Feb 4, 2013

ෆයිටර් 2 - fighting fish

කලින් ලිපියෙදි කියපු විදිහට අද කියන්න යන්නේ සියම් දේශය නිජබිම කරගත්තු ෆයිටර් මසුන් ගැන සහ උන්ගේ ආහාරපාන හැසිරීම සහ බෝවීම ගැන.

මෙම මසුන් බිත්තර මගින් බෝවීම සිද්ධ වෙන නිසා ලයිව්බෙයාරර්ස් එහෙමත් නැත්නම් පැටවු මගින් බෝවෙන මත්ස්‍යය ගණයට වැටෙන්නේ නෑ. පහතින් දැක්වෙන්නේ එම මසුන්ගේ පොදු ලක්ෂණ ස්වල්පයක්.


සාමාන්‍ය නාමය - ෆයිටර් / සියමේස් ෆයිටින් ෆිෂ් / බෙටා
විද්‍යාත්මක නාමය -  Betta splendens
සාමාන්‍ය දිග - සෙන්ටිමීටර් 2.5ක් පමණ (අඟල් 1ක්) දිගකින් යුක්ත වේ.
නිජබිම - සියම් දේශය
හිතකර උෂ්ණත්වය -  සෙල්සියස් අංශක 24ත් 28ත් අතර


මෙම ෆයිටර් මසුන් ස්වභාවයෙන්ම අලංකාර වරල් වින්‍යාසයකට හිමිකම් කිව්වත් උපතින්ම වගේ මෙම මසුන් ඉතාමත් කලහකාරි මත්ස්‍ය විශේෂයක්. ඒ නිසාම වෙනත් මත්ස්‍ය ප්‍රජාවන් සිටින ටැංකියක එකට ඇති කල නොහැක.මෙම මසුන් වෙනම ටැංකියක ඇති කිරීම සිදු කරයි.

පිරිමි මසුන් කිහිපදෙනෙක් එකම ටැංකියක පවා ඇති කල නොහැක. නමුත් ගැහැනු මසුන් එසේ නැත. ඔවුන්ව එකම ටැංකියක ඇති කල හැක. ස්වභාවයෙන්ම පිරිමි මසුන්ට වඩා ගැහැනු මසුන් කලහාකාරි බවින් අඩු ය. මේ නිසාම මසුන් අලෙවි කරන්නන් පිරිමි මසුන් බෝතල වලත් ගැහැනු මසුන් සමූහයා වශයෙන් ටැංකියකත් ඇති කරනු ලැබීම සුලභ කරුණකි.

තවද මෙම මසුන් මාංශ භක්ෂක ගණයට අයත් වන නිසා මෙම මසුන් හට මාංශජනක ආහාර ලබා දිය යුතු ය. විවිධ ජලජ පණුවන් වර්ග, මදුරු කීටයින්, මදුරුවන් හා කුඩා මසුන් වර්ග ආහාරයට ගනී.

මෙම මසුන්ට අඩු ඔක්සිජන් තත්ව යටතේ උවද ජීවත් වීමේ හැකියාව පවතී. එසේ වන්නේ මෙම මසුන්ගේ පිහිටා ඇති විශේෂිත ස්වසන පද්ධතිය නිසා ය. ඔක්සිජන් අඩු පරිසරයකදී මෙම විශේෂිත වූ ස්වසන පද්ධතිය මගින් වතයේ පවතින ඔක්සිජන් පවා උරා ගැනීමේ හැකියාව පවතී.

එම නිසයි කුඩා ජෑම් බෝතල වල පවා මෙම මසුන් ඇති කල හැකි වන්නේ. (කුඩා ජෑම් බෝතල වල වාතයට නිරාවරණ වූ පෘෂ්ඨික වර්ගඵලය අඩු නිසා ඔක්සිජන් දියවීමේ හැකියාව අඩු ය.)

ෆයිටර් මසුන්ගේ පිරිම සතුන් ඉතාමත් ලස්සනකින් යුක්ත වන අතර ගැහැනු සතුන් අලංකාරත්වයෙන් අඩු ය. මෙම අලංකාරත්වය යන සාධකය මත ෆයිටර් මසුන්ගේ ගැහැනු පිරිමි සතුන් වෙන් කර හඳුනා ගත හැකිය.

මෙම වර්ගයේ මත්සයෙකුගේ සාමාන්‍ය ආයු කාළය වසර දෙකක් හෝ තුනක් පමණ වෙනවා. රැකබලා ගැනීම, පෝෂ්‍යදායික ආහාර පාන ලබාදීම හා ජලයේ ගුණාත්මකතාව ආනුව මෙම ආයු කාළය ස්වල්ප වශයෙන් අඩු හෝ වැඩි වීම සිද්ධ වෙන්න පුලුවන්.

මිලගට තියෙන්නේ ෆයිටර් මසුන්ගේ බෝවීම ගැන ලියන්න.බිත්තර මගින් බෝවෙන මසුන් ගැන මීට පෙර සාකච්ඡා කර නොමැති නිසා ඊලඟ ලිපියෙන් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්.
එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !

------------------------------------------------------------------
ප.ලි. - යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති වෙලා නිසා ඒ  මලගමට සහභාගි වෙන්න සිද්ධ වෙච්ච නිසයි ලිපි පමා උනේ. මේ සති අන්තයේ ඉතුරු ලිපිය හෙට පල කරන්නම්.

28 comments:

  1. Replies
    1. දිගටම එන්න !
      සුබ නිදහස් දවසක් !

      Delete
  2. ෆයිටර් මාර ආතල්. විදුරු කැල්ලට පුම්බනව නොවැ
    අපි ඉස්සර බෝ කලා. උඩින් ගහක කොළයක් දැම්මම හරි නේ :)

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒකෙන් තමා උන් කොටාගන්න පුහුණු වෙලා එන්නේ.
      නියම මාළු ජාතියක් !

      Delete
  3. සමහර බෝඩිං වල ඉන්නත් අර ෆයිටර්ගෙ වගේ ස්වසන පද්ධතියක් තිබුනානම් හොඳයි කියලා හිතෙනවා. ඇයි බස් වල යන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු. සමහර බෝඩිං දැක්කම අප්‍රසන්නේ බෑ.

      Delete
  4. ආයෙමත් මාලු ඇතී කරන්න හිතෙනවා අප්පා මේවා කියවද්දි...

    ReplyDelete
    Replies
    1. මොකෙක් හරි දෙතුන් දෙනෙක් ඇති කරන්ඩෝ.

      Delete
  5. අඩේ සිරාම මාළුවෙක් ඈ! ඉස්සර මාගාවත් හිටියා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රජතුමා දැන් මාළු ඇට්ය්හි කරන්නේ නෑ කියන එකද ?
      ඒ මොකෑ විවේකේ අඩු ද ?

      Delete
  6. මූ රවුම් බෝතල්වල දැම්මම කරකැවෙන්නෙ නැද්ද ? අනිත් මාළු රවුම් භාජනව දාන්න එපා කියනවනෙ

    ReplyDelete
    Replies
    1. මුන් කරකැවෙනවා තියා පීනන්නෙත් හරි අඩුවෙන්. ටිකක් විතර කම්මැලි මාළු ජාතියක්.

      Delete
    2. එහෙනම් නිකන් ඉඳන් කාලා ඌරො වගේ තර වෙනව ඇති.

      Delete
  7. මුං ටිකක් වැඩිපුර බෝ කරා නම් හොඳයි වගේ, මදුරු කරදරේ ඉවර වෙයි.

    අනිත් පැත්තෙන් සියම ලංකාව ආක්‍රමණය කළා වගේ තියෙයි, නේද? අන්තිමට ගප්පියෙක්වත් ඉතුරුවෙනකන් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔවු. මදුරු කරදරේ නම් ඉවර කරතෑකි.
      සියම ලංකාව ආක්‍රමණය කලා වගේ. හික්ස් :)
      මරු කියමන !

      Delete
  8. නොදන්නා දේ උගත්තා මලේ...

    ReplyDelete
  9. ඌ නං ලස්සනයි තමයි... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිරු. උන් ලස්සනයි.
      ඒ උනාට පොඩ්ඩ ඇත්නම් කා කොටා ගන්නවා/

      Delete
  10. මෙයා හරි ලස්සනයි නෙ. විස්තරයත් අගෙයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ලස්සනයි.
      ඒක නෙමේ බොලා පින්තූරේ වෙනස් කලැයි ? නියමයි.

      Delete
  11. ෂා බ්ලොග් එකත් මාළු ටැංකියක් වගේ තමයි..


    CSK LANKA

    ReplyDelete
  12. Microworms ගෙදරදි හදන්නෙ කොහොමද.උන් ගන්න පුලුවන් මොනවගේ ෂොප් වලින්ද??

    ReplyDelete
  13. Hoda post ekak, thawa post damanna

    ReplyDelete
  14. Gaint gurami ගැනත් post එකක් දාන්නකෝ...

    ReplyDelete
  15. Anyone please tell what to give baby betta fry. 4days old.how to make food

    ReplyDelete
  16. මෙයාලාට දෙන්න පුලුවන් කෑම කියන්න පුලුවන්ද

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?