පැටවු මගින් බෝවෙන මසුන් එහෙමත් නැත්නම් ලයිව්බෙයාරර්ස්ලා ගැන ලියපු ලිපි වලට මදක් නැවතුම තියලා අද කියන්න යන්නේ බිත්තර මගින් සිය වර්ගයා බෝ කරන මසුන් ගැන. අළුතෙන්ම මසුන් ඇති කරන කෙනෙක්ට මුලින්ම බිත්තර මගින් බෝවන මසුන් ඇති කිරීම නිර්දේශ නොකරන්නේ මුන්ගෙන් පැටවු ගැනීමට තියෙන යම් අසීරුතා නිසයි.
පැටවු මගින් බෝ වෙන මසුන් වර්ග වලින් මම මුලින්ම තෝර ගත්තේ අපි කවුරුත් දන්න ෆයිටර් මසුන් හෙවත් Siamese Fighting Fish
මසුන්. සියමේස් ෆයිටින් ෆිශ් කියලා කියන්නේ මෙම මසුන්ගේ නිජබිම වෙලා තියෙන්නේ සියම් දේශය නිසාවෙනි.
ඒ වගේම මෙම වර්ගයේ මසුන්ට 'බෙටා මසුන්'(Betta Fish) කියලත් හඳුන්වනවා.
Jan 26, 2013
ෆයිටර් 1 - Fighting fish
Jan 20, 2013
අළුත උපන් මාළු පැටවුන් රැක ගනිමු.- 2
කලින් ලිපියේදි මම කිව්වා නේ බ්‍රීඩින් ට්‍රැප්ස් (Breeding Traps) එහෙමත් නැත්නම් අළුත උපන් මාළු පැටවුන්ව මවු මත්සයාගෙන් වෙන් කරලා ආරක්ෂා කරගන්න උගුල ගැන කියා දෙනවා කියලා. අන්න ඒ පොරොන්දුව තමා අද ඉෂ්ඨ කරන්න යන්නේ.
මුලින්ම කියන්නම් මොනවද බ්‍රීඩින් ට්‍රැප්ස් කියන්නේ කියලා.බ්‍රීඩින් ට්‍රැප්ස් කියන්නේ මවු මත්සයාව දැනට ඉන්න ටැංකියේම පැටවු ලැබෙනකන් කොටු කර තියන උපක්රමයට. පැටවු ලැබුනට පස්සේ මවු මත්සයාව මෙම උගුලෙන් ඉවත් කිරීම සිදු කරනවා. පැටවුන් ලොකු උනහම ආයෙම ප්‍රධාන ටැංකියට මුදා හරිනවා. මෙහෙම උපක්‍රමයක් අවශ්‍ය වන්නේ මවු මත්සයා කුඩා පැටවුන් ආහාරයට ගන්න නිසා.
බ්‍රීඩින් ට්‍රැප්ස් වල තියෙන ප්‍රධානම වාසිය වෙන්නේ මවු මත්සයාව තමන්ට හුරු පුරුදු පරිසරයේම කොටු කර තබාගත හැකි වීමයි. මේ නිසා අළුත් ටැංකියට මාරු කිරීමේදි මසුන්ට මුහුනපාන්නට සිද්ධ වෙන පරිසර වෙනස් වීම එච්චර දැනෙන්නේ නෑ.

Jan 19, 2013
කලකට පසු...
පහුගිය ටිකේ සති අන්තවල ලිපි ලිය ලියා හිටපු මින් විසිතුරුවා එක පාරටම අතුරුදහන් වෙලා ආගිය අතක් නැති උනා. ඊට පස්සේ ඒකාගේ මාළු ටැංකිය ඔහේ පාළුවට ගිහින් තිඋනා. ඒ උනාට සමහරු නම් ටැංකිය පාළුවට යන්න නොදී ඉදලා හිටලා ඇවිදින් මාළුවෙක් දෙන්නෙක් බලලා බ්ලොගේ ලියන එකා කොයි කියලත් අහලා තිබ්බා.
ඇත්තටම මොකද මූට උනේ ?
ඇත්තටම මොකද මූට උනේ ?
Subscribe to:
Posts (Atom)