මාල් කන්දෙවිදානේ
      හික්ස් :)

      Delete
    8. @හරී
      මොකෝ අද කමෙන්ට් නොකර යන්නේ ?

      Delete
  2. 4. සැෆ්ර්න් මෝලී (Saffron Molly) මේ ජාතිය තමයි මගේ ලග ඉන්නේ..
    එළ මචං අනිත් වර්ග ටිකකුත් හොයල බලන්න ඕනේ ගන්න

    ReplyDelete
    Replies
    1. මම අද ගෙනාවා වයිට් බැලුන් මෝලීස්ලාව. ජෝඩුවක් 20ට ගෙනාවේ. කිසි ගින්නක් නැතුව 25 ගානේ දුන්නෑකි. මුන්ව ටිකක් බෝ කරලාම ව්කුණන්න තමයි ඉනේ.

      ඒ නිසා පොඩ්ඩක් හොයලා බලන්න එක එක වර්ග ගත්තෑකි.

      Delete
    2. ඔව් ටිකක් බලන්න ඕනේ ..

      Delete
    3. අනිවා බලන්න බලන්න !

      Delete
    4. //ටිකක් බෝ කරලා//

      උදව්වක් ඕන නං කියන්න

      Delete
    5. @ලක්මාල් කන්දෙවිදානෙ
      අනිවාර්යෙන්ම කියන්නම්.

      Delete
  3. මෙන්න මේ බඩ තඩියොන්ට (බැලූන් මෝලි) තමා මං ආසම. මාර ලස්සන පින්තූර සෙට් එකක්නේ..

    ReplyDelete
    Replies
    1. බඩ තඩියන්ගේ සුදු පාටයි කළු පාටයි එවුන්ව මම ගෙනාවා :)

      Delete
  4. මමත් අවා මේ බ්ලොග් එක පැත්තේ

    ගෝල්ඩ් ඩස්ට් මෝලී (Gold Dust Molly)& සැෆ්ර්න් මෝලී (Saffron Molly) ම්ලුවෝ දෙන්නා ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔයිට වඩා ලස්සන තව ප්‍රභේද ඉන්නවා.ඒ වගේම අළුත් අළුත් උනුත් හදන්න පුලුවං

      Delete
  5. අනේ මගෙත් මාළු ඉන්නවා...උන්ව හොරෙන් අරන් යනවානේ පාරේ යන උන්...

    ReplyDelete
    Replies
    1. උන්ට පාරට යන්ඩ බැරි වෙන්ඩ වැටක් ගහපං

      Delete
    2. @උමා(දසුන්)
      යකෝ පුදුම එවුන් නේ ඉන්නේ. වත්තට පැනලා මාළු අල්ලන හොරු නේ ඉන්නේ.

      Delete
    3. @ලක්මාල්
      නියම වැඩේ. ඒකත් කරලා බැලුවා නං හරි.

      Delete
  6. ඩෙල්ටා හැඩයට පසු වරල තියන කළු මෝලියට කියන නම මොකක්ද බං

    ඉස්සර මංගාව හෙනට හිටියා . පට්ටෙ බොවෙන මාළුවෙක්

    ReplyDelete
    Replies
    1. උන් නම් ෂුවර් එකටම ලයිරාටේල් (Lyre tail) ජාති වෙන්න ඕන. ඊලඟ ලිපියෙන් ඒ ගැන තියෙනවා.

      Delete
  7. මං ඉස්සර බැලුං මොලී තමා හැදුවෙ දවසක් දවසම ලයිටි කැපුවා එතකොට මන් මෙගොල්න්ට ඔකසිජන් හීටර් එහෙම දුන්නා ඔකසිජන් නැතුවද කොහෙද හවස බලද්දී උං උඩුබැලි අතට ගහල ඉදියා

    ReplyDelete
    Replies
    1. ඔක්සිජන් දීලා හුරු උනාම ඔහොම තමා. එහෙම නැතුව ඔක්සිජන් සැපයුමක් නැතුව උනත් හදන්න පුලුවන් ජාතියක් තමයි මෝලි කියන්නේ.

      Delete
  8. දැක්කෙත් අද.. ඇහුවෙත් අද..:)

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනං අදින් පස්සේ දන්නවා නෙහ් :)

      Delete
  9. සැෆ්ර්න් මෝලී නම් එල..කැලිකෝ බැලුන් මාළුවත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මේ වගේ තව ලස්සන ජාති දෙක තුනක් ඉන්නවා

      Delete
  10. ටැංකි දෙක හෝදලා ගත්තා.. දැන් ඉක්මනට ඕනෑ ඊළඟට කරන්න ඕනෑ දේවල්..

    ReplyDelete
    Replies
    1. හරි හරීඉ...!
      ඔය ටැංකි දෙක කොච්චරක් සයිස් දෙකක් ද ? (දිග පලල උස)

      Delete
    2. පොඩි ටැංකි බන්..

      1 x 1 x 1 1/2 වගේ.. ලජ්ජාවෙත් බෑ..

      Delete
    3. අපෝ පස්සේ බැරුවෑ ලොකු ටැංකියක් ගන්න. මුලින්ම ආසාවයි ඕනකමයි ඇති කරගන්න තියෙන්නේ.

      Delete
    4. ANIWA , MULADI PODIYATA PATAN GAMU

      Delete
  11. ඔය එකම වර්ගෙ පාටින් වෙනස් මාළු අතරත් අපේ මිනිස්සු වගේ වර්ණබේදවාදෙ තියෙනවද, නැත්නම් උන් සහජීවනයෙන් සමඟියෙන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ජීවත් වෙනවද.

    ReplyDelete
    Replies
    1. අපෝ මාළු කියන්නේ මිනිස්සු වගේ නෙමෙයි. එක එක වර්ග සහජීවනයෙන් ඉන්නවා.

      Delete
  12. ආශා.....වේ බැරුවා!!!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ පලවෙනි කමෙන්ට් දායකයන්ගෙන් එක්කෙනක් නේ රජතුමා. සතුටුයි මේ පැත්තේ ආපු එකට :)

      Delete
  13. ලස්සන මෝලිලා ඉන්නවනේ.....

    ReplyDelete
    Replies
    1. අපෝ ඔවු. තව ඉන්නවා ලිස්ට් එකක්ම. :)

      Delete
  14. මං පොඩි කාලේ හිතා හිටියේ මූ බ්ලැක් මොරිස් කියලා!

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?