පැටවු මගින් බෝවෙන මසුන් එහෙමත් නැත්නම් ලයිව්බෙයාරර්ස්ලා ගැන ලියපු ලිපි වලට මදක් නැවතුම තියලා අද කියන්න යන්නේ බිත්තර මගින් සිය වර්ගයා බෝ කරන මසුන් ගැන. අළුතෙන්ම මසුන් ඇති කරන කෙනෙක්ට මුලින්ම බිත්තර මගින් බෝවන මසුන් ඇති කිරීම නිර්දේශ නොකරන්නේ මුන්ගෙන් පැටවු ගැනීමට තියෙන යම් අසීරුතා නිසයි.
පැටවු මගින් බෝ වෙන මසුන් වර්ග වලින් මම මුලින්ම තෝර ගත්තේ අපි කවුරුත් දන්න ෆයිටර් මසුන් හෙවත් Siamese Fighting Fish
මසුන්. සියමේස් ෆයිටින් ෆිශ් කියලා කියන්නේ මෙම මසුන්ගේ නිජබිම වෙලා තියෙන්නේ සියම් දේශය නිසාවෙනි.
ඒ වගේම මෙම වර්ගයේ මසුන්ට 'බෙටා මසුන්'(Betta Fish) කියලත් හඳුන්වනවා.