tag:blogger.com,1999:blog-3830625638033234762024-02-08T22:17:58.149+05:30මාළු ටැංකියවීදුරු බිත්තියට ඉහලින් උන්ගේ ලෝකයට...මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-383062563803323476.post-77043227537267382622013-02-04T21:36:00.000+05:302013-02-04T21:36:46.941+05:30ෆයිටර් 3 - fishting fish කලින් ලිපි වලදී ෆයිටර් මසුන්ගේ හැසිරීම ගැන උන්ගේ ආහාරපාන ගැන කිව්වා මතක ඇති නේ. අද කියන්න යන්නේ මෙම වර්ගයේ මසුන්ගේ බෝවීම ගැන. ඒ ලිපිය කියවන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

මෙම මසුන් බිත්තර මගින් බෝවෙන නිසා යම්තාක් දුරට පැටවු ලබා ගැනීම අසීරුයි. ඒ නිසාම තමයි මුල් වරට මසුන් ඇති කරන අයෙකුට මෙම වර්ගයේ හෝ මොනයම් හෝ බිත්තර මගින් බෝවෙන මසුන් වර්ගයක් නිර්දේශ නොකරන්නේ.

පිරිමි මත්සයා සිය වර්ගයා බෝකිරීමට එසේත් නැත්නම් සංසර්ගයක් සිදු කිරීමට සූදානම් අවධියේදි බුබුළු පිට කිරීමක් සිදු කරයි. මෙම අවධියේදි පිරිමි මත්සයා වඩාත් කලහකාරි ස්වභාවයක් පෙන්වයි. මේ නිසාම ගැහැනු මත්සයාත් සමග කලහා කිරීමට පවා පෙලඹේ. මෙම කලහයන් නිසා ගැහැනු මත්සයාගේ වරල් වලට හෝ කොරපොතු වලට හානි පවා සිදුවිය හැක.කලහය අවසානයේදි සංසර්ගය සිදුවේ.

පිරිමි මත්සයා විසින් සාදන ලද බුබුළු ආවරණය යටදී සංසර්ගය සිදුවේ. මෙම සංසර්ගයන් පැය කිහිපයක් හෝ දින කිහිපයක් උවද පැවතිය හැකිය. තවද පිරිමි මත්සයාගේ මෙම කලහකාරි ස්වරූපය නිසාම ටැංකිය තුල ගැහැනු මත්සයාට සැඟවී සිටිය හැකි ස්ථාන සාදා තිබීම වඩාත් උචිත වේ.

සංසර්ගයෙන් දිනක් දෙකක් ඇතුලත දී බිත්තර දැමීම සිදු කරයි. එම බිත්තර බුබුළු දැල අතර එකිනෙක ඇලී පවතී.බිත්තර දැමීමෙන් පසු පිරිමි මත්සයා බුබුළු දැල ආරක්ෂා කරන අතර ගැහැනු මත්සයාට ඒ අසලටවත් පැමිනීමට ඉඩ නොදේ. මේ අවධියේදි ගැහැනු මත්සයාව ටැංකියෙන් ඉවත් කිරීම සිදු කළ යුතු ය. නැත්නම් පිරිමි මත්සයා සමග කලහයන් ඇති කර ගනී.

ටැංකියෙන් ඉවත් කර ගත් ගැහැනු මත්සයාට වරල් වැඩීම සඳහා බෙහෙත් වර්ග ලබා දිය යුතු ය. ස්බාවිකව වරල් නැවතත් වැවීම සිදු වූවත් බෙහෙත් එකතු කිරීඅද යෝග්‍ය වේ. සෑම ෆයිටර් මත්සයෙකුම මෙලෙස අධික කලහකාරි හැසිරීමක් නොදක්වයි.

බිත්තර දැමීමෙන් දිනකදී හෝ දික දෙකක් ඇතුලත දී පැටවුන් එලියට ඒම සිදු වේ. මෙම අවස්ථාවෙදි පිරිමි මත්සයාද වෙනත් ටැංකියකට මාරු කිරීම සිදු කළ යුතු ය. පැටවුන් සඳහා දිනකට දෙවරක් බැගින් කෑම ලබා දිය යුතු ය.

කෑම සඳහා කුඩා පණු වර්ග හෝ සිහින්ව කුඩු කරගත් ප්‍රීමා මත්ස්‍ය ආහාර(කොල හෝ රතු පාට කුඩා කෑම වර්ග) ලබා දිය යුතු ය.

මීලඟ ලිපියෙන් ෆයිටර් මත්ස්යය වර්ග ගැන ලියන්නම්.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා ! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com58tag:blogger.com,1999:blog-383062563803323476.post-42523287878399384462013-02-04T09:32:00.001+05:302013-02-04T12:56:55.504+05:30ෆයිටර් 2 - fighting fishකලින් ලිපියෙදි කියපු විදිහට අද කියන්න යන්නේ සියම් දේශය නිජබිම කරගත්තු ෆයිටර් මසුන් ගැන සහ උන්ගේ ආහාරපාන හැසිරීම සහ බෝවීම ගැන.

මෙම මසුන් බිත්තර මගින් බෝවීම සිද්ධ වෙන නිසා ලයිව්බෙයාරර්ස් එහෙමත් නැත්නම් පැටවු මගින් බෝවෙන මත්ස්යය ගණයට වැටෙන්නේ නෑ. පහතින් දැක්වෙන්නේ එම මසුන්ගේ පොදු ලක්ෂණ ස්වල්පයක්.

සාමාන්‍ය නාමය - ෆයිටර් / සියමේස් ෆයිටින් ෆිෂ් / බෙටා

විද්‍යාත්මක නාමය - Betta splendens

සාමාන්‍ය දිග - සෙන්ටිමීටර් 2.5ක් පමණ (අඟල් 1ක්) දිගකින් යුක්ත වේ.

නිජබිම - සියම් දේශය

හිතකර උෂ්ණත්වය - සෙල්සියස් අංශක 24ත් 28ත් අතර

මෙම ෆයිටර් මසුන් ස්වභාවයෙන්ම අලංකාර වරල් වින්‍යාසයකට හිමිකම් කිව්වත් උපතින්ම වගේ මෙම මසුන් ඉතාමත් කලහකාරි මත්ස්‍ය විශේෂයක්. ඒ නිසාම වෙනත් මත්ස්‍ය ප්‍රජාවන් සිටින ටැංකියක එකට ඇති කල නොහැක.මෙම මසුන් වෙනම ටැංකියක ඇති කිරීම සිදු කරයි.

පිරිමි මසුන් කිහිපදෙනෙක් එකම ටැංකියක පවා ඇති කල නොහැක. නමුත් ගැහැනු මසුන් එසේ නැත. ඔවුන්ව එකම ටැංකියක ඇති කල හැක. ස්වභාවයෙන්ම පිරිමි මසුන්ට වඩා ගැහැනු මසුන් කලහාකාරි බවින් අඩු ය. මේ නිසාම මසුන් අලෙවි කරන්නන් පිරිමි මසුන් බෝතල වලත් ගැහැනු මසුන් සමූහයා වශයෙන් ටැංකියකත් ඇති කරනු ලැබීම සුලභ කරුණකි.

තවද මෙම මසුන් මාංශ භක්ෂක ගණයට අයත් වන නිසා මෙම මසුන් හට මාංශජනක ආහාර ලබා දිය යුතු ය. විවිධ ජලජ පණුවන් වර්ග, මදුරු කීටයින්, මදුරුවන් හා කුඩා මසුන් වර්ග ආහාරයට ගනී.

මෙම මසුන්ට අඩු ඔක්සිජන් තත්ව යටතේ උවද ජීවත් වීමේ හැකියාව පවතී. එසේ වන්නේ මෙම මසුන්ගේ පිහිටා ඇති විශේෂිත ස්වසන පද්ධතිය නිසා ය. ඔක්සිජන් අඩු පරිසරයකදී මෙම විශේෂිත වූ ස්වසන පද්ධතිය මගින් වතයේ පවතින ඔක්සිජන් පවා උරා ගැනීමේ හැකියාව පවතී.

එම නිසයි කුඩා ජෑම් බෝතල වල පවා මෙම මසුන් ඇති කල හැකි වන්නේ. (කුඩා ජෑම් බෝතල වල වාතයට නිරාවරණ වූ පෘෂ්ඨික වර්ගඵලය අඩු නිසා ඔක්සිජන් දියවීමේ හැකියාව අඩු ය.)

ෆයිටර් මසුන්ගේ පිරිම සතුන් ඉතාමත් ලස්සනකින් යුක්ත වන අතර ගැහැනු සතුන් අලංකාරත්වයෙන් අඩු ය. මෙම අලංකාරත්වය යන සාධකය මත ෆයිටර් මසුන්ගේ ගැහැනු පිරිමි සතුන් වෙන් කර හඳුනා ගත හැකිය.

මෙම වර්ගයේ මත්සයෙකුගේ සාමාන්‍ය ආයු කාළය වසර දෙකක් හෝ තුනක් පමණ වෙනවා. රැකබලා ගැනීම, පෝෂ්‍යදායික ආහාර පාන ලබාදීම හා ජලයේ ගුණාත්මකතාව ආනුව මෙම ආයු කාළය ස්වල්ප වශයෙන් අඩු හෝ වැඩි වීම සිද්ධ වෙන්න පුලුවන්.

මිලගට තියෙන්නේ ෆයිටර් මසුන්ගේ බෝවීම ගැන ලියන්න.බිත්තර මගින් බෝවෙන මසුන් ගැන මීට පෙර සාකච්ඡා කර නොමැති නිසා ඊලඟ ලිපියෙන් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා !

ප.ලි. - යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති වෙලා නිසා ඒ මලගමට සහභාගි වෙන්න සිද්ධ වෙච්ච නිසයි ලිපි පමා උනේ. මේ සති අන්තයේ ඉතුරු ලිපිය හෙට පල කරන්නම්.

මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com28tag:blogger.com,1999:blog-383062563803323476.post-24582950886971693482013-01-26T11:20:00.003+05:302013-01-26T11:20:40.048+05:30ෆයිටර් 1 - Fighting fishපැටවු මගින් බෝවෙන මසුන් එහෙමත් නැත්නම් ලයිව්බෙයාරර්ස්ලා ගැන ලියපු ලිපි වලට මදක් නැවතුම තියලා අද කියන්න යන්නේ බිත්තර මගින් සිය වර්ගයා බෝ කරන මසුන් ගැන. අළුතෙන්ම මසුන් ඇති කරන කෙනෙක්ට මුලින්ම බිත්තර මගින් බෝවන මසුන් ඇති කිරීම නිර්දේශ නොකරන්නේ මුන්ගෙන් පැටවු ගැනීමට තියෙන යම් අසීරුතා නිසයි.

පැටවු මගින් බෝ වෙන මසුන් වර්ග වලින් මම මුලින්ම තෝර ගත්තේ අපි කවුරුත් දන්න ෆයිටර් මසුන් හෙවත් Siamese Fighting Fish
මසුන්. සියමේස් ෆයිටින් ෆිශ් කියලා කියන්නේ මෙම මසුන්ගේ නිජබිම වෙලා තියෙන්නේ සියම් දේශය නිසාවෙනි.

ඒ වගේම මෙම වර්ගයේ මසුන්ට 'බෙටා මසුන්'(Betta Fish) කියලත් හඳුන්වනවා.

මෙම මසුන් ස්බාවයෙන්ම කලහකාරි මසුන් විශේෂයක්. ෆයිටර් මසුන් තම වර්ගයේම පිරිමි මසුන් සමග ඇන කොටා ගැනීම සිරිතක්. ඒ නිසා මෙම වර්ගයේ මසුන් ටැංකි වල ඇති කරනවාට වඩා ජෑම් බෝතල් වල ඇති කිරීමේ ක්‍රමය ජනප්‍රියයි.

නමුත් ගැහැනු ෆයිටර් මත්සයෙකු, පිරිමි මත්සයෙකු සමග කලහකාරී ස්වබාවයක් දැක්වුවද ඇනකොටා ගැනීමක් සිදු නොකරයි.

ඒ වගේම මෙම මසුන් මිලදී ගන්නන් පවා මෙම මසුන් මිලදී ගන්නේ ඇනකොටා ගැනීම සදහා යෙදවීමටයි. මෙම මසුන් තම ප්‍රතිවාදියාගේ වරල් සියල්ලම වගේ කඩා දැමීම සිරිතක්. මේ නිසා ප්‍රතිවාදියා සමහර විට මිය යාමට උනත් පුලුවන.

මේ නිසා මං නම් පුද්ගලිකව මෙම මසුන් කෙටවීම අනුමත නොකරමි.

තවද මෙම මසුන් ඇති කරන්නන් ඇනකොටා ගැනීම සඳහා පුහුණු කරවයි.ඒ සඳහා මෙම මසුන් ඇති කරන්නන් කුඩා වීදුරු කෑල්ලක් ෆයිටර් මත්සයා සිටින ටැංකියේ බිත්තියට ආනතව තබයි. එම වීදුරුවෙන් පෙනන තමන්ගේම ඡායාව සමග උවද මෙම මත්සයා සටන් කිරීමට පෙළඹේ. මෙම පුහුණුව නිසා පසුකලකදී තම ප්‍රතිවාදියා සමග තියුණු සටනක් දීමට හුරු වේ.

මා මෙය ද අනුමත නොකරමි.

අලංකාර වරල් වින්‍යසයක් තිබෙන නිසා මෙම මසුන් අලංකාරත්වයෙන් වැඩිය. ගැහැනු මත්සයා එතරම් අලංකාරත්වයක් නැති අතර පිරිමි මත්සයා අධික ලස්සනකින් යුක්තය.මේ නිසා වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් ඇත්තේ පිරිමි ෆයිටර් මසුන්ට වේ.

ඉදිරි ලිපි වලින් මෙම මසුන්ගේ වර්ධනය,ආහාර හා බෝවීම ගැන සොයා බලමු.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා ! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com36tag:blogger.com,1999:blog-383062563803323476.post-88637346874763782002013-01-20T09:15:00.001+05:302013-01-20T09:16:33.211+05:30අළුත උපන් මාළු පැටවුන් රැක ගනිමු.- 2කලින් ලිපියේදි මම කිව්වා නේ බ්‍රීඩින් ට්‍රැප්ස් (Breeding Traps) එහෙමත් නැත්නම් අළුත උපන් මාළු පැටවුන්ව මවු මත්සයාගෙන් වෙන් කරලා ආරක්ෂා කරගන්න උගුල ගැන කියා දෙනවා කියලා. අන්න ඒ පොරොන්දුව තමා අද ඉෂ්ඨ කරන්න යන්නේ.

මුලින්ම කියන්නම් මොනවද බ්‍රීඩින් ට්‍රැප්ස් කියන්නේ කියලා.බ්‍රීඩින් ට්‍රැප්ස් කියන්නේ මවු මත්සයාව දැනට ඉන්න ටැංකියේම පැටවු ලැබෙනකන් කොටු කර තියන උපක්රමයට. පැටවු ලැබුනට පස්සේ මවු මත්සයාව මෙම උගුලෙන් ඉවත් කිරීම සිදු කරනවා. පැටවුන් ලොකු උනහම ආයෙම ප්‍රධාන ටැංකියට මුදා හරිනවා. මෙහෙම උපක්‍රමයක් අවශ්‍ය වන්නේ මවු මත්සයා කුඩා පැටවුන් ආහාරයට ගන්න නිසා.

බ්‍රීඩින් ට්‍රැප්ස් වල තියෙන ප්‍රධානම වාසිය වෙන්නේ මවු මත්සයාව තමන්ට හුරු පුරුදු පරිසරයේම කොටු කර තබාගත හැකි වීමයි. මේ නිසා අළුත් ටැංකියට මාරු කිරීමේදි මසුන්ට මුහුනපාන්නට සිද්ධ වෙන පරිසර වෙනස් වීම එච්චර දැනෙන්නේ නෑ.

දැන් බලමු ගෙදරදිම බ්‍රීඩින් ට්රප්ස් එකක් හදාගන්නේ කොහොමද කියලා...

පියවර 1

මුලින්ම පහත රූපයේ පරිදි කෑන් එකක් හෝ ප්ලාස්ටික් බඳුනක් හොයාගන්න.ප්ලාස්ටික් කෑන් එකක් හොයාගන්න අපහසු නම් ලීටර් දෙකේ අයිස්ක්‍රීම් කප් එකක් උනත් සෑහේ. ශක්තිමත් කම්බි කෑලි කිහිපයකුත් හොයාගන්න.

පියවර 2

කම්බි කෑලි පහත රූපයේ පරිදි නවා ගන්න. ඒ සමගම සෙන්ටිමීටර දෙකක පරතරයට ප්ලාස්ටික් කෑන් එකේ සිදුරු දෙකක් විදින්න. ඊට ටිකක් ඈතින් තවත් සිදුරු දෙකක් සෙන්ටිමීටර් දෙකක පරතරයෙන් විදගන්න. මේ සමගම කෑන් එකේ අඩියේ සිදුරු 20ක් හෝ 25ක් විදගන්න.

පියවර 3

පහත රූපයේ පරිදි නවා ගත් කම්බි කෑලි ටික කෑන් එකේ සිදුරු තුලින් ඇතුල් කරන්න.

පියවර 4

කම්බි රඳවාගත් කෑන් එක ටැංකිය තුල ගිල්වන්න. ටැංකියේ ඉහල කෙලවර ජල මට්ටමෙන් සෙන්ටිමීටර දෙකක් පමණ ඉහල සිටින සේ කෑන් එක ගිල්විය යුතුය.ඉන්පසු කම්බි ආධාරක වලින් කෑන් එක ටැංකියේ වීදුරු බිත්තියේ රදවන්න.

මෙම ඇටවුමේ ඇතුලත හා පිටත ජල මට්ටම් සමාන වන නිසා වීදුරු බිත්තියට බරක් වැටෙන්නේ නෑ. ඒත් එක්කම ජලයේ උඩුකුරු තෙරපුම හන්දා කෑන් එකේ බරෙනුත් කොටසක් අඩුවෙනුයි වීදුරු බිත්තියට දැනෙන්නේ. මේ නිසා මෙම ඇටවුම ටැංකියේ වීදුරු බිත්තියක එල්ලුවා කියලා වීදුරු බිත්තියට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නෑ.

මෙම ඇටවුම එල්ලුවාට පස්සේ ගර්භණී මාළුවාව මෙම කෑන් එක තුලට ඇතුල් කරන්න.මාළුවා පැටවු දැම්මට පස්සේ මවු මත්සයාව ප්‍රධාන ටැංකියට මාරු කරන්න. කෑන් එක විනිවිද පෙනෙන එකක් තෝරාගත හැකිනම් වඩාත් හොඳයි.

ඉහතින් ඉදිරිපත් කලේ සරලව ගෙදරදිම බ්‍රීඩින් ට්‍රැප් එකක් හදාගන්න හැටි. ඒ වගේම මාළු විකුණන තැන් වලත් විවිධ බ්ඩ්රීඩින් ට්‍රැප් වර්ග විකුණන්න තියෙනවා.පහත පින්තූර වල තියෙන්නේ එහෙම විකුණන්න තියෙන බ්‍රීඩින් ට්‍රැප්ස් වර්ග !

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා !!

ප.ලි. - අන්තර්ජාලේ Breeding Traps කියලා සර්ච් කලහම විවිධ වර්ගයේ බ්‍රීඩින් ට්‍රැප්ස් වර්ග ගැන හොයාගන්න පුලුවන්.

මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com20tag:blogger.com,1999:blog-383062563803323476.post-55122600694223013632013-01-19T12:46:00.000+05:302013-01-19T12:46:56.552+05:30කලකට පසු...පහුගිය ටිකේ සති අන්තවල ලිපි ලිය ලියා හිටපු මින් විසිතුරුවා එක පාරටම අතුරුදහන් වෙලා ආගිය අතක් නැති උනා. ඊට පස්සේ ඒකාගේ මාළු ටැංකිය ඔහේ පාළුවට ගිහින් තිඋනා. ඒ උනාට සමහරු නම් ටැංකිය පාළුවට යන්න නොදී ඉදලා හිටලා ඇවිදින් මාළුවෙක් දෙන්නෙක් බලලා බ්ලොගේ ලියන එකා කොයි කියලත් අහලා තිබ්බා.

ඇත්තටම මොකද මූට උනේ ?

ඇත්තම කාරණේ මේකයි. මින් විසිතුරුවාගේ ආදරනීය කොම්පීතර් රාජයා එක පාරටම ලෙඩ උනා.බෝඩ් එකේ එවුලක් ගිහින් ලූ. අළුත් බෝඩ් එකක් දාන්න වෙයි ලූ.

ඔන්න ඔහොමයි කොම්පීතරේ හදන්න දීපු අය කිව්වේ. ඊට පස්සේ පඩියෙන් එකතු කරගෙන හිටපු ගානක් පොතෙන් අරගෙන කොම්පීතරේ හදාගත්තා.

මේ සතියේ තමා කොම්පීතරේ ගෙනාවේ. ඒ නිසයි අද මට මේ පෝස්ට් එක උනත් දාන්න පුලුවන් උනේ.

ඇයි යකෝ බෝඩ් එකක් දාන්න එච්චර කල් යනවා යෑ. උබ එච්චර කල් මොකෑ කලේ ?

මේකනේ උනේ. ඔන්න මම කොම්පීතරේ හදන්න දීලා සතියකින් එන්න කිව්වා. ඔන්න ඒ සතිය එනකොට මගේ ගෑල්ලමයා කියපි "අනේ අර කොළඹ තියෙන ඇවිදින පාර බලන්න එක්ක යන්නකෝ" කියලා. ආයේ ඉතින් බෑ කියන්න යෑ. එයාවත් කොළඹ එක්ක ගියා කියමුකෝ.

පස්සෙන් පහු මටත් වැඩ වැටිලා කොම්පීතරේ ගෙන එක පමා උනා.ඔන්න ඕකයි කතන්දරේ.

එහෙනම් අපි හෙට ඉදන් නවත්තපු තැනින් පටන් ගම්මු. මං අන්තීමටම නැවැත්තුවේ අළුත උපන් මාළු පැටවු රැකගනිමු කියන ලිපියෙන්. දැන් ලියන්න තියෙන්නේ බ්‍රීඩින් ට්‍රැප්ස් ගැන.

එහෙනම් ඒ ලිපියන් හමුවෙමු.

ගිහින් එන්නම්.

ජය වේවා !! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com31tag:blogger.com,1999:blog-383062563803323476.post-50431113131021123342012-12-16T07:54:00.000+05:302012-12-16T07:54:14.967+05:30අළුත උපන් මාළු පැටවුන් රැක ගනිමු.-1ගොඩක් වෙලාවට මාළු ඇති කරන කෙනෙක්ගේ ලොකුම ආසාව තමයි තමන් ගෙනාපු මාළු, පැටවු දාන එක. අළුත උපන් මාළු පැටවෙක් දකින්න තියේ නම් ඒක කොච්චර සතුටක් දෑ. ඉතින් එහෙම හිතාගෙන අරගෙන එන මාළු ටික දවසකින් පැටවු පස් හයදෙනා (සමහර මාළු වර්ග නම් පැටවු සීයයකට ආසන්න ගණනක්) බිහි කරනවා.

ඒත් ටික දවසකින් ඒ පැටවු ටික මවු මත්සයාගේ හෝ ටැංකියේ ඉන්න වෙන මාළුවෙක්ගේ ගොදුරක් බවට පත් වෙලා අකාලයේ මියෑදෙනවා.ගොඩක්ම වෙලාවට සිද්ධ වෙන්නේ මවු මත්සයාම කුඩා පැටවුන් ආහාරයට ගැනීමයි. පැටවු මගින් බෝවෙන මාළු වර්ග එහෙමත් නැත්නම් ලයිව්බෙයාරර්ස්ලා (Livebearers) නම් අනිවාර්යෙන්ම අළුත උපන් කුඩා පැටවුන්ව ආහාරයට ගන්නවා.

අපි කොච්චරවත් නැහැයි කිව්වට ගප්පිනුත් පැටවු ආහාරයට ගන්නවා. මොකද ගප්පි අයත් වෙන්නෙත් ලයිව්බෙයාරර්ස්ලාට නිසා.

ඉතින් අද කියලා දෙන්න හිතුවා අළුත උපන් පැටවුන්ව මවු මත්සයාගෙන් හරි එහෙමත් නැත්නම් වෙන මාළුන්ගෙන් ආරක්ෂා කරගන්න හැටි. ගොඩක් දේවල් අළුතෙන්ම කියා දෙන්න කියලා එකක් නෑ.අපි දන්න සරල සිද්ධාන්තමයි මෙතනත් පාවිච්චි වෙන්නේ. :)

එහෙනම් අහගන්න...

1. ගර්භනී කාළයේ අවසන් සමය ගෙවන ගැහැනු මත්සයාව වෙනත් ටැංකියකට මාරු කිරීම. ගොඩක් වෙලාවට මාළු හදන කෙනෙක් තමන් ගෙනාපු මාළුවා පැටවු බිහි කරන්න ආසන්න බව දැන ගන්නේ උන්ගේ උදරය විශාල වී ඇතිබව දකින එකෙන්.අන්න ඒ අවස්ථවෙදි ගැහැනු මත්සයාව වෙනත් ටැංකියකට මාරු කරන්න. වඩාත් හොඳයි පිරිමි මත්සයාවත් ඒ ටැංකියටම මාරු කරන එක.

මොකද එතකොට තමන්ට හුරු පුරුදු ජලජ පරිසරයෙන් ඈත් වීම එච්චරම දැනෙන එකක් නෑ. හුරු පුරුදු ජලජ පරිසරයෙන් ඈත් වීමක් අත්දකිනකොට මාළුන්ට ආතතිය වගේ ලෙඩ රෝග ඇති වෙන්න පුලුවන්. මේක එච්චර හොඳ තත්වයක් නෙමෙයි.

පැටවු ලැබුනට පස්සේ මවු මත්සයාව නැවතත් කලින් හිටපු ටැංකියට දමන්න.

2. ටැංකිය තුල විවිධ ජලජ පැලෑටි වැවීම. මේ නිසා කුඩා මතුන්ට මවු මත්සයාගෙන් වෙන්වී සිටීමට ස්බාවික ආරක්ෂාවක් ලැබෙනවා. ජලය තුල හිටවා ඇති ජලජ ශාජ වලට වඩා ජලය මත පාවෙන ජලජ පැලෑටි වගා කර තිබීම වඩාත් යොග්‍යයයි.

3. මවු මත්සයා පැටවු බිහිකල පසු එම කුඩා පැටවුන්ව වෙනත් ටැංකියකට මාරු කිරීම. මේ ක්‍රමය නම් එතරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මොකද අළුත උපන් පැටවුන්ට හානි වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩියි.මේ ක්‍රමයෙන් කුඩා මසුන්ව වෙනත් ටැංකියකට මාරු කිරීමට භාවිතා කරනවා නම් ඒ සඳහා දැලක් වෙනුවට ජලය රදන භාජනයක් භාවිතා කර ජලයත් සමගම මසුන් මාරු කිරීම කළ යුතු ය.

4. බ්‍රීඩින් ට්‍රැප්ස් (Breeding Traps) භාවිතා කිරීම. මේ තමයි දැනට තියෙන සාර්ථකම ක්‍රමය.මේ ගැන දීර්ග විස්තරයක් ඊලඟ ලිපියෙන් බලා පොරොත්තු වන්න.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා !! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com39tag:blogger.com,1999:blog-383062563803323476.post-34329600073964441392012-12-15T08:40:00.000+05:302012-12-15T08:40:06.961+05:30මෝලි 3 - Mollyකලින් ලිපියේ කියපු විදිහට අද ඉදිරිපත් කරන්න ඉන්නේ මෝලි ප්‍රභේද ගැන ලියපු ලිපියේ ඉතුරු ටික.මම ඒ ප්‍රභේද ටික වර්ග දෙකෙහට බෙදුවා. ඒ තමයි සෙයිල්ෆින් වර්ගය හා ලයිරාටේල් වර්ගය කියලා !

ඒ ලිපිය බලන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

එහෙනම් පහල විස්තරයෙන්ම බලමු !

7. ලයිරාටේල් වර්ග (Lyretail Types)

ලයිරා එකක් (Lyre) හෙවත් වීණාවක හැඩය සහිත වල්ගා වරලක් පිහිටීම නිසයි මෙම් වර්ගයට මේ නම ලැබිලා තියෙන්නේ. මෙම ලයිරා ටේල් වර්ගයෙත් විවිධ ශරීර වර්ණයන්ගෙන් යුක්ත මසුන් විශල ප්‍රමාණයක් ඉන්නවා. පහත දැක්වෙන්නේ එයින් කිහිප වර්ගයකි.

8. සෙයිල්ෆින් වර්ග (Sailfin Types)

රුවල් නැවක රුවලක් (sail) ආකාරයට පිටවරලා පිහිටා තිබෙන නිසයි මෙම වර්ගයට මේ නම ලැබිලා තියෙන්නේ. මෙම වර්ගයේ බ්ලැක් සෙයිල්ෆින් වර්ගය ලංකාවේ සුලභවම දකින්න පුලුවන්. ඒ වගේම ලයිරාටේල් වර්ගය හා සමානවම වගේ විවිධ ශරීර වර්ණයන්ගෙන් යුක්ත සෙයිල්ෆින් මෝලි මසුන් ඉන්නවා. පහත දැක්වෙන්නේ එයින් කිහිපයකි.

ඊලඟට තවත් මාළු වර්ගයක් ගැන ලිපියකින් හමු වෙමු.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා !!

මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com30tag:blogger.com,1999:blog-383062563803323476.post-26365481390489120352012-12-08T20:28:00.000+05:302012-12-08T20:28:52.446+05:30මෝලි 2 - Mollyකලින් ලිපියෙදි මෝලි ගැන විස්තර කිව්වා මතක ඇති නේ. ඔන්න අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ මෝලි ප්‍රභේද ගැන. කලින් ඉදිරිපත් කරපු අනිත් මාළු වර්ග වගේම මෝලීන්ගෙත් ප්‍රභේද ගොඩක් ඉන්නවා.

ගොඩක් වෙලාවට අපි මෝලී කියලා අඳුර ගන්නේ කළු පාට ප්‍රභේදයක් නේ. කළු පාට ප්‍රභේදය වගේම සුදු පාට ප්‍රභේදයත් අපි අතර ගොඩක් ප්‍රසිද්ධයි.

එහෙනම් වැඩි කතාවට යන්න ඕන නෑ. කෙලින්ම ප්‍රභේද ගැන විස්තර ටිකට බහිමු.

1. බ්ලැක් මෝලි (Black Molly)

මෝලි වර්ග වලින් ගොඩක්ම ප්‍රසිද්ධ වර්ගය වගේම මෙලෙනුත් ඉතාම අඩු වර්ගය තමයි බ්ලැක් මෝලි කියන්නේ. මුන්ව අඳුරගන්න තියෙන මූලිකම ලක්ෂණය කළු වර්ණය නම් නොවේ. මුන්ගේ පිට වරල එතරම් ලොකුවට පිහිටා නැති වීමයි මුන්ගේ තියෙන විශේෂත්වය. කළු පාටින් අඳුනගන්න අපහසු වෙන්නේ කළු පාටෙනුත් උප ප්‍රභේද ඉන්න හන්දා.

2. වයිට් මෝලී (White Molly)

බැල්ක් මෝලීන්ට ඉතා ම සමානකම් දක්වන එහෙත් පාටින් පමණක් වෙනස් වන වර්ගයකි වයිට් මෝලි කියන්නේ. මුන්ගෙත් පිට වරල තරමක කුඩා ගතියක් පෙන්වයි. මෙම වයිට් මෝලීන්ගෙත් උප ප්‍රභේද දක්නට ලැබේ.

3. සිල්වර් මෝලී (Silver Molly)

ශරීර වර්ණය රිදී පාටට හුරු පාටක් ගැනීමත් වල්ගා වරල ග්‍රීක හෝඩියේ ඩෙල්ටා අකුරක හැඩයක් ගැනීමත් මෙම ප්‍රභේදයේ ඇති විශේෂ ලක්ෂණ වේ.

4. සැෆ්ර්න් මෝලී (Saffron Molly)

ශරීර වර්ණය තද කහ පාටට හුරු වීම මෙම වර්ගයේ ඇති මූලිකම ලක්ෂණයකි. එසේම මෙම වර්ගයේ ඇස් කළු පාටින් යුක්ත වේ.

5. බැලූන් මෝලී වර්ග (Balloon Molly types)

බැලූන් මෝලීන්ගේ ඇති විශේෂම ලක්ෂණය වන්නේ උන්ගේ උදර කුහරය බැළුමක ආකාරයෙන් පිම්බී තිබීමයි. මෙම බැලූන් ප්‍රභේදයේ උප විශේෂ ඉතා විශාල සංඛ්‍යාවක් ජීවත් වේ. එයින් කිහිපයක පින්තූර පහත දැක්වේ.

5.ඩැල්මේශන් මෝලි (Dalmation Molly)

මෙම වර්ගයේ තියෙන විශේෂම ලක්ෂණය තමයි ශරීරය ප්උරාම කළු පාට තිත් දක්නට ලැබීමයි. මීට අමතරව ශරීරය තනි වර්ණයක් ගනී.

6. ගෝල්ඩ් ඩස්ට් මෝලී (Gold Dust Molly)

ශරීරයේ උදරය දෙපැත්තේ රත්තරන් පාටින් ඉතා කුඩා කුඩකින් යුක්ත ඉරි දක්නට ලැබීම මෙම වර්ගයේ ඇති සුවිශේෂි ලක්ෂණයයි. ඒ වගේම ශරීර වර්ණය කහ/තැඹිලි පාටක් ගන්නවා.

මීලඟට කියන්න බලාපොරොත්තු වෙන්නේ ලයිරා ටේල් (Lyre tail) හා සෙයිල්ෆින් (Sail fin) වර්ග දෙක ගැන. මුන්ගෙනුත් උප ප්‍රභේද විශාල සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් මේ ලිපියේ අදත් පින්තූර ගොඩක් නිසා පෝස්ට් එක දෙකට කඩන්න සිද්ධ උනා. ඊලඟ කොටස අනිත් ලිපියෙන් බලාපොරොත්තු වන්න.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා ! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com47tag:blogger.com,1999:blog-383062563803323476.post-89002022087746956332012-12-08T07:03:00.000+05:302012-12-08T07:19:11.762+05:30මෝලි 1 - Mollyඅදත් තව මාළු වර්ගයක් අරගෙන ආවා. මේ වර්ගයේ නම "මෝලී". මුනුත් පැටවු මගින් බෝවෙන විෂේශයක්. කෙටියෙන්ම කිව්වොත් ලයිව්බෙයාරස් වර්ගයක්. මීට කලින් පැටවු මගින් බෝවෙන ගප්පි, ප්ලේටි හා ස්වෝර්ඩ්ටේ ගැන කතා කලා මතක ඇති නේ. අද අන්තිම වර්ගය !

අන්තිම වර්ගය කිව්වේ ලයිව්බෙයාරර්ස්ලා ඉවර නෑ. ප්‍රධාන වර්ග 4ක් ගැන විතරයි මම මුලින්ම කතා කරන්නේ. ඊට පස්සේ බිත්තර මගින් බෝවෙන වර්ග ගැන ලිපි ලියන්නයි බලාපොරොත්තු වෙන්නේ.පස්සේ පස්සේ මතක් වෙන හැටියට ලයිව්බෙයාරර්ස්ලා ගැන ලියන්නම්.

පොඩි කාලේ අපි මුන්ට "මෝරීස් " කිව්වට මුන්ගේ ඇත්තම නම තමයි "මෝලි" !

හරි එහෙනම් වැඩේට බහිමු...

සාමාන්‍ය නාමය - මෝලි

විද්‍යාත්මක නාමය - Poecilia sphenops

සාමාන්‍ය දිග - ගැහැනු මසුන් අඟල් 4ක දිගින් යුක්ත වන අතර පිරිමි මසුන් අඟල් 6ක දිගින් යුක්ත වේ.

නිජබිම - මධ්‍යම ඇමරිකාව

හිතකර උෂ්ණත්වය - සෙල්සියස් අංශය 25 ත් 28ත් අතර

මෝලි මසුන් සර්ව භක්ෂක මත්ස්යය ගණයට අයත් වේ. එම නිසා මොවුන් නිවිති,ඇල්ගී වර්ග , ජලජ පාසි හා පැලෑටි වර්ග වැනි ශාක වර්ගද මදුරු කීටයින් හා කුඩා කෘමි වර්ගද ආහාරයට ගනී. එසේම මෙම මසුන් ඉතාම සාමකාමි මාළු විශේෂයක් නිසා විවිධ මසුන් වර්ග සමග ඒකම ටැංකියක ඇති කල හැකිය.

තවද මෙම මසුන් ඇති කිරීම සඳහා අවම වශයෙන් ගැළුම් 5ක 10කවත් ටැංකියක් තිබිය යුතු ය. පිරිමි හා ගැහැනු මෝලි මසුන් වෙන් කර හඳුනා ගත හැක්කේ ගුද වරලෙන් හා පිට වරලෙන් ය.පිරිමි මසුන්ට දිග ගුද වරලක් පිහිටන අතර ඉතා විශාල පිට වරලක් පවතී. පිට වරල පිම්බීමෙන් තම අභිමානය පෙන්වීමද පිරිමි මසුන් විටින් විට සිදු කරයි.ගැහැනු සතුන්ගේ ගුද වරල කුඩා වන අතර පිට වරලද විශාලව නොපිහිටයි.

අනිත් ලයිව්බෙයාරර්ස් වර්ගයට අයත් මසුන් සේම මෝලි වර්ගත් පැටවුන් මගින් බෝවෙන මසුන් වර්ගයකි. ගැහැනු මෝලි මත්සයෙකු වරකට පැටවු 10 සිට 100ක ප්‍රමාණයක කුඩා මසුන් ගණනකට එකවර ජීවය ලබා දිය හැකිය. එලෙසම ගැහැනු මෝලි මත්සයෙකුගේ ශරීරය තුල පිරිමි මත්ස්‍ය ශුක්‍රානු තැන්පත් කර ගැනීමේ හැකියාව පවති.

මේ නිසා එක වරක් පැටවු දැමු මෝලි මත්සයෙකුට නැවත වරක් පිරිමි මාළුවෙකුගේ සහයක් නොමැතිව පැටවුන් දැමිය හැකිය.මෝලි ගැහැනු සතෙකුගේ සාමාන්‍ය ගර්භනී කාළය දවස් 21ත් 28ත් අතර කාළයක් ගනී. එලෙසම මෝලි මත්සයින්ටද ගප්පින්ට සේම පැටවු ප්‍රසූත කර පැය කිහිපයකට පසු නැවත ගර්භනී වීම සදහා දේහය හැඩ ගැසීම සිදුවේ.

වැදගත්ම කාරණය වන්නේ පැටවුන් බිහිවූ පසු මවු මෝලි මත්සයාව පැටවුන්ගෙන් වෙන් කල යුතු වීමය. නැත්නම් මවු මත්සයා පැටවුන්ව ආහාරයට ගැනීම සිදුවේ.අළුත උපන් මෝලි පැටවෙකු හොදින් මේරු මෝලි මත්සයෙකු බවට පත්වීම එසේත් නැත්නම් පැටවු බිහිකල හැකි මත්සයෙකු බවට පත්වීම සදහා මාස 6ක කාළයක් ගත වේ.

මෝලි මත්සයෙකුගේ සාමාන්‍යය ආයු අපේක්ෂාව අවුරුදු 3ත් 5ත් අතර කාළයකි. රැකබලා ගැනිම හා පෝෂ්‍යදායි ආහාරපාන යන කාරණා මත මෙම කාළය අඩු හෝ වැඩි විය හැකිය.

වෙනදා වගේම ඊලඟ ලිපියෙන් මෝලි වර්ග ගැන පින්තූර බලමු.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා ! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com44tag:blogger.com,1999:blog-383062563803323476.post-47738440447086305932012-12-03T07:56:00.002+05:302012-12-03T07:57:55.268+05:30ස්වෝර්ඩ්ටේල් 2 - Swordtail (ස්වෝර්ඩ්ටේල් වර්ග 2) කලින් ලිපියේ ඉතුරු කොටස තමයි අද ලිපියෙන් තියෙන්නේ. ලිපිය දෙකට කැඩුවේ පින්තූර ගොඩක් තියෙන නිසා ලෝඩ් වෙන එක පමා වෙයි කියලා.පළවෙනි කොටස කියවන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

ඔන්න එහෙනම් ඉතුරු කොටස් ටික...

9. රෙඩ් මිකීමවුස් ස්වෝර්ඩ්ටේල් (Red Mickey Mouse Swordtail)

මෙම මත්ස්‍ය ප්‍රභේදයේ ශරීර වර්ණය
රතු පැහැ වන අතර වල්ගා වරල ආසන්නයේ කළු පැහැති මිකී කවුස් කොටස නිසා මෙම
ප්‍රභේදයට රෙඩ් මිකී මවුස් යන නම ලැබී තිබේ.

10. ඇල්බිනෝ ස්වෝර්ඩ්ටේල් (Albino Swordtail)

මෙම
ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදය සර්ව සම්පූර්ණයෙන්ම ධවල පැහැ (සුදු පැහැ) ගනී. මීට
අමතව පිරිමි මසුන්ගේ ශරීරය දෙපස රතු කෝ කොල පැහැ ඉරි දක්නට ලැබේ.

11. ඇසෝර්ටඩ් ස්වෝර්ඩ්ටේල් (Assorted Swordtail)

මෙම
ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදයේ ශරීරය දෙපස විවිධ වර්ණ ඉරි දක්නට ලැබීම විශේෂ
ලක්ශණයයි. එලෙසම කොළ පැහැය හා රතු පැහැගන්නා විවිධ ඇසෝර්ටඩ් ස්වෝර්ඩ්ටේල්
වර්ග දක්නට ලැබේ.

12. බ්ලැක් ස්වෝර්ඩ්ටේල් (Black Swordtail)

මෙම ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදය තනිකරම කළු පැහැයකින් යුක්ත වේ.

13. ග්‍රීන් ස්වෝර්ඩ්ටේල් (Green Swordtail)

මෙම අවෝර්ඩ්ටේල් ප්‍රභේදයේ ශරීර වර්ණය ලෙඩ කොළ පාට වර්ණය ප්‍රධාන වේ.

14. කොයි ස්වෝර්ඩ්ටේල් (Koi Swordtail)

මෙම
මත්ස්යය ප්‍රභේදයේ ප්‍රධාන ශරීර වර්ණ වන්නේ රතු පාට හා සුදු පාට වේ. රතු
පාට වර්ණය හිස ආසන්නයේ පිහිටා ඇති අතර ශරීරයේ ඉතුරු අනෙකුත් කොටස් සුදු
පාටකින් යුක්ත වේ.

15. මෙරිගෝල්ඩ් වැග් ස්වෝර්ඩ්ටේල් (Merigold Wag Swordtail)

මෙම
ප්‍රභේදයේ ශරීර වර්ණය වන්නේ මෙරිගෝල්ඩ් (කහ තැඹිලි මිශ්‍රණය) වන අතර ශරීරයේ
වල්ගා කොටස කළු පැහැයකින් යුක්ත වෙනවා. මෙම කළු පැහැති කොටස වැග් කොටස වන
අතර ශරීර වර්ණය මෙරිගෝල්ඩ් වන නිසා මෙම ප්‍රභේදයට මෙරිගෝල්ඩ් වැට්
ස්වෝර්ඩ්ටේල් යන නම ලැබී ඇත.

16. නියෝන් ස්වෝර්ඩ්ටේල් (Neon Swordtail)

මෙම
වර්ගයෙම් මත්සයෙකුගේ ශරීර වර්ණය නියොන් ටෙට්රාවෙකුගේ ශරීරයේ ඇති නියෝන්
වර්ණ මිශ්‍රව ඇත. ඒ වගේම මෙම මසුන් දිලිසෙන ස්වභාවයක් ගනී.

එහෙනම් අළුත් මාළු වර්ගයක් අරගෙන ආයෙම එන්නම්.

ජය වේවා ! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com33tag:blogger.com,1999:blog-383062563803323476.post-60450087456322277962012-12-01T18:49:00.000+05:302012-12-01T18:49:03.860+05:30ස්වෝර්ඩ්ටේල් 2 - Swordtail (ස්වෝර්ඩ්ටේල් වර්ග 1)කලින් ලිපියේ කියපු විදිහට අද ලිපියෙන් කියන්න යන්නේ ස්වෝර්ඩ්ටේල් වර්ග ගැන. ස්වෝර්ඩ් ටේල් කිව්වම අපේ හිතේ ඇඳෙන්නෙම රතුපාට වර්ගයක් විතරයි. නමුත් ඊට වඩා ස්වෝර්ඩ් ටේල් වර්ග ඉන්න බව මේ පෝස්ට් එකෙන් තේරුම් ගන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා ඕනැන්නේ නෑ. කෙලින්ම වැඩේට බහිමු.

1. රෙඩ් ස්වෝර්ඩ්ටේල් (Red Swordtail)

දැනට වඩාත්ම ජනප්‍රියම ස්වෝර්ඩ්ටේල් වර්ගය තමයි මේ. මේ වර්ගයේ තියෙන විශේෂත්වය තමයි මුන්ගේ මුළු ඇඟම රතුපාට වීම හා වෙනත් කිසිම වර්ණයක් මිශ්‍ර වී නොතිබීමයි.

2. රෙඩ් වැග් ස්වෝර්ඩ්ටේල් (Red Wag Swordtail)

රෙඩ් ස්වෝර්ඩ්ටේල් වර්ගයෙන් රෙඩ් වැග්ටේල් වෙනස් වෙන්නේ මුන්ගේ ශරීරයේ රතු පැහැයට අමතරව වල්ග වරල කළු පාටින් යුක්ත වීමයි. වල්ග වරලේ අවසන් කෙලවරවල් හා කඩුව කොටස මෙලෙසින් කළු පැහැ ගන්නවා.

3. බ්ලඩ් අයි රෙඩ් ස්වෝර්ඩ්ටේල් (Blood Eye Red Swordtail)

මෙම ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදයත් රතු පැහැයෙන් යුක්ත වන අතර ඉහත වර්ග දෙකෙන් මෙම ප්‍රභේදය වෙනස් වන්නේ මුන්ගේ ඇස් වල වර්ණයත් රතු පාටින් යුක්ත වීමයි.

4. හයි ෆින් ස්වෝර්ඩ්ටේල් (Hi Fin Swordtail)

මෙම ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදයත් තද රතු පාටින් යුක්ත වන අතර ඉහත අනිත් රතු ස්වෝර්ඩ්ටේල් වර්ග වලින් වෙනස් වන්නේ මෙම ප්‍රභේදයේ මසුන්ගේ පිට වරල ඉතාමත් විශාලව පිහිටීමයි. මෙම ලක්ෂණයට අමතරව මුන්ගේ ඇස් රතුපාටින් යුක්ත ය.

5. හයි ෆින් ලයිරා ටේල් ස්වෝර්ඩ්ටේල් (Hi Fin Lyra Tail Swordtail)

මෙම ස්වෝර්ඩ්ටේල් ප්‍රභේදයත් රතු පාටින් යුක්ත වන අතර මුන්ගේ පිට වරල ඉතා විශාලව පිහිටා ඇත. තවද මුන්ගේ වල්ගා වරල වීණාවක (Lyra - ලයිරා) හැඩය ගන්නා නිසා මුන්ට මේ නම ලැබී තියෙනවා.

6. මෙරිගෝල්ඩ් මිකී මවුස් ස්වෝර්ඩ්ටේල් (Merigold Mickey Mouse Swordtail)

මෙම ප්‍රභේදයේ මසුන්ගේ ශරීර වර්ණය කහ තැඹිලි මිශ්‍රණයක් වන අතර වල්ගා වරල ආසන්නයේ කළු පැහැති ලපයක ආකාරයේ කොටසක්. දක්නට ලැබේ. මෙම කළු පාට කොටසට මිකී මවුස් කොටස කියාද හදුන් වන බැවින් මුන්ට මිකීමවුස් ප්‍රභේද කියා ද හදුන්වයි.

7. පේන්ටඩ් ස්වෝර්ඩ්ටේල් (Painted Swordtail)

මෙම මසුන් තැඹිලි රතු පැහැයක් ගන්නා අතර ශරීරය පුරාම කළු පාටින් වර්ණ ගන්වා ඇති ආකාරයට කළු පැහැය විසිරිමක් දක්නට ලැබේ.මේ නිසා මෙම මසුන්ට පේන්ටඩ් යන නම ලැබී ඇත.

8. පයින් ඇපල් ස්වෝර්ඩ්ටේල් (Pineapple Swordtail)

මෙම මසුන්ගේ ශරීරය කහ තැබිලි රතු යන වර්ණ තුනෙහි සංකලනයක් වන නිසා මෙම වර්ගයට පයින් ඇපල් ස්වෝර්ඩ්ටේල් යන නම ලැබී තිබේ.

ඉතුරු ප්‍රභේද ටික ඊලඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්. නැත්නම් පෝස්ට් එකේ පින්තූර ටික ලෝඩ් වෙන්නේ නැති වෙයි.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා !! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com43tag:blogger.com,1999:blog-383062563803323476.post-49465978754255010952012-12-01T05:40:00.000+05:302012-12-01T05:40:21.088+05:30ස්වෝර්ඩ් ටේල් 1 - Sword tailමේ ටිකේ දිගින් දිගටම ලයිව්බෙයාරර්ස්ලා (Livebearers) ගැන එහෙමත් නැත්නම් පැටව් මගින් බෝවෙන මසුන් ගැනම කිව්වා මතක ඇති නේ. අද කියන්න යන්නෙත් ලයිව්බෙයාරර්ස්ලාට අයත් වෙන මසුන් වර්ගයක් ගැන. ඒ තමයි ස්වෝර්ඩ් ටේල් මාළු (Sword Tail) !

අපේ ගම්වල අය මුන්ට ශෝර්ට් ටේල් (Short tail) කියලා කිව්වට හරිම නම තමයි ස්වෝර්ඩ් ටේල් කියන්නේ. මුන්ට මේ නම ලැබිලා තියෙන්නේ මුන්ගේ පිරිමි සත්තුන්ගේ වල්ගය ස්වෝර්ඩ් (Sword) එකක් එහෙමත් නැත්නම් කඩුවක ආකාර ගන්න නිසා.

එහෙනම් මුන් ගැන දැන කියා ගම්මු.

සාමාන්‍ය නාමය - ස්වෝර්ඩ් ටේල්

විද්‍යාත්මක නාමය - Xiphophorus helleri

සාමාන්‍ය දිග - ගැහැනු මසුන් අඟල් 4ක දිගින් යුක්ත වන අතර පිරිමි මසුන් අඟල් 6ක (වල්ගයද ඇතුළුව) දිගින් යුක්ත වේ.

නිජබිම - දකුණු මෙක්සිකෝව / මධ්‍යම ඇමරිකාව

හිතකර උෂ්ණත්වය - සෙල්සියස් අංශක 24 හෝ ෆැරන්හයිට් අංශක 75 වේ.

ස්වෝර්ඩ්ටේල් යනු සර්වභක්ෂක හා ඉතාමත් සාමකාමි මත්ස්යය විශේෂයකි.මෙම මසුන් සර්වභක්ෂක නිසාම ජලජ ශාක වර්ග, නිවිති පත්‍ර වගේ ශාක ද්‍රව්‍යය වලට අමතරව මදුරු කීටයන් හා මදුරුවන් වැනි කුඩා සතුන්ද ආහාරයට ගනී. ඒ වගේම මාළු ටැංකියට විවිධත්වයක් එක්ක කළ හැකි මාළු විශේෂයකි.

ගැහැනු මසුන් හා පිරිමි මසුන් වෙන් කර හදුනා ගත හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ පිරිමි මසුන්ගේ වල්ගා වරලේ පහල කොටස කඩුවක ආකාරයෙන් දික්වී තිබීමයි. මෙම වල්ගා පිහිටීම ගැහැනු මසුන්ගේ දක්නට නොලැබේ. තවද ගැහැනු මසුන් රවුම් ස්වභාවයක් ගන්නා අතර පිරිමි මසුන් පැතලි හැඩයක් ගනී.

ස්වෝර්ඩ්ටේල් මසුන් ඉතාමත් ක්‍රියාකාරිව පිහිනීමේ යෙදෙන නිසා මෙම මසුන් ඇති කරන ටැංකියේ අවම ධාරිතාවය ගැලුම් 10ක්වත් විය යුතු ය.

මෙම ගැහැනු ස්වෝර්ඩ්ටේල් මත්සයෙකුගේ සාමාන්‍ය ගර්භණී කාළය දින 28ක් (විවිධ භෞතික තත්ව හේතුකොටගෙන මෙම කාළය දින 12 සිට 30 දක්වා වූ විචලනයක් දක්නට ලැබේ.) පමණ වන අතර ප්‍රජනන කාර්යය සඳහා ස්වෝර්ඩ්ටේල් ගැහැනු මසුන් තිදෙනෙකුට එක් පිරිමි සතෙක් සෑහේ.එසේම ගැහැනු ස්වෝර්ඩ්ටේල් මත්සයෙකුට වරකට පැටවුන් 1 සිට 30ක් අතර අගයකට උපත ලබා දිය හැකිය.

අළුත උපන් පැටවුන්ව මව් මත්සයා විසින් ආහාරයට ගන්නා නිසා පැටවුන් උපන් විගස මවු මත්සයාව වෙනත් ටැංකියකට මාරු කළ යුතු වෙනවා.

ස්වෝර්ඩ්ටේල් මත්සයෙකුගේ සාමාන්‍ය ආයු කාළය වසර 1 සිට 3 දක්වා වන අතර රැකබලා ගැනීම හා හොඳ පෝෂණ තත්ත්ව යටතේදි වසර 3 සිට 5 දක්වා ජීවත් වීමේ හැකියාවද ස්වෝර්ඩ්ටේල් මසුන් සතුව තිබෙනවා.

අළුත උපන් ස්වෝර්ඩ්ටේල් මත්සයෙකු සති 12ක් පමණ වන විට මේරු ස්වෝර්ඩ්ටේල් මත්සයෙකු බවට පත්වේ. මෙම කාළ සීමාවද භෞතික තත්ව අනුව ස්වල්ප වශයෙන් අඩු හෝ වැඩි විය හැකිය.

ඊලඟ ලිපියෙන් විවිධ ස්වෝර්ඩ්ටේල් මත්ස්‍ය ප්‍රභේද ගැන සලකා බලමු.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා ! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com40tag:blogger.com,1999:blog-383062563803323476.post-67221561750504359422012-11-27T17:11:00.001+05:302012-11-27T17:11:06.355+05:30පාට කරපු මාළු - 2කලින් ලිපියෙන් පාට කරපු මාළු ගැන කිව්වා මතකයි නෙ. ඒ ලිපිය කියවන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා ගිහින් කියවන්න. අද ලිපියෙන් කියන්න යන්නේ කොහොමද පාට කරපු මාළු අඳුන ගන්නේ කියලා.

තමන් නොදන්න මාළු වර්ගයක් අළුතින්ම මිලදී ගන්නවා නම් උන්ගේ වර්ණ සංයෝජනය දිහා විමසිල්ලෙන් බැලිය යුතුය.වර්ණ ගන්වන මසුන්ගේ අසාමාන්‍ය වර්ණ ගැලපීමක් තියෙන්නේ.වර්ණ ගැන්වූ කිසිම මත්සයෙකුට එකම හැඩයක් සහිතව වර්ණ ගැන්වීම සිදුකල නොහැකියි.

ඒ වගේම සමහර ස්ථාන වල වර්ණ ගැලවී හෝ වර්ණ ගැන්වී නොමැති ස්ථාන තිබේ. එම ස්ථාන ගැනත් විමසිල්ලෙන් බැලිය යුතු වෙනවා.

ලුමිනස් වර්ණ හෝ දිලිසෙන වර්ණ ස්වභාවිකව මසුන්ට පිහිටන්නේ නැත. එම නිසා ලුමිනස් වර්ණ සහිත මත්සයින් අනිවාර්යෙන් පාට කරන ලද මසුන් වේ. එම මසුන් මිලදී ගැනිමෙන් වලකින්න.

අවසන් ක්‍රමය වන්නේ මසුන් පිලිබඳ තමන්ගේ දැනුම භාවිතා කිරීමයි. මසුන් මිලදී ගැනීමට පෙර තමන් මිලදී ගැනිමට යන මසුන් ගැන දැනුවත් වී සිටීමත් පාට කල මසුන් මිලදී ගැනිමෙන් වැලකිය හැකිය. විශේෂයෙන්ම මසුන්ගේ ශරීර වර්ණය ගැන දැනුවත් වී මසුන් මිලදී ගන්නේ නම් පාට කල මසුන් මිලදී ගැනිමෙන් වැලකී සිටිය හැකියි.

දැනට ජනප්‍රියම පාට කල මසුන් වර්ග පහත දක්වා ඇත.

ග්ලාස් ෆිෂ් (Glass Fish)

ශරීරය තුලින් විනිවිද පෙනෙන මත්සයෙකි.
මෙම මසුන්ව ඉන්දියන් ග්ලාස් ෆිෂ් නමින් ද හදුන්වයි. මෙම මසුන්ට විවිධ
ලුමිනස් වර්ණ ගන්වා විවිධ පැහැයෙන් යුක්තව විකුණන අවස්ථා ඇත.

ජෙලි බීන් (Jelly Bean)

දම්, කොළ, රතු සහ නිල් පාටින් යුතු වර්ණ ගැන්වූ ජෙලි බීන් මසුන් විකිණීමට තියෙනවා. බොහෝ විට මෙම ඩයි වර්ග නිසා වර්ණ ගැන්වූ මසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවී තියෙනවා.

බ්ලූබෙරි ඔස්කාර් (Blue Oscar)

මෙම මසුන් ස්බාවයෙන්ම ලා පැහැයකින් යුක්ත වෙන මසුන් වේ. බොහෝ විට මෙම මසුන්ට නිල් පාට වර්ග එන්නත් කර විකිණීම සිදු කරයි. ඔබ නිල් පැහැ බ්ලූබෙරි ඔස්කාර් මත්සයෙකු මිලදී ගන්නේ නම් අනිවාර්යෙන්ම ඌ වර්ණ ගැන්වූ එකෙකි.

ෆෘට් ටෙට්රා (Fruit Tetra)

ස්බවයෙන්ම ලා පැහැයක් සහිත මෙම ෆෘට් ටෙට්රාවන්ව ඩයි වර්ග තුල ගිල්වා වර්ණ ගැන්වීමක් සිදු කරයි. වර්ණ ගන්වීමෙන් අනතුරුව විවිධ නම් දැමීමත් සිදු කර අලෙවි කිරීම සිදු කරයි.

බොටියා (Botia)

මසුන් ඇති කරන්නන් අතර එතරම් ජනප්‍රිය නැති මත්ස්‍ය වර්ගයකි. මේ නිසා මොවුන් විශේෂයෙන්ම නිල් පැහැ ගන්වා "බ්ලූ බොටියා" මසුන් ලෙස විකිණීම සිදු කරයි.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා !

ප.ලි. - දවස් හතරක නිමාඩුවකට පස්සේ හෙට වැඩට යන්න මින් විසිතුරු ගමේ ඉදන් අද ආවා. මෙහාට්ට 4ට විතර තමයි ගොඩ බැස්සේ. :)

මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com45tag:blogger.com,1999:blog-383062563803323476.post-67229455813517654062012-11-23T20:03:00.004+05:302012-11-23T20:08:22.551+05:30පාට කරපු මාළු - 1මීලඟට ස්වෝර්ඩ් ටේල් මාළු ගැන පල කරන්න හිටපු ලිපි පෙලට කලින් මට හිතුනා පාට කරපු මාළු ගැන පුංචි පුංචි දේවල් ටිකක් කියන්න. එහෙනම් පටන් ගම්මු.

ස්බාවධර්මයාගෙන් මාළුන්ට විවිධ වර්ණ ලැබිලා තියෙනවා. නමුත් මීට අමතරව මසුන් විකුණන අය ව මසුන්ව විවිධ වර්ණ ගන්වලා විකුණන අවස්ථා තියෙනවා. අද ලිපිය වෙන් වෙන්නේ ඒ ගැන.

ස්බාවිකව අපට හමුවන සමහර විට මිලෙන් අඩු හෝ එතරම් තැකීමක් සිදු නොකරන මාළුන්ව වර්ණ ගන්වලා මසුන් ඇති කරන්නන්ට විකුණනවා. එහෙම විකිණීමෙන් මසුන් අලෙවි කරුවන් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන කිහිපයක් තියෙනවා.

මිලෙන් අඩු මසුන් වැඩි මිලකට විකිණීම. ස්බාවිකව ජීවත් වෙන මසුන් ඇති කරන අය එතරම් තැකීමක් නැති මාළු වර්ග මෙලෙස වර්ණ ගැන්වීමක් සිදු කරනවා. මේ නිසා පාරිභෝගිකයින්ට මේ මසුන් සදහා වැඩි මිලක් ගෙවීමට සිද්ධ වෙනවා.

දෙවෙනි අරමුණ මීට හාත්පසින්ම වෙනස් අරමුණක්. නවක මසුන් ඇති කරන්නන්ට මසුන් ඇති කිරීම එපා කරවීමටත් මෙම වර්ණ ගැන්වූ මසුන් උපකාරි වෙනවා කීවොත් ඔබ පුදුම වේවි. නමුත් ඇත්ත එයයි. මෙවැනි පාට කරන ලද මසුන්ට යම් කාල සීමාවකදි මෙම ඩයි වර්ග විස වීමක් සිද්ධ වෙනවා.

එම ඩයි වර්ග විස වීමෙන් ඉතා ඉක්මනින්ම මසුන් මිය යනවා. මේ නිසා රෝගය නීර්ණය කිරීමටත් පෙරම මසුන් මිය යන නිසා නවක මසුන් ඇති කරන්නන්ට මෙම විනෝදාංශය එපා වීමක් සිද්ධ වෙනවා.

තවත් සුළු සුළු අරමුණු තිබ්බත් ප්‍රධානම අරමුණු දෙක තමයි ඉහලින් සඳහන් කරලා තියෙන්නේ.

මසුන් විකුණන්නන් මෙම මසුන් පාට කිරීම සඳහා විවිධ ක්‍රම උපයෝගී කරනවා. පහත දැක්වෙන්නේ එම ක්‍රම වලින් කිහිපයක්.

ඩයි (සායම්) එන්නත් කිරීම

මසුන් පාට කිරීමේ ප්‍රධානම ක්‍රමව එහෙමත් නැත්නම් ජනප්‍රියම ක්‍රමය තමයි මේ. විවිධ ඩයි වර්ග එන්නත් කටුවකට දමා ටැංකියෙන් අල්ල ගන්න මසුන්ගේ හමට වදින සේ ඩයි විදිම. ගොඩක් වෙලාවට ග්ලාස් ෆිෂ් (වීදුරු මාළු) ඩයි කරන්නේ මේ ක්‍රමයෙන්.

ඩයි (සායම්) තුල ගිල්විම

එන්නත් කිරීම හැරුනකොට ජනප්‍රියම ක්‍රමය තමයි මේ. මේ ක්‍රමයෙන් සිද්ධ කරන්නේ ඩයි තබා ඇති බඳුනට මසුන් ගිල්වා පසුව ජලය සහිත වෙනත් ටැංකියකට මාරු කිරීමයි. මෙම ක්‍රමයෙන් ගොඩක් විට මසුන් මැරෙන ප්රවනතාව වැඩියි.එසේ වන්නේ ඩයි තුල ගිල්වීමෙන් එම සැර ඩයි වර්ග මසුන්ගේ සිරුරු තුලට ගමන් කර විවිධ ලෙඩ සෑදීමයි. මේ නිසා මෙම ක්‍රමය එතරම් ජනප්‍රිය නැත.

වර්ණවත් ආහාර ලබා දීම

මෙම ක්‍රමය ස්වාබාවික ක්‍රමයක්. මෙම ක්‍රමයෙදි සිද්ධ කරන්නේ විවිධ වර්ණක සහිතාඅහාර වර්ග ලබා දී එමගින් මසුන් ගේ සිරුරු තුළට වර්ණක ඇතුළු කිරීමයි. මෙම ක්‍රමයෙන් මසුන්ට විශාල හානියක් සිදු නොවේ. නමුත් මෙම ක්‍රමය එතරම් සාර්ථක නැත.එසේ වන්නේ මසුන්ට සාමාන්‍ය කෑම බලා දුන් විට නැවත ස්භාවික වර්ණයටම පත්වීමයි.

ඔය වගේ ක්‍රම තමයි මසුන් පට කිරීමට යොදා ගන්නේ. මීලඟ ලිපියෙන් පාට කළ මසුන් වර්ගා හා පාට කළ මසුන් හඳුනා ගන්නා ආකාරය ගැන සලකා බලමු.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා !

ප.ලි. - මේ සති අන්තයේ මින් විසිතුරු ගම රට බලා යන්න කියලා. ඒ නිසයි සති අන්තයට පල වෙන්න තිබ්බ ලිපි දෙක කලින්ම පල කලේ. සඳුදත් නිමාඩු දැම්ම හන්දා අඟහරුවාදා තමයි ආයෙම සේවයට වාර්ථා කරන්නේ. සියළු දෙනාට සුබ සති අන්තයක්.

මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com40tag:blogger.com,1999:blog-383062563803323476.post-42245297329182584412012-11-22T20:57:00.002+05:302012-11-22T21:03:17.165+05:30ප්ලේටි 4 - Platy- ප්ලේටි දෙමුහුන් කිරීමප්ලේටි ගැන ලියවෙන හතරවන ලිපියයි මේ. අද කියන්න යන්නේ ප්ලේටි ප්‍රභේද තවත් මාළු විශේෂත් එක්ක දෙමුහුන් කිරීම ගැන. ගප්පි ගැන කතා කරනකොට දෙමුහුන් කිරීමක් ගැන කතා නොකලේ ගප්පින්ව සාමාන්‍යයෙන් දෙමුහුන් කරන්න ගන්නේ නැති නිසා.

ගප්පින්ව දෙමුහුන් කරන්න බෑ නෙමෙයි දෙමුහුන් කිරීම අඩුවෙන් සිද්ධ කරන්නේ. ගප්පින්වයි මෝලි වර්ගයි දෙමුහුන් කරන්න පුලුවන්. ඒත් දෙමුහුන් කරනවාට වඩා විවිධ ගප්පින්වම නිශ්පාදන කිරීමයි සිද්ධ කරන්නේ.

පහත දැක්වෙන්නේ විවිධ මාළු වර්ග හා උන්ගේ විද්‍යාත්මක නාමයන්.

ගප්පි - Poecilia reticulata

මෝලී - Poecilia sphenops

ප්ලේටි - Xiphophorus maculatus

ස්වෝර්ඩ් ටේල් - Xiphophorus helleri

ඉහත දැක්වෙන විද්‍යාත්මක නාම වල මුල් කොටසෙන් කියවෙන්නේ ගණ නාමය. දෙවෙනි කොටසෙන් කියවෙන්නේ විශේෂයේ නාමය.

නීතිය :

දෙමුහුන්කරණයෙන් නව ප්‍රභේදයක් ඇති කිරීම සඳහා අදාල ප්‍රභේද දෙකේ ගණය සමාන විය යුතු ය.

ඒ අනුව බලනකොට,

ගප්පින්වයි මෝලී වර්ගයි දෙමුහුන්කරණය කරලා නව ජීවි ප්‍රභේදයක් ඇති කරන්න පුලුවන්. ඒ නිසා ගප්පින්ව දෙමුහුන්කරණය කරන්න බෑ කියන කතාව වැරදියි !

නමුත් ගප්පින්ව දෙමුහුන්කරණයෙන් ලැබෙන දරු පරම්පරාව අසාමාන්‍ය හැඩයක් ගන්නවා. තව එකක් තමා සාමාන්‍යයෙන් ලැබෙන දරු පරම්පරාව වඳ පරම්පරාවක් ! ඒ කියන්නේ ගප්පි මුහුන්කරණයෙන් ලැබෙන්නේ සාර්ථක දරු පරම්පරාවක් නෙමෙයි.

ප්ලේටින්වයි ස්වෝර්ඩ් ටේල් වර්ගයි දෙමුහුන් කරලා නව මාළු ප්‍රභේද නිෂ්පාදනය කරන්න පුලුවන්. දෙමුහුන්කරණයෙන් ලැබෙන නව ප්‍රභේදය සාමාන්‍ය ප්ලේටින්ට වඩා ප්‍රමාණයෙන් විශාලයි.එම ප්‍රජාව වර්ගයා බෝ කල හැකි (වඳ නොවන) ප්‍රජාවක්.

ප්ලේටින්වයි ස්වෝර්ඩ් ටේල් මාළුන්වයි මෙහෙම දෙමුහුන්කරණය කරන්න පුලුවන් වෙන්නේ උන්ගේ ගණ නාමය (විද්‍යාත්මක නාමයේ මුල් කොටස) සමාන නිසයි.

එකම ගණය නිසා එක් ප්ලේටි ප්‍රභේදයක් හා තවත් ප්ලේටි ප්‍රභේදයක් අතරත් මුහුන්කරණය කරන්න පුලුවන්.

නමුත් මෙහෙම සදහන් කලත් දෙමුහුන්කරණය ලේසි කර්තව්‍යයක් නෙමෙයි.මොකද මුන්ගේ දේහ වර්ණ තීරණය කරන ජාන මිශ්‍ර වීම අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම දිගින් දිගටම ලැබෙන දරු පරම්පරා නැවත නැවත අභිජනනය කලොත් ආයෙම මුල් වර්ගයම ලැබෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි.

ඒ වගේම තමයි දෙමුහුන්කරණය කිරීම සඳහා නිරෝගී මවිපිය මත්ස්‍යයින් තෝරගත යුතු වෙනවා. තෝරගත් මත්ස්‍යයින් වෙනම ටැංකියක පෝෂ්‍යදායි ආහාර පාන විටමින් වර්ග දී රැකබලා ගැනීමත් සිදු කළ යුතු වෙනවා.

මෙම ප්ලේටි දෙමුහුන්කරණයෙන් නව ප්‍රභේද නිෂ්පාදනක කළ කෙනෙක් තමයි පිලියන්දල චින්තක දසනායක කියන්නේ. ඔහු සිදු කරලා තියෙන්නේ විවිධ ප්ලේටි ප්‍රභේද දෙමුහුන්කරණය කිරීමෙන් නව ප්‍රභේද ඇති කිරීමයි.

ඔහුගේ පර්යේෂණයක ප්රථිඵලයක් තමයි චින්තක වේරියාටස් කියලා නම් කරලා තියෙන්නේ.

චින්තක දසනායකගේ මෙම සොයාගැනීම පිළිබඳ සිළුමිණ ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න.

මුළු අන්තර්ජාලය පීරලා බැළුවත් ඔහුගේ මෙම සොයාගැනීම ගැන කියවන්න නම් ලැබෙන්නේ නෑ. අඩුම තරමේ ඔහුගේ මෙම මත්ස්‍ය වර්ගය ගැන පින්තූරයක්වත් හොයාගන්න ලැබෙන්නේ නෑ. අපේ කට්ටියගේ නව නිශ්පාදන ගැන මීට වඩා ඇගයීමක් කෙරෙනවා නම් මොවුන් මීට වඩා දිරිමත්ව නව නිෂ්පාදන බිහිකරාවි කියලයි මින් විසිතුරුට අවසාන වශයෙන් හිතුනේ.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා !! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com26tag:blogger.com,1999:blog-383062563803323476.post-39076316221273455532012-11-17T21:07:00.000+05:302012-11-17T21:07:57.308+05:30ප්ලේටි 3 - Platy - (ප්ලේටි වර්ග 2) කලින් ලිපියේ ප්ලේටි භ්රබේද ගැන කිව්වා මතක ඇති නේ. පෝස්ට් එක ලෝඩ් වෙන එකට අවුලක් වෙයි කියලා හිතලා මම පෝස්ට් එක දෙකට කැඩුවා. මේ තියෙන්නේ දෙවෙනි පෝස්ට් එක.පළවෙනි පෝස්ට් එක බලන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා ගිහින් බලන්න.

අද එතැන් සිට.......

9. ටොප්සේල් ප්ලේටි (Topsail Platy)

මෙම ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ වඩාත් උස්වූ පෘශ්ඨිය වරලක් පිහිටීමයි.එම වරල නැවක රුවලක් හා සමාන වන නිසයි මොවුන්ට මේ නම ලැබී තියෙන්නේ. ඊට අමතරව ශරීර පැහැය කස රතු හා තැඹිලි පැහැයක් ගනී.

10. ඇසෝර්ටඩ් මිකී මවුස් ප්ලේටි (Assorted Mickey Mouse Platy)

මෙම ප්‍රභේදයේ ඇති විශේෂත්වය වන්නේ වල්ගා වරලට ආසන්නයේ ඇති කළු පැහැති ලපය වේ. මෙම පලය මිකී මවුස්ගේ පාට හා සැසදීමෙනුයි මේ නම ලැබී තියෙන්නේ. මීට අමතරව ශරීර වර්ණයන් කහ, තැබිලි රතු හා නිල් පැහැයන් ගනී.

11. හයි ෆින් ප්ලේටි (High Fin Platy)

මෙම ප්‍රභේදයට මේ නම ලැබී තියෙන්නේ පෘශ්ඨිය වරල ඉතාමත් විශාලව පිහිටා ඇති නිසයි. විවිධ ශරීර පැහැයන් ඇති හයි ෆින් ප්ලේටින් සිටින නිසා මුන්ව හඳුනා ගැනීමට ඇති එකම කාරණය මුන්ගේ පෘශ්ඨිය වරලේ විශාලත්වය වෙනවා.

12. බ්ලූ මිකී මවුස් ප්ලේටි (Blue Mickey Mouse Platy)

ඇසෝර්ටඩ් මිකී මවුස්ගේම ප්‍රභේදයක් වන අතරමුන්ගේ ඇති විශේෂත්වය වන්නේ ශරීරය නිල් පැහැයෙන් යුක්ත වීමයි. ඊට අමතරව මිකී මවුස් කොටස (වල්ගයට ආසන්නයේ ඇති ලපය) තද නිල් පාටක් ගැනීමයි.

13. ෆීඩර් ප්ලේටි (Feeder Platy)

මුන්ගේ ශරීරයේ දෙපස කළු පාට ඉරකින් යුක්ත වීම හා වල්ගය අසල කළු පාට අඩ කවක ආකාරයේ කොටසක් තිබීම විශේෂත්වයකි. මිලෙන් වැඩිම ප්‍රභේදය මොවුන් වේ.

නව ප්‍රභේද

14. බ්ලීඩින් හාර්ට් ප්ලේටි (Bleeding Heart Platy)

තුවාලයකින් ලේ ගලන ආකාරයේ රතු පාට සිහින් ඉරි සහිත වීම මුන්ගේ ඇති විශේෂ ලක්ෂණයක්. මීට අමතරව කළු පැහැයක් ගන්නා වල්ගා වරලක් හිමි වීමත මෙම ප්‍රභේදයට ඇති සුවිශේෂි ලක්ෂණයකි.

15. කැලිකෝ ප්ලේටි (Calico Platy)

ශරීරය පුරාම කළු පැහැයෙන් යුක්ත තිත් දක්නට ලැබීම මෙම ප්‍රභේදයේ ඇති සුවිෂේශි ලක්ෂණයකි. මෙම ප්‍රභේදය පේන්ටඩ් ප්ලේටි වර්ගයෙන් වෙනස් වන්නේ මුන්ගේ වල්ගට ආසන්නයේ එතරම් කළු පාට ගණව පැතිරී නොමැති වීමයි.

16. චින්තක වේරියාටස් (Chinthaka Veriatus)

සැ.යු. - ලංකාවේ චින්තක දිසානායක සොයාගත් චින්තක වේරියාටස්  ප්‍රභේදය ගැන වෙනම ලිපියක් ලියන්නම්.

එහෙනම් ගිහින් එන්නම්

ජය වේවා ! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com42tag:blogger.com,1999:blog-383062563803323476.post-80833072116285053722012-11-17T12:07:00.001+05:302012-11-17T17:21:43.184+05:30ප්ලේටි 2 - Platy - (ප්ලේටි වර්ග 1)ඔන්න කලින් පොරොන්දු වෙච්ච විදිහට අද කියලා දෙන්න යන්නේ ප්ලේටි වර්ග ගැන. ප්ලේටි ගැන මගේ මුල් ලිපිය කියවන්න බැරි උන අය ඉන්නවනම් මෙතන ක්ලික් කරලා කියවන්න.

1. රෙඩ් ප්ලේටි (Red Platy)

ප්ලේටි කියලා කිව්වම මුලින්ම අපේ මතකයට නැගෙන්නේ රතු ප්ලේටි.ප්ලේටින් අතර ගොඩක්ම සුලභ ප්ලේටි වර්ගය තමයි රෙඩ් ප්ලේටි කියන්නේ. ශරීර පැහැයෙන් රතු වන අතර වල්ගා වරල කළු පැහැයක් ගන්නා ප්ලේටිද සිටී.

2. ඇසෝර්ටඩ් ප්ලේටි (Assorted Platy)

රතු ප්ලේටි හැරුනකොට ජනප්‍රිය ප්ලේටි වර්ගයක් තමයි ඇසෝර්ටඩ් ප්ලේටි කියන්නේ.ශරීර පැහැයෙන් කහ පාටට හුරු තැඹිලි රතු පාටක් ගන්නා අතර වරල් කළු පැහයක් ගනී.

3. ගෝල්ඩ් මිකී මවුස් ප්ලේටි (Gold Mickey Mouse Platy)

තරමක ජනප්‍රියතාවක් ඇති ප්ලේටි ප්‍රභේදයකි. දිලිසෙන කළු පැහැති වරල් හා දිප්තිමත් තැඹිලි පාට ශරීරයකින් යුක්තය. මෙම ප්‍රභේදයේ මාළුන්ගේ ඇස් අසල නිල් පැහැති කුඩා ලපයක් දක්නට ලැබීම විශෙෂ ලක්ෂණයකි.

4. පේන්ටඩ් ප්ලේටි (Painted Platy)

මෙම වර්ගයේ ප්ලේටින්ගේ ශරීරය කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇති ආකාරයට දිස් වෙන බැවින් මුන් පේන්ටඩ් ප්ලේටි නමින් හදුන්වයි. කහ පාටට හුරු රතු පාටක් ඇති පේන්ටඩ් ප්ලේටි වර්ගය මුන්ගේ ඇති ජනප්‍රියම වර්ගය වේ.

5. පයින්ඇපල් ප්ලේටි (Pineapple Platy)

ගිනි දැල්ලට හුරු රතු පාටත් අන්න්නාසි ගෙඩියක ඇතුලත තැබිලි පාටත් මිශ්‍රිත ප්ලේටි වර්ගයකි.

6. ටයිගර් රූබි ප්ලේටි (Tiger Ruby Platy)

මුන්ගේ ඇති විශේෂත්වය වන්නේ සිරුරේ සිරස් අතට ඇති රතු පාට ඉරි රටාව වේ. මෙම ඉරි රටාව මේ ප්‍රභේදයටම ආවේනික වන නිසා මුන්ව හඳුනා ගැනීම අපහසු නොවේ. තරමක මිලෙන් වැඩි ප්‍රභේදයකි.

7. රේන්බෝ ප්ලේටි (Rainbow Platy)

වල්ගා වරල් කළු පැහැයෙන් යුක්ත කහ, රතු හා කළු මිශ්‍ර ශරීරයක් හිමි ප්ලේටි ප්‍රභේදයකි. ඒ වගේම මුන්ගේ විවිධ වරල් හැඩ ඇති ප්ලේටි වර්ග ද සිටී.

8. ගෝල්ඩන් ට්වින් බාර් ප්ලේටි ( Golden Twin Bar Platy)

මේ ප්‍රභේදය මූන්ෆිෂ් යනුවෙනුත් හදුන්වයි.ශරීර පැහැය තරමකට ටයිගර් රූබි ප්ලේටින්ට සමාන වන අතර දිලිසෙන කහ පැහැයක් උසුලයි. මොවුන් ට්වීන් බාර් වන්නේ මුන්ගේ වල්ගා වරලේ ඉහලින් හා පහලින් ඇති කළි පාට ඉරි (බාර්) දෙක වේ.

පෝස්ට් එක ලෝඩ් වෙන එකට අවුලක් වෙයි කියලා හිතලා ඉතුරු ප්‍රභේද ටික ඊලඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා ! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com27tag:blogger.com,1999:blog-383062563803323476.post-21193723801042759042012-11-16T13:07:00.002+05:302012-11-16T13:10:44.023+05:30ප්ලේටි - Platyඔන්න අද හදුන්වා දෙන්න යන්නේ දෙවෙනි මාළු වර්ගය. මුලින්ම ගප්පි හදුන්වා දුන්නා මතක ඇති නේ. බලන්න බැරි උන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් පළවෙනි ලිපියත් මෙතනින් දෙවෙනි ලිපියත් මෙතනින් තුන්වෙනි ලිපියත් කියවන්න.

අද ලිපියෙන් කියලා දෙන්නේ ප්ලේටි ගැන. එහෙනම් ප්ලේටි ගැන ඉගෙන ගනිමු.

සාමාන්‍ය නාමය - ප්ලේටි (Platy)

විද්‍යාත්මක නාමය -Xiphophorus maculatus

සාමාන්‍ය දිග - අඟල් 2ත් 2.5ත් අතර අගයක් ගනී.

නිජබිම - මධ්‍යම ඇමරිකාව

හිතකර උෂ්ණත්වය - ෆැරන්හයිට් 65ත් 78ත් අතර (සෙල්සියස් 18ත් 26ත් අතර)

ගප්පි වගේම තමයි ප්ලේටිත් පැටවු මගින් බෝවෙන මාළු ජාතියක්. ඒ වගේම අළුතෙන් මාළු හදන්න පටන් ගන්න කෙනෙකුට නිර්දේශ කරන්න හොද මාළු ජාතියක්. පේලේටි කියන්නේ ඉතාමත් සාමකාමි ඒ වගේම විවිධ ලෙඩ රෝග වලට හොඳින් ඔරොත්තු දෙන මාළු වර්ගයක්.

ප්ලේටි ගෑනු සතුන්, පිරිමි සතුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර ගෑනු පිරිමි දෙවර්ගය වෙන් වෙන් වශයෙන් හදුනා ගැනීමට උන්ගේ ගුද වරලේ හැඩය ප්‍රයෝජනවත් වෙනවා. ප්ලේටි ගැහැනු සතෙකුගේ ගර්භණී කාළය සති 4ත් 6ත් අතර කාළයක් ගන්න අතර වරකට පැටවු 10ත් 30ත් අතර ප්‍රමාණයක් බිහිකරනවා.

මේ නිසාම ගප්පින්ට තරම් නොවුනත් ප්ලේටින්ගෙත් හොඳ බෝවීමක් තියෙනවා.

තව දෙයක් තමයි ප්ලේටි වර්ග උපන් ගමන් පැටවු ආහාරයට ගන්නවා. මේ නිසා පැටවු ඉපදුනායින් පස්සේ මවගෙන් හා අනෙකුත් මාළුන්ගෙන් මේ පැටවු වෙන් කරන එක හොඳයි. ඒ වගේම ප්ලේටි කියන්නේ සර්ව භක්ෂක මාළු විශේෂයක් නිසා ඕනම ජාතියක කෑම අනුභව කරනවා.

ප්ලේටින් අවුරුදු 2ත් 3ත් අතර කාළයක් ජීවත් වෙනවා. රැක බලාගැනීම හා ලෙඩ රෝග වලට හසුවීමත් ලබා දෙන ආහාර අනුව උන්ගේ ආයු කාළයේ සුළු සුළු වෙනස්කම් දකින්න පුලුවන්. ඒ ඇරෙන්න ප්ලේටි, උන්ගේ සාමාන්‍ය ආයු කාළය ගත කරනවා.

ඒ වගේම ප්ලේටි කියන්නේ ඉතාමත් මිලෙන් අඩු මාළු ජාතියක්. රුපියල් 15ක ඉදලා 30ක් අතර ගණන් වලින් ප්ලේටි මිලදී ගන්න පුළුවන්.

ඊලඟ ලිපියෙන් ප්ලේටි වර්ග ගැන ඉගෙන ගනිමු.

ගිහින් එන්නම්.

ජය වේවා !!! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com22tag:blogger.com,1999:blog-383062563803323476.post-71277928942213996682012-11-15T13:59:00.004+05:302012-11-15T20:16:53.368+05:30ටැංකියෙන් ඇළ දොළට ආ මසුන්පහුගිය දවස්වල මොනරාගල පැත්තේ මිරිදිය ධීවරයෙකුට අරුම පුදුම මාළුවෙක් හම්බ උනා කියලා ප්රවෘත්ති වලට කියනවා මින් විසිතුරු අහගෙන හිටියා. මේ මාළුවා ඇලිගේටර් ගා කියන මාළුවෙක්. මේ මාළුවා දැක්කට පස්සේ මින් විසිතුරුට හිතුනා ආක්‍රමනකාරි මාළු ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න.

ඔය මොනරාගල පැත්තෙන් හම්බ උනායි කියන මාළුවා ලංකාවට සුළභ එකෙක් නෙමේ. කොහේ හරි මාළු ටැංකියක ඇති කරලා මුදාහැරපු මාළු වර්ගයක්. කොටින්ම ආක්රමණකාරි මාළුවෙක්.

ආක්රමණකාරි මාළුන්ගෙන් තියෙන ප්‍රධානම තර්ජනය තමයි ස්බාවික මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීම.එතකොට මිරිදිය පරිසර පද්ධතියේ සමතුලිතතාවයට බාධා ඇති වෙනවා. කොටින්ම සමහර ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වඳවෙලා යන්නත් මේ ආක්රමණකාරි මසුන් හේතුවක් වෙනවා.

ගොඩක් වෙලාවට මෙහෙම ආක්රමණික මත්ස්‍ය විශේෂ ලංකාවට එන්නේ සුරතල් මසුන් ආනයනය කරන්නන්ගෙන්. සමහර වෙලාවට අළුත් සුරතල් මාළු ප්‍රභේද කියලා හඳුන්වා දෙන්නේ මේ වගේ ආක්රමණික මාළු. ඉතින් මාළු ඇති කරන අයත් මුන්ව මිලදී අරගෙන ටික කාළයක් ඇති කරනවා. ඊට පස්සේ එයාලගේ මාළු ටැංකියට ඒ මාළුන්ගෙන් තර්ජනයක් ඇති උනහම උන්ව ඇළදොළ ගංගා වලට මුදා හරිනවා.

ඔන්න ඔහොමයි මේ මාළු ස්බාවික ජල ප්‍රභව වලට එන්නේ.

ලංකාවේ දැනට ස්බාවික ජලජ පද්ධතියට තර්ජනයක් වෙච්ච මාළු වර්ග කිහිපයක් ඉන්නවා. පහලින් තියෙන්නේ ඒ මසුන්,

1. මන්නයා (නයිෆ් ෆිෂ්/ Knife Fish )

මේ මාළුවාත් කලකට ඉහතදී සුරතල් මාළුවෙක් විදිහට ජනප්‍රිය වෙච්ච මාළුවෙක්. පස්සේ කාලෙක මිරිදිය ජලයට එකතු වෙච්ච ආක්රමනික මාළු විශේෂයක්. වැඩි විස්තර මෙන්න මේ සිංහල ලිපියෙන් කියවන්න.

2. ඇලිගේටර් ගා

මීටර් 2.4කට වඩා ලොකු වෙන කිලෝග්‍රෑම් 100කට ආසන්න බරක් දක්වා වර්ධනය වෙන ආක්රමණික මාළු වර්ගයක්. මින්ගේ නිජබිම වෙලා තියෙන්නේ දකුණු ඇමරිකාව.

3. පිරානා

ඇමසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වෙන මාංශභක්ෂක මාළු විශේෂයක්. මුන්ට ශක්තිමත් හකු හා තියුණු දත් තියෙනවා.මේ නිසා ලොකු මත්සයින් උනත් ආහාරයට ගන්න පුලුවන්.

4. ස්කැවෙන්ජර්ස්

ටෑන්ක් ක්ලීනර්ස් කියලා අපි මාළු ටැංකියේ හදන මාළු වර්ගයක්. මුනුත් ආක්රමණික මත්ස්‍ය වර්ගයට තමයි අයිති වෙන්නේ.

5. සමහර සික්ලීඩ් වර්ග

ගොඩක් වෙලාවට අප්‍රිකානු සික්ලීඩ් කියන වර්ගය තමයි ආක්රමණික මාළු ගණයට වැටෙන්නේ. මීට අමතරව ටෙක්සාස් සික්ලීඩ් කියන වර්ගයත් ආක්රමණික වර්ගයක් වෙනවා.

6. ගප්පි

මුන්ගේ සීග්‍ර බෝවීම තමයි ආක්රමණකාරි වෙලා තියෙන්නේ. ඊට අමතරව ජලජ මත්ස්‍ය විශේෂ වලට නම් කරදරයක් නෑ. මදුරුවන් බෝවීම සිද්ධ වෙන පරිසර පද්ධති වලට විසදුමක් විදිහට ගප්පින් යොදා ගන්නවා.

7. ඇරොවානා වර්ග

ඇරොවානා වර්ග වලින් සිල්වර් ඇරොවානා වර්ගය ආක්රමණික වර්ගයක්. නමුත් තාම තර්ජනයක් නම් වාර්ථා වෙලා නෑ.

මීට අමතරව තවත් ආක්රමණික මත්ස්‍ය විශේෂ ගැන අහන්න කියවන්න ලැබුනොත් මේ ලිපිය යාවත්කාලින කරන්නම්.ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ මාළු විශේෂ හදන්න ගත්තට නම් කමන් නෑ. ඒ උනාට තමන්ගේ මාළු ටැංකියට තර්ජනයක් වෙච්ච වෙලාවට ඇළදොළ වලට මුදාහරින්න එපා. !!!

එහෙනම් ගිහින් එන්නම්..

ජය වේවා !

මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com55tag:blogger.com,1999:blog-383062563803323476.post-84168640051230578032012-11-12T12:16:00.000+05:302012-11-12T12:16:01.212+05:30ස්කැවෙන්ජර්ස් -Scavengersගප්පි ගැන කියා දුන්නට පස්සේ මම කියන්න හිටියේ ප්ලේටි ගැන.නමුත් ප්ලේටි ගැන කියලා දෙන එක චුට්ටක් නවත්තලා අද ලිපියෙන් ස්කැවෙන්ජර්ස්ලා ගැන කියලා දෙන්න හිතුවා. ස්කැවෙන්ජර්ස්ලා ගැන නොදන්න අය නම් ගොඩක් අඩු ඇති. ඕනම පොඩි එකෙක් දන්නවා මුන් ගැන.

ස්කැවෙන්ජර්ස් ????

ඔවු ඔවු. අපි ටෑන්ක් ක්ලීනර්ස්ලා කියලා කියන්නේ. අන්න උන් ගැන තමයි කියන්න යන්නේ. අපේ ගමේ නම් මුන්ට කියන්නේ ටැංකි සුද්දෝ කියලා. :)

ස්කැවෙන්ජර්ස්ලා කියලා පොදුවේ කිව්වට වර්ග කිහිපයක ස්කැවෙන්ජර්ස්ලා ඉන්නවා. ඔය කැට් ෆිෂ්ලත් එක්තරා විදිහකට ස්කැවෙන්ජර්ස් වර්ගයට අයිති වෙන මාළු ජාතියක්.ගොඩක් ස්කැවෙන්ජර්ස් වර්ග හිටියට අපට නම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ "ටෑන්ක් ක්ලීනර්ස්" (ප්ලෙකෝ) කියලා අපි අඳුරන ස්කැවෙන්ජර්ස් වර්ගය විතරයි.

pleco වර්ගයට අයත් ස්කැවෙන්ජර් මාළුවෙක්

මාළු හදන ඕන කෙනෙක් ටැංක් ක්ලීනර් මාළුවෙක් අරගෙන යන්නේ ඒ මාළු ටැංකිය පිරිසිඳු කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ අනිත් මාළුන්ගෙ අපද්‍රව්‍ය ටික මේ මාළුවා කාලා දායි කියලා.කොටින්ම කියනවා නම් ෆිල්ටරයෙන් කරන්න ඕන කාර්යය මේ ටෑන්ක් ක්ලීනර් මාළුවා කරයි කියන බලාපොරොත්තුවෙන්.

නමුත් ටෑන්ක් ක්ලීනර් කියන මාළුවා එහෙම අනිත් මාළුන්ගේ අපද්‍රව්‍ය හෝ පැලෑටි අපද්‍රව්‍ය කන්නේ නෑ..ගොඩක් වෙලාවට ඌ කරන්නේ ටැංකියේ බිත්තිවල පතුලේ හැදෙන විවිධ ඇල්ගී වර්ග පාසි වර්ග කෑමට ගන්න එක. මීට අමතරව ටැංකිය පතුලේ රැස් වෙන කෑම ජාතිත් ආහාරයට ගන්නවා.

මේ නිසා ටෑන්ක් ක්ලීනර්ස්ලා ටැංකිය සුද්දකරලා දෙනවාය කියන එක මිත්‍යා කතාවක් කියලා විතරක් කියන්නම්.

බිත්තර වලින් බෝවෙන මාළු ඉන්න හෝ බිත්තර දාන අවධියේ පසුවෙන මාළු ඉන්න ටැංකියකට ටෑන්ක් ක්ලීනර්ස්ලා දැමීම නොකළ යුතුයි. කුඩා පැටවු ඉන්න ටැංකි වලටත් ටෑංක් ක්ලීනර්ස්ලා දාන්න එපා. ටික කලක් ගතවෙනකොට මේ මාළු හිතාගන්නවත් බැරි ප්‍රමාණ වලින් විශාල වෙන නිසා ඒ වගේ මාළු ඇල දොළ වලට මුදා හරින්නත් එපා.මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com31tag:blogger.com,1999:blog-383062563803323476.post-74747734012079264982012-11-10T20:55:00.002+05:302012-11-10T20:55:26.396+05:30ගප්පින්ට හැදෙන ලෙඩකලින් ලිපියේදී මාළු වර්ගයක ගෑනු පිරිමි වෙන වෙනම අදුන ගන්න හැටි කිව්වා මතකයි නේ. ඔන්න අද කියන්න යන්නේ ගප්පින්ට හැදෙන ලෙඩ වර්ග ගැන. ගප්පි කියන්නේ ලෙඩ වලට ගොඩක්ම ඔරොත්තු දෙන ජාතියක් උනත් ඉදලා හිටලා උන්ටත් එක එක ලෙඩ වර්ග හැදෙන්න පුලුවන්.

මාළු හදන කෙනෙක් උනහම මේ ලෙඩ ගැනත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා. එහෙනම් වැඩි කතා ඕනැන්නේ නෑ. වැඩේට බහිමු.

වල්ගය හෝ වර්ල් දුර්වර්ණ වීම.

ගප්පින්ට වගේම ගොඩක් මාළු වර්ග වලට තියෙන සුලභ ලෙඩක් තමයි මේක. වරල් දුර්වර්ණ වීමක් හෝ වරල් කෙලවර කැඩි බිදී යාමක් සිද්ධ වෙන්නත් පුලුවන්. මීට අමතරව වල්ග වරල කොටස් දෙක තුනකට බෙදීයාමත් දකින්න පුලුවන්. මේ ලෙඩේට මූලිකම හේතුව වෙන්නේ බැක්ටීරියා ආසාදනයක්. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ වෙන්නේ වතුර මාරු කරලා ටැංකිය හොඳට සුද්ධ කරන එක. ඊට පස්සේ ප්‍රතිජිවක ස්වල්පයක් ටැංකියට දාන්න.

එරිත්රෝමයිසින් (Erythromycin) හෝ ටෙට්‍රාසයික්ලීන් (Tetracycline) වගේ ප්‍රතිජීවක හොඳයි.

මුඛ දිලීර ආසාදන (Ich)

ගප්පින්ගේ වරල් වල හෝ ඇඟේ සමහර තැන් වල සුදු පාටට හුරු තිත් දකින්න ලැබෙන එක තමයි මේ ලෙඩේ තියෙන රෝග ලක්ෂණය. මෙහෙම වෙන්නේ දිලීර ආසාදනයක් ඇති උනහම.සුදු තිත් ප්‍රමාණය අඩුයි නම් ටැංකීයේ වතුර මාරු කරලා ලුනු ස්වල්පයක් දමන්න. ඒත් ලෙඩේ සුව අතට හැරෙන්නේ නැත්නම් මෙතිනිල් බ්ලූ වගේ ඇන්ටි-පැරසයිට් ස්වල්පයක් ටැංකියට දාන්න.

ආමශය ඉදිමීම

ගප්පින්ගේ නම් බොම අඩුවෙන් දකින්න පුලුවන් ලෙඩක් තමයි මේක. රෝග ලක්ෂණ විදිහට තියෙන්නේ කෑම ගන්නේ නැති වීම හෝ අඩුවෙන් ගෑම ගැනීම. ඒ වගේම හැසිරීමෙත් අමුතු ස්බාවයක් පෙන්වන්න පුලුවන් (වේගයෙන් පිහිනීම හෝ පිහිනන්නේ නැතුව සිටීම). මේක වයිරස් ආසාදනයක් නිසා ඇති වෙන ලෙඩක්. ඒ නිසා ටෙට්‍රාසයික්ලීන්, මෙට්‍රනයිඩසෝල් ඔක්සිටෙට්රාසයික්ලීන් වගේ ප්‍රතිජීවක වර්ග පාවිච්චි කරන එක හොඳයි.

තුවාල ඇතිවීම

ගොඩක් වෙලාවට මාළු කොටා ගැනිමෙන් හරි එහෙමත් නැත්නම් ටැංකියේ තියෙන යම් යම් දේවල් නිස තුවාල වෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ වෙලාවල් වලට මාළුවාව වෙනම ටැංකියකට මාරු කරලා අයඩින් සහිත ලුණු ස්වල්පයක් දමන්න. තුවාලය ටිකක් දරුණුයි නම් මෙලෆික්ස් වගේ බෙහෙත් වර්ගයක් දමන්න.

කොයිම වෙලාවකවත් වතුර අපිරිසිදු වෙන්න දෙන්න එපා.

කරමල් ආසාදන

කරමල් වල කුඩා පරපෝෂිත ජීවින් ජීවත් වීම නිසයි මේ ලෙඩෙ ඇති වෙන්නේ.රෝග ලක්ෂණය විදිහට තියෙන්නේ කරමල් විශාලව හුස්ම ගැනීම සහ මාළුන් කරමල ටැංකියේ බිත්ති වල ඇතිල්ලීම වගේ දේවල්. ඒ නිසා මේ ලෙඩේ තියෙන මාළුන්ව වෙන් කරගෙන ඇන්ටි-පැරසයිට් ස්වල්පයක් දමන්න. කොපර් සප්ලේට්, මෙලචිට් ග්‍රීන් වගේ ඒවා නම් හොඳයි.

ගිහින් එන්නම්...

ජය වේවා !

මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com42tag:blogger.com,1999:blog-383062563803323476.post-25021675517523337152012-11-10T07:50:00.003+05:302012-11-10T07:50:38.835+05:30ගෑනු මාළු සහ පිරිමි මාළු හදුනා ගැනීමකලින් ලිපියක දූපත් වැසියා අහලා තිබ්බා මාළුන්ගේ ගෑනු සත්තු පිරිමි සත්තු අඳුන ගන්නේ කොහොමද කියලා.අන්න ඒ පිළිබඳව කියලා දෙන්නයි අද සූදානම. එක එක වර්ගය අනුව ගෑනු පිරිමි මාළුන් අඳුන ගන්න ක්‍රමය වෙනස් වෙනවා. ඒ නිසා සුලබ මාළු වර්ග කිහිපයක් ගැන ලියන්නම්.

මාළු ගන්න ගියහම ගෑනු පිරිමි වර්ගය අදුනාගෙන තියෙන එක ලොකු උදව්වක් වෙනවා.මොකද එකම ජාතියක් ගෙනාවට පස්සේ පැටවු දාන්නේ නෑ කියලා කන් කෙදිරි ගාන්න ඕන යෑ. :)

ගප්පි - ඇස් වහගෙන උනත් ගෑනු පිරිමි හොයතෑකි. පිරිමි මාළු ගොඩක් ලස්සනයි.ගෑනු සත්තු ඒ තරම් ලස්සන නෑ. ඒ වගේම පිරිමි සත්තු ප්‍රමාණයෙන් කුඩායි. ගෑනු සත්තු, පිරිමි සත්තු එක්ක බලනකොට ප්‍රමාණයෙන් ටිකක් විශාලයි.

ප්ලේටි - පිරිමි සත්තුන්ගේ ගුද වරල නලයක (ටියුබ්) එකක හැඩයක් ගන්නවා. ගෑනු සත්තුන්ගේ ගුද වරල සාමාන්‍ය වරලක්.කොටින්ම ගුද වරල ටිකක් ලොකු එකා පිරිමි සතා කියලා මතක තියාගත්තම හරි. මීට අමතරව පිරිමි සත්තු, ගෑනු සත්තුන්ට වඩා කුඩායි කෙට්ටුයි. මේක නම් එච්චර හොද වෙන් කිරීමක් නෙමෙයි.මොකද විවිධ වයස් කාණ්ඩයේ දෙන්නෙක්ව ගත්තොත් සයිස් එකෙන් හොයන්න බෑ.

ස්වෝඩ් ටේල් - පිරිමි සතාට විතරයි කඩුවක් වගේ වල්ගය පිහිටලා තියෙන්නේ. ගෑනු සතාට එහෙම නෑ. මුන්ගෙත් පිරිමි සතා පොඩියි. ගෑනු සතා ලොකුයි. ඇඟ රවුම් හැඩයක් ගන්නවා.

මෝලීස් (සුදු කළු දෙවර්ගයම) - පිටේ වරල ලොකුවට සහ හීනිවට තියෙන්නේ පිරිමි සතාට.ගෑනු සතාගේ පිටේ වරල පොඩියි ඒ වගේම ටිකක් මහතයි. ඒ වගේම පිරිමි සතාගේ වල්ගා වරලේ ප්‍රධාන වර්ණයට අමතරව විවිධ වර්ණ තියෙනවා. (කළු මෝලින්ගේ කළු පාටට අමතරව අළු පාට සුදු පාට). මුන්ගෙත් ලොකු ගුද වරලක් තියෙන්නේ පිරිමි සත්තුන්ට. ගෑනු සත්තුන්ගේ ගුද වරල පොඩියි.

ගෝල්ඩ් ෆිෂ් - පිරිමි සත්තුන්ගේ කරමල් ආවරණය ලඟ කුඩා කුරුලෑවක ආකාරයේ බෝල දෙකක් තියෙනවා. කරමල් ආවරණයේ සුදු පාට කුරුලෑව බැගින් තියෙනවා.

ඔස්කාර් - කනගාටුයි. හැඩයෙන් නම් හොයාගන්න බෑ. දෙගොල්ලොම එක වගේමයි. ඒ නිසා 'කරනකන්ම' බලාගෙන ඉන්න වෙනවා. ඒ කිව්වේ සංසේචනයෙන් පස්සේ බිත්තර දාන්නේ ගෑනු සතා.

සීබ්‍රාස් - පිරිමි සත්තු න්ගේ බඩ දෙපැත්තේ කහ පාට හෝ රෝස පාටට හුරු පාටක් ගන්නවා. ගෑනු සත්තුන්ගේ බඩ දෙපැත්ත නිල් හා සුදු පාටක් ගන්නවා. මීට අමතරව පිරිමි සත්තු කෙට්ටුයි. ගෑනු සත්තු රවුම් ස්බාවයක් ගන්නවා.

ෆයිටර් (බෙටා) - පිරිමි සත්තුන්ට ලස්සන ලොකු වරල් පිහිටලා තියෙනවා. ගෑනු සත්තුන්ට ඒ තරම් ලස්සන වරල් නෑ. ගෑනු සතාට වඩා පිරිමි සතා ලස්සනයි.

ඒංජල් - මාළු දෙන්නෙක් එකිනෙකාට ලන් වෙනකොට සමේ කොටසක් පහලට නෙරා එනවා. ඒක සිහින් හා තුඩක් වගේ තියෙන්නේ ගෑනු සතුන්ගේ. පිරිමි සතුන්ගේ ඒ සමේ කොටස මහතයි. පිරිමි සතා මහත හා රවුම් හැඩයක් ගන්නවා. ගෑනු සතා පැතලි හැඩයක් ගන්නවා.

නියෝන් ටෙට්රා - බඩ පැත්තේ ඉරි වක් හැඩයක් නම් තියෙන්නේ ඒ ගෑනු සත්තු. සරල රේභා වගේ නම් ඒ පිරිමි සත්තු.

කාෆ් - උදර වරල කොටස් දෙකක් නම් ගෑනු සත්තු. තනි කොටසක් නම් පිරිමි සත්තු.

ගුරාමි - තුඩක් වගේ හැඩයක් තියෙන පෘෂ්ඨිය වරලක් තියෙන්නේ පිරිමි සතාට. කෙටි හා රවුම් පෘශ්ඨිය වරලක් තියෙන්නේ ගෑනු සත්තුන්ට.

කැට් ෆිෂ් - ලොකු පෘෂ්ඨිය වරල් තියෙන්නේ පිරිමි සත්තුන්ට.ගෑනු සත්තුන්ගේ පෘෂ්ඨිය වරල් පොඩියි. ඊට අමතරව වරල් වල පාට ගොඩක් ලා පාට නම් ඒ පිරිමි සත්තු

ප.ලි. - වරල් ගැන නොතේරෙන තැනක් තියෙනවනම් මාළුන්ගේ කොටස් ගැන මම මීට කලින් ලියපු ලිපිය බලන්න. මේ හේතුව නිසයි කොටස් ගැන කලින් කිව්වේ.

ප.ප.ලි. - මගහැරුන මාළු වර්ගයක් ඉන්නවා නම් මතක් කරලා දෙන්න.මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com50tag:blogger.com,1999:blog-383062563803323476.post-76771265666174672532012-11-08T10:22:00.004+05:302012-11-08T10:22:55.391+05:30ගප්පි - Guppy - 2ගප්පි ගැන ලියපු පලවෙනි ලිපියේ අන්තිමට මම කිව්වා නේ ගප්පින්ගේ වරල් අනුව වර්ග වලට වෙන් කරනවා කියලා.ඉතින් අද ලිපියෙන් කියලා දෙන්නේ ඒ ගැන. මුලින්ම පහල පින්තූරය බලන්න.

1. වේල් ටේල් (Veil Tail)

මේ වර්ගයේ ගප්පින්ට සමද්විපාද ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත වල්ගා වරලක් පිහිටා ඇත. පිට වරල අවසාන වන්නේ වල්ගා වරලේ මුල් හරියේ ය.

2. ඩෙල්ටා ටේල් (Trangle Tail / Delta Tail)

අංශක 70ක පමණ කෝණයක් සාදන සමපාද ත්‍රිකෝණයකට ඉතා ආසන්න හැඩයක් ඇති වල්ගා වරලක් පිහිටා ඇත.

3. ෆෑන් ටේල් (Fan Tail)

මේ වර්ගයේ වල්ගා වරලේ ඉහල හා පහල කෙලවරවල් තරමක් ඇතුලට නැවුනු ස්බාවයක් ගනී.

4. ස්කාර්ෆ් ටේල් / ෆ්ලෑග් ටේල් (Scarf Tail / Flag Tail)

මේ වර්ගයේ වල්ගා වරල සෘජුකෝනාස්‍රයක හැඩයක් ගනී.

5. ඩබල් ස්වෝර්ඩ් ටේල් (Double Sword Tail)

වල්ගා වරල කඩු දෙකක ආකාරයකින් පිහිටා ඇත. මීට අමතරව වරලේ මැද කොටස වක්රාකාරයක් ගනී.

6. ටොප් ස්වෝර්ඩ් ටේල් (Top Sword Tail)

වල්ගා වරලේ ඉහල කොටස කඩුවක හැඩයකුත් පහල කොටස වෘත්තාකාර හැඩයකුත් ගන්නා ගප්පි වර්ගයකි.

7. බොටම් ස්වෝර්ඩ් ටේල් (Bottom Sword Tail)

වල්ගා වරලේ පහල කොටස කඩුවක ස්බාවයකුත් ඉහල කොටස වෘත්තාකාර හැඩයකුත් ගන්නා ගප්පි වර්ගයකි.

8. ලයිරා ටේල් (Lyra Tail)

වල්ගා වරල වීනාවක හැඩයක් ගන්නා ගප්පි වර්ගයකි

9. කොෆර් ටේල් / ස්පේඩ් ටේල් (Cofer Tail / Spade Tail)

වල්ගා වරල කාඩ් කුට්ටමේ ස්කෝප්ප සලකුණේ හැඩය ගනී.

10. ස්පියර් ටේල් (Spear Tail)

වල්ගා වරල හෙල්ලයක තුඩක හැඩයක් ගනී.

11. රවුන්ඩ් ටේල් (Round Tail)

වල්ගා වරල රවුම් හැඩයක් ගනී.

12. පින් ටේල්/ නීඩ්ල් ටේල් (Pin Tail / Needle Tail)

බොහෝ දුරට වෘත්තාකාර හැඩයක් ඇති වල්ගා වරලක් තිබේ. මීට අමතරව වරලේ මැද කොටස ඉදිකටුවක් මෙන් දික්වී ඇත.

මිලඟ ලිපියෙන් ගප්පින්ට හැදෙන ලෙඩ වර්ග ගැන කියලා දෙන්නම්. එහෙනම් ගිහින් එන්නම්

ජය වේවා ! මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com32tag:blogger.com,1999:blog-383062563803323476.post-1415503306456438952012-11-04T19:38:00.002+05:302012-11-04T19:46:24.607+05:30ගප්පි - Guppy කලින් ලිපි වලදි ටැංකිය සකස් කර ගන්නා ආකාරය කියලා දුන්නා මතක ඇති නේ. ඔන්න අද තමයි හා හා පුරා කියලා ටැංකියට මාළු හඳුන්වලා දෙන්න යන්නේ. අද ඉදලා දිගටම මසුන් වර්ග ගැන කියලා දෙන්න තමයි මගේ අදහස.

හඳුන්වා දෙන පළවෙනිම මසුන් වර්ගය විදිහට මම තෝර ගත්තේ ගොඩක් අය හොඳින් අඳුනන ගප්පි කියන මාළු වර්ගයයි. ගප්පි වර්ග ඇති කිරීම ගොඩක්ම ලේසියි නිසාත් ඉක්මනින් බෝවීම නිසා මසුන් ඇති කිරීමේ ආසාවත් වැඩි කිරීමේ අරමුණින් තමයි මම ගප්පි වර්ග ගැන මුලින්ම කියලා දෙන්න පටන් ගන්නේ.

(පැහැදිලි කිරිමේ පහසුවට මසුන් සියළුම දෙනා බිත්තර මගින් බෝවන හා පැටවු මගින් බෝවන කියලා වර්ග දෙකකට වෙන් කරන්නම්.)

එහෙනම් ගප්පි ගැන ඉගෙන ගනිමු.

සාමාන්‍ය නාමය - ගප්පි (guppy)

විද්‍යාත්මක නාමය - Poecilia reticulata

සාමාන්‍ය දිග - ගැහැනු සෙන්ටිමීටර් 4-6 සහ පිරිමි සෙන්ටිමිටර් 2.5-3.5

නිජබිම - දකුණු හා මධ්‍යම ඇමරිකාව

හිතකර උෂ්ණත්වය - සෙල්සියස් 28 (ෆැරන්හයිට් 79)

ගප්පි කියන්නේ පැටවු මගින් බෝ වෙන මාළු විශේෂයක්. ගැහැනු ගප්පියෙකුගේ සාමාන්‍ය ගර්භනී කාළය දින 28ක් පමණ වෙනවා. වතුරේ උෂ්ණත්වය අනුව මේ දින ගණනේ සුළු වෙනස්කම් සිද්ධ වෙන්නත් පුලුවන්. ඒ ඇරෙන්න දින 21 සිට 30 දක්වා විහිදිච්ච ගර්භනී කාළයක් තමයි ගප්පින්ට තියෙන්නේ.

එක් ගප්පියෙක් වරකට පැටවු 2- 50ක් පමණ ප්‍රමාණයක් දැමීමෙ හැකියාවක් තියෙනවා. එක වරක් පැටවු දාපු ගප්පි ගෑනු සතෙක්ට පැය කිහිපයක් ඇතුලත නැවත වරක් ගර්භනී තත්වයට පත් වීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව තමන්ගේ සිරුර තුළ ශුක්‍රානු වසරක කාළයක් උනත් සුරක්ෂිතව තියාගැනිමේ හැකියවක් තියෙනවා.

මේ නිසා අවුරුද්දක් වෙනකන් කිසිම පිරිමි සතෙකුගේ අවශ්‍යතාවයක් නැතුව පැටවු දැමීමේ හැකියාවක් ගප්පින්ට තියෙනවා. කුඩා ගප්පි පැටවෙකු මාස තුන හතරකදි මේරූ ගප්පියෙකු බවට පත් වෙනවා. මෙවැනි බෝවීමේ හැකියාවක් තියෙන නිසා ගප්පි වර්ග ආක්රමනික මසුන් වර්ගයක් කියලත් හඳුන්වනවා.

මීට අමතරව ගප්පි කියන්නේ සර්ව භක්ෂක මාළු විශේෂයක්. පිරිමි සතුන් ගෑනු සතුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා බවක් පෙන්වන අතර පිරිමි සතුන් ගැහැනු සතුන්ට වඩා ලස්සන බවකින් යුක්තයි.ඒ වගේම ගප්පි කියන්නේ කලහාකාරි බවින් තොර මාළු ජාතියක්. ඒ වගේම විශාල විවිධත්වයකින් යුක්ත ගප්පි ප්‍රබේද ඉන්නවා.

ගප්පියෙක්ගේ සාමාන්‍ය ආයු කාළය අවුරුදු 1.5ත් 3ත් අතර අගයක් ගන්නවා. රැකබලා ගැනීම අනුව මේ කාළ සිමාව ස්වල්ප වශයෙන් අඩු හෝ වැඩි වෙන්න පුලුවන්.

මේ ගති ලක්ෂණ සහ බෝවීමේ හැකියාව නිසයි අළුතෙන්ම මාළු ඇති කරන කෙනෙක්ට ගප්පි වර්ග නිර්දේශ කරන්නේ.

වරල් පිහිටීම අනුව ගප්පි වර්ග කිහිපයකට වෙන් කරන්න පුලුවන්. ඒ පිළිබඳව ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

ජය වේවා !

දැන්වීමයි - අද සිට සීග්‍ර ලිපි දැමිල්ල (දවසට දෙක බැගින්) නවත්තනවා. මේ ලිපියට ඉක්මනට එන්න ඕන නිසයි මෙච්චර වේගයෙන් ආවේ. :)

මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com38tag:blogger.com,1999:blog-383062563803323476.post-88751233151412562302012-11-04T10:26:00.002+05:302012-11-04T10:29:47.596+05:30මාළුවෙකුගේ කොටස් හඳුනාගනිමුමුල් ලිපි වලින් මාළු ටැංකියක් පටන් ගන්න අවශ්‍ය දේවල් ගැන හැඳින්වීමක් කලා මතක ඇති නේ. ඉතින් ඒ දේවල් වලින් පස්සේ අපේ ටැංකියට මසුන් හඳුන්වා දෙන්න ඕනා. එක එක මසුන් වර්ග ගැන කියන්න කලින් පොදුවේ මාළුවෙකුගේ කොටස් ගැන සරල අවබෝධයක් ලබාගෙන ඉන්න එක ගොඩක් වටිනවා කියලා මට හිතුනා.

මොකද ඒක මාළු ඇති කරන කෙනෙක්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන නිසා සහ මාළුවෙකුගේ අසනීපයක් සිද්ධ උනහම රෝග නීර්ණයට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන නිසා !

එහෙනම් පහල පින්තූරය බලලා පොඩි අවබෝධයක් ලබා ගන්න. මම ඒවායේ ක්‍රියාකාරීත්වය කෙටියෙන් පහදන්නම් !

නාස් පුඩුව - මාළු හුස්ම ගන්නේ කරමල් උනත් උන්ට නස් පුඩු පිහිටලා තියෙනවා. ඒ උන්ට කෑමක් තියෙන තැනක් පහසුවෙන් අඳුන ගන්න. ඊට අමතරව ගන්ධයක් හඳුන ගන්නත් මේ නාස් පුඩු ප්‍රයෝජනවත් වෙනවා.

මුඛය - අමුතුවෙන් කියන්න ඕනැන්නේ නෑ නේ. කෑම ගන්න තමයි මුඛය පිහිටලා තියෙන්නේ. ඒ වගේම සංවේදක ශෛලත් කට ඇතුලේ පිහිටලා තියෙනවා. ඒවායින් උන් රස හඳුනා ගැනීම සිදු කරනවා.

කරමල් ආවරණය - මාළු හුස්ම ගන්නේ කරමල් වලින් කියලා කවුරුත් දන්නවා නෙව.අන්න ඒ කරමල් ආරක්ෂාවට තමයි කරමල් ආවරණය තියෙන්නේ.

ළය වරල් - මේවායින් මාළු යම් තැනක ස්ථායිව නැවතී ඉන්න පාවිච්චි කරනවා.ඊට අමතරව නැවතී සිටීමටත් ගමන් වේගය අඩු කිරීමටත් පාවිච්චි කරනවා. පසුපසට පිහිනීමටත් පාවිච්චි කරන්නේ මේ වරල්

ගුද වරල් - මේ වරල් පාවිච්චි කරන්නේ සෘජුව සිටීමට සහ වේගයෙන් පිහිනන විට සිරුර හැරවීමටයි. වේගයෙන් පිහිනනකොට මේ වරල සුක්කානමකින් හරවනවා වගේ සිරුර හරවන්න පාවිච්චි වෙනවා. මීට අමතරව ලිංගික කටයුතු පහසු කර ගැනීමටත් මේ වරල් පාවිච්චි වෙනවා.

වල්ගා වරල - මාළුවාට ඉදිරියට පිහිනීම සදහා උදව් වෙන්නේ මේ වරලයි. ඊට අමතරව වේගයෙන් පිහිනනවිට සිරුර හරවන්න ප්‍රධාන වශයෙන්ම උදව් වෙන්නේ වල්ගා වරලයි.

පිට වරල් - මෙම වරල පාවිච්චි වෙන්නෙත් මාළුවාට සෘජුව සිටීමටයි. මේ වරලේ මෘදු සහ දෘඩ කොටස් දෙකකින් යුක්ත වෙනවා. දෘඩ කොටස ආරක්ෂක උපක්‍රමයක් විදිහටත් සමහර විට ශ්‍රේෂ්ඨත්වය විහිදා පෑමටත් පාවිච්චි කරනවා. මෘදු වරලෙන් පිහිනන විට සිරුර හැරවීමටත් උපකාරි කරගන්නවා.

පෘශ්ඨිය රේඛාව - චලන හඳුනා ගැනීම තුලින් සතුරන්ගෙන් බේරී පලා යාමට මෙම රේඛාව උපයෝගි වෙනවා. ඊට මතරව සංවේදක සදහාත් මේ රේභාව උපයෝගි වෙනවා.

මාළුවෙකුගේ කොටස් පිලිබඳ විග්‍රහය මෙතනින් හමාර වෙනවා. ඉදිරි ලිපි වලින් ටැංකියට මාළු හඳුන්වා දෙන අයුරු සලකා බලමු.

ජය වේවා !

දවසේ සුරතල් මත්ස්‍යයා - සීබ්‍රාස් (Zebras)

මින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.com33