Jan 20, 2013

අළුත උපන් මාළු පැටවුන් රැක ගනිමු.- 2

කලින් ලිපියේදි මම කිව්වා නේ බ්‍රීඩින් ට්‍රැප්ස් (Breeding Traps) එහෙමත් නැත්නම් අළුත උපන් මාළු පැටවුන්ව මවු මත්සයාගෙන් වෙන් කරලා ආරක්ෂා කරගන්න උගුල ගැන කියා දෙනවා කියලා. අන්න ඒ පොරොන්දුව තමා අද ඉෂ්ඨ කරන්න යන්නේ.

මුලින්ම කියන්නම් මොනවද බ්‍රීඩින් ට්‍රැප්ස් කියන්නේ කියලා.බ්‍රීඩින් ට්‍රැප්ස් කියන්නේ මවු මත්සයාව දැනට ඉන්න ටැංකියේම පැටවු ලැබෙනකන් කොටු කර තියන උපක්‍රමයට. පැටවු ලැබුනට පස්සේ මවු මත්සයාව මෙම උගුලෙන් ඉවත් කිරීම සිදු කරනවා. පැටවුන් ලොකු උනහම ආයෙම ප්‍රධාන ටැංකියට මුදා හරිනවා. මෙහෙම උපක්‍රමයක් අවශ්‍ය වන්නේ මවු මත්සයා කුඩා පැටවුන් ආහාරයට ගන්න නිසා.

බ්‍රීඩින් ට්‍රැප්ස් වල තියෙන ප්‍රධානම වාසිය වෙන්නේ මවු මත්සයාව තමන්ට හුරු පුරුදු පරිසරයේම කොටු කර තබාගත හැකි වීමයි. මේ නිසා අළුත් ටැංකියට මාරු කිරීමේදි මසුන්ට මුහුනපාන්නට සිද්ධ වෙන පරිසර වෙනස් වීම එච්චර දැනෙන්නේ නෑ.


දැන් බලමු ගෙදරදිම බ්‍රීඩින් ට්‍රප්ස් එකක් හදාගන්නේ කොහොමද කියලා...

පියවර 1
මුලින්ම පහත රූපයේ පරිදි කෑන් එකක් හෝ ප්ලාස්ටික් බඳුනක් හොයාගන්න.ප්ලාස්ටික් කෑන් එකක් හොයාගන්න අපහසු නම් ලීටර් දෙකේ අයිස්ක්‍රීම් කප් එකක් උනත් සෑහේ. ශක්තිමත් කම්බි කෑලි කිහිපයකුත් හොයාගන්න.


පියවර 2
කම්බි කෑලි පහත රූපයේ පරිදි නවා ගන්න. ඒ සමගම සෙන්ටිමීටර දෙකක පරතරයට ප්ලාස්ටික් කෑන් එකේ සිදුරු දෙකක් විදින්න. ඊට ටිකක් ඈතින් තවත් සිදුරු දෙකක් සෙන්ටිමීටර් දෙකක පරතරයෙන් විදගන්න. මේ සමගම කෑන් එකේ අඩියේ සිදුරු 20ක් හෝ 25ක් විදගන්න.


පියවර 3
පහත රූපයේ පරිදි නවා ගත් කම්බි කෑලි ටික කෑන් එකේ සිදුරු තුලින් ඇතුල් කරන්න.


පියවර 4
කම්බි රඳවාගත් කෑන් එක ටැංකිය තුල ගිල්වන්න. ටැංකියේ ඉහල කෙලවර ජල මට්ටමෙන් සෙන්ටිමීටර දෙකක් පමණ ඉහල සිටින සේ කෑන් එක ගිල්විය යුතුය.ඉන්පසු කම්බි ආධාරක වලින් කෑන් එක ටැංකියේ වීදුරු බිත්තියේ රදවන්න.


මෙම ඇටවුමේ ඇතුලත හා පිටත ජල මට්ටම් සමාන වන නිසා වීදුරු බිත්තියට බරක් වැටෙන්නේ නෑ. ඒත් එක්කම ජලයේ උඩුකුරු තෙරපුම හන්දා කෑන් එකේ බරෙනුත් කොටසක් අඩුවෙනුයි වීදුරු බිත්තියට දැනෙන්නේ. මේ නිසා මෙම ඇටවුම ටැංකියේ වීදුරු බිත්තියක එල්ලුවා කියලා වීදුරු බිත්තියට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නෑ.

මෙම ඇටවුම එල්ලුවාට පස්සේ ගර්භණී මාළුවාව මෙම කෑන් එක තුලට ඇතුල් කරන්න.මාළුවා පැටවු දැම්මට පස්සේ මවු මත්සයාව ප්‍රධාන ටැංකියට මාරු කරන්න. කෑන් එක විනිවිද පෙනෙන එකක් තෝරාගත හැකිනම් වඩාත් හොඳයි.

ඉහතින් ඉදිරිපත් කලේ සරලව ගෙදරදිම බ්‍රීඩින් ට්‍රැප් එකක් හදාගන්න හැටි. ඒ වගේම මාළු විකුණන තැන් වලත් විවිධ බ්ඩ්‍රීඩින් ට්‍රැප් වර්ග විකුණන්න තියෙනවා.පහත පින්තූර වල තියෙන්නේ එහෙම විකුණන්න තියෙන බ්‍රීඩින් ට්‍රැප්ස් වර්ග !






එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !!

-----------------------------------------------------------
ප.ලි. - අන්තර්ජාලේ Breeding Traps කියලා සර්ච් කලහම විවිධ වර්ගයේ බ්‍රීඩින් ට්‍රැප්ස් වර්ග ගැන හොයාගන්න පුලුවන්.

20 comments:

  1. නියමයිනේ මේක අපට ගෙදරම හදාගන්න ඇහැකිනේ...

    ReplyDelete
    Replies
    1. ඔවු. සරල ඇටවුමක් හදාගන්න පුලුවන්.

      Delete
  2. කාලෙකට පස්සෙ... ගෙදරදි හදාගන්න එක හොඳයිනේ...

    ReplyDelete
  3. ආයෙම මාලු ටැංකියක් පටන්ගන්න හිතෙනවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  4. මේ වරතුරත් ඉතාම වැදගත් ගොඩ දෙනෙක් ඇනගන්නේ මෙතැනදී තමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. දැන් කඩෙන් උනත් මේවා ගන්න පුලුවන්.

      Delete
  5. මාළු තොටිල්ල :)

    සරල නිසා ගෙදරදී උනත් හදා ගන්න අපහසු නෑ නේද.. විනිවිද පෙනෙන එකක් වඩා හොඳයි කියන්නේ ආලෝකය හොඳින් ලැබෙන නිසාද.. නැත්නම් අනිත් මාළුත් පෙනෙන්න ඉන්න කොට හුරු පුරුදු බවක් දැනෙන්නද

    ReplyDelete
    Replies
    1. විනිවිද පෙනෙන එකක් ගන්න කියලා තියෙන්නේ අනිත් මාළුන්ව පෙනෙන නිසා.

      Delete
  6. කෑන් එකේ අඩියේ සිදුරු විදින්නෙ මොකටද ? ඒවයින් පැටවු ආපහු ටැංකියට යාවිනෙ :(

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එච්චර ලොකු හිල් විදින් නෑ.
      අඩියේ සිදුරු විඳින්නේ බ්‍රීඩින් ට්‍රැප් එකෙ බර වීදුරුවට දැනෙන එක අඩු කරන්න. හිල් විද්දහම ටැංකියේ ජල මට්ටමයි ට්‍රැප් එකේ මට්ටමයි සමාන වෙනවා.

      Delete
  7. මේ... එතකොට ඕක අස්සේ ඉන්න මාළුවට ඉඩ ඇද්ද?

    ReplyDelete
    Replies
    1. එකයි දෙන්නයි නේ දාන්නේ. ඒ නිසා සෑහෙයි.

      Delete
  8. ඔන්න මම අහන්න ආපු එක සමනලිත් අහල. මුළු ටැංකියකම පීන පීන හිටපු එකෙක් අර වගේ චූටි භාජනයකට කොටු කරාම ඌට ජීවිතේ එපා වෙනව ඇතිනේ.

    බොලේ ... හැබෑට මාළුන්ට සියදිවි නසා ගන්න ක්‍රමයක් එහෙම නැත්ද? :)

    ReplyDelete
    Replies
    1. එක මාළුවෙක් නිසා ඉඩ සෑහෙනවා. ටික කාලයකට නිසා එච්චර කරදරයක් වෙන් නෑ.

      ඇයි නැත්තේ. සියදිවි නසාගන්න ක්‍රම තියෙනවා.

      Delete
  9. අදමයි ගොඩවුනේ....
    නියමයි ............

    ReplyDelete
  10. වැදගත් තොරතුරු ....ආයෙත් මාළු ඇති කරන්නම හිතෙනවා ...

    ReplyDelete
  11. mata me images penan nane ai a?

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?