Feb 4, 2013

ෆයිටර් 3 - fishting fish

කලින් ලිපි වලදී ෆයිටර් මසුන්ගේ හැසිරීම ගැන උන්ගේ ආහාරපාන ගැන කිව්වා මතක ඇති නේ. අද කියන්න යන්නේ මෙම වර්ගයේ මසුන්ගේ බෝවීම ගැන. ඒ ලිපිය කියවන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

මෙම මසුන් බිත්තර මගින් බෝවෙන නිසා යම්තාක් දුරට පැටවු ලබා ගැනීම අසීරුයි. ඒ නිසාම තමයි මුල් වරට මසුන් ඇති කරන අයෙකුට මෙම වර්ගයේ හෝ මොනයම් හෝ බිත්තර මගින් බෝවෙන මසුන් වර්ගයක් නිර්දේශ නොකරන්නේ.

 පිරිමි මත්සයා සිය වර්ගයා බෝකිරීමට එසේත් නැත්නම් සංසර්ගයක් සිදු කිරීමට සූදානම් අවධියේදි බුබුළු පිට කිරීමක් සිදු කරයි. මෙම අවධියේදි පිරිමි මත්සයා වඩාත් කලහකාරි ස්වභාවයක් පෙන්වයි. මේ නිසාම ගැහැනු මත්සයාත් සමග කලහා කිරීමට පවා පෙලඹේ. මෙම කලහයන් නිසා ගැහැනු මත්සයාගේ වරල් වලට හෝ කොරපොතු වලට හානි පවා සිදුවිය හැක.කලහය අවසානයේදි සංසර්ගය සිදුවේ.


පිරිමි මත්සයා විසින් සාදන ලද බුබුළු ආවරණය යටදී සංසර්ගය සිදුවේ. මෙම සංසර්ගයන් පැය කිහිපයක් හෝ දින කිහිපයක් උවද පැවතිය හැකිය. තවද පිරිමි මත්සයාගේ මෙම කලහකාරි ස්වරූපය නිසාම ටැංකිය තුල ගැහැනු මත්සයාට සැඟවී සිටිය හැකි ස්ථාන සාදා තිබීම වඩාත් උචිත වේ.

සංසර්ගයෙන් දිනක් දෙකක් ඇතුලත දී බිත්තර දැමීම සිදු කරයි. එම බිත්තර බුබුළු දැල අතර එකිනෙක ඇලී පවතී.බිත්තර දැමීමෙන් පසු පිරිමි මත්සයා බුබුළු දැල ආරක්ෂා කරන අතර ගැහැනු මත්සයාට ඒ අසලටවත් පැමිනීමට ඉඩ නොදේ. මේ අවධියේදි ගැහැනු මත්සයාව ටැංකියෙන් ඉවත් කිරීම සිදු කළ යුතු ය. නැත්නම් පිරිමි මත්සයා සමග කලහයන් ඇති කර ගනී.

ටැංකියෙන් ඉවත් කර ගත් ගැහැනු මත්සයාට වරල් වැඩීම සඳහා බෙහෙත් වර්ග ලබා දිය යුතු ය. ස්බාවිකව වරල් නැවතත් වැවීම සිදු වූවත් බෙහෙත් එකතු කිරීඅද යෝග්‍ය වේ. සෑම ෆයිටර් මත්සයෙකුම මෙලෙස අධික කලහකාරි හැසිරීමක් නොදක්වයි.

බිත්තර දැමීමෙන් දිනකදී හෝ දික දෙකක් ඇතුලත දී පැටවුන් එලියට ඒම සිදු වේ. මෙම අවස්ථාවෙදි පිරිමි මත්සයාද වෙනත් ටැංකියකට මාරු කිරීම සිදු කළ යුතු ය. පැටවුන් සඳහා දිනකට දෙවරක් බැගින් කෑම ලබා දිය යුතු ය.



කෑම සඳහා කුඩා පණු වර්ග හෝ සිහින්ව කුඩු කරගත් ප්‍රීමා මත්ස්‍ය ආහාර(කොල හෝ රතු පාට කුඩා කෑම වර්ග) ලබා දිය යුතු ය.

මීලඟ ලිපියෙන් ෆයිටර් මත්ස්‍යය වර්ග ගැන ලියන්නම්.
එහෙනම් ගිහින් එන්නම්.
ජය වේවා !

58 comments:

  1. මම අද හොරෙන්ම යනවා... හි හි

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ එහෙම බෑ.. අඩුම ගානේ පින්තූර ටික බලලාවත් මොනාහරි කියන්ඩෝන. :)

      Delete
  2. දැන් ඔය බිත්තර දාන මත්ස්‍යයින් ඉන්න ටැංකියක බිත්තර දැම්මට පස්සෙ හරි කුඩා පැටවුන් ඉන්න වෙලාවක හරි ටැංකියෙ වතුර මාරු කිරීමේ අවශ්‍යතාවක් ඇති වුනොත් මොකද කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. කුඩා පැටවු ඉන්න වෙලේක නම්කරන්නේ බටයකින් වතුර අඩු කරලා ඊට පස්සේ වතුර දාන එක. බිත්තර දාපු වෙලේක නම් වතුර මාරු කරන්න අමාරුයි.

      Delete
  3. hmmm ඉස්සෙල්ල එක කියෙව්වත් කොමෙන්ට් කොරන්න ටයිම් එක මදි උනා. මම කොහොමත් ආසයි ෆයිටර්ලාට

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම මාළු ජාතිය තමා ෆයිටර්.

      Delete
  4. ෆයිටර් ලට ආසයි .. ඒත් කවලමේ ඇති කරන්න බැරි එකයි ප්‍රස්නේ ..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒක නම් එහෙම තමා. කලවමේ ඇති කරන්න නම් බෑ.

      Delete
  5. මෙහෙම හිටියට මාත් හොද ෆයිටර් කෙනෙක් ඒ කාලෙ...

    ReplyDelete
    Replies
    1. ඇයි දැං මොක වෙලා තියෙන්නේ.
      දැං කොටන්න බෑ ද. :)

      Delete
  6. ලිපි දෙකම කියෙව්වේ අද අනේ... ඉස්සෙල්ල එක මට මග ඇරිලා....
    මුන් එච්චර රණ්ඩු වෙන්නේ ඇයි අප්පා....

    ReplyDelete
    Replies
    1. @සමනළී -
      කලින් ලිපි කියෙව්වට ස්තුතියි. :)
      කලහාකාරි හැසිරීම මුන්ගේ ස්වභාවය නේ. :)

      Delete
    2. @චමී4යූ~චමි4උ-
      ඔවිවොවු වොව්
      පස්සේ යාළු වෙනවා නෙ

      Delete
    3. හැමෝම කියනව සහෝ මුන් දෙතුන්දෙනෙක් එකම ටැංකියක ඇතිකරන්න බෑ... කොටාගන්නව... මරාගන්නව කියල... ඒත් ඒක ඇත්ත නෙවෙයි. ටිකක් ලොකු ටැංකියක (4'-4' වගේ) මුන් අනිත් මාළුත් එක්ක පස් හයදෙනෙක් උනත් එකට තියාගන්න පුළුවන්. මම එහෙම එකට ඇතිකරල තියෙන නිසා මේ කියන්නෙ හරිය...

      Delete
    4. හැමෝම කියනව සහෝ මුන් දෙතුන්දෙනෙක් එකම ටැංකියක ඇතිකරන්න බෑ... කොටාගන්නව... මරාගන්නව කියල... ඒත් ඒක ඇත්ත නෙවෙයි. ටිකක් ලොකු ටැංකියක (4'-4' වගේ) මුන් අනිත් මාළුත් එක්ක පස් හයදෙනෙක් උනත් එකට තියාගන්න පුළුවන්. මම එහෙම එකට ඇතිකරල තියෙන නිසා මේ කියන්නෙ හරිය...

      Delete
  7. ඔස්කා මාළු බෝ කරන විදිහ ගැන විස්තරාත්මකව ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  8. පේන්න බැරි මළජරාවක් පිට විතරයි ලස්සන ඇතුල චාටර්

    ReplyDelete
  9. කෝ බොල මගේ කොමෙන්ටුව ????

    ReplyDelete
  10. මින්.. ඔබ කොහිද..?

    ReplyDelete
  11. ෆයිටර් පැටවු එනකංද මේක නවත්තලා තියෙන්නේ... ?

    ReplyDelete
  12. කෝ මේ මාළුවා....

    ReplyDelete
  13. මිනෝ... කෝ බොලේ මේකා..

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  14. සුබ අලුත් අවුරුද්දක් වේවා................

    ReplyDelete
  15. මේ හලෝ ඔයාට මොකෝ වුනේ???

    ReplyDelete
    Replies
    1. අපි බලන් ඉමු එනකල්... අහන්න ප්‍රශ්න ගොඩාාාාක් තියනවා..😆😆

      Delete
  16. Suba Vesagak Veva

    ReplyDelete
  17. කෝ මගේ කොමෙන්ටුව ?

    ReplyDelete
  18. කෝ මේ මින්... මෙහෙ මාලු ටැංකියේ මාළු ටික මැරෙනවා.... අයිතිකාරයා මිසින් වෙලාද....?????

    ReplyDelete
  19. අදමයි blog එකට ආවෙ, ඒත් ලිපි ඔක්කොම කියෙව්වා. . . . සුභ පතන්ඩ හෝ ප්‍රශ්නයක් අහන්ටවත් අයිතිකරු, මින්. . . මාස ගානකින් මේ පැත්තෙ ආපු පාටක් නෑනේ. . . . .
    වංචාවක් කරල රට පැනලවත්ද? ? ? :-D

    ReplyDelete
  20. කෝ ............................

    ReplyDelete
  21. ඔයා අලුතෙන් පොස්ට් දාන්නෙ නැත්නම් මින් මට බ්ලොග් එක භාර දෙන්නකො මමත් හොදට මත්ස්‍යයින් ගැන දන්නවා
    sminsara@ymail.com උත්තරයක් එවන්න

    ReplyDelete
  22. මොකද බං උනේ ?? මොකද බ්ලොගිය අප්ඩේට් නොකරන්නේ ?

    ReplyDelete
  23. මම හිතන්නෙ මින් මැරිලා වෙන්න ඇති(ඇත්ත)

    ReplyDelete
  24. කෝ බං උඹ? ඔන්න මාලු ටැංකියකුත් හැදුවා ඉඳලා ඉඳලා. ඒ ගමන මේකා කොහෙ ගිහින්ද?

    ReplyDelete
  25. මූ කසාද බැඳලවත්ද ?

    ReplyDelete
  26. මේකා මාළුවෙක්වත් ගිලලද? මේ මෝරු එහෙම ඇති කලේ නැහැ නේද?

    ReplyDelete
  27. Sorry for offtopic.

    Just found your comment on this blog bost and by looking on symbols in your nickname did recognized that you are from Sri Lanka.

    I'm from Ukraine and have visited your country recently.

    Would like to wish you best luck (including Python software development ;) ) and for all people from Sri Lanka.

    http://korbinin.blogspot.com/2013/03/cython-mno-cygwin-problems.html

    ReplyDelete
  28. කෝ බන් කොහෙද උබ ?

    ReplyDelete
  29. fiter patawanta dana food monawada (day-05)

    ReplyDelete
  30. මින් ඔබ කොහිද ?

    ReplyDelete
  31. 60 PANNATH API MARRENE NA KIWWALU . KO BOLA MEKA . KOHE GIADA

    ReplyDelete
  32. ඔයාගෙ මේ පොස්ට් ගොඩක් වැදගත් ඒවා.මාත් පොඩිකාලේ ඉදන්ම මාලු අති කරනවා..මම ගාව ගොඩක් මාලු ජාති ඉන්නවා. මම අගල් 7ක් විතර දිග සිල්වර් අරවාන මාලු දෙන්නෙක් අවුරුදු 2ට විතර කලින් ගෙනවා...කොහොම හරි දෙන්නා ජොඩුවක්ම වෙන්න අති...දැන් අගල් 25ක් විතර ලොකුයි...ජනවාරි මාසෙ දවසක් මම උදෙ කෑම දාන්න යනකොට අරවානා මාලුවා බිත්තර දාලා තිබුනා ටැන්කිය අඩියෙ...මම බලාගෙන ඉද්දි එක අරවානා මාලුවෙක් බිත්තර කටින් අරගත්ත ඔක්කොම...ඊට දවස් 2ට පස්සෙ ඒ මාලුවා බිත්තර කටින් එලියට දැම්මා ඔක්කොම බිත්තර ස්වුත්තු වෙලා තිබුනේ..එවා නිකන් දියවෙලා වගෙ ගියා.ගිය මාසෙත් බිත්තර දාල තිබුනා හැබැයි එවා කලින් සැරෙ වගෙ කටින් ගත්තෙ නෑ...එවා ටැන්කියෙම කුනුවෙලා ගියා... මට අරවාන බෝකරන්න අසාවක් තියනවා... අරවාන මසුන්ගෙ ගැහැණු පිරිමි මසුන් වෙන් කර හදුනා ආකාරයත් බෝ කරගන්නා අකාරයත් කියල දෙන්න පුලුවන්නම් ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.....

    කොහොමහරි උදව් කරන්න

    ReplyDelete
  33. ko me min?udau karannako min

    ReplyDelete
  34. Mama aluthen patan gaththa, 2017 January idan malu athi karanna. Thawa post damanna

    ReplyDelete
  35. Udwwk awashyay 0757897520 min wisituru puluwnm msg ekk dnna nettn num ekk tynwnm dnnako loku hdssyk malu pilibdawa

    ReplyDelete
  36. අපරාදෙ ලස්සන වගේ ම පොදුවේ දැනුමක් ලබන්න පුළුවන් කාගෙත් හිත යන බ්ලොග් එකක්.. ඇයි නතර වෙලා... අපිට මුණගැහුණේ පමාවෙලානේ...

    ReplyDelete
  37. Mage faitas malu biththara sauththu wenawa ai e

    ReplyDelete
  38. Mamat me fhish kenek gatta dawas dekak vitra.ada baladdi tank eka uda sudu pata pena wage bubulu godak tiyenwa mn mekata mkdda krnna ona plz help

    ReplyDelete
  39. ගොඩක් ස්තූති

    ReplyDelete
  40. බිත්තර දාන්න ළං වුණාම ගෑනු සතා එක තැනක ඉඳන් නිදියනවද? මගේ ෆයිටර් female එක තැනකට වෙලා ඉන්නවනෙ.ලෙඩක්ද දන්නේ නෑ

    ReplyDelete

මාළු ටැංකියට ඇවිත් හොරෙන්ම නොයා ප්‍රතිචාරයක් දාල යමු ද ?