Jan 26, 2013

ෆයිටර් 1 - Fighting fish

පැටවු මගින් බෝවෙන මසුන් එහෙමත් නැත්නම් ලයිව්බෙයාරර්ස්ලා ගැන ලියපු ලිපි වලට මදක් නැවතුම තියලා අද කියන්න යන්නේ බිත්තර මගින් සිය වර්ගයා බෝ කරන මසුන් ගැන. අළුතෙන්ම මසුන් ඇති කරන කෙනෙක්ට මුලින්ම බිත්තර මගින් බෝවන මසුන් ඇති කිරීම නිර්දේශ නොකරන්නේ මුන්ගෙන් පැටවු ගැනීමට තියෙන යම් අසීරුතා නිසයි.

පැටවු මගින් බෝ වෙන මසුන් වර්ග වලින් මම මුලින්ම තෝර ගත්තේ අපි කවුරුත් දන්න ෆයිටර් මසුන් හෙවත් Siamese Fighting Fish මසුන්. සියමේස් ෆයිටින් ෆිශ් කියලා කියන්නේ මෙම මසුන්ගේ නිජබිම වෙලා තියෙන්නේ සියම් දේශය නිසාවෙනි.
 ඒ වගේම මෙම වර්ගයේ මසුන්ට 'බෙටා මසුන්'(Betta Fish) කියලත් හඳුන්වනවා.


මෙම මසුන් ස්බාවයෙන්ම කලහකාරි මසුන් විශේෂයක්. ෆයිටර් මසුන් තම වර්ගයේම පිරිමි මසුන් සමග ඇන කොටා ගැනීම සිරිතක්. ඒ නිසා මෙම වර්ගයේ මසුන් ටැංකි වල ඇති කරනවාට වඩා ජෑම් බෝතල් වල ඇති කිරීමේ ක්‍රමය ජනප්‍රියයි.

නමුත් ගැහැනු ෆයිටර් මත්සයෙකු, පිරිමි මත්සයෙකු සමග කලහකාරී ස්වබාවයක් දැක්වුවද ඇනකොටා ගැනීමක් සිදු නොකරයි.

ඒ වගේම මෙම මසුන් මිලදී ගන්නන් පවා මෙම මසුන් මිලදී ගන්නේ ඇනකොටා ගැනීම සදහා යෙදවීමටයි. මෙම මසුන් තම ප්‍රතිවාදියාගේ වරල් සියල්ලම වගේ කඩා දැමීම සිරිතක්. මේ නිසා ප්‍රතිවාදියා සමහර විට මිය යාමට උනත් පුලුවන.
මේ නිසා මං නම් පුද්ගලිකව මෙම මසුන් කෙටවීම අනුමත නොකරමි.

තවද මෙම මසුන් ඇති කරන්නන් ඇනකොටා ගැනීම සඳහා පුහුණු කරවයි.ඒ සඳහා මෙම මසුන් ඇති කරන්නන් කුඩා වීදුරු කෑල්ලක් ෆයිටර් මත්සයා සිටින ටැංකියේ බිත්තියට ආනතව තබයි. එම වීදුරුවෙන් පෙනන තමන්ගේම ඡායාව සමග උවද මෙම මත්සයා සටන් කිරීමට පෙළඹේ. මෙම පුහුණුව නිසා පසුකලකදී තම ප්‍රතිවාදියා සමග තියුණු සටනක් දීමට හුරු වේ.
මා මෙය ද අනුමත නොකරමි.

අලංකාර වරල් වින්‍යසයක් තිබෙන නිසා මෙම මසුන් අලංකාරත්වයෙන් වැඩිය.  ගැහැනු මත්සයා එතරම් අලංකාරත්වයක් නැති අතර පිරිමි මත්සයා අධික ලස්සනකින් යුක්තය.මේ නිසා වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් ඇත්තේ පිරිමි ෆයිටර් මසුන්ට වේ.

ඉදිරි ලිපි වලින් මෙම මසුන්ගේ වර්ධනය,ආහාර හා බෝවීම ගැන සොයා බලමු.
එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !

36 comments:

  1. දැන් මමත් මාලු ජෝඩුවක් ඇති කරනවා මලයා මේ ලිපි පෙළ හින්දම.

    ReplyDelete
    Replies
    1. සතුටුයි. ඒ වගේම මගේ ලිපි පෙල දිගටම කියවන්න රැඳී හිටපු එක ගැනත් සතුටුයි.

      Delete
  2. මට මේක දැක්කාම මතක් වුනේ පොඩි කාලෙ අපේ ගෙදරත් අපිව ඔහොම එකට තියන්න බෑ. කා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ ගෙදර !
      මල්ලිලායි නංගිලායි එකට මරා ගන්නේ. ඒ උනාට නංගිලා නම් ශෝක්. අපේ මලයන්ට වඩා. :)

      Delete
  3. අද තමයි මේ බ්ලොග් එකට ආවෙ. හොද දැනුමක් ලැබුනා කියවපු ලිපි වලින්. ඔක්කොම ලිපි ටික කියවනවා හෙමින් සැරේ. මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. දිගටම කියවන්න එන්න.
      මගේ ටැංකියට ගොඩවැදුනට ස්තුතියි

      Delete
  4. මට මතක විදිහට ෆයිටර් මාළුවා .... සාරි ගප්පිගේ වරල් කොටලා කඩනවා කියල අහල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔවු. සාරිගප්පින්ගේ වරල් වලට මේ හාදයා වග කියනවා.

      Delete
  5. Replies
    1. ඒක නේන්නම්. මොකෑ උනේ. වැඩ වැඩි ද ?

      Delete
  6. අපෝ වෙන කිසිම මාලුවෙක් එක්ක එකටන්කියේ හදන්න බැරි සතෙක් තමයි, එත් ෆ්යිටර්ස් ල ගොඩක් එක ටැංකියක දැම්මනම් මාර ලස්සනයි,
    හොද ලිපි පෙළක් දිගටම ලියන්න (අපි කිව්වට වඩාත් එක්ක කොහොම ලියන්නද නේද?)

    ReplyDelete
    Replies
    1. සති අන්තයේදි තමා මගේ ලිපි ලිවිල්ල තියෙන්නේ. ඒ නිසා සති අන්ත වලදි එන්න ටැංකියට එබිලා යන්න.

      Delete
  7. ෆයිටර් 1- ෆිල්ම් එකක් වගේ :D
    මේ මාළුවා හරි ලස්සනයි නේ. ජෑම් බෝතලේ ඉඩ ඇති ද ඉතින්. ? ෆයිට් කරන්න පුරුදු කරන එක නම් හරි නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. ඔවු ඉඩ ඇති.
      මුන් ස්වභාවයෙන්ම කම්මැලි මාළු ජාතියක්. ඒ නිසා පීනන්නේ අඩුවෙන්. ඇරත් මුන්ට වාතයෙන් ඔක්සිජන් ගන්න හැකියාවක් තියෙන නිසා ඉඩ ඇති.
      ෆිල්ම් එකක් වගේද කියලත් අහනවා :)

      Delete
  8. මිනිස්සුන්ගේ වගේම තමා. ගෑණු කැතයි , පිරිමි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අනේ පව් වැඩේ..... මං ඉතිං කියන් නෑ..... :-/

      Delete
    2. මාත් කියන්න ආවෙ, වැදගත්ම ලක්‍ෂණය තමා ඒක. මොණරු ගැන උනත් එහෙමනේ, ආයෙ මොකද මිනිස්සුන්ට විතරක් අමුතු එකක්. :)

      Delete
    3. සමනලිට රිදුනේ ඇයි?
      බබෙක්ගෙ ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නෙ ඇයි?........?-)

      පිරිමි උපතින් ලස්සනයි... ගෑනු වැඩ දාල ලස්සන වෙනවා...

      Delete
    4. දෙයි හාංදුරුවනේ මේං මෙතන වලියක් දාගෙන.
      වලි දාගන්න එපෝ. මෙතන වලි බේරන්න බැරියෝ.

      Delete
  9. මගේ ගාවත් හිටියා... හැබැයි කෙටෙව්වේ නං නෑ... පොඩි බෝතලයක දාලා ඇති කලා...

    ReplyDelete
  10. මචං! මට gold fish ball එකක fighter කෙනෙක් හදන්න හොඳද කියලා කියපන්කො...

    ReplyDelete
    Replies
    1. හොඳයි. ගෝල්ඩ් ෆිෂ් බෝල් එකක් වැඩිත් එක්ක !

      Delete
  11. ඔව්.. ඔව්.. මුං විකුණන්න තියෙන්නෙ ජෑම් බෝතලේ පිටින්මයි.. මං පුංචි කාලෙ මුං එකෙක් ගන්න ගියාම කඩේ එකා කිව්වා මුං ඇඟිලි කනව කියල. මං බය වෙලා අරන් නෑ.. හික්ස්..


    අප්පට සිරි මාළුවොත් ඔට්ටු දාල කොටවනවද ?

    ReplyDelete
    Replies
    1. ඇඟිලි කන්නේ නෑ. ඒ වුනාට මුන් හිටු කියලා කොටාගන්නවා.
      ඔට්ටු දාලා කොටවනවද කියලත් අහනවා. හිහ්... කොටවනවා නේන්නම්.ඉස්සර අපි පොඩි කාලෙදි කට්ටිය කෙටෙව්වා.

      Delete
  12. මේ මොකා වුනත් මූ හෙන ලස්සනයිනේ.......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ලස්සන මාළු ජාතියක්.

      Delete
  13. වෙන මාළු එක්කවත් තියන්න එපා කියල මට අපේ අයියා කෙනෙක් කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඔවු. එහෙම ඇති කරන්න ටිකක් අමාරු ජාතියක් තමා.

      Delete
  14. ෂා .. ෂා ... ලස්සන එවුන් අහිංසක උනාම තමා වඩාත් ලස්සන. මුන් හරියට ත්‍රස්තවාදියො වගේනේ.

    ReplyDelete
    Replies
    1. ඔවු. මුන් "සොඳුරු ත්‍රස්තවාදියෙක්"

      Delete
  15. වලිකාර මාළු කොටවනවා මම ඇහුවමයි....?

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?