Dec 8, 2012

මෝලි 1 - Molly

අදත් තව මාළු වර්ගයක් අරගෙන ආවා. මේ වර්ගයේ නම "මෝලී". මුනුත් පැටවු මගින් බෝවෙන විෂේශයක්. කෙටියෙන්ම කිව්වොත් ලයිව්බෙයාරස් වර්ගයක්. මීට කලින් පැටවු මගින් බෝවෙන ගප්පි, ප්ලේටි හා ස්වෝර්ඩ්ටේ ගැන කතා කලා මතක ඇති නේ. අද අන්තිම වර්ගය !

අන්තිම වර්ගය කිව්වේ ලයිව්බෙයාරර්ස්ලා ඉවර නෑ. ප්‍රධාන වර්ග 4ක් ගැන විතරයි මම මුලින්ම කතා කරන්නේ. ඊට පස්සේ බිත්තර මගින් බෝවෙන වර්ග ගැන ලිපි ලියන්නයි බලාපොරොත්තු වෙන්නේ.පස්සේ පස්සේ මතක් වෙන හැටියට ලයිව්බෙයාරර්ස්ලා ගැන ලියන්නම්.

පොඩි කාලේ අපි මුන්ට "මෝරීස් " කිව්වට මුන්ගේ ඇත්තම නම තමයි "මෝලි" !
හරි එහෙනම් වැඩේට බහිමු...



සාමාන්‍ය නාමය - මෝලි
විද්‍යාත්මක නාමය -  Poecilia sphenops
සාමාන්‍ය දිග - ගැහැනු මසුන් අඟල් 4ක  දිගින් යුක්ත වන අතර පිරිමි මසුන් අඟල් 6ක  දිගින් යුක්ත වේ.
නිජබිම - මධ්‍යම ඇමරිකාව
හිතකර උෂ්ණත්වය -  සෙල්සියස් අංශය 25 ත් 28ත් අතර


මෝලි මසුන් සර්ව භක්ෂක මත්ස්‍යය ගණයට අයත් වේ. එම නිසා මොවුන් නිවිති,ඇල්ගී වර්ග , ජලජ පාසි හා පැලෑටි වර්ග වැනි ශාක වර්ගද මදුරු කීටයින් හා කුඩා කෘමි වර්ගද ආහාරයට ගනී.  එසේම මෙම මසුන් ඉතාම සාමකාමි මාළු විශේෂයක් නිසා විවිධ මසුන් වර්ග සමග ඒකම ටැංකියක ඇති කල හැකිය.

තවද මෙම මසුන් ඇති කිරීම සඳහා  අවම වශයෙන් ගැළුම් 5ක 10කවත් ටැංකියක් තිබිය යුතු ය. පිරිමි හා ගැහැනු මෝලි මසුන් වෙන් කර හඳුනා ගත හැක්කේ ගුද වරලෙන් හා පිට වරලෙන් ය.පිරිමි මසුන්ට දිග ගුද වරලක් පිහිටන අතර ඉතා විශාල පිට වරලක් පවතී. පිට වරල පිම්බීමෙන් තම අභිමානය පෙන්වීමද පිරිමි මසුන් විටින් විට සිදු කරයි.ගැහැනු සතුන්ගේ ගුද වරල කුඩා වන අතර පිට වරලද විශාලව නොපිහිටයි.

අනිත් ලයිව්බෙයාරර්ස් වර්ගයට අයත් මසුන් සේම මෝලි වර්ගත් පැටවුන් මගින් බෝවෙන මසුන් වර්ගයකි. ගැහැනු මෝලි මත්සයෙකු වරකට පැටවු 10 සිට 100ක ප්‍රමාණයක කුඩා මසුන් ගණනකට එකවර ජීවය ලබා දිය හැකිය. එලෙසම ගැහැනු මෝලි මත්සයෙකුගේ ශරීරය තුල පිරිමි මත්ස්‍ය ශුක්‍රානු තැන්පත් කර ගැනීමේ හැකියාව පවති.

මේ නිසා එක වරක් පැටවු දැමු මෝලි මත්සයෙකුට නැවත වරක් පිරිමි මාළුවෙකුගේ සහයක් නොමැතිව පැටවුන් දැමිය හැකිය.මෝලි ගැහැනු සතෙකුගේ සාමාන්‍ය ගර්භනී කාළය දවස් 21ත් 28ත් අතර කාළයක් ගනී. එලෙසම මෝලි මත්සයින්ටද ගප්පින්ට සේම පැටවු ප්‍රසූත කර පැය කිහිපයකට පසු නැවත ගර්භනී වීම සදහා දේහය හැඩ ගැසීම සිදුවේ.

වැදගත්ම කාරණය වන්නේ පැටවුන් බිහිවූ පසු මවු මෝලි මත්සයාව පැටවුන්ගෙන් වෙන් කල යුතු වීමය. නැත්නම් මවු මත්සයා පැටවුන්ව ආහාරයට ගැනීම සිදුවේ.අළුත උපන් මෝලි පැටවෙකු හොදින් මේරු මෝලි මත්සයෙකු බවට පත්වීම එසේත් නැත්නම් පැටවු බිහිකල හැකි මත්සයෙකු බවට පත්වීම සදහා මාස 6ක කාළයක් ගත වේ.

මෝලි මත්සයෙකුගේ සාමාන්‍යය ආයු අපේක්ෂාව අවුරුදු 3ත් 5ත් අතර කාළයකි. රැකබලා ගැනිම හා පෝෂ්‍යදායි ආහාරපාන යන කාරණා මත මෙම කාළය අඩු හෝ වැඩි විය හැකිය.

 වෙනදා වගේම ඊලඟ ලිපියෙන් මෝලි වර්ග ගැන පින්තූර බලමු.

එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !

44 comments:

  1. ඔකුං ඉදලා තියන්නෙ ඇමරිකාවෙ කිවුල් වතුරෙලු

    ReplyDelete
    Replies
    1. තව මාර විදියට බො වෙන්නෙ

      Delete
    2. ඔවු උන් මිරිදිය මාළු (freshwater) විශේෂයක්.
      අර කිව්වත් වගේ බෝවීම නම් ගොඩක් වැඩියි. එක පාර 10ක් විතර දානවා. අඩුම තරමේ 5-6ක්වත් බේරිලා ජීවත් වෙනවා.

      Delete
    3. අප්පෙ මගෙ එකෙ හිටු කියලා බො උනා

      Delete
    4. පේනව නෙහ් 100ක් උනත් දැම්මෑකි කියලා :)

      Delete
  2. ගොඩක් වෙලාවට දැන් විකුණන්න ඉන්නෙ කලවම් ජාති... පොඩි කාලෙ අපිට හුරුපුරුදු බ්ලැක් මෝලිල දැන් නැද්ද මන්දා....

    ReplyDelete
    Replies
    1. බ්ලැක් මෝලිලා ඉන්නව වයිට් මෝලි ලා නම් දැන් අඩුයි. උන් වඳවෙලා ගිහින්ද මන්දා !!!

      Delete
  3. දෙසැම්බර මාසේ මාලු හැදීම තරමක් අපහසුයි කියා මිතුරෙක් කිව්වා මෙය ඇත්තද.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේකට හේතුව ටිකක් සීතල නිසා , වයිට් ස්පෝට්ස් හැදෙන එක ....

      Delete
    2. @Naleen Dilruksha
      ගොඩක් වෙලාවට උන්ට හිතකර වෙච්ච උෂ්ණත්වය ලැබුනේ නැති උනහම එක එක ප්‍රශ්න ඇති වෙනවා.මොකද මුන් මිරිදිය මාළු නේ ! මම ඔය ගැනත් හොයලා බලන්නම්.

      Delete
    3. @JP :
      වයිට් ස්පොට්ස් කියන්නෙ Ich කියන ලෙඩේදි හැදෙනවා වගේ තිත් ද ?

      Delete

    4. පරණ විදියට එහෙම ලියවුනා. ICH ම තමයි

      Delete
    5. අද මාළු ගේන්න ගිය ගෙදරත් ගුරාමියෙක්ට ඔය ලෙඩේ හැදිලා තිබ්බා. ඒ ගැනත් ලියන්නම්.

      Delete
  4. අපි පොඩි කාලේ වීදුරු ටැංකියක ..... හයිඩ්රිල්ලා සරුවට වැවිලා ...හිරු එළියෙන් ආලෝකමත් වුන පැහැදිලි වතුරේ ...නෙක පාට මොලිලා පනහක් විතර හිටියා . ....ඔබ මාව ඒ මතකයට රැගෙන ගියා ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැන් ඒ මාළු ඇති කරන්නේ නෑ කියලා ද ? අපරාදේ. ආයෙම පටන් ගන්න තියෙන්නේ. ඒත් ඉතින් විවේක වෙලාවක් හොයාගන්න එක නේ අමාරුම වැඩේ. මිනිස්සු කාර්යබහුල වෙලා. ඉතින් තමන්ගේ විනෝදාංශයක් කරගන්නවත් වෙලාවක් ඉතුරු වෙලා නෑ. ලොකේ හැටි තමා සාහෝදරයා. :)

      මේ කමෙන්ට් එක හන්දා මට ලියන්න ඕන පෝස්ට් එකකුත් මතක් උනා. මොකද හිතන්නේ සිමෙන්ති ටැංකියක ඉන්න මාළුනුයි වීදුරු ටැංකියක ඉන්න මාළුනුයි ගැන. උන්ගෙන් වැඩිම බෝවීමක් තියෙන්නේ විදුරු ටැංකියේ උන්ගෙද නැත්නම් සිමෙන්ති ටැංකියේ උන්ගෙද ?

      Delete
    2. මං හිතන්නෙ සිමෙන්ති ටැංකියෙ උන්ගෙ. හේතුව නම් දන්නෑ.. කට්ටිය කියනවනෙ.
      මමත් ඉස්සර ඇස්බැස්ටෝස් තහඩු වලින් ටැංකියක් හදං හිටිය පැටව් බෝ කරන්නම.

      Delete
    3. දැනුත් පොඩි ටැංකියක .මාලු හයක් විතර ඉන්නවා . ඩිස්කස් ලා . ගෙදර පොඩි නිසා ලොකු ටැංකියක් තියාගන්න අමාරුයි

      Delete
    4. @යසිත්ගේ සිතුවිලි :
      ඒ ගැන ඉදිරි ලිපියක ලියන්නම්. මම තාම කරුණු හොයන ගමන් ඉන්නේ. මම දන්න ඇක්වටික් සමාජ වලින් ඇහුවට හරි උත්තරයක් තාම නෑ.

      ඉදිරියේදි ලියන්නම්.

      Delete
    5. @JP
      මාළු හදනකොට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නය තමා ඕක. තියෙන හැටියකට එපැයි වැඩ කරන්න. :)

      Delete
  5. ස්තුතියි වටිනා විස්තරයක්

    ReplyDelete
    Replies
    1. හැමදාමත් මේ පැත්තේ ඇවිදින් කමෙන්ට් කරලා මේ කරන දිරිමත් කිරීමට ඔබට පින් !

      Delete
  6. ඊලග ලිපියෙන් වර්ග ටික දාපන්කෝ , මගේ ලග ඉන්න ඔරේන්ජ් මොලිස් ලාගේ පින්තුරෙකුත් තියෙයිනේ..හික්.හික්

    ReplyDelete
    Replies
    1. දැන් ගිහින් බලන්න ඕනේ උන්ගේ ගෑනු පිරිමි මුක්කුද කියලා :D

      Delete
    2. අද හවස් වෙද්දි ඒ ගැන ලියපු පෝස්ට් එක දාන්නම්. එතකොට සති අන්තේ පෝස්ට් දෙකම හරි.
      මම සාමාන්‍යෙන් ලියන්නේ සති අන්තේ නෙව :)

      Delete
  7. අපි ඉස්සර මුන්ට කියන්නෙ බ්ලැක් මෝරිස් කියල. අද වෙනකම් මං හිතන් හිටියෙ එහෙමයි. :D කඩේට ගිහින් ඉල්ලන්නෙත් එහෙමයි. උනුත් දෙනව ඉතිං.
    1.ලයිව්බෙයාරර්ස් කියන්නෙ මොකක්ද ?
    2.මුන්ගෙ තැඹිලි පාට උනුත් ඉන්නව නේද ?

    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙමයි. ඒ හැටි ගානක් නෑ. ඔහේ ඉල්ලනවා. උනුත් දෙනවා. අද මම ආස කරන වයිට් මෝලිස් ජාති ටිකක් හම්බ උනා. උන්ව බෝ කරලා විකුණන්නයි ඉන්නේ. :)

      1. ලයිව්බෙයාරර්ස්ලා කියන්නේ පැටවු මගින් බෝවෙන මාළු ජාතියට පොදුවේ කියන නම.

      2. ඔවු තැඹිලි පාට උනුත් ඉන්නවා.

      Delete
  8. යකඩෝ මේ බ්ලැක් මොරිස් ලා නේද මෙච්චර කල් දන්නේ ඒ නමින් තැන්කු වේවා කිව්වා

    ReplyDelete
    Replies
    1. ඔවූ ඔවු මෝලීස්ලා තමා.
      ඔන්න මෝලිස්ලාගේන් පස්සේ පැටවුදාන මාළු ගැන ලියන්නේ නැතුව බිත්තර මගින් බෝවෙන මාළු ගැන ලියනවා.
      බලන්න එන්න :)

      Delete
    2. බෝ කර ගන්න හැටිත් ලියන්න.. ඒක තමයි අමාරුම සීන් එක.. :(

      Delete
    3. @යසිත්ගේ සිතුවිලි
      බෝ කර ගන්න තියෙන අමාරු සීන් එක නිසයි මුලින්ම පැටවු මගින් බෝවෙන වර්ග (ලයිව් බෙයාරර්ස් ලා) ගැන කිව්වේ.

      Delete
  9. //ගැහැනු මෝලි මත්සයෙකු වරකට පැටවු 10 සිට 100ක ප්‍රමාණයක//

    පැටව් එච්චර ගානක් දාන්න කොච්චර වගේ වෙලාවක් යනවද.. ඔන්න මට ආපු ප්‍රශ්නේ..

    ReplyDelete
    Replies
    1. පෑ භාගයක් ඇතුලත විසි තිස් ගනන් පැටවු දාන මෝලි ගැන වීඩියෝ යූබටේ තියෙනවා. සර්ච් කලා නම් වීඩියෝ තොගයක් හොයතෑකි.

      Delete
  10. ඌ නම් කැතයි අප්පා..... හි හි....

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා ඔයා මෝලීස්ලාට කැමති නැත්තේ. මම ආසම ජාති වලින් එකක්. ලේසියෙන්ම බෝ වෙනවා.

      Delete
  11. මේ ටිකේ වැඩ අධිකයි.. පෝස්ට් කීපයක්ම මඟ ඇරුනා..

    ටැංකි දෙක හෙට හෝදලා ගන්නවා..

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඔන්න පුතේ මෝලීස්ලා ගන්නවා නම් මුන්ගේ ගෑනු පිරිමි වෙන් කරගෙන ගන්න හරිද. මට අද අඩු ගානට "වයිට් බැලූන් මෝලීස්ලා" හම්බ උනා. උන්ව බෝ කරලා ඊට පස්සේ විකුණන්න ඉන්නේ.

      මොකද වයිට් ලා ටිකක් හොයන්න අමාරු ජාතියක් !

      Delete
  12. මාළු හදන වැඩේ කවදාවත් මට අත අරින්න බැරි උනා , අදටත් මානෙල් ගහක් හිටවපු මල් පෝච්චියක ඉන්නවා ගප්පි

    ReplyDelete
    Replies
    1. අම්මෝ ගප්පි කිව්වහම අපේ ටැංකි දෙකකම ඉන්නවා ගප්පි. ජෝඩුව පහලොවයි :)

      Delete
  13. මේ පොස්ට් එක මට මග හැරිලා තිබුනනේ. දැන් තමා බැලුවේ.....

    ReplyDelete
  14. me hadaya dan noliyanne mokada

    ReplyDelete
  15. Balun moli samanya moli pirimi sathekui set wnama pataw mona vageda,varga dekenma tiyeida

    ReplyDelete
  16. මෝලී ලා බෝ කරන්න දාන්න ඕන ගෑනූ පිරිමි අනුපාතය කීයද

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?