මෙම මසුන් බිත්තර මගින් බෝවීම සිද්ධ වෙන නිසා ලයිව්බෙයාරර්ස් එහෙමත් නැත්නම් පැටවු මගින් බෝවෙන මත්ස්යය ගණයට වැටෙන්නේ නෑ. පහතින් දැක්වෙන්නේ එම මසුන්ගේ පොදු ලක්ෂණ ස්වල්පයක්.
සාමාන්‍ය නාමය - ෆයිටර් / සියමේස් ෆයිටින් ෆිෂ් / බෙටා
විද්‍යාත්මක නාමය - Betta splendens
සාමාන්‍ය දිග - සෙන්ටිමීටර් 2.5ක් පමණ (අඟල් 1ක්) දිගකින් යුක්ත වේ.
නිජබිම - සියම් දේශය
හිතකර උෂ්ණත්වය - සෙල්සියස් අංශක 24ත් 28ත් අතර
මෙම ෆයිටර් මසුන් ස්වභාවයෙන්ම අලංකාර වරල් වින්‍යාසයකට හිමිකම් කිව්වත් උපතින්ම වගේ මෙම මසුන් ඉතාමත් කලහකාරි මත්ස්‍ය විශේෂයක්. ඒ නිසාම වෙනත් මත්ස්‍ය ප්‍රජාවන් සිටින ටැංකියක එකට ඇති කල නොහැක.මෙම මසුන් වෙනම ටැංකියක ඇති කිරීම සිදු කරයි.
පිරිමි මසුන් කිහිපදෙනෙක් එකම ටැංකියක පවා ඇති කල නොහැක. නමුත් ගැහැනු මසුන් එසේ නැත. ඔවුන්ව එකම ටැංකියක ඇති කල හැක. ස්වභාවයෙන්ම පිරිමි මසුන්ට වඩා ගැහැනු මසුන් කලහාකාරි බවින් අඩු ය. මේ නිසාම මසුන් අලෙවි කරන්නන් පිරිමි මසුන් බෝතල වලත් ගැහැනු මසුන් සමූහයා වශයෙන් ටැංකියකත් ඇති කරනු ලැබීම සුලභ කරුණකි.
තවද මෙම මසුන් මාංශ භක්ෂක ගණයට අයත් වන නිසා මෙම මසුන් හට මාංශජනක ආහාර ලබා දිය යුතු ය. විවිධ ජලජ පණුවන් වර්ග, මදුරු කීටයින්, මදුරුවන් හා කුඩා මසුන් වර්ග ආහාරයට ගනී.
මෙම මසුන්ට අඩු ඔක්සිජන් තත්ව යටතේ උවද ජීවත් වීමේ හැකියාව පවතී. එසේ වන්නේ මෙම මසුන්ගේ පිහිටා ඇති විශේෂිත ස්වසන පද්ධතිය නිසා ය. ඔක්සිජන් අඩු පරිසරයකදී මෙම විශේෂිත වූ ස්වසන පද්ධතිය මගින් වතයේ පවතින ඔක්සිජන් පවා උරා ගැනීමේ හැකියාව පවතී.
එම නිසයි කුඩා ජෑම් බෝතල වල පවා මෙම මසුන් ඇති කල හැකි වන්නේ. (කුඩා ජෑම් බෝතල වල වාතයට නිරාවරණ වූ පෘෂ්ඨික වර්ගඵලය අඩු නිසා ඔක්සිජන් දියවීමේ හැකියාව අඩු ය.)
ෆයිටර් මසුන්ගේ පිරිම සතුන් ඉතාමත් ලස්සනකින් යුක්ත වන අතර ගැහැනු සතුන් අලංකාරත්වයෙන් අඩු ය. මෙම අලංකාරත්වය යන සාධකය මත ෆයිටර් මසුන්ගේ ගැහැනු පිරිමි සතුන් වෙන් කර හඳුනා ගත හැකිය.
මෙම වර්ගයේ මත්සයෙකුගේ සාමාන්‍ය ආයු කාළය වසර දෙකක් හෝ තුනක් පමණ වෙනවා. රැකබලා ගැනීම, පෝෂ්‍යදායික ආහාර පාන ලබාදීම හා ජලයේ ගුණාත්මකතාව ආනුව මෙම ආයු කාළය ස්වල්ප වශයෙන් අඩු හෝ වැඩි වීම සිද්ධ වෙන්න පුලුවන්.
මිලගට තියෙන්නේ ෆයිටර් මසුන්ගේ බෝවීම ගැන ලියන්න.බිත්තර මගින් බෝවෙන මසුන් ගැන මීට පෙර සාකච්ඡා කර නොමැති නිසා ඊලඟ ලිපියෙන් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්නම්.
එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !
------------------------------------------------------------------
ප.ලි. - යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති වෙලා නිසා ඒ මලගමට සහභාගි වෙන්න සිද්ධ වෙච්ච නිසයි ලිපි පමා උනේ. මේ සති අන්තයේ ඉතුරු ලිපිය හෙට පල කරන්නම්.
දැනුවත් කිරීමට ස්තුතියි!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
දිගටම එන්න !
Deleteසුබ නිදහස් දවසක් !
ෆයිටර් මාර ආතල්. විදුරු කැල්ලට පුම්බනව නොවැ
ReplyDeleteඅපි ඉස්සර බෝ කලා. උඩින් ගහක කොළයක් දැම්මම හරි නේ :)
ජය !
ඒකෙන් තමා උන් කොටාගන්න පුහුණු වෙලා එන්නේ.
Deleteනියම මාළු ජාතියක් !
සමහර බෝඩිං වල ඉන්නත් අර ෆයිටර්ගෙ වගේ ස්වසන පද්ධතියක් තිබුනානම් හොඳයි කියලා හිතෙනවා. ඇයි බස් වල යන්න.
ReplyDeleteඅපොයි ඔවු. සමහර බෝඩිං දැක්කම අප්‍රසන්නේ බෑ.
Deleteආයෙමත් මාලු ඇතී කරන්න හිතෙනවා අප්පා මේවා කියවද්දි...
ReplyDeleteමොකෙක් හරි දෙතුන් දෙනෙක් ඇති කරන්ඩෝ.
Deleteඅඩේ සිරාම මාළුවෙක් ඈ! ඉස්සර මාගාවත් හිටියා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒ කියන්නේ රජතුමා දැන් මාළු ඇට්ය්හි කරන්නේ නෑ කියන එකද ?
Deleteඒ මොකෑ විවේකේ අඩු ද ?
මූ රවුම් බෝතල්වල දැම්මම කරකැවෙන්නෙ නැද්ද ? අනිත් මාළු රවුම් භාජනව දාන්න එපා කියනවනෙ
ReplyDeleteමුන් කරකැවෙනවා තියා පීනන්නෙත් හරි අඩුවෙන්. ටිකක් විතර කම්මැලි මාළු ජාතියක්.
Deleteඑහෙනම් නිකන් ඉඳන් කාලා ඌරො වගේ තර වෙනව ඇති.
Delete@DDT -
Deleteඒක කියන්න බෑ. :)
මුං ටිකක් වැඩිපුර බෝ කරා නම් හොඳයි වගේ, මදුරු කරදරේ ඉවර වෙයි.
ReplyDeleteඅනිත් පැත්තෙන් සියම ලංකාව ආක්‍රමණය කළා වගේ තියෙයි, නේද? අන්තිමට ගප්පියෙක්වත් ඉතුරුවෙනකන් නෑ.
ඔවු. මදුරු කරදරේ නම් ඉවර කරතෑකි.
Deleteසියම ලංකාව ආක්‍රමණය කලා වගේ. හික්ස් :)
මරු කියමන !
නොදන්නා දේ උගත්තා මලේ...
ReplyDeleteඑය මගේ සතුටයි !
Deleteඌ නං ලස්සනයි තමයි... හි හි
ReplyDeleteඒකනේ හිරු. උන් ලස්සනයි.
Deleteඒ උනාට පොඩ්ඩ ඇත්නම් කා කොටා ගන්නවා/
මෙයා හරි ලස්සනයි නෙ. විස්තරයත් අගෙයි..
ReplyDeleteහ්ම්.. ලස්සනයි.
Deleteඒක නෙමේ බොලා පින්තූරේ වෙනස් කලැයි ? නියමයි.
ෂා බ්ලොග් එකත් මාළු ටැංකියක් වගේ තමයි..
ReplyDeleteCSK LANKA
Microworms ගෙදරදි හදන්නෙ කොහොමද.උන් ගන්න පුලුවන් මොනවගේ ෂොප් වලින්ද??
ReplyDeleteHoda post ekak, thawa post damanna
ReplyDeleteGaint gurami ගැනත් post එකක් දාන්නකෝ...
ReplyDeleteAnyone please tell what to give baby betta fry. 4days old.how to make food
ReplyDeleteමෙයාලාට දෙන්න පුලුවන් කෑම කියන්න පුලුවන්ද
ReplyDelete